Header Ads Widget

Header Ads

SINHALA MURLI 29.07.22

 Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala

29-07-2022 උදෑසන මුරලි  ඕම් ශාන්ති  බාප්දාදා  මධුබන්

Listen to the Murli audio file



 

සාරය:

සුමිහිරි දරුවනි, ඔබ තම සමගාමිකයන්වත් අභිවෘද්ධියට ලක් කළ යුතුයි. පරම පියා විසින් ඥානයේ පුන්කළස තබා ඇත්තේ මව්වරුන් මතයි. එමනිසා, විශාලම වගකීම තිබෙන්නේ මව්වරුන් වන ඔබ මතයි.

ප්‍රශ්නය:

මව්වරුන් වන ඔබ උපකරණ වන්නේ කුමන විශේෂ කාර්යයක් උදෙසාද? ඔබ වෙත තිබෙන්නා වු වගකීම කුමක්ද?

පිළිතුර:

අපිරිසිඳු ලෝකය පාරිශුද්ධත්වයට පත් කිරීමේත් අපාය දිව්‍ය ලෝකය බවට පත් කිරීමේත් කාර්යය සඳහා වූ උපකරණ ඔබයි. මව්වරුන් වන ඔබ මත පරම පියා විසින් ඥානයේ පුන්කළස තබා ඇති හෙයින්, සෑම කෙනෙක්ටම විමුක්තිය ලබා දීමේ වගකීම තිබෙන්නේ ඔබටයි. ශිව ශක්ති හමුදාව ඔබයි. ඔබ දැන් ඔබගේ සමගාමිකයන්ට ප්‍රයෝජනවත් අයෙක් බවට පත් විය යුතුයි. අපිරිසිඳු බවට පත් වීමෙන් සෑම කෙනෙක්වම ආරක්ෂා කරගන්න. ඔබ ගණිකාවන් පවා අභිවෘද්ධියට පත් කළ යුතුයි.

ගීතය:

ඔහෝ, රාත්‍රී සංචාරකය, වෙහෙසට පත් නොවන්න. අරුණෝදයේ දෛවය වැඩි ඈතක නොවේ... 

ඕම් ශාන්ති. දරුවන්ට ගීතයේ පේළියක් ඇසුණා. අප දැන් සූක්‍ෂම ලෝකය වෙත ගමන් කරනවා. එනම්, අප දැන් සතුටේ දේශය වෙත ගමන් කරමින් ඉන්නවා. ඒ සතුටේ දේශයෙහි ස්ථාපනය සිදු කරලීමට උපකරණ බවට පත් කර ඇත්තේ මව්වරුන් වන ඔබවයි. ඥානය නම් වූ අමෘතයේ පුන්කළස තබා ඇත්තේ මව්වරුන් වන ඔබ මතයි. විවෘත කිරීමේ උත්සවයක් හෝ යම් උත්සවයක් ඇරඹෙන අයුරින් ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, මව්වරුන් වන ඔබ මාර්ගයෙන් මෙහි විවෘත කිරීම සිදු කරනවා. පුන්කළස තැන්පත් වන්නේ මව්වරුන් වන ඔබ මතයි. එමනිසා, දරුවන් වන ඔබ දැන් සැලකිලිමත් විය යතුයි. මෙය ශක්ති හමුදාවයි. පියා දරුවන් වන ඔබට මෙහි වගකීම භාර දෙනවා. පියා ඒ ගුරූන්ට සෑම කෙනෙක්ටම විමුක්තිය ලබා දීමේ වගකීම භාර දී නැහැ. විමුක්තිය ලබා දීම මේ මව්වරුන්ගේ කාර්යය බව ඔබ දැන් දන්නවා. විමුක්තිය ලැබෙන්නේ ඥානය මාර්ගයෙනි. මව්වරුන් විසින් ඥානයේ පුණ්කළස ලබා සිටිනවා. පුණ්කළස පළමුවෙන්ම තැබුණේ ජගත් මාතාව මත යැයි කතාවක් තිබෙනවා. ආගමික ග්‍රන්ථ වල ඔවුන් ලක්‍ෂ්මිගේ නම සඳහන් කර තිබෙනවා. මෙහි එම වෙනස තිබෙනවා. පුණ්කළස තබා තිබෙන්නේ මව්වරුන් වන ඔබ මතයි. පුණ්කළස කාලි මත තබා තිබෙනවා. කාලීව ප්‍රශංසා කෙරෙනවා. ඔවුන් නොයෙකුත් ආකාරයේ ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා. ඉතින් තම සමගාමිකයන් දැන් නරක තත්ත්වයක පසු වන්නා වූ මව්වරුන් වන ඔබ මත තමයි දැන් මෙම පුණ්කළස තබා තිබෙන්නේ ඔබව හැඳින්වෙන්නේ ශිව ශක්තීන් ලෙසයි: සූක්ෂම වූ හමුදාව ඔබයි. ඔබ බුද්ධිය තුළ උද්‍යෝගය තිබිය යුතුයි. ඔබ තම ස්ව අධිකාරීත්වය ස්ථාපනය කරනවා. මව්වරුන් හට ආචාරයන කියමනත් මෙහිදී සිහිපත් වෙනවා. භාරත දේශය, නාමය මෙහිදී සිහිපත් වෙනවා. ඔවුන් කියනවා: භාරත මාතාවට ජය යනුවෙන්. එනම්, භාරතයේ ජීවත් වන මව්වරුන්ට ජය නියතයි. ලෝකය දිව්‍ය ලෝකයක් බවට පත් කරන්නා වූ මව්වරුන්ට ජය. ඔවුන් වැරැද්දක් කර තිබෙනා අතර ඔවුන් කතා කරන්නේ නිකම්ම භාරතයේ සිටිනා මව්වරුන් ගැන පමණයි. බාබා මව්වරුන් වන ඔබගේ නාමය පතුරුවාලනවා. ඔහු දිව්‍ය ලෝකයේ විවෘත කිරීමේ උලෙළ සිදු කරමින් ඉන්නවා. මව්වරුන් මඟින් ශිව බාබා මෙම ලෝකය දිව්‍ය ලෝකයක් බවට පත් කරනා බව ඔබ කියනවා. ඔබ බිෂම්පිතාමි ආදීන් වෙත ඥානයේ හීය විදිනවා. පරම පියා කියනවා: ඥානයේ හීය විදීමට බිය වන්න එපා. ඔබ ඉගෙන ගෙන අන් අයටත් ඉගැන්විය යුතුයි. ඔබගේ හමුදාව තමයි උපකරණ බවට පත් වන්නේ. බාබාට පමණක් දෙවැනි ඥානයෙන් පිරි අය ඔබයි. ඔවුන් සරස්වතීව වීණාවක් සමඟ පෙන්නුම් කර තිබෙනවා. මන්ද, ඇය තමයි සැමටම වඩා උසස් වූ තැනැත්තිය වන්නේ. ලෝකයා මේ ගැන දන්නේ නැහැ. තමා දැන් අවලස්සන බවින් මිදී ඉතා අලංකාර වන බව ඔබ දන්නවා. ඔවුන් කාලී ළඟට යනවා. ඔවුන් ඇයට මා, මායනුවෙන් කන්නලව් කරනවා. ඔවුන් බොහෝ සෙයින් අඬනවා. ඒ ගැන අහන්නවත් එපා. ඒ වුණත් කිසිම දෙයක් වෙන්නේත් නැහැ. කල්කටාවේ කාලී ගැන සෑහෙන ප්‍රශංසනීයත්වයක් තිබෙනවා. මේ බ්‍රහ්මා මව් කෙනෙක් නොවේ. මේ නිසා තමයි මව්වරුන් වන ඔබට පුන්කළස දී තිබෙන්නේ. ඔබ තමයි කාන්තා හමුදාව. සියල්ලන්ම සමගාමීකයන්. ඔබ කියනවා: බාබා කුමක් වුවත්, මා කොහොම වෙතත්, මා ඔබගේයි. මොහුත් කියනවා: ඔබ කුමක් වුවත්, ඔබ කොහොම වුවත්, ඔබ මගේයි. කොහොමනමුත්, ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔබ සැම කෙනෙක්ම මනමාලියන්. ඔබ සෑම කෙනෙක්ම තමා පරමාත්ම දෙවියන්ට අයිතියි කියා කියනවා. ඔබ සෑම කෙනෙක්ම ශිව බාබාගේ දරුවන්ය යන විස්තර කිරීම ඔබ ලබා තිබෙනවා. ඔබ මෙය ඔප්පු කළ යුතුයි. පළමුවෙන්ම තිබෙන්නේ ශිවාගේ ප්‍රශංසනීයත්වයයි. උසස්ම වූ තැනැත්තා වන්නේ ඔහුයි. පරමාත්ම දෙවියන් ලෙස හැඳින්වෙන්නේ ඔහු පමණයි. ශිව බාබාම අපට උරුමයක් ලබා දෙනවා. අශරීරික තැනැත්තා සියලු ජීවාත්මයන්ගේ පියා ඔහුයි. එමනිසා, දූවරුන් වන ඔබ දැන් ඔබගේ සමගාමිකයන්ව අභිවෘද්ධියට ලක් කළ යුතුයි. සියලු වගකීම් භාර වී තිබෙන්නේ මව්වරුන් වෙතයි. පියාත් කියනවා: මව්වරුන්ට ආචාර. ශිව දරුවායි. ඉතින් ඔහු මව්වරුන්ට ආචාර කළ යුතුයි. මොහු ඔබට ආචාර කරනා අතර ඔබත් ඔහුට ආචාර කළ යුතුයි. එය ආශ්චර්යයක්. නාටකයේ මෙය ද දෛවෝපගත වූවකි. ශිව බාබා දර්ශන ලබා දෙන බව ඔබ දන්නවා. ගෙදර සිටිනා විට පවා ඒ මොණර පිහාටුවෙන් සරසවන ලද ඔටුන්න පැළඳ සිටින්නාගේ දර්ශන ඔබ දකිනවා. සෑම කෙනෙක්ටම ඔටුන්නක් තිබෙනවා. මෙය හරියට එහිදී පාවිච්චි වන වෙළඳ ලකුණක් වැනියි. ඔවුන් ක්‍රිෂ්ණාට විශාල ඔටුන්නක් පළඳවා තිබෙනවා. එසේ නැත්නම්, ඔහු එතරම් විශාල ඔටුණු පළඳින්නේ නැහැ. පරම පියා මෙහි අසුන්ගෙන මව්වරුන් වන ඔබ හට ඔබගේ ඉලක්කය හා අරමුණ පිළිබඳ වූ දර්ශනයක් ලබා දෙනවා. ඔබ කුමරෙකුගේ මවක් බවට පත් වෙයි. සෑම කෙනෙක්ම ක්‍රිෂ්ණාගේ මව බවට පත් වන්නේ නැහැ. කුමර කුමරියන් බොහොමයක් ඉන්නවා. කුම‍රෙකුගේ මවක් බවට පත් වනවා යනු අධිරාජ්‍යයෙක් හෝ අධිරාජිණියක් බවට පත් වීමයි. ඔබගේ ඉලක්කය හා අරමුණ ඉතාමත් හොඳයි. ඔබගේ උකුළ මත කුමරෙක් නැළැවෙයි. දූවරුන් වන ඔබට සෑහෙන වගකීමක් තිබෙනවා. ඔබගේ විශාල සමූහයක් සිටිය යුතුයි. ඔබ එකඟතාවක් ඇති කර ගත යුතුයි. ශිව ශක්තීන් වන අපි භාරත මාතාවන් වෙමු. මීට ඉහත කල්පයේදීත් අපි ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් භාරතය දිව්‍ය ලෝකයක් බවට පත් කළෙමු. මව්වරුන් ඉතාමත් දක්‍ෂ විය යුතුයි. මේ දිනවල ඔබගේ සමගාමිකයන් (අනෙක් කාන්තාවන්) විෂ නිසා බොහෝ සෙයින් බැට කෑම් වලට ලක් වෙනවා. එමනිසා, ඔවුන්ට සහාය වීම සඳහා ඔබ හඬක් නැගිය යුතුයි. ආණ්ඩුවට කියන්න: අප පාරිශුද්ධත්වයේ බලයෙන් සෑම චක්‍රයකදීම භාරතය දිව්‍ය ලෝකයක් බවට පත් කරවනවා. නමුත් ඔවුන් මේ සඳහා බාධා කරනවා. අපට පාරිශුද්ධත්වයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍යයි. ඔවුන් මෙන්ම, සමහර මිනිසුන්ද ඇත්තෙන්ම පාරිශුද්ධත්වය ඉතා හොඳයි කියා කියනවා. මිනිස්සු උපත් පාලන පෙති ගන්නවා. කොහොමනමුත්, එමඟින් කිසිවක් සිදු වන්නේ නැහැ. පියා විස්තර කරනවා: පාරිශුද්ධත්වයට පත් වන්න. සහෝදරයිනුත් මව්වරුන් වන ඔබගේ සහකරුවන්, දූවරුන් වන ඔබත් ඉතාමත් සැළකිලිමත් විය යුතුයි. ඔබ තම බැබළීම පෙන්නුම් කළයුතුයි. ආණ්ඩුවට කියන්න: පරමාත්ම දෙවියන්, පරම පියා කියනවා: පාරිශුද්ධත්වයට පත් වන්න. සෑම කෙනෙක්ම ශිව බාබාගේ දරුවන්. එමනිසා, ඒ සෑම කෙනෙක්ම සහෝදරයන්. ඒ වගේම ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වීම හේතුවෙන්, අප සහෝදර සහෝදරියන් බවට පත් වනවා. ඒ නව ලෝකය දැන් ස්ථාපනය වෙමින් පැවතෙනවා. ශිව බාබාගේ දරුවන්, ප්‍රජාපිතා බ්‍රහ්මාගේත් දරුවන් වෙනවා. ඔවුන් සහෝදර සහෝදරියන්. ඔවුන් එකිනෙකා අතර විෂ හුවමාරු කරගත නොහැකියි. මෙය උපක්‍රමයක්. මීට ඉහත කල්පයේදීත් පරම පියා විසින් මෙලෙසින්ම ඔබව පාරිශුද්ධත්වයට පත් කරනු ලැබුවා. අප දැන් මායා, රාවණ්ව පරාජය කරනවා. මේ රාවණ්, භාරතයේ දැඩි සතුරෙකි. ඔබ රාවණ්ට පැරදුණු හෙයින් සියලු දෙයින් පැරදුණා. රාමා පැමිණ ඔබට රාවණ් පරාජය කර ජය ගැනීමට පොළඹවනවා. කොහොමනමුත්, දැන් පවා, සමහරුන් තම ස්වාමිපුරුෂයා ආදී ලෙස නොයෙකුත් බැඳීම් තිබෙනවා. ඒ ගැන අහන්නවත් එපා. මව්වරුන් වන ඔබ දැන් පුණ්කළස ලබා සිටිනවා. තමා දැන් දිව්‍ය ලෝකය වෙත වූ දොරටු විවෘත කරනවා යන්න ගැන ඔබට දැන් වැටහෙනවා. ඔවුන් පුණ්කළසක්ද සහිතව ලක්‍ෂ්මිව පෙන්නුම් කරනවා. කොහොමනමුත්, ලක්ෂ්මි පිරිසිඳුයි. ඥානයේ පුණ්කළසත් සමඟ ඇය මොනවා කරන්නද? ඥානයේ පුණ්කළස තිබෙන්නේ ජගත් මාතාව ළඟයි. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය විසින් දැන් අණක් පණවනවා: රාගය ඔබගේ ලොකුම සතුරායි. එය පරාජය කර දමනා අය උසස් බවට පත් වී දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් වනු ඇත. දරුවන්, ඔබ එකිනෙකා අතර දැඩි සෙනෙහසින් යුතුව ජීවත් විය යුතුයි. මෙය හරියට බ්‍රහ්ම කුමරුන් හා කුමරියන්ගේ හමුදාව වැනියි. කවුරු කොතන ඉන්නවා දැයි කිසිම කෙනෙක් දන්නේ නැහැ. සෑම මධ්‍යස්ථානයකම සිටින සෑම දරුවෙක්ටම මෙහි පැමිණීමට ආරාධනා කළ නොහැකියි. මව්වරුන්ට සෑහෙන බන්ධන තිබෙනවා. ඔවුන් තම දරුවන්වත් රැකබලා ගත යුතුයි. නැත්නම් මිනිස්සු ඒවා වාර්තා කරනවා. නමුත්, ඇත්තෙන්ම පුරුෂයා ගිය විට ගෙදර බලා ගන්නේ කවුද? ඒ මිනිස්සු හතා යෝගා උගන්වන බවත් අප රාජයෝගා උගන්වන බවත් ඔබ ඔවුන්ට පෙන්නුම් කර දිය යුතුයි. මේ නිසා තමයි අප විමුක්තිය ලද යුතු වන්නේ. බාබා ඔබට කියා තිබෙනවා: ගණිකාවන්ටත් ඒ ජරා ව්‍යාපාරය අතහැර දැමීමට උපදෙස් දී විස්තර කරන්න. ඔවුන්ට දිව්‍ය ලෝකයේ දොරටු බවට පත් වන්නැයි කියන්න. ඔබ මෙම කාර්යය ඉටුකළහොත්, ඔබගේ නාමය බොහෝ සෙයින් පැතිර යනු ඇත. ඒ වගේම ඔබ ඔවුන්ට ප්‍රයෝජනවත් අයෙක් විය යුතුයි. කරුණාබරින් පිරි යුගය මෙම සංගම් යුගයයි. පාරිශුද්ධත්වය වෙනුවෙන් ඔබ බොහෝ සෙයින් කන්නලව් කළ යුතු වෙනවා. මේ ගණිකාවන් කෙරෙහි අනුකම්පා කරන්න. ආණ්ඩුවත් දැන් ඔවුන්ව යම් කිසි රැකියාවක නියුතු කරනවා. ඔබ කොතරම් හොඳින් මෙය විස්තර කළ යුතුද කියතොත්, පත්තර වල පවා, රාගය ලොකුම සතුරා වන නිසා, බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් ගණිකාවන්ව පවා ඔවුන්ගේ ඒ ජරා ව්‍යාපාරයෙන් ගොඩගෙන විමුක්තිය ලබා දීම සඳහා ඥානය දෙන බව පළවන තරමට ශක්තිමත් විය යුතුයි. රාගය නිසා ඔබ කිලිටි වනවා. අපිරිසිඳු වනවා. මෙම ලෝකය දූෂිත වූවකි. පරම පියා පැමිණ මව්වරුන්ව අභිවෘද්ධියට ලක් කරනවා. සහකරුවන් බවට පත්වීම සහෝදරයින්ගේ කාර්යයි. උත්සාහ දරනා අය උසස් තත්ත්වයක් ලබනු ඇත. ඔබගේ සමගාමිකයන් කෙරෙහි ඔබ අනුකම්පා කළ යුතුයි. මෙම ලෝකය හැඳින්වෙන්නේ ගණිකා මඩමක් ලෙසයි. පියා පැමිණ එය ශිව කෝවිලක් බවට පත් කරවනවා. ඇත්තෙන්ම මේ සියල්ලක්ම ඤානය පිළිබඳ වූ කරුණු. පරම පියා මේ මනුෂ්‍ය ශරීරය තුළට ඇතුළු වී මෙම ඥානය ඔබට ලබා දෙනවා. ඔබ දැන් සොහොන් පිටියක සිට සුරදූතිකාවන් වසනා දේශයකට පැමිණියා වැනි වූ වෙනසක් ඇති කරගෙන තිබෙනා බව ඔබ දන්නවා. ඥානයේ ගංගාව මෙයයි. ඔබ දිගින් දිගටම ඥානයේ කිමිදෙනවා. නමුත් මෙහි ජලය පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඔවුන් වන්දනා ගමන් යන විට සෑහෙන උත්සාහයක් දරනවා. කදමළු ඔසවාගෙන පයින් ගමන් කිරීම සෑහෙන වෙහෙසකරයි. බාබා දැන් මනුෂ්‍ය ශරීරයක් තුළට පැමිණ ඔබව ඥානයෙන් නහවනා බව ඔබට දැන් වැටහෙනවා. කොහොමනමුත්, සුරදූතිකාවන් මෙහි නැහැ. බාබා තමයි ඔබව ඥානයේ සුරදූතිකාවන් බවට පත් කරවන්නේ. මේවා ඔබ විසින් ධාරණය කරගත යුතු ඉතාමත් හොඳ කරුණු. දූවරුන් වන ඔබ සැළකිලිමත් වුවහොත්, ඔබට හොඳ වැඩ කොටසක් කරන්න පුළුවන්. මව්වරුන් යා යුතුමයි. ගිහින් ඔවුන්ට කියන්න: ගණිකාවන් ඉන්නේ කොහේද? ඔවුන්ගේ කණ්ඩායමක් හදන්න. ඔවුන්ගේ ජ්‍යේෂ්ඨයින්ට විස්තර කර දෙන්න. කොහොමනමුත්, ඔවුන්ට ගිහින් දිගින් දිගටම වෙන කිසිවක් නොව බාබා පමණයි මගේකියා කියන්න යන්න එපා. නමුත් ඇතුලාන්තයෙන් කවුරු හෝ නොකඩවා ඔබව ඒ වෙත ඇදිය යුතුයි. එසේ කළත් බැහැ. පියාගේ නියම දරුවෙක් බවට පත් වන්න. ඔබගේ ඒ මුහුණේ තිබුණු උද්‍යෝගය කොහේද? ඔබ යන්නේ ඒ අසීමිත වූ පියා හමුවීමටයි. ඉතින් ඔබ දැඩි සතුටකින් යුතුව ඔහු හමුවීමට දිව ආ යුතුයි. මා ගිහින් බාබාගේ ගෙලෙහි මල්දමක් වන්නම්.වෙහෙසට පත් වන්න එපා. ඔබගේ ස්මරණය තරගයකි. ඒවා භෞතික තරග. මෙය ඔබගේ ආධ්‍යාත්මික තරගයි. ඔබගේ මුහුණ සතුටින් ඉපිලී යා යුතුයි. භාර්යාවකගේ ස්වාමි පුරුෂයෙක් නැති වී සිට හමු වූ කල ඇය නැවතත් ඔහුව හමුවීමට නොඉවසිලිමත් ව වීථි දිගේ යනවා. සියලු ස්වාමිපුරුෂයන්ගේ අසීමිත වූ ස්වාමිපුරුෂයා මොහුයි. ඔබ කුමකට බිය වන්නද? ඔබ ඒ දිව්‍ය ලෝකයේ උරුමය ලබා ගන්නා වූ තැනැත්තා සොයාගෙන වේගයෙන් දිව ආ යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

1.       පියාගේ නියම දරුවෙක් බවට පත් වන්න. ඇතුළාන්තයෙන් යම් දෙයකුත් පිටස්තරින් තවත් දෙයකුත් නොතබා ගැනීමට සැළකිලිමත් වන්න. ස්මරණය නම් වූ ආධ්‍යාත්මික තරඟයෙහි ඉදිරියටම දිව යන්න. ඉතාමත් උද්‍යෝගිමත් සතුටින් යුතු අයෙක් බවට පත් වන්න.

2.       එකිනෙකා අතර දැඩි සෙනෙහසින් යුතුව ජීවත් වන්න. ශිව ශක්ති හමුදාවෙහි කණ්ඩායමක් සූදානම් කර ඔබගේ සමගාමීකයන්ව ආරක්‍ෂා කර ගන්න. පාරිශුද්ධත්වයට පත් වීමටත් අන් අයව පාරිශුද්ධත්වයට පත් කර වීමටත් ක්‍රම සොයා ගන්න.

වරදානය:

ඔබේ සතුටුදායක තත්ත්වය ඔබේ උසස් අවධානයෙන් නිර්මාණය කර ඔබ සතුටේ ප්‍රතිරුවක් වන්න.
ඔබේ තත්ත්වයේ පදනම ඔබේ අවධානය වේ. සරළව ඔබ අවධානයේ ප්‍රතිරුවක් විය යුතුයි. ඔබේ අවධානය කෙසේද, ඔබේ තත්ත්වයත් එසේම වේවි. සතුටින් සිටින අවධානය පවත්වාගත් විට ඔබේ තත්ත්වය සතුටුදායක එකක් වේවි. ඔබට දුකේ අවධානයක් නම් තිබෙන්නේ එවිට ඔබේ තත්ත්වය දුක්මුසු එකක් වේවි. ලොවෙහි දුක අධික වෙමින් තිබේ. සියල්ලම එහි සීමාන්තිකයට යාමට ඇත. එහෙත් සතුටු සාගරයේ දරුවන් වූ ඔබ සදා සතුටින් සහ දුකෙන් නොබැඳිව සතුටේ ප්‍රතිරුවක් වී සිටිනවා ඇත. එබැවින් කුමක් සිදුවුවත් කම් නැත. ඔබ සදා ප්‍රීතියෙන් සිටීවි.

පාඨය:

කාලය නම් සම්පත අපතේ යාමෙන් සුරැකීම යනු දැඩි උත්සාහ දරන්න‍නෙකුගේ ලක්ෂණය වේ.

*** ඕම් ශාන්ති ***

මාතේෂ්වරීජි ගේ අමිල වූ උසස් වදන්:

පරමාත්ම දෙවියන් විසින් භාරතයේ පුරාතන යෝගාව උගන්වන ලදී.

අපගේ දේවමය යෝගාව භාරතයෙහි පුරාතන යෝගාව වශයෙන් ඉතා ප්‍රසිද්ධයි. මෙම යෝගාවට අනාදිමත් (සනාතන) යෝගාව කියා කියන්නේ ඇයි? මන්ද, එය උගන්වන්නේ සනාතන පරම්පිතා පරමාත්මය විසිනි. වෙනත් මනුෂ්‍ය ජීවාත්මයන් ද යෝගා උගන්වන අතර යෝගා ආශ්‍රමයන් විවෘත කළා වුවත්, ඔවුන්ට මේ පුරාතත යෝගාව ඉගැන්විය නොහැකියි. එවන් යෝගාවක් ඔවුන් ඉගැන්වුයේ නම් එවිට එම බලය කොහිද? භාරතය දිනෙන් දින දුර්වල වෙමින් ඇත. මෙයින් එම යෝගාව සනාතන යෝගාව නොවන බව පෙනී යනවා. ඔබ කවුරු සමඟ යෝග (සම්බන්ධ) විය යුතුද ඔහුට පමණයි ඔබට උගැන්විය හැක්කේ. ඔබ වෙනත් අය සමඟ යෝග වීමට උවමනා නොවේ. එසේ නම්, ඔවුන් ඔබට කෙසේ උගන්වන්න ද? පරමාත්ම දෙවියන්ට පමණක් මෙම කාර්යය කළ හැකි අතර ඔහුට පමණයි අප හා මෙම රහස් පැවසිය හැක්කේ. මිනිසුන් සෑම තැන්වලම කියනවා ඔවුන් යෝගා උගන්වනවා කියා. එසේ වුවත් අප දන්නවා මෙම සත්‍ය යෝගාව අපට උගැන්විය හැක්කේත් එසේම සූර්ය වංශ, චන්ද්‍ර වංශ දේවතා රාජ්‍යයක් ස්ථාපනය කළ හැක්කේත් පරමාත්ම දෙවියන්ට පමණක් බව. සෑම චක්‍රයේම පැමිණ අපට මෙම පුරාතන රාජයෝගාව උගන්වන්නේ පරමාත්ම දෙවියන්මය. ඔබ ජීවාත්මයන් අඛණ්ඩව පරමාත්මය සමඟ යෝගා කළ යුතුය. එවිට ඔබේ පාපයන් විනාශ වී යනවා ඇත. අච්චා.

 Download PDF

Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala

Post a Comment

0 Comments