Header Ads Widget

Header Ads

SINHALA MURLI 18.09.22

 Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala

18-09-2022  මධුබන්  අව්යක්ත් බාප්දාදා  ඕම් ශාන්ති 1992/04/15

<

Listen to the Murli audio file



බ්රහ්මණයන්ගේ ලක්ෂණ දෙකක් - විශ්වාසය සහ ජයග්රහණය.

අද දින බාප්දාදා සෑම තැනකම සිටින බ්රහ්මිණ් දරුවන්ගේ විශේෂ ලක්ෂණ දෙකක් දකිනවා. ‘බ්රහ්මිණ්යනු තම බුද්ධියේ විශ්වාසය ඇති අයයි බුද්ධියේ විශ්වාසය තිබීම යනු ජය ලැබීමය. ඉතිං, ඔය සෑම බ්රහ්මණයෙකුගේම බුද්ධිය තුළ කෙතරම් ප්රමාණයකට විශ්වාසය තිබෙනවාද, එමෙන්ම ඔබ කෙතරම් ප්රමාණයකට ජයග්රහණය කර තිබේද? බ්රහ්මිණ් ජීවිතයේ අත්තිවාරම විශ්වාසය වන අතර විශ්වාසය ඇති බවට සහතිකය වන්නේ ජය ලැබීමයි. එබැවින් විශ්වාසයේ සහ ජයග්රහණයේ ප්රතිශත සමානද නැත්නම් එහි වෙනසක් තිබේද? බාබා දකින්නට ඇත්තේ කුමන ප්රතිඵලයක්ද? සෑම කෙනෙක්ම විශ්වාසයේ වැඩි ප්රතිශතයක් අත්දකියි විශ්වාසයට වඩා ජය ලැබීමේ ප්රතිශතය අඩුයි. ඔවුන්ට කෙතරම් විශ්වාසය තිබේද කියා ඔබ මිනිසුන්ගෙන් විමසූ විට ඔවුන් සියලු දෙනාම පවසන්නේ ඔවුන්ට 100% විශ්වාසය තිබෙන බවයි. කෙසේවෙතත්, ඔවුන්ගේ විශ්වාසයේ ප්රතිඵලයක් ලෙස ඔවුන්ගේ ජයග්රහණයේ ප්රතිශතය කීයද? ඔවුන් එයට 100% කියා පිළිතුරු දෙයිද? ඔබගේ පාඨය වන්නේ විශ්වාසය ඇති බුද්ධියක් ඔබට ජය ගෙන දෙයි. එසේ නම්, විශ්වාසය සහ ජයග්රහණය අතර වෙනසක් තිබෙන්නේ ඇයි? විශ්වාසය සහ ජයග්රහණය යන දෙකෙහි ලක්ෂණ සමාන විය යුතුයි, එහෙම නේද? කෙසේවෙතත්, වෙනසක් තිබෙන්නේ ඇයි? මෙයට හේතුව කුමක්ද? අත්තිවාරමක් ශක්තිමත් කරන විට, එය ශක්තිමත් කිරීමට අත්තිවාරමේ පැති සතරටම අවධානය යොමු කරයි. සතරෙන් එක කොණක් හෝ දුර්වල නම් අත්තිවාරම ශක්තිමත් වෙයිද, නැත්නම් එය දිගින් දිගටම සෙලවෙයිද? අන්දමින්ම පැති සතරේම, විශ්වාසයේ අත්තිවාරම ශක්තිමත් වීම සඳහා, එනම්, විශේෂ කාරණා සතරකින්, සම්පූර්ණ විශ්වාසය තිබිය යුතුයි. ඔබට මින් පෙරද මෙම කාරණා සතර ගැන කියා තිබෙනවා.

1. ඔහු කුමක් වුණත්, කොහොම වුණත්, පරම පියා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තිබීම ඔහු එය ලබා දී ඇති අන්දමට, නිවැරදි ක්රමවේදයට අනුව, බාබා ලබා දී ඇති ශ්රීමත් වටහාගැනීම, එය පිළිගැනීම සහ පිළිපැදීම.

2. සම්පූර්ණ ශ්රේෂ්ඨ ස්ව-මානයෙන්, තමා වන ජීවාත්මයේ ශ්රේෂ්ඨ භාග්යයේ ස්වරූපය හඳුනාගැනීම එය පිළිගැනීම සහ එය අනුගමනය කිරීම.

3. ක්රමවේදයට අනුව නිවැරදිව, ඔබගේ ශ්රේෂ්ඨ බ්රහ්මිණ් පවුල හඳුනාගැනීම, එය පිළිගැනීම සහ එහි කොටසක් වීම.

4. මුළු චක්රයෙන්ම, වඩාත්ම ශ්රේෂ්ඨ සහ ශුභ වන්නේ, සංගම යුගය සහ කාලය බවත්, එම වැදගත්කමින් එය හඳුනාගැනීම, එය පිළිගැනීම සහ එය සමග ගමන් කිරීම.

මෙම කාරණා සතර ගැනම තම බුද්ධිය තුළ නොසැලෙන විශ්වාසය ඇති සහ සතරේ සම්පූර්ණ ප්රතිශතයක් ඇති අයව හැඳින්වෙන්නේ, බුද්ධිය තුළ සම්පූර්ණ සහ නිවැරදි විශ්වාසය ඇති අය ලෙසයි.

මෙම කරුණු සතර විශ්වාසයේ අත්තිවාරමේ කුළුණු සතරයි. පියා කෙරෙහි පමණක් විශ්වාසය තිබී අනෙක් කුළුණු තුනෙන් එකක් හෝ දුර්වල නම්, ඒවා සෑම විටම ශක්තිමත් නොමැති නම්, ඒවා විටෙක සැලෙන අතර විටෙක නොසැලෙයි නම්, එවිට කුළුණු වල මෙම කැලඹීම ඔබව පරාජය කර ඔබට ජයග්රහණය කිරීමට ඉඩ නොදෙයි. ඕනෑම අන්දමක කැලඹීමක් ඔබව දුර්වල කරන අතර දුර්වල කෙනෙකුට නිරන්තරයෙන් ජය ගැනීමට නොහැක. මේ නිසයි විශ්වාසය සහ ජයග්රහණය අතර වෙනසක් තිබෙන්නේ. බොහෝ දරුවන් බාප්දාදා සමග බොහෝ අහිංසක වී හදවතට සමීප කතාබහක යෙදි මෙසේ කියයිමට සම්පූර්ණ විශ්වාසය තිබෙනවා. බාබා, මා ඔබගෙයි, ඔබ මගෙයි. එය සහතිකයි. 100% විශ්වාසයක් පමණක් නොවෙයි, 500% විශ්වාසය තිබේ.‘ නමුත්... කැලඹීම්ද තිබේ. ඉන්පසුව, බාබාව සතුටු කිරීම සඳහා එය බාබාට ස්ථීර කරමින් මෙසේ කියයිඔබ මගෙයි, එහෙම නේද?‘ ඔබ ඉතා අහිංසකව මෙසේ කියයිමා ඔබගෙයි මා කොහොම කෙනෙක් වුණත්, මා ඔබෙයි.‘ එබැවින් පරම පියාද පවසන්නේඔබ කවුරු වුණත්, කොහොම කෙනෙක් වුණත් ඔබ මගෙයි.‘ කෙසේවෙතත්, බාබා, ඇති සැටියෙන් සහ කවුරු වුණත් ඔහු ඔබගේද? අහිංසක වීම හොඳයි, නමුත් ඔබගේ හදවතින් අහිංසක වන්න. ඔබ කියන දෙයින් සහ ඔබගේ ක්රියා වලින් අහිංසක නොවන්න. තම හදවතින් අහිංසක අය අවිහිංසක ස්වාමිගේ සෙනෙහස ලබයි. ඔබගේ වචන වල ඔබ අහිංසක වූ විට ඔබ තමන්ව සහ අන් අයව මුලා කරයි, එමෙන්ම ඔබගේ ක්රියාවන්හි ඔබ අහිංසක වූ විට ඔබ තමන්ට මෙන්ම සේවයටත් හානියක් සිදු කරයි. එබැවින් ඔබගේ හදවතින් අහිංසක වන්න - සම්පූර්ණ සාන්තුවරයෙක්, අන්දමින් අහිංසක වන්න. සාන්තුවරයෙක් යනු ශ්රේෂ්ඨ ජීවාත්මයක්. කෙසේවෙතත්, ඔබ සවන් දෙන විට හෝ ඔබ කතා කරන විට, ත්රිකාලදර්ශී ස්ථීතියේ හිඳිම්න් එය සිදු කරන්න. ක්රියා කරන විට, දැනුමින් පිරිපුන් වී, සෑම ක්රියාවකම ප්රතිඵලය දැනගෙන ඉන්පසුව ක්රියා කරන්න. ඔබ මෙසේ පැවසීම සිදු නොවිය යුතුයි, ’එය විය යුතු නැහැ, නමුත් එය සිදු වුණා.‘ හෝ ඔබ කතා නොකළ යුතු වූ නමුත් ඔබ කතා කළා. මින් ඔප්පු වන්නේ ඔබ ක්රියාවේ ප්රතිඵලය ගැන නොදැන සිටි බවත් ඔබ එම ක්රියාව නොදැනුවත්ව (අහිංසකව) සිදු කළ බවයි. මේ දේවල් සිදුවන්නේ ඔබ අහිංසක නිසා කියා නොසිතන්න. අන්දමින් තමන්ව සාධාරණීය කර නොගන්න. හදවතින් අහිංසක කෙනෙක් සියලු දෙනාගේ සෙනෙහස ලබයි. එබැවින් ඔබ අහිංසක විය යුත්තේ කුමන ආකාරයෙන්ද කියා ඔබට වැටහෙනවාද? විශ්වාසය සහ ජයග්රහණය සමාන කරගන්නේ කෙසේද? කාරණා සතරෙන්ම, සතර පැත්තේම සමාන ප්රතිශතයකින් විශ්වාසය තිබිය යුතුයි. සමහර දරුවන් තව මොනවද කියන්නේ? ඔවුන් කියන්නේබාබා, මට ඔබ ගැන විශ්වාසයි, නමුත් මා ගැන එතරම් විශ්වාසයක් නැහැ. විටෙක තමන් ගැන විශ්වාසය තිබෙන අතර විටෙක එය අඩු වෙනවා.‘ වෙලාවේ එවන් ජීවාත්මයන්ගේ භාෂාව කුමක්ද? ඔවුන් ගයන්නේ එක ගීතයයි. ’මම දන්නේ නැහැ, මා දන්නේ නැහැ, මා දන්නේ නැහැ... එය එහෙම වෙන්නේ ඇයි කියා මා දන්නේ නැහැ. මගේ භාග්යය කුමක්ද කියා මා දන්නේ නැහැ. මට පියාගේ උදව් ලැබෙයිද නැද්ද කියා මා දන්නේ නැහැ. සාර්ථකත්වය තිබෙයිද නැද්ද කියා මා දන්නේ නැහැ.‘ ඔබ මාස්ටර් සර්ව බලධාරීන් නිසා ඔබමා දන්නේ නැහැයන ගීතය ගායනා කරන්නේ ඔබට මේ කාරණාවේ විශ්වාසය නොමැති වූ විටයි. තුන්වන වර්ගයේ අය කියන්නේ කුමක්ද? තුන්වන වර්ගයේ අය කියන්නේබාබා, ඔබ දැකීමෙන් පසු මා කොන්ත්රාත්තුවකට එලඹුනා. ඔබ මගෙයි, එමෙන්ම මා ඔබගෙයි. මා මේ බ්රහ්මිණ් පවුල සමග කොන්ත්රාත්තුවකට එලඹුනේ නැහැ. බ්රහ්මිණ් පවුල ගැටුම් ඇති කරනවා. ඔබ හොඳයි, නමුත් බ්රහ්මිණ් සමූහය සමග එකට හොඳින් සිටීම අපහසුයි. ඔබ සමග පමණක් හොඳින් සිටීම පහසුයි.‘ ඉතිං, බාප්දාදා පවසන්නේ කුමක්ද? බාප්දාදා සිනහමුසු මුහුණින් සිටිනවා. එවන් ජීව තෘප්තිමත්ව (ප්රසන්-චිත්) නොසිටින නිසා එවන් දරුවන්ගෙන් බාප්දාදා එක ප්රශ්නයක් අසයි. ඔවුන් මෙවැනි බොහෝ ප්රශ්න (ප්රශ්න-චිත්) අසයිඑය මෙහෙම වෙන්නේ ඇයි? මේ මොකක්ද? එය විය යුත්තේ මෙහෙමද? සිදු විය යුත්තේ මෙයද?‘ එවන් ජීවාත්මයක් තෘප්තිමත් ජීවාත්මයක් නොවෙයි, නමුත් ප්රශ්න ඇති ජීවාත්මයක්. එවන් ජීවාත්මයන්ගෙන් බාප්දාදාද ප්රශ්නයක් අසයි ඔබ මුක්ති දේශයේ වාසය කිරීමට යන ජීවාත්මයක්ද, නැත්නම් ඔබ ජීවන-මුක්තියට යාමට යනවාද? ඔබට අවශ් වන්නේ මුක්තිය වෙතට ගොස් ඉන්පසුව ජීවන-මුක්තියට යාමට නේද? ඉතිං, ජීවන-මුක්තියේ සිටින්නේ බ්රහ්ම බාබා පමණක්ද, නැත්නම් රාජධානියක් තිබෙනවාද? බ්රහ්ම සහ සරස්වතී, රජ සහ රැජිනිය පමණක් සිටියිද? ඔබ ජීවන-මුක්තියේ උරුමය හිමි කරගැනීමට යනවා නේද? ආදි සනාතන දෙවි දේවතා ධර්මය සහ අනෙක් සියලුම ආගම් අතර ඇති විශාලතම වෙනස වන්නේ, ඔවුන් ආගමක් පමණක් ස්ථාපිත කරන අතර ඔබ ධර්මයක් මෙන්ම රාජධානියක්ද ස්ථාපනය කරන බව කියමින්, ඔබ අභියෝගයක් නිකුත් කරනවා නේද? මෙය ස්ථීරද? ඔබ ආගමක් මෙන්ම රාජධානියක්ද ස්ථාපිත කරනවා එහෙම නේද? එසේ නම් රාජධානියේ තිබෙන්නේ මොනවාද? එක රජෙක් සහ රැජිනක් පමණක් සිටියිද? එක රජතුමා, එක රැජින සහ ඔබ වන එක් පුත්රයා හෝ දියණිය. එපමණයි! එවන් රාජධානියක් තිබිය හැකිද? එබැවින්, ඔබ රාජධානිය තුළට යා යුතු බව මතකයේ තබාගන්න. රාජධානිය තුළට යාම යනු, බ්රහ්මිණ් පවුලේ අය සමග තෘප්තිමත්ව සිටිමයි, අන් අයව තෘප්තිමත් කිරීම සහ ශ්රේෂ්ඨ අන්තර්-සම්බන්ධතා පැවතීම. බාප්දාදා ඔබ සියලු දෙනාගෙන් මෙසේ විමසයි ඔබ මාලාවේ කොටසක් වීමට කැමතිද? එසේ නැත්නම් ඔබ මාලාවෙන් පිටත සිටීම හොඳයි, එයට කම් නැත, කියා ඔබ කියයිද? ඔබට මාලාවක කොටසක් වීමට අවශ්යද? ඔබ 108 මාලාවකට හෝ 16,108 මාලාවකට ඇතුළු වුණත්, ඔබට අවශ්, මාලාවක කොටසක් වීමටද, නැද්ද? (හා ජී). එසේ නම් ඔබ දැන් බ්රහ්මිණ් පවුලට බය ඇයි? යමක් සිදු වූ විට ඔබ මෙසේ කියන්නේ ඇයිබාබා මගෙයි. සහෝදරියන් කුමක් කරයිද? සහෝදරයන් කුමක් කරයිද? මා සහෝදරයන් හෝ සහෝදරියන්ට පොරොන්දුවක් වී නැහැ.‘ කෙසේවෙතත්, මෙම බ්රහ්මිණ් ජීවිතය, පිවිතුරු සම්බන්ධතා ඇති ජීවිතයකි, මාලාවේ කොටසක් බවට පත් වීමේ ජීවිතයක්. මාලාවක කොටසක් යන්නෙහි අරුත වන්නේ සමූහයක්. එබැවින්, බ්රහ්මිණ් පවුල පිළිබඳව යම් සැකයක් ඇත්නම්, නිෂ්ඵල සිතිවිලි ඇත්නම්, එවිට එය ඔබගේ විශ්වාසය චංචල කරයි එය ඔබව කැලඹීමකට ගෙන එයි. ’බාබා හොඳයි, ඥානය හොඳයි, නමුත් මේ දාදීන් හොඳ නැහැ, ගුරුවරු හොඳ නැහැ, පවුලේ අය හොඳ නැහැ.‘ මේවා, බුද්ධියේ විශ්වාසය ඇති කෙනෙකුගේ වදන්ද? වෙලාවේ, ඔබ බුද්ධිය තුළ විශ්වාසය ඇති කෙනෙක් ලෙස හඳුන්වයිද, නැත්නම් බුද්ධියේ සිතිවිලි පමණක් ඇති කෙනෙක් ලෙස හඳුන්වයිද? නිෂ්ඵල සිතිවිලි, ඔබගේ බුද්ධියට තෘප්තිමත්ව රැඳී සිටීමට ඉඩ නොදෙයි. ඉතිං, විශ්වාසයේ විශේෂතාවය ඔබට වැටහෙනවාද?

ඔබ ඇති කරන, සතරවන ආකාරයේ හදවතට සමීප කතාබහ කුමක්ද? ඇතැම් ජීව පවසන්නේමෙය ඉතා ශ්රේෂ්ඨ කාල වකවානුවක් බව, මෙය වඩාත්ම ශුභදායක යුගය බව, මෙය ජීවාත්ම, පරමාත්ම ජීවය හමුවන යුගය බව අපට වැටහෙනවා. අප මේ සියල්ල දන්නවා.‘ කෙසේවෙතත්, ඉන්පසුව සිදු වන්නේ කුමක්ද? ඔබ පවසන්නේතවමත් කෙටි කාලයක් ඉතිරිව තිබෙනවා. විනාශය එතරම් විගසින් සිදුවන්නේ නැහැ. ස්ථාපනයේ ආරම්භයේ සිටම විනාශය ගැන පවසා තිබෙනවා - තවත් දීපාවලියක් නොපැමිණෙන බව!‘ ඉතිං, විනාශය ගැන කතාබහ, ස්ථාපනයේ ආරම්භක කාලයේ සිටම සිදුවෙමින් තිබුණු අතර විනාශය ගැන කතා කරමින් පමණක් බොහෝ වසර ගණනක් ගෙවී ගොස් තිබේ. දැන් වුවද, විනාශය කවදා සිදුවෙයිද කියා අප දන්නේ නැහැ. අපට සුළු නොසැලකිලිමත්කම, කම්මැලිකම සහ මන්දගාමී උත්සාහයේඩන්ලොප්කොට්ටය මත විවේකීව ඉන්න දෙන්න. අප නිසි වෙලාවට හරි යයි. ඔබ බාබා වෙනුවෙන් එයට වැදගත්කමක් ලබා දී මෙසේද කියයිබලන්න, අපි වෙලාවට උසස් අංකයක් හිමි කරගන්නවා.‘ කෙසේවෙතත්, බාප්දාදා සෑම විටම එවන් දරුවන්ට අනතුරු අඟවනවා ඔබ කාලයට අනුව අවදි වන්නේ නම්, ඔබ කාලයට අනුව පරිවර්ථනය සිදු කරන්නේ නම්, එය ලොකු දෙයක් නොවෙයි නමුත් ඔබ එම කාලයට පෙර පරිවර්ථනය ගෙන එන්නේ නම්, එවිට ඔබගේ උත්සාහයට ලකුණු එකතු වෙයි. කෙසේවෙතත්, ඔබ කාලයට අනුව උත්සාහ දරන්නේ නම්, ඔබට නොවෙයි, ලකුණු ලැබෙන්නේ කාලයටයි. ඔබගේ නොසැලකිල්ල සහ කම්මැලිකමේ නින්ද නිසා ඔබගේ අවසන් ප්රතිඵලයේදි ඔබ මුලාවට පත්වෙයි මේවත් කුම්භකරණ නින්දේ සලකුණුය. එය විශාල කුම්භකරණයක් නොවෙයි, ටිකක් පමණයි. ඔහුට සිදුවුණේ කුමක්ද? ඔහුට තමාව බේරා ගැනීමට හැකි වුණාද? ඔහුට තමන්ව බේරාගැනීමට හැකි වුණේ නැහැ නේද? ආකාරයෙන්ම අවසානයේදි, ඔබට සම්පූර්ණයෙන් සමත් වීමට තමන්ව සුදුසු කරගැනීමට නොහැකි වෙයි. ඔබට වැටහෙනවාද? විටෙක ඔබ එක් ආකාරයක හදවතට සමීප කතා බහක යෙදෙයි, විටෙක කතාබහ බොහෝ එඩිතරව සිදු කෙරෙන අතර විටෙක එය විහිළු තහළු වලින්ද තවත් විටෙක ගැටුමකින්ද සිදුකරයි.

අද මෙය වාරයේ අවසානයයි. එය අවසානය නොවෙයි, එය සම්පූර්ණ වෙමින් තිබෙනවා. ඔබට ප්රතිඵලය ලබා දෙන්නේ නිසයි. ඉතිං, ඔබට දැන් කිරීමට තිබෙන්නේ කුමක්ද? විශ්වාසයේ පදනම පැති සතරේම ශක්තිමත්ද නැත්නම්, ශක්තිමත් වනවා වෙනුවට, යම් අවස්ථාවක් නිසා, සතරෙන් කිසියම් එකකින් එය දුර්වලද කියා පරීක්ෂා කර බලන්න. ඉතිං මෙය පරීක්ෂා කර බලන්න. ඔබ නැවතත් තපස්යා කිරීමට යනවා නේද? ඔබගේ සෙනෙහසේ සහතිකය ඔබ ලබා දිය යුතු බවත් ඔබගේ සෙනෙහසේ සහතිකය වන්නේ සමාන වීම බව, ඔබට මින් පෙරත් කියා තිබේ. ඔබ කළ යුතු අනෙක් දේ කුමක්ද? බාබා ඔබට වසර වෙනුවෙන් ගෙදරවැඩ දෙනවා. ඔබට එක් අන්දමක කාර්ය ගැන අසන්නට ලැබුණා, දැන් මේ දෙවන කාරණාවයි පැති සතරේම අත්තිවාරම ශක්තිමත් කරගන්න. කිසිම කරුණක දුර්වලතාවයක් නොතිබිය යුතුයි. ඔබ මාලාවක පබුළුවක් වන්නේ එවිටයි ඔබ වන්දනීයත්වයට සුදුසු ජීවාත්මයක් වෙයි, එමෙන්ම ඔබ රාජධානියකට අයිතියක් ඇති ජීවාත්මයක් වෙයි, මන්ද, ඔබ සියලු දෙනාම දේවතාවන් වීමට සිටින බ්රහ්මණයන්. ඔබට බ්රහ්මිණ් කෙනෙක් නොවී දේවතාවක් විය නොහැක. එබැවින් බ්රහ්මණයන් සමග සමගියෙන් සිටීමට හැකි වීම යනු දිව්යමය රාජධානියට අයිතියක් හිමි කරගැනීමයි. එබැවින් ඔබ, පවුලට ඔබගේ වගකීම ඉටු කළ යුතුයි. කැලඹීම් ඇත්නම් ඔබ ඒවා අවසන් කළ යුතුයි. එවිට විශ්වාසය සහ ජයග්රහණය අතර සමානත්වයක් තිබෙයි. දෙක අතර ඇති වෙනස අවසන් කිරීමට ඇති මහා මන්ත්රය මෙයයි. එය පැති සතරින්ම ශක්තිමත් කිරීම සඳහා, විශ්වාසයේ ආකාර සතරේම, විශ්වාසයේ ප්රතිශතය සමාන විය යුතුයි. ඔබට වැටහෙනවාද? ගෙදරවැඩ පැහැදිලියි නේද? ඔබ හොඳ ශිෂ්යයන් නේද? එසේ නැත්නම්, ඔබගේ මධ්යස්ථානයේ වැඩ හෝ ඔබගේ ගෘහයේ වැඩ කරන අතරතුර ඔබට ලබා දුන් ගෙදරවැඩ නැති වූ බව ඔබ කියයිද? ඔබ එහෙම කියන්නේ නැහැ නේද? දක්ෂ ශිෂ්යයන්ගේ ලක්ෂණ මොනවාද? ඔවුන්ගේ ගෙදරවැඩ වලින් ඔවුන් අංක එක වන අතර ඔවුන්ගේ ප්රායෝගික අධ්යාපනයේද ඔවුන් අංක එකය, මන්ද, ඔවුන් ලකුණු රැස්කරගනී. අච්චා. බාබා දුටුවේ වෙනත් කුමන ප්රතිඵලයක්ද? වත්මන් කාලයේ දරුවන් තුළ, ආකාර දෙකක දක්ෂතා බාබා දුටුවා. තමන්ගේම දක්ෂතාවය ගැන ඔබට අවධානයක් ඇති, එහෙම නේද? බාබා දුටුව පළමුවන දක්ෂතාවය කුමක්ද? තමන් දෙස බැලීම සහ අන් අය දෙස බැලීම ස්ව දර්ශන චක්රය බ්රමණය කරන අය සහ අන් අය දෙස බැලීමේ චක්රය බ්රමණය කරන අය. කාරණා දෙක මේවාය, එහෙම නේද? වැඩි දෙනෙක් දක්ෂ කුමකටද? සමහර දරුවන්ගේ කෙටි-දුර දකින ද්රීෂ්ඨිය හොඳ වන අතර තවත් දරුවන්ගේ දුර-දක්නා ද්රිෂ්ඨිය ඉතා හොඳ වෙමින් පවතින බව බාප්දාදා ඔබට මින් පෙරද පවසා තිබේ. කෙසේවෙතත්, වැඩි දෙනෙකුගේ දුර-දකින ද්රිෂ්ඨිය හොඳ නමුත් ඔවුන්ගේ කෙටි-දුර ද්රිෂ්ඨිය ටිකක් අඩුවෙන් හොඳයි. ඔවුන්ට බලන්නට අවශ් නමුත් ඔවුන්ට පැහැදිලිව දැකිය නොහැක, එසේ නම් ඔවුන්ගේ දක්ෂතාවය කුමක්ද? යමක් සිදුවන ඕනෑම විටෙක තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා, ඔවුන් අන් අයගේ දේවල් ගැන පැහැදිලිව කතා කරමින් ඒවා විශාල කරයි තමන්ගේම විශාල දේ ඔවුන් බොහෝ සේ කුඩා කරන අතර අන් අයගේ කුඩා දේ බොහෝ විශාල කරයි. මෙම දක්ෂතාවය, බාබා වැඩි දෙනෙක් තුළ දුටුවා. බාබා තවත් දුටු දක්ෂතා මොනවාද? මේ දිනවල ඔබ ඉතා විශේෂ භාෂාවක් භාවිතා කරයි ඔබට යම් බොරුවක් දැකීම සහ කිසිදු බොරුවක් ගැන ඇසීම, ඉවසා ගත නොහැකි බවත්, ඔබ යම් බොරුවක් දුටු විට ඔබ තුළ විශාල පීඩනයක් ඇති වන්නේ මේ නිසා බවත් ඔබ කියයි. මෙම භාෂාව හරිද? එය සත්යයක් නොවේ නම්, එමෙන්ම යම් අසත් දෙයක් දුටු විට ඔබ තුළ මෙම පීඩනය ඇති වන්නේ නම්, මෙම පීඩනය සත්යයක්ද, අසත්යයක්ද? ඉතිං එම පීඩනයත් අසත්යයක් නේද? ’මා දැන් මෙය සිදුකර ඔවුන්ට පෙන්වන්නම්‘. මේ ආකාරයට යමෙකුට අභියෝග කිරීම හරිද? එබැවින් සත්යයේ ලක්ෂණය කුමක්ද කියා සෑම විටම මතකයේ තබාගන්න. සත්යය අනුගමනය කරන සහ අසත්යය අවසන් කිරීමට අවශ් කෙනෙකුට හොඳ අරමුණක් තිබේ කෙසේවෙතත්, අසත්යය අවසන් කිරීම සඳහා, තමන් තුළ සත්යයේ බලය තිබීම අවශ්යයි. එසේ නම් බලය පෙන්වීම සහ කෝපයට පත් වීම, සත්යයේ ලක්ෂණද? සත්යය ඇති තැන, බලය පෙන්වීමක් සිදු වෙයිද? බොරුව දැකීමෙන් කෙනෙක් කෝපයට පත් වන්නේ නම්, එය නිවැරදිද? යම් කෙනෙක් ගින්නක් ඇති කළොත් ඔබට එහි උණුසුම නොදැනෙයිද? එසේ නැත්නම් ඔබට උණුසුමට ඔරොත්තු දිය හැකිද? මෙය අසත්යයේ ගින්නක් බවට ඥානය ඔබට ඇත්නම්, එසේම ඔබට එහි උණුසුම දැනෙනවා නම්, එසේ නම් ඔබ තමාව ආරක්ෂා කර ගන්නවා නේද? එසේ නැත්නම් ගින්නේ උණුසුමින් ඔබ ටිකක් පිළිස්සුණාට කමක් නැති බව ඔබ කියනවාද? එබැවින් සත්යයේ (සත්යතා) සලකුණ, ආචාරශීලීකම (සභ්යතා) බව සෑම විටම සිහියේ තබාගන්න. ඔබ සත් නම් එසේම ඔබට සත්යයේ බලය තිබේ නම්, ඔබ කිසිම විටෙක ඔබගේ ආචාරශීලී බව අත්නොහරියි. සත්යය ඔප්පු කරන්න, නමුත් එය සම්පූර්ණයෙන් ආචාරශීලීව සිදු කරන්න. ඔබ තම ආචාරශීලී බව අතහැර, ආචාරශීලී නොවී, සත්යය ඔප්පු කිරීමට තැත් කරන්නේ නම්, ඔබට එය කිරීමට නොහැකි වෙයි. ඇත්ත වශයෙන්ම සිදු වන්නේ ඔබට සත්යය ඔප්පු කිරීමට අවශ් නමුත් සත්යය ඔප්පු කිරීමට ඔබ තම ආචාරශීලි බව අත්හරියි එම ඔප්පු කිරීම එවිට ඔප්පු කිරීමක් නොව, මුරණ්ඩුකමක් වෙයි. ආචාරශීලි නොවීමේ සලකුණ මුරණ්ඩුකම වන අතර ආචාරශීලී බවේ සලකුණ වන්නේ නිරහංකාරකමයි. සත්යය ඔප්පු කරන කෙනෙක් සෑම විටම නිරහංකාරීව රැඳී සිටින අතර ආචාරශීලී බවින් යුතුව අන් අය සමග සම්බන්ධතා පවත්වයි. ඉතිං දෙවන ආකාරයේ දක්ෂතාවය ඔබට වැටහුණාද? එබැවින් මේ අන්දමින් දක්ෂ නොවන්න. මෙයත් ගෙදරවැඩයි - එවන් දක්ෂතා අවසන් කර නිරහංකාරී වන්න සම්පූර්ණ නිරහංකාර බව. ’මම හරි, අරයා වැරදියිකීම, නිරහංකාරකම නොවෙයි. ලෝකයේ මිනිසුන්ද පවසන්නේ, යමෙක් සත්යය ඔප්පු කිරීමට තැත් කරන්නේ නම්, එවිට එහි යම්කිසි දෙයක් හරි නැති බවය. මෙසේ පැවසීම, ඇතැම් දරුවන්ගේ භාෂාව බවට පත් වී තිබේමා ඔබට සම්පූර්ණ ඇත්ත කියනවා. මා කතා කරන්නේ 100% ඇත්ත.‘ කෙසේවෙතත්, සත්යය ඔප්පු කිරීමට අවශ් නොවේ. සත්යය, සුර්යයා මෙන් නිසා, එය සැඟවි තිබිය නොහැක. එය ඉදිරියට කෙතරම් බැමි පැමිණියත් සත්යයේ ආලෝකය සඟවා තැබිය නොහැක. සත්යවාදි පුද්ගලයෙක් කිසි විටෙක මෙසේ නොකියයි, ’මා කියන්නේ ඇත්ත‘. ඔබ සත්යය පවසන බව අන් අය කියයි. අච්චා.

ඔබ දැන් කිරීමට යන්නේ කුමක්ද? ස්ව-පරිවර්ථනය! අන් අයව පරිවර්ථනය කිරීමට කරදර නොවන්න. එය අන් අයට සුබ පැතුම් ඇති කෙනෙක් වීම නොවෙයි. එවිට ඔබ පවසන්නේ, ’මා කරදර වෙන කෙනෙක් නොවෙයි, නමුත් මා අන් අය කෙරෙහි සුබ පැතුම් ඇති කෙනෙක්‘. කෙසේවෙතත්, තමාව අමතක කර, අන් අය වෙනුවෙන් සුබ පැතුම් තිබීම, සුබ පැතුම් ඇති කෙනෙක් වීම, ලෙස හැඳින්වෙන්නේ නැත. අන් අය වෙනුවෙන් මෙන්ම ප්රථමයෙන් තමා ගැන සැලකිලිමත් විය යුතුයි. තමා වෙනුවෙන් සැලකිලිමත් නොවී, ඔබ අන් අය වෙනුවෙන් සුබ පැතුම් ඇති කරන්නට තැත් කරන්නේ නම්, ඊතලය ඉලක්කයට නොවදින අතර ඔබ සාර්ථක නොවෙයි. ප්රථමයෙන් තමා විය යුතු අතර, තමා සමගම අන් අය. මෙය දරුවන් වෙනුවෙන් බාප්දාදාගේ හදවතේ ඇති සෙනෙහසයි. සෙනෙහසේ ලක්ෂණය වන්නේ, තමා සෙනෙහස දක්වන අය තුළ දුර්වලතා තිබෙනවා දැකීම, ඉවසුම් නොදීමයි. ඔවුන්ගේ දුර්වලතා ගැන අසන්නට ලැබීම, ඉවසුම් නොදෙයි. එම කෙනාවත් ඒකායන කෙනා පරිසමාප්තියට පත් කරනු ඇත. හදවතේ සැබෑ සෙනෙහස මෙයයි. බාප්දාදා හදවත් ජයගන්නා කෙනාය, ඔහු හදවතින් සෙනෙහස ලබා දෙන්නේ මේ නිසයි. සෑම දරුවෙක්ම සමාන සහ ශ්රේෂ්ඨ වනවා දැකීම, ඔහුගේ පැතුමයි. ඔහු පතන්නේ සෑම දරුවෙක්ම සාර්ථකත්වයේ ප්රතිරුවක් වනවා දැකීමටයි උත්සාහයේ ප්රතිරුවක් නොව, නමුත් සාර්ථකත්වයේ ප්රතිරුවක්. අච්චා.

බුද්ධියේ නිරන්තර විශ්වාසය ඇති සෑම තැනකම සිටන ශ්රේෂ්ඨ ජීවාත්මයන්ට, විශ්වාසය සහ ජයග්රහණය අතර නිරන්තරයෙන් සමාන බවක් ඇති තීව් උත්සාහ දරන ජීවාත්මයන්ට, නිරන්තරයෙන් ස්ව-මානයේ රැඳී සිටිමින් ස්ව-පරිවර්ථනය සහ අන් අයගේ පරිවර්ථනය වෙනුවෙන් නිවැරදි, කරුණාබරිත හැඟීම් ඇති ජීවාත්මයන්ට, නිරතුරුවම පියාට සමාන වන සහ නිරන්තරයෙන් එය ඔප්පු කර පෙන්වන ජීවාත්මයන්ට, නිරන්තරයෙන් නිවැරදි හදවතට සමීප කතාබහක යෙදෙන සහ නිෂ්ඵල දේ අවසන් කරන ජීවාත්මයන්ට, හදවත් ජයගන්න බාප්දාදා ගෙන් සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:

ඔබ නිෂේධනීයත්වය, ධනාත්මක බවට පරිවර්ථනය කර, ස්ව-පරිවර්ථකයෙක් වී, එමඟින් ලෝක පරිවර්ථකයෙක් වේවා.


ඕනෑම නිෂේධනීය සිතිවිල්ලක් හෝ සංස්කාරයක් තත්පරයකදි පරිවර්ථනය කර ධනාත්මක කිරීම සඳහා, ඔබ දවස පුරාම විටින් විට සිතිවිලි ධාරාව පාලනය කරගැනීම (ට්රැෆික් කන්ට්රෝල්) අවශ් වෙයි, මන්ද, නිෂ්ඵල සහ නිෂේධනීය සිතිවිලි වල වේගය ඉතා වැඩියි. සීඝ් වේගයක් ඇති ඕනෑම වෙලාවක, ශක්තිමත් තිරිංගයක් (බ්රේක්) තද කර, පරිවර්ථනය ගෙන ඒම පුහුණු කරන්න. එවිට ඔබට ඔබගේ නිෂ්ඵලත්වය පරිවර්ථනය කර ස්ව-පරිවර්ථකයෙක් සහ එමනිසා, ලෝක පරිවර්ථකයෙක් විමට හැකි වෙයි. එවිට ඔබගේ සුරදූත ස්වරූපය තුළින් ඔබට බොහෝ ජීවාත්මයන්ට සතුට සහ සාමයේ ආශිර්වාදය ලබා දීමට හැකි වෙයි.

පාඨය:

කිසිවක් අළුත් නැතයන ක්රමවේදය තුළින් ජයගැනීමට හැකි වන්නේ, නාටකය පිළිබඳ ඥානය තම අවධානයේ තබා ගන්නා අයට පමණයි.

 

*** ඕම් ශාන්ති ***

දැන්වීම: අද මාසයේ තෙවන ඉරුදින වන අතර සියලුම රාජයෝගී තපස්වි සහෝදර සහෝදරියන් පව 6.30 සිට 7.30 දක්වා විශේෂ භාවනාවේ යෙදෙයි. ඔබගේ ආලෝක සහ ශක්ති ස්වරූපයේ ස්ථාවර වී, ඔබගේ නළල මධ්යයට බාප්දාදාව කැඳවන අතර ඒකාබද්ධ ස්වරූපය අත්විඳ සෑම තැනකටම ආලෝකය සහ බලයේ කිරණ බෙදා හැරීමේ සේවයේ නියැලෙන්න.

Download PDF

Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala

Post a Comment

0 Comments