Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala
21-07-2022 උදෑසන
මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
Listen to the Murli audio file
සාරය:
සුමිහිරි දරුවනි, සැම
විටම සතුටින් ඉන්න. එවිට දිව්‍යලෝකය නම් වූ අධිකාරීත්වය පිළිබඳ කුල්මත්භාවය ඔබට
කිසිම විටෙක අමතක කළ නොහැකි වනු අeත.
ප්‍රශ්නය:
පියා විසින් රෝපණය කෙරෙනු ලැබෙන
ආශ්චර්යමත් පැළෑටිය කුමක්ද?
පිළිතුර:
අපිරිසිඳු මනුෂ්‍යයින් පිරිසිඳු දේවතාවන්
බවට පත් කරන්නා වූ ආශ්චර්යමත් පැළෑටිය රෝපණය කරන්නේ පරම පියාම පමණයි. අතුරුදන්ව
ගිය ධර්මයක් නැවත ස්ථාපනය කිරීම පුදුමයකි.
ප්‍රශ්නය:
පරම පියාගේ දිව්‍යමය වූ ක්‍රියා මොනවාද?
පිළිතුර:
පරම පියාගේ දිව්‍යමය වූ ක්‍රියා වන්නේ
බෙලි කටු තරම්වත් නොවටිනා ලෙස සිටි දරුවන් දියමන්ති බවට පත් කිරීමයි. ක්‍රිෂ්ණාගේ
දිව්‍යමය ක්‍රියා කියා දෙයක් නැහැ; ඔහු පුංචි දරුවෙක් පමණයි.
ගීතය: ඔහෝ, රාත්‍රී
සංචාරකය,
වෙහෙසට
පත් නොවන්න! අරුණෝදයේ සන්ධිස්ථානය තවත් ඈතක නොවේ...
ඕම් ශාන්ති. සුමිහිරි දරුවනි, ඔබ දන්නවා මෙම ගීතය පබැඳුණේ
මෙහිදී නොවන බව. ඔබ මෙම ගීතය අසන විට, ඇත්තෙන්ම බාබා අපව අපේ අතින් අල්ලාගෙන නැවතත්
ඔහුත් සමඟ අපව ගෙදර ගෙන යන අයුරු ඔබට හැඟෙන්නට පටන් ගන්නවා. උදාහරණයක් ලෙස, පුංචි දරුවන්, තමා කාගේ හෝ අතකින් අල්ලා
නොගතහොත්, තමා
වැටේවියි කියා සිතනවා වගෙයි. දැන් මෙහි තිබෙන්නේ අන්ත අඳුරක් බව ඔබ දැන් දන්නවා.
ඔබ දිගින් දිගටම සෑම තැනකම රස්තියාදු වෙමින් සිටියා. ඒ දිව්‍යලෝකය, සත්‍යයේ දේශය ස්ථාපනය කරනු
ලබන්නේ බාබාම පමණක් බව ඔබ බුද්ධිය තුළ තිබෙනවා. උසස්ම වූ තැනැත්තා වන්නේ ඒ සත්‍ය
වූ බාබා වන අතර අන් අයගේ බුද්ධිය තුළත් මෙම විශ්වාසය වර්ධනය කරලීම උදෙසා ඔබ ඔහුගේ
ප්‍රශංසනීයත්වය ගැන අන් අයට පැවසිය යුතුයි. දිව්‍යලෝකය ස්ථාපනය කරන්නා වන්නේ පරම
පියායි. එනම්, ඔහු දිව්‍යලෝක
දෙවියන්, පරම
පියාය. දරුවන් වන ඔබට උගන්වන්නේ ඔහුයි. දිව්‍යලෝක දෙවියන්, පරම පියා යනු දිව්‍යලෝකය ස්ථාපනය
කරනු ලබන්නාය. ඇත්තෙන්ම ඔහු දිව්‍යලෝකය ස්ථාපනය කරනා අතර දිව්‍යලෝකයේ පාලකයා වනුයේ
ශ්‍රී ක්‍රිෂ්ණාය. ඔහු දිව්‍යලෝකය නිර්මාණය කරන්නා වන අතර මොහු දිව්‍යලෝකයේ රාජ
කුමාරයායි. නිර්මාණකරුවා වන්නේ ඒ එකම එක බාබා පමණයි. ඔබ දැන් දිව්‍යලෝක කුමාරයන්
බවට පත් වීමටයි ඉන්නේ. එහි ඉන්නේ එක් කුමරෙක් පමණක් නොවේ. එක් වංශයක අට දෙනෙක්
ඉන්නවා. තමා දැන් බාබාගෙන් තම උරුමය ලබා ගන්නවා යන විශ්වාසයත් ඔබ තුළ තිබෙනවා.
දිව්‍යලෝකයේ නිර්මාණකරුවා වන්නේ බාබායි. ඒ බාබාගෙන් අප සෑම චක්‍රයකදීම අපගේ උරුමය
හිමිකර ගන්නවා. අපි සම්පූර්ණ උපත් 84ම ලබනවා. කල්ප බාගයක් යන තුරු සතුටත් කල්ප
බාගයක් යනතුරු දුකත් තිබෙනවා. කල්ප බාගයක් යන තුරු රාමාගේ රාජ්‍යය තිබෙන අතර අනෙක්
කල්ප බාගයේ දී තිබෙන්නේ රාවණ්ගේ රාජ්‍යයයි. අප දැන් නැවතත් ශ්‍රීමත් අනුගමනය කරනා
අතර දිව්‍යලෝකයේ පාලකයන් බවටද පත් වෙනවා. මෙය අමතක කර දැමිය නොයුතු දෙයකි.
ඇතුලාන්තයෙන් ඔබ තුළ දැඩි විශ්වාසයක් තිබිය යුතුයි. ජීවාත්මය ඇතුලාන්තයෙන් සතුටට
පත් වෙනවා. ජීවාත්මයක සතුට හෝ දුක එම මුහුණින් දිස්වෙනවා. දේවතාවන්ගේ මුහුණු
ඉතාමත් උද්‍යෝගිමත්. ඔවුන් දිව්‍යලෝකයේ පාලකයන් වූ බව ඔබ දන්නවා. බාබා ළඟ මෙය
විස්තර කර දීම සඳහා බෝඩ් තියෙනවා. දිව්‍යලෝක දෙවියන්, පරම පියා,පිළිබඳ වූ ප්‍රශංසනීයත්වය, දිව්‍යලෝක කුමරාගේ ප්‍රශංසනීයත්වයට
වඩා වෙනස් වූවකි. ඔහු නිර්මාණකරුවා වන අතර මොහු නිර්මාණයයි. දරුවන් වන ඔබට විස්තර
කරදීම උදෙසා, පියා
ඥානාන්විතව ලියනවා. එවිට මිනිසුන්ට ඉතා පැහැදිලි ලෙස තේරුම් ගතහැකි වනවා. උත්තරීතර
පියා, උත්තරීතර
ජීවාත්මය ලෙස හැඳින්වෙන තැනැත්තා, පාරිශුද්ධකරුවාය. අසීමිත වූ නිර්මාණකරුවා
වන්නේ ඔහුයි. ඔහු අනිවාර්යෙන්ම දිව්‍යලෝකය නිර්මාණය කරනවා. මිනිස්සු සත්යුග හා
රිදී යුග දිව්‍යලෝකය ලෙස හඳුන්වනවා. දිව්‍යලෝකය හා අපාය යන දෙකම කල්ප බාගය ගණනේ
පැවතෙනවා. ඇත්තෙන්ම ලෝකය තිබෙන්නේ බාගෙට බාගයක් වශයෙනි: නව හා පැරණි වශයෙන්. ගසක්
පීදෙන කාලය මේ යැයි පැවසිය නොහැකියි. නමුත්, මෙම ගස පීදෙන කාල පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම
දෛවෝපගත වූවකි. මේ මනුෂ්‍ය ලෝක වෘක්‍ෂයෙහි කාල පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම නිවැරදි
වූවකි. වෙන කිසිවකට එය එසේ නොවේ. එහි එක් තත්ත්පරයක හෝ වෙනසක් තිබිය නොහැකියි. එය
නානාප්‍රකාර වූ ගසකි. මෙය නිවැරදි දෛවෝපගත වූ නාට්‍යයකි. මෙම නාටකය කොටස් හතරකට
බෙදී තිබෙනවා. ජගත්නාත් පූරිහි ඔවුන් කොටස් හතරකට බෙදන ලද බත් හැලියක් පිසිනවා.
මෙම ලෝකයත් කොටස් හතරකට බෙදුණකි. මෙහි එක් තත්ත්පරයක හෝ අඩුවීමක්වත් තිබිය
නොහැකියි. පරම පියා මීට අවුරුදු 5000 කට ප්‍රථම ද මෙය විස්තර කළ බව ඔබ දන්නවා.
ඔහු ඒ අයුරින් ම දැනුදු එය විස්තර කරනවා. අවුරුදු 5000 න් පසු, ඒ දිව්‍යලෝකය ස්ථාපනය කරන්නා වූ දිව්‍යලෝක
දෙවියන්, පරම පියා, නැවතත් වතාවක් ඒ දිව්‍යලෝක
අධිකාරීත්වය ලබා ගැනීම උදෙසා ඔබව සුදුස්සන් බවට පත් කරවනවා යන විශ්වාසය ඔබ තුළ
තිබෙනවා. බාබා ඔබව වටිනා තත්ත්වයට පත් කරවනා අතර රාවණ් ඔබව නොවටිනා තත්ත්වයට පත්
කරවනවා. මේ නිසා තමයි, භාරතය
දැන් බෙලි කටුවක් තරම් හෝ නොවටිනා තත්ත්වයට පත්ව තිබෙන්නේ. භාරතය දියමන්තියක් වැනි
තත්ත්වයට පත් වන අයුරින් බාබා අපව වටිනා දරුවන් බවට පත් කරනවා. කෙසේවෙතත්, ඔබ තම තත්ත්වය ලබන්නේ
අනුපිළිවෙලක් ඇතිවය. සෑම කෙනෙක්ටම තම තමන්ගේ කර්ම ගෙවීමට හෝ තම තමන්ගේ කර්ම බන්ධන
හෝ තිබෙනවා. සමහරු මෙසේ අහනවා: බාබා, මා උරුමක්කරුවෙක් වෙයිද, පුරවැසියෙක් වෙයිද? බාබා කියනවා: ඔබගේ කර්ම බන්ධන
දෙස බලන්න. සුකර්ම, විකර්ම හා
අකර්ම පිළිබඳ වූ කර්ම න්‍යාය ඔබට විස්තර කර දෙන්නේ පරම පියා පමණයි. බාබා සැම විටම
කියනවා: ඔබ සඳහාම පෞද්ගලික ලෙස උපදෙස් ලබා ගන්න. ඔබට ඇත්තේ කුමනාකාරයේ කර්ම බන්ධන
ද යන වගත් ඔබට ලැබිය හැකි තත්ත්වය පිළිබඳවත් බාබා ඔබට කියයි. සම්පූර්ණ රාජ්‍යය
නිර්මාණය වෙමින් පවතිනවා. රාජ්‍යයක් නිර්මාණය කරනු ලබන්නේ ඒ එකම එක පියා පමණයි.
අනෙක් සෑම කෙනෙක්ම ස්ථාපනය කරන්නේ තම තමන්ගේ ධර්මය පමණයි. සත් යුගයේ තිබුණේ, ලක්‍ෂ්මි හා නාරායනගේ රාජ්‍යයයි.
එය ඔවුන්ගේ තිළිණයයි. ඉතින් එය පවා ලැබෙන්නේ අනුපිළිවෙලක් අනුවයි. ඔවුන් තම තිළිණය
නිර්මාණය කරගන්නේ කෙසේද? ඔබ දැන්
එය දකිනවා. පරම පියා කියනවා: මා සෑම චක්‍රයකදීම සංගම් යුගයේ දී මෙහි පැමිණෙනවා.
චක්‍රයේ සංගම් (හමුවීම්) බොහොමයක් තිබෙනවා. ඒ වගේම තව ඉදිරියට එය වැඩි වනවා.
ඒවායෙහි අවසානයක් නොමැත. අපිරිසිඳු රාජ්‍යය විනාශ වීමටත් නිර්මල රාජ්‍යය
බිහිවීමටත් තිබෙන සංගමයේ දී ඒ පාරිශුද්ධකරුවා වූ පියා පැමිණෙන බව ඔබ බුද්ධිය පවා
පවසනවා. ප්‍රශංසනීයත්වයක් තිබෙන්නේ මෙම සංගම යුගය පිළිබඳව පමණයි. සත් යුග හා රිදී
යුග දෙක අතර තිබෙනා සංගමයේදී කිසිම දෙයක් සිදු වන්නේ නැහැ. එහිදී සිදුවන්නේ රාජ්‍ය
මාරුවක් පමණයි. ලක්‍ෂ්මි හා නාරායනගේ රාජ්‍යය රාමා හා සීතාගේ රාජ්‍යය බවට පත්
වෙනවා. කොහොමනමුත්, මෙහි
සෑහෙන කරදර තිබෙනවා. පියා කියනවා: මේ සම්පූර්ණ අපිරිසිඳු ලෝකය විනාශ වීමටයි
තිබෙන්නේ. සෑම කෙනෙක්ම නිවස වෙත යා යුතුයි. බාබා කියනවා: මා සැමගේම මාර්ගෝපදේශකයා
බවට පත් වෙනවා. මා ඔවුන්ව දුකින් මුදවාගෙන සදාකල් සතුටේ දේශය හා සාමයේ දේශය වෙත
ගෙන යනවා. ඔබ සතුටේ දේශය වෙත යන බවත් අනෙක් සෑම කෙනෙක්ම සාමයේ දේශය වෙත යන බවත් ඔබ
දන්නවා. මේ දිනවල මිනිස්සු අහනවා: අපගේ මනසේ සාමය ඇති කරගන්නේ කොහොමද? ඔවුන් කිසිම විටෙක මෙසේ කියන්නේ
නැහැ: අපට සතුටින් සිටිය හැක්කේ කොහොමද? ඔවුන් ඉල්ලන්නේ සාමය පමණයි. සෑම කෙනෙක්ම සාමය
වෙත යාමට සිටිනා අතර පසුව ඔවුන් තම තමන්ගේ ආගම වෙත එනවා. ආගම් වර්ධනය විය යුතුමයි.
කල්ප බාගයක් යන තුරු සූර්ය හා චන්ද්‍ර වංශ රාජ්‍යයන් තිබෙනවා. පසුව අනෙක් සෑම
ආගමක්මත් පැමිණෙනවා. දැන්, ඒ ආදී
සනාතන දේවි දේවතා ධර්මයේ කිසිවෙක් මෙහි නැහැ. එම ධර්මයම අතුරුදන්ව යන අතර පසුව එහි
ස්ථාපනය සිදු වෙනවා. මෙම පැළෑටිය දැන් රෝපණය වෙමින් පවතිනවා. පරම පියා විසින් මෙම
පැළෑටිය රොපණය කරනු ලබනවා. මිනිස්සු පැළ තුනක් සිටුවනවා. මෙම පැළෑටිය ආශ්චර්යමත්
වූවකි. මෙම ඒකායන තැනැත්තා තමා දේවතා ධර්මයේ අයෙක් ලෙස හඳුන්වන්නේ නැහැ. පරම පියා
විස්තර කරනවා: මා මෙහි පැමිණෙන්නේ ලෝකයේ දැන් පවතින ආකාරයේ තත්ත්වයක් පැමිණි
විටයි. මා දැන් සෑම ආගමික ග්‍රන්ථයක්ම පිළිබඳ වූ රහස් ඔබට විස්තර කර දෙනවා. දැන්
නිවැරදි කවුද යන වග ඔබටම තීරණය කළ හැකියි. ඔබට වැරදි උපදෙස් දෙන්නා රාවණ් වේ. මේ
නිසා තමයි ඔහු අධර්මිෂ්ඨයෙක් ලෙස හඳුන්වන්නේ. පියා ධාර්මිෂ්ඨ වූවෙකි. ඒ සත්‍ය වු
බාබා ඔබට කියන්නේ සත්‍යය පමණයි. ඔහු ඔබට සත්‍යයේ දේශය සඳහා වූ සත්‍ය ඥානය ලබා
දෙනවා. සෑම වේදාවක්ම හා ආගමික ග්‍රන්ථයක්ම තිබෙන්නේ භක්ති මාර්ගය උදෙසායි. බොහෝ
මිනිස්සු ඒවා අධ්‍යයනය කරනවා. ගීතා පාඨශාලා හා වේදා පාඨශාලා සිය දහස් ගණනක්
තිබෙනවා. මිනිස්සු උපතක් උපතක් පාසා ඒවා අධ්‍යයනය කරමින් සිටියා. අවසානයේ මෙහි
යම්කිසි ඉලක්කයක් හා අරමුණක් තිබිය යුතුම වූවා. පාඨශාලාවක් (ඉගෙන ගන්නා තැනක්)
සඳහා ඉලක්කයක් හා අරමුණක් තිබිය යුතුමයි. ඔබ ඉගෙන ගන්නේ ඔබගේ ජීවිතය ගෙනයාම
සඳහායි. ඔබට ඉලක්කයක් හා අරමුණක් තිබෙනවා. ඔවුන් ඉගෙන ගන්නා සෑම දෙයක්මත්, අනෙක් අයට ආගමික ග්‍රන්ථ ගැන
දේශනා කරන්නේත් එමඟින් තම ජීවිතය ගෙන යාම උදෙසායි. කොහොමනමුත්,ඔවුන් මුක්තිය හෝ ජීවන මුක්තිය
ලැබීමක් හෝ දෙවියන් සොයා ගන්නවා කියා දෙයක් හෝ ඇත්තේ නැහැ. මිනිස්සු භක්තියෙහි
යෙදෙන්නේ දෙවියන් මුණ ගැසීම සඳහාය. භක්ති මාර්ගයේ ඔවුන් යම්කිසි දර්ශනයක් දුටු විට, තමා දෙවියන් සොයාගත්තා යැයි සිතා
ඔවුන් එමඟින් සතුටට පත් වෙනවා. කොහොමනමුත්,ඔවුන් පරමාත්ම දෙවියන් ගැන දන්නේ නැහැ.
දෙවියන් ගනේෂ් හෝ හනුමන් තුළ ඉන්නවා කියා ඔවුන් විශ්වාස කරනවා. ඔවුන්ගේ බුද්ධිය
තුළ තිබෙන්නේ දෙවියන් සෑම තැනකම ඉන්නවා යන අදහසයි. බාබා විස්තර කර තිබෙනවා:
මිනිස්සු කවුරු හෝ වන්දනා කරමින් කුමනාකාරයේ භක්තියක යෙදුණා වුවත්,ඔවුන්ගේ ආශාව ඉෂ්ඨ කිරීම උදෙසා
මා ඔවුන්ට යම් දර්ශනයක් ලබා දෙනවා. ඉතින්, ඔවුන් තමා දෙවියන් සොයා ගත්තා යැයි සිතා ඉන්
සතුටට පත් වෙනවා. භක්තිවන්තයින්ගේ මාලය දැනුමේ මාලයට වඩා වෙනස් වූවකි. මෙය රුද්‍රාගේ
මාලය ලෙස හැඳින්වෙන අතර එය හැඳින්වෙන්නේ භක්තිවන්තයින්ගේ මාලය ලෙසයි. බොහෝ සෙයින්
ඥානය ලබාගත් අයගේ මල්දාමයක් තිබෙන්නා සේ, එය බොහෝ සෙයින් භක්තියෙහි යෙදුණු මල් දාමය ද
වෙනවා. ඔවුන් එම භක්ති සංස්කාර ගෙන යන නිසා, ඔවුන් යොමු වන්නේ භක්ති මාර්ගයටයි. එක් උපතක්
පුරා මෙම සංස්කාර ඔවුන් තුළ පවතිනවා. ඔවුන්ගේ ඊළඟ උපතේදීත් ඔවුන් තුළ එම සංස්කාරම
ඇත්තේ නැහැ. ඔබගේ මෙම සංස්කාර අවිනාශී වූ සංස්කාර බවට පත් වෙනවා. ඔබ මෙකල ගෙන යන
ඕනෑම සංස්කාරයක් අනුව, ඔබ
රජවරුන් හා රැජිණියන් බවට පත් වෙනවා. පසුව ඔබගේ කලා කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. ඔබ
දැන් ඉන්නේ මධ්‍යයේයි. ඔබගේ බුද්ධිය යොමුවන්නේ ඒ වෙතයි. අප මෙහි අසුන්ගෙන සිටියා
වුවත්, අපගේ යෝගා
සම්බන්ධය තිබෙන්නේ ඒ වෙතයි. ජීවාත්ම වන ඔබ දැන් නැවත නිවස වෙත යන බව ඔබ දන්නවා. ඔබ
බාබා සිහිපත් කරනවා. ජීවාත්ම වන අප මෙලොවින් ඔබ්බට යනවා. අපි මේ පැත්තේ ශරීර
අත්හරිනවා. මේ පැත්තේ අපගේ පරණ ශරීරය තිබෙනා අතර අනෙක් පැත්තෙහි තිබෙන්නේ අපගේ
අලංකාර ශරීරයයි. මෙය හුසේන්ගේ වාහනයයි. හුසේන් අමරණීයත්වයේ පිළිරුව ලෙසත්
හඳුන්වනවා. මෙය ඔහුගේ සිහසුන ලෙසත් හඳුන්වනවා. ජීවාත්මය අමරණීයයි. ජීවාත්මය
ස්වර්ණමය හා රිදී යුග හරහා යා යුතුමයි. මෙහි නොයෙකුත් තත්ත්වයන් තිබෙනවා. උසස්ම
තැනැත්තා බාබායි. ඔහු මෙම තත්ත්ව පසුකර යන්නේ නැහැ. ජීවාත්මය තමයි මෙම තත්ත්වයන්
පසුකරමින් යන්නේ. ස්වර්ණමය යුගයේ සිටිනා අය පසුව රිදී යුගයට යා යුතුයි. ඔබව දැන්
කලි යුගයෙන් ස්වර්ණමය යුගයට ගෙන යැවෙනවා. ඔහු නොකඩවාම තමාව ඔබට හඳුන්වා දෙනවා.
ඔහුව හඳුන්වන්නේ දිව්‍යලෝක දෙවියන්, පරම පියා ලෙසයි. ඔහුගේ උපත අසහායයි. දිව්‍යමයයි.
ඔහු තමා විසින්ම තමා මොහු තුළට ඇතුළු වන්නේ කෙසේද යන්න ගැන විස්තර කරනවා. මෙය
උපතක් ගැනීමක් ලෙස හැඳින්විය නොහැකියි. කාලය පැමිණි විට පරමාත්ම දෙවියන්ට නිර්මාණය
සිදුකරලීමට සිතිවිල්ල එනවා. නාටකයේ ඔහුට මෙම චරිත කොටස ඉටු කිරීමට තිබෙනවා.
උත්තරීතර පියා, උත්තරීතර
ජීවාත්මයත් නාටකයට බැඳුණු කෙනෙකි. මගේ චරිත කොටස වන්නේ භක්තියේ ඵලය ලබා දීමයි.
උත්තරීතර පියා, උත්තරීතර
ජීවාත්මය හඳුන්වන්නේ සතුට ලබා දෙන්නා ලෙසයි. ඔහු ඉතා හොඳ ක්‍රියාවක් කරන අතර ඔබ
තාවකාලික කාලයක් උදෙසා එහි ඵලය ලැබ ගන්නවා. ඔබ තමයි උසස්ම කර්යය ඉටු කරන්නේ. ඔබ
සෑම කෙනෙක්ටම පියාව හඳුන්වා දෙනවා. බලන්න, දැන් රාඛී උත්සවයත් ළඟයි, ඉතින් එය ඔබට විස්තර කර දිය
යුතුයි: රාඛී යනු අපිරිසිඳු අය විසින් පාරිශුද්ධත්වයට පත් වීම උදෙසා දෙනු ලබන
පොරොන්දුවයි. රක්‍ෂා බන්ධන් තිබෙන්නේ අපිරිසිඳු අය පාරිශුද්ධත්වයට පත් කිරීමටයි.
පළමුවෙන්ම ඔබ ඒ පාරිශුද්ධකරුවා වූ පරම පියාව හඳුන්වා දිය යුතු වෙනවා. ඔහු පැමිණෙන
තුරු මිනිසුන්ට පාරිශුද්ධත්වයට පත් විය නොහැකියි. පාරිශුද්ධත්වය වෙනුවෙන්
පොරොන්දුවක් වීමට ඔබට කියන්නේ පරම පියාගේ පැමිණීමෙන් පමණයි. යම් අවස්ථාවකදී එය අනිවාර්යෙන්ම
සිදු වූ අතර, මේ නිසා
තමයි මෙම ක්‍රමය දිගින් දිගටම සිදු වී තිබෙන්නේත්. දැන්, බලන්න බ්‍රහ්ම කුමාරීන් හා
කුමරුන් රාඛී බැඳ ප්‍රායෝගික ලෙසම පාරිශුද්ධත්වය රකිනා අයුරු. එම රැහැණ, පටිය ආදී සියල්ලෙන්ම සංකේතවත්
වන්නේ පාරිශුද්ධත්වයයි. ඒ පාරිශුද්ධකරුවා වූ පරම පියා කියනවා: රාගය ඔබගේ ලොකුම
සතුරායි. දැන් ඔබ පාරිශුද්ධත්වය රකිනා බවට මට පොරොන්දු වන්න. ඔබ පටි බැඳිය යුතු
වන්නේ නැහැ. පරම පියා කියනවා: පොරොන්දුවක් දී පාප පහ මට දානය කරන්න. මීට අවුරුදු 5000 කට ප්‍රථමත් මෙම රාඛී බන්ධනය
සිදු වූවා. ඔබට පාරිශුද්ධත්වයට පත් වන්නැයි කියමින් ඒ පාරිශුද්ධකරුවා වූ පරම පියා
පැමිණ රැහැණක් ගැට ගැසුවා. මන්ද, ඒ පාරිශ්ද්ධත්වයේ ලෝකය ස්ථාපනය වෙමින් තිබුණු
නිසයි. දැන් එය අපායක් බවට පත් වෙලා. මා දැන් නැවතත් පැමිණ සිටිනවා. දැන් ශ්‍රීමත්
වලට අනුව මට පොරොන්දුවක් වී පියාව සිහිපත් කරන්න. එවිට ඔබ පාරිශුද්ධත්වයට පත් වනු
ඇත. දැන් අපිරිසිඳු වන්න එපා. ඔබටත් මෙසේ කියන්න පුළුවන්: බ්‍රහමින්වරුන් වන අප
ඔබගෙන් මෙම පොරොන්දුව ගැනීමට පැමිණ සිටින්නෙමු: මා මින්පසු අපිරිසිඳුභාවයට පත්
නොවන බවට පොරොන්දු වෙමි. කොහොමනමුත්,මෙසේ ලියූ බොහෝ දෙනා දැන් මෙය අත්හැර දමා
ගොස් තිබෙනවා. පාරිශුද්ධකරුවා වූ පරම පියා එන්නේ සංගම් යුගයේ දීයි. ඔහු පැමිණ බ්‍රහ්මා
මාර්ගයෙන් දරුවන් වන ඔබට උපදෙස් දෙනවා: පාරිශුද්ධත්වයට පත්වන්න. මෙහි සිටිනා සෑම
කෙනෙක්ම පොරොන්දුවක් දී තිබෙනවා. ඔබම තමා වෙනුවෙන් තීරණයක් ගත් විට පමණයි පියාගෙන්
උරුමයක් ලද හැකි වන්නේ. නිර්මළ බ්‍රහ්මින්වරුන් බවට පත් වන්න. එවිට ඔබ දේවතාවන්
බවට පත් වනු ඇත. බ්‍රහ්මින්වරුන් වන අප පොරොන්දුවක් දී තිබෙනවා. රක්‍ෂා බන්ධන් ක්‍රමය
ඇරඹුණේ කෙසේද යන්න පෙන්නුම් කර දීමට ඔබ ඇල්බමය පෙන්විය යුතුයි. මේ සංගම් යුගයේදී
අප දැන් පාරිශුද්ධත්වය වෙනුවෙන් පොරොන්දුවක් දෙන අතර පසුව උපත් 21 ක් පුරා පාරිශුද්ධත්වයෙන්
ඉන්නවා. පරම පියා දැන් කියනවා: නිරන්තරයෙන්ම මා පමණක් සිහිපත් කරන්න. ඔබ එවන් වූ
කරුණු ගෙන කලින්ම කතාවක් සූදානම් කරගත යුතුයි. මෙම ක්‍රමය ඇරඹුණේ කවදාද? එය අවුරුදු 5000 ක් පිළිබඳ වූ කරුණකි. ක්‍රිෂ්ණාගේ
උපන් දිනය ද අවුරුදු 5000 ක්
පිළිබඳ වූ කරුණකි. ක්‍රිෂ්ණාගේ දිව්‍යමය ක්‍රියා කියා දෙයක් නැහැ. ඔහු පුංචි
දරුවෙක් පමණයි. දිව්‍යමය ක්‍රියා තිබෙන්නේ, ඒ ඉතා දක්‍ෂ ලෙස බෙලි කටු වැනි කිසිම
වටිනාකමකින් නොයුතු වූ දරුවන් වන ඔබව දියමන්ති බවට පත් කළ එකම එක පියා තුළ පමණයි.
උසස්භාවය තිබෙන්නේ ඒ ඒකායන තැනැත්තා මතයි. වෙන කිසිම කෙනෙකුගේ උපන් දිනයක් සැමරීම
කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක්. ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයේ උපන් දිනය පමණක් සැමරිය
යුතුයි: එපමණයි. මිනිස්සු මේ කිසිම දෙයක් දන්නේ නැහැ. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට
ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර
සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. උරුම
කරුවන් බවට පත් වීම උදෙසා ඔබගේ සියලු කර්ම ගිණුම් මෙන්ම කර්ම බන්ධන ද ගෙවා දමන්න.
ඔබ පරම පියාගෙන් ලබනා උපදෙස් පමණක් අනුගමනය කරන්න.
2. සෑම
කෙනෙක්ටම පරම පියාගේ සත්‍ය හැඳින්වීම ලබා දී අපිරිසිඳු අය පාරිශුද්ධත්වයට පත්
කරන්නා වූ උසස් ක්‍රියාවෙහි යෙදෙන්න. පාරිශුද්ධත්වයේ රාඛී එක බැඳ නිර්මල ලෝකයේ
පාලකයන් බවට පත් වීමෙහි උරුමය හිමිකර ගන්න.
වරදානය:
සෑම ප්‍රශ්න පත්‍රයක් ඔබ, පාස්, යන එක්
වචනයේ අවධානය ඇතිව සම්පූර්ණ සහ ගෞරව සාමාර්ථය ලබත්වා.
ඕනෑම
ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන් සමත් වීම සඳහා ප්‍රශ්න පත්‍රයේ විස්තාරණයට නොයන්න.
ඇයි මේ ප්‍රශ්නය දී තිබෙන්නේ? එය සිදුවුණේ කොහොමද? කවුද
කළේ?
කියා
නොසිතන්න. එය කිරීම වෙනුවට සමත් වීම ගැන සිතන්න. ප්‍රශ්න පත්‍රය හුදෙක් කොලයක් සේ
සලකා එය පසුකොට යන්න. සරලව,
පාස්, යන
වචනයේ අවබෝධයෙන් සිටින්න. ඔබ පාස් (සම) වෙන්න ඕන. ඔබ එය පසුකරන්න ඕන. එම පරමපියාට
(පාස්) සමිප වෙන්න ඕන. එවිට ඔබ ගෞරවයෙන් සමත් වෙනවා ඇත.
පාඨය:
දෙවියන්ට තිබෙන සෙනෙහසින් තමන් විසින්ම
භාරවූවන් පමණක් සාර්ථකත්වයේ ප්‍රතිරූප වෙති.
*** ඕම් ශාන්ති
***
Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala


0 Comments