Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala
11-10-2022 උදෑසන
මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
සාරය:
සුමිහිරි දරුවනි, ඔය ආධ්යාත්මික දරුවන් තුළ එකිනෙකා කෙරෙහි බොහෝ සෙනෙහස තිබිය යුතුයි. සත්‍ය පියාගේ හැඳින්වීම සියලු දෙනාටම ලබා දිය හැක්කේ කෙසේද කියා තීරණය කිරීමට, එකට මුණගැසී සාකච්ඡා කරන්න.
ප්රශ්නය:
ඔය දරුවන්ට ඔබගේ භාග්යය උසස් කරගත හැක්කේ, කුමන විශ්වාසයේ පදනම මතද?
පිළිතුර:
ප්රථමයෙන්ම ඔබට මෙහිදී උගන්වන කෙනා දෙවියන්ම බවත්, ඔබගේ මහා භාග්යය (සෞභාග්යය - සිය ගුණයක භාග්යය) ඔහුගෙන් හිමි කරගත යුතු බවටත්, විශ්වාසය ඔබගේ බුද්ධිය තුළ ඇති කරගන්න. දිනපතාම ඔහු සමග ඉගෙනගෙන, ඔබගේ භාග්යය උසස් කරගැනීමට ඔබට හැකි වන්නේ, එවිට පමණයි. පියාගේ ශ්රීමත් වන්නේ දරුවනේ, කුමන තත්ත්වයන් යටතේ වුවත් ඔබ දිනපතාම ඉගෙනගත යුතුයි. ඔබට පංතියට පැමිණීමට නොහැකි නම්, නිවසේදී මුරලිය කියවගන්න.
ගීතය: සෙනෙහසේ සාගරය ඔබයි. අප ඉන් බිඳකට පිපාසිත වෙමු!
ඕම් ශාන්ති. ජීවාත්ම වන අප, තිත් මෙන් බව, එනම්, අප තාරකා වැනි බව, ඔය ජීවාත්ම, එනම්, ඔය දරුවන් දන්නවා. කෙසේවෙතත්, ජීවාත්මයක්, තමන්ගේ පියාව අවබෝධ කරගන්නේ කෙසේද? ලෝකයේ කිසිම කෙනෙක් තමන්ව හෝ පියාව නොහඳුනයි. ඔය ජීවාත්ම තිත් බව ඔබ දන්නවා; ඔබ එතරම්ම කුඩාය. පියාද බොහෝ සේ කුඩාය. පරම පියා, ජීවාත්ම වලට වඩා විශාල නැහැ. ශරීරයකට විශාල හෝ කුඩා විය හැක. ඔබ දැන් ශිව බාබාගේ සිහිපත් කිරීමේ අසුන් ගෙන සිටිනවා. ජීවාත්මයක් ඉතාමත්ම කුඩා තිතක් බව කෙනෙක් දැන සිටියත්, විශ්මය වන්නේ ඔහු තුළ උපත් 84ක චරිත කොටසක් පටිගත වී තිබීමයි. ජීවාත්මයක්, සිරුරක ආධාරය ගන්නා තුරු, ඔහුට චරිත කොටසක් රඟපෑමට නොහැක. ඒ ආකාරයෙන්ම, පරමාත්ම ජීවයද ජීවාත්ම වන අප මෙන්ම කුඩාය, නමුත් ඔහු පියා ලෙස හැඳින්වෙන්නේ ඇයි? ඔහු සදා පිවිතුරු බැවින්. මිනිසුන් දෙවියන් නොහඳුනන නමුත් ඔහුව පියා ලෙස අමතයි. ඔබ ඔහුව අවබෝධයෙන් සිහිකරන ආකාරයෙන් ඔවුන්ද ඔහුව සිහි කරයි. ඒ සියලුම බැතිමතුන්ට, ඔවුන් පාරිශුද්ධකරු ලෙස හඳුන්වන එක් දෙවියෙක් සිටියි. එබැවින් අපවිත්‍ර බොහෝ දෙනෙක් සිටින නමුත් පාරිශුද්ධකරු එක්කෙනෙක් පමණයි. පැවිද්දන්, පූජකයන් සහ මහාත්මයන්ද කන්නලව් කරන්නේ ඔහුටයි; ඔවුන් ඔහුව දෙවි පියාණන් ලෙස අමතයි. එබැවින් ඔහු සියල්ලන්ගේම පියාය. අපවිත්‍ර අය පිවිතුරු කිරීමට පියා මෙහි පැමිණිය යුතුයි. ජීවාත්ම, පාප බරක් රැස් කරගෙන ඇති බැවින්, පිවිතුරු වීමට ඔබට මාර්ගය පෙන්වා දෙන්නේ ඔහු පමණයි. අප “පූජනීය වන්න” කියා නිකමට ලියා එල්ලන නමුත්, පිටත මිනිසුන්ට ඒවා වටහාගැනීමට නොහැකි බැවින්, එවන් පාඨ ලිවීමෙන් ඵලක් නැත. ඔබට මෙය විස්තර කර දී ඇති බැවින්, ඔබට පාඨ අවශ්‍ය වන්නේ ඇයි? එහි අරුත වන්නේ: පිවිතුරු වී බාබා සිහි කරන්න. ඔබ මෙය ඔවුන්ට විස්තර කර දෙන තුරු ඔවුන්ට මෙය වටහාගැනීමට නොහැකි වෙයි. යෝගාවේ සිටීමෙන් ඔබට පිවිතුරු විය හැක. මිනිසුන් පවසන්නේ: පූජනීය ඔහු. එය පාරිශුද්ධත්වයේ ගෞරව නාමයකි. ඔවුන් පාපයේ නොගැලෙන බැවින්, සන්යාසීන් පූජනීය බව කියයි. ඔවුන් පිවිතුරුව රැඳී සිට, බ්රහම් පදාර්ථය සිහි කරන නමුත්, ඔවුන් උපත් ගත යුත්තේ පාපයේ ගැලෙන අයටයි. ඔබට පිවිතුරුව රැඳී සිට, ශිව බාබාව සිහි කීරිමට යැයි කියයි. සන්යාසීන් තමන්ව හඳුන්වන්නේ, ක්රියා අත්හල අය ලෙසයි. කෙසේවෙතත්, ක්රියා අත්හල නොහැක. ක්රියා අත්හැරීමට හැකි වන්නේ, ජීවාත්මයකට සිරුරක් නොමැති විට පමණයි. ජීවාත්ම නිවහනේ (පරම දනව්වේ) ශරීර නොමැතිව වාසය කරයි. මෙහි ක්රියා අත්හැරීම සිදුකරන්නේ කෙසේද? මෙසේ පැවසීම පවා බොරුවක්. ඔවුන් ගෘහවාසීන් සිදු කරන එම ක්රියාවන්ම සිදු නොකරන බව පවසයි. ගෘහවාසීන් බොහෝ ක්රියා සිදුකරයි: යාගහෝම, තපස් රැකීම, වන්දනා ගමන් යාම ආදිය. සන්යාසීන්ද ඒවා සිදුකරයි. එකම වෙනස වන්නේ, ගෘහවාසීන් ආදායමක් උපයා, තම නිවෙස්වල ආහාර පිසින අතර සන්යාසීන් එසේ නොකරයි. ඔවුන් සිදුකරන්නේ හත යෝගාව බැවින් ඔවුන් ආහාර සිඟා කයි. හත යෝගාව කිරීමෙන් ඔවුන්ට දෙවියන් මුණ ගැසිය නොහැක. ඔහුව මුණගැසිය හැකි වන්නේ, පියා පැමිණි විට පමණක් වන අතර ඔහු පැමිණෙන තුරු පිවිතුරු ලෝකය ස්ථාපිත කළ නොහැක. ඔබ බොහෝ සේ විස්තර කරන නමුත් ඔවුන්ට වැටහෙන්නේ නැත! දරුවන් බාබාට තොරතුරු ලියයි: බොහෝ මිනිසුන් පැමිණියා. ඔවුන්ගේ මහා භාග්යය හිමි කරගන්නේ කවුරුන්ද කියා අප දැන් බලමු. බොහෝ ජනයා පැමිණෙන නමුත් ඔවුන්ට උගන්වන්නේ පරම පියා, පරමාත්ම ජීවය බවත් ඔවුන්ගේ මහා භාග්යය ඔහුගෙන් හිමිකර ගත යුතු බවත්, ඔවුන්ගේ බුද්ධියේ සනිටුහන් වන්නේ නැත. පියා වාර්ථාව දෙස බලයි. ඇතැමුන් මුළු මාසයකදිම මෙහි පැමිණෙන්නේ දින 8ක් හෝ 10ක් පමණක් වන අතර සමහරු පැමිණෙන්නේවත් නැත, එබැවින් ඔවුන් කිසිවක් නොලියයි. කෙනෙක් පංතියට නොපැමිණෙන්නේ නම්, ඔහු හෝ ඇය මුරලිය කියවනවාද නැද්ද? කුමන තත්ත්වයන් යටතේ වුවද ඔබ දිනපතාම ඉගෙනගත යුතුයි. ඔවුන් ජප් සාහෙබ් සුක්මනි (සීක් ග්රන්ථය)හි කුඩා ප්රමාණයේ එකක් සාදයි, මන්ද, සියලුම තත්ත්වයන් යටතේ ඔවුන්ට එය කියවිය හැකි බව ඔවුන් විශ්වාස කරයි. එය කියවීමෙන් ඔවුන් කුමක් ලබාගනීද කියා ඔබට වැටහෙයි. කිසිවක්ම නැත! සමහර විටෙක සුළු වෙලාවකට ඔවුන්ගේ බුද්ධිය හොඳින් තිබෙයි, නමුත් එය මගින් කිසිවෙකුට පියා මුණගැසිය නොහැක. ඉන්පසුව ඔවුන් පාපය තුළද සිර ගත වෙයි, එබැවින් එය තුළින් ඔවුන් කිසිම ප්රතිලාභයක් ලබා නොගනී. විනාශ කාලයේ දික්කසාද වූ බුද්ධි ඇති අය සිටින බවද කියා තිබේ. එය දැන් සත්‍ය වශයෙන්ම විනාශ කාලය වන අතර කිසිවෙක් පරමාත්ම දෙවියන් නොහඳුනයි. ඔවුන් නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද සහ අවසානය නොදන්නා බවද පවසයි. කෙසේවෙතත්, ඔබ නාටකයේ මුල, මැද සහ අවසානය දැන සිටිය යුතුයි. ස්වර්ණමය යුගය ආරම්භය බවත්, කලි යුගය අවසානය බවත් පියා විස්තර කරයි. එබැවින් ඔබ තුන් කාලය පිළිබඳ කරුණ සහ තුන් ලෝකය වටහාගත යුතුයි. ලෝක තුන, භෞතික ලෝකය, සූක්ෂම කලාපය සහ අශාරීරික ලෝකයයි. ආගමික ශාස්ත්‍ර සදාතනික බව ඔවුන් පවසන නමුත් පියා විස්තර කරන්නේ: ග්රන්ථ ශාස්ත්‍ර ආරම්භ වන්නේ රාවණගේ රාජධානිය ආරම්භ වන විටයි. එබැවින් මැද තිබෙන්නේ තඹ යුගයයි. චක්රයෙන් භාගයක් එය ස්වර්ණමය යුගය වන අතර චක්රයෙන් භාගයක් එය කලි යුගයයි. භාග දෙකෙහි ගිණුම තිබේ. චක්රයේ කාල වකවානුව වසර සිය දහස් ගණනක් බව ඔවුන් පවසා ඇති නිසා, ඒ මිනිසුන්ට මැද පිළිබඳව දැන ගත නොහැක. පියාව හඳුනගෙන, බ්රහ්ම කුමර කුමරියන් වන ලෙසත් එවිට ඔවුන්ට උරුමය හිමි වන බවත්, ඔබ ඔවුන්ට පැවසිය යුතුයි. මිනිසුන් මෙහි පැමිණි විට, ඔවුන් පැමිණ ඇත්තේ කොහාටද කියා, මුලින්ම ඔවුන්ගෙන් විමසන්න. ඔවුන් බීකේවරුන් වෙතට පැමිණ ඇති බව කියයි. ඔවුන්ට පවසන්න: ඒ ගැන ටිකක් සිතා බලන්න! බොහෝ බ්රහ්ම කුමර කුමරියන් සිටින බැවින්, පියා වන බ්රහ්මාත් මෙහි සිටිය යුතුයි නේද? බොහෝ මධ්යස්ථාන සහ බොහෝ බ්රහ්ම කුමර කුමරියන් සිටියි. එක් පියෙකුට මෙතරම් දරුවන් සිටින්නේ කෙසේද? ඔහු ප්රජාපිතා බව ලියා තිබේ, එබැවින් මෙතරම් බ්රහ්ම කුමර කුමරියන් සිටියි. ඔබ මේ ආකාරයෙන් ඔවුන්ට විස්තර කර දී, ඔවුන්ව අවදි කළ යුතුයි. හොඳයි, ඒ ගැන ටිකක් සිතන්න: ප්රජාපිතා බ්රහ්මා, කාගේ දරුවෙක්ද? මෙතරම් දරුවන් සංඛ්යාවක් නිර්මාණය කිරීම, පරමාත්ම ජීවයේ කාර්යයයි. එබැවින් ඔහු නිසැකයෙන්ම මෙහි පැමිණෙයි. මෙසේ සිහිකර තිබේ: මවත් පියාත් ඔබයි. එබැවින් මව, බ්රහ්මායි. එබැවින් පරමාත්ම ජීවය, බ්රහ්මාගේ මාර්ගයෙන් නිර්මාණය සිදුකරයි; ඔහු සියලු දෙනාවම හරවයි. ඔහු ඔබව දරුකමට හදා ගන්නේ ඔබට උරුමය ලබා දීමටයි. ඔහු ඔබ පිවිතුරු කරන්නේ කෙසේද? ඔබ සිහිපත් කිරීමේ සිටීමෙන්. ඔහු පවසන්නේ: සියලු ආගම් අමතක කර දමා නිරතුරුවම මා පමණක් සිහි කරන්න. සෑම කෙනෙක්ම කන්නලව් කරන්නේ මටයි. ඥානයෙන් කෙනා, ආනන්දයෙන් පිරි කෙනා මෙන්ම විමුක්තිදායකයා සහ මඟ පෙන්වන්නා මමයි. එබැවින් මා සියලු දෙනාව සතුටු දේශයට ගෙන යනවා. සතුට තිබෙන්නේ කොහිද? සතුටු දේශයේ. පියා දැන් ඔබව සාම දේශයට ගෙන යන අතර ඉන්පසුව ඔබ සතුටු දේශයට යයි. ඔබ මෙම දේවල් මතකයේ තබා ගන්නේ කෙසේද? ඔබ මෙම දේවල් ගැන දිනපතාම දිගින් දිගටම කතා කරන්නේ නම්, එමෙන්ම වෙනත් අයට විස්තර කරන්නේ නම්, කරුණු දිගටම ඔබගේ බුද්ධීයට ඇතුළු වෙයි. ඔබ කෙනෙකුට විස්තර කරන විට ඔබ එම කෙනා ලවා එය ලිවිය යුතුයි. සියලුම ජීවාත්මයන්ගේ පියා වන පරමාත්ම ජීවයේ ලිපිනයත්, පියා ශිවා බවත්, අපගේ උරුමය අප ඔහුගෙන් හිමි කරගන්නා බවත්, ඔබ ඔවුන් ලවා ලිවිය යුතුයි. ඔබ උත්සාහ දැරිය යුතුයි. කෙසේවෙතත්, මෙම උත්සාහය දරන්නේ කවුද? ඔය දරුවන් අවදියෙන් සිටිය යුතු වන්නෙත්, අන් අයව අවදි කර, සේවය සඳහා සැලසුම්ද සැදිය යුතු වන්නෙත් ඒ නිසාය. මිලිටරියේ මහා සේනාධිපතින් සාකච්ඡා කිරීම සඳහා එකට එකතු වෙයි. එබැවින් ඔය දරුවන්ද මෙහි එකට එකතු විය යුතුයි. කෙසේවෙතත්, ඔබ එකට රැස් නොවන්නේ නම්, බාබා කුමක් කරන්නද? ඇත්ත වශයෙන්ම ඔය බ්රහ්මනයන් එකිනෙකා කෙරෙහි බොහෝ සෙනෙහසින් යුතු විය යුතුයි. කෙනෙකුට විස්තර කරන්නේ කෙසේද කියා ඔබ සාකච්ඡා කර තීරණ ගත යුතුයි. බලන්න ලක්ෂ්මි සහ නාරායන වෙනුවෙන් බොහෝ දේවාල තිබේ. එම දේවාල තැනූ අයව ඔබ හමු විය යුතුයි: ඔබ මෙම දේවාල තනා ඇති නමුත් ඔවුන් තම රාජධානිය හිමි කරගත්තේ කෙසේද සහ එය අහිමි කරගත්තේ කෙසේද කියා ඔබ දන්නවාද? ශ්රි ක්රිෂ්ණාගේ පිංතූරය ඉතා හොඳයි. එහි ඇති උපත් 84හි කතාන්දරය ඉතා හොඳයි. ඔබ මෙම පිංතූරය විශාල ප්රමාණයකින් සැදීය යුතුයි. බාබා පවසන්නේ: කෙනෙක් පැමිණි විට, ඔහුගෙන් උපක්රමශිලීව මෙසේ විමසන්න: ඔබ ගීතාව හදාරා තිබේද? එසේ නම් මට කියන්න, ගීතාවේ දෙවියන් කවුරුන්ද? ඔබ මේ ආකාරයෙන් උපායශිලීව විස්තර කළ යුතුයි. මෙවන් කියමනකි: මවත් පියාත් ඔබමය. එබැවින් මෙම බ්රහ්මා මව වන අතර ඔබට ඔහු සමග සම්බන්ධකමක් තිබිය යුතුයි. ඔහු කෙරෙහි ඔබ තුළ සෙනෙහසක් නොමැති නම් සෑම දෙයක්ම අවසන් වෙයි. ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නේ කෙසේද? ඔබගේ යුද්ධය තිබෙන්නේ පැරණි සතුරා සමගයි. රාවණ සමග යුද්ධයක් තිබිය හැකි බව පවා කිසිවෙක් නොදනී. සත්යයේ ඔරුව පැද්දෙන නමුත් එය ගිලෙන්නේ නැති බව ඔවුහු පවසයි. එබැවින් එය බොහෝ සේ පැද්දෙයි! වෙනත් ආධ්යාත්මික හමුවීම් වල ඔරුවක් පැද්දීම පිළිබඳ ප්රශ්නයක් නැත. මෙහි ඔබගේ යුද්ධය තිබෙන්නේ මායා සමගයි. ඔවුන් එය ලියූවත්, පියාව වටහාගන්නා තුරු, ඔවුන් සෑම දෙයක්ම නැවත පවසන ගිරවුන් වගේවත් නොවෙයි: ඒ වෙනුවට ඔවුන් එන යන කැලෑ ගිරවුන් මෙනි. ඔබ ඇල්ෆා වටහාගත යුතුයි. බොහෝ පුරවැසියන් සිටින නමුත් රාජධානියට කිසිවෙක් ඉදිරියට පැමිණෙන්නේ නැහැ. දැල්ලට තමන්ව කැප කිරීම ඔවුන්ට බොහෝ සෙයින් අපහසුයි.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්රාර්ථනා කරයි. ආධ්යාත්මික පියාගෙන් ආධ්යාත්මික දරුවන්ට නමස්කාර.
රාත්රී පංතියක්: ඔය දරුවන්ට පියාගේ උපදෙස් ලැබී තිබේ: දරුවනේ, පියා සිහි කරන්න. දරුවන් පවසන්නේ: බාබා, අපට වෙලාවක් නැහැ. ඔබගේ කාලය යන්නේ කොහාටද? නිසැකයෙන්ම මායා ඔබගේ කාලය ගන්නවා ඇති. මායාද ඉතා බලවත් නිසා ඇය ඔබට පියා සිහි කිරීමට කාලය නොදෙයි, මුළු දවස පුරාම ඔබ බාබා සිහිපත් කරන්නේ විනාඩි 20ක් හෝ පැය භාගයක් පමණක් බව ඔබ පවසන්නේ ඒ නිසාය. කෙනෙක් මුළු දවසින් පැය 2ක් හෝ පියාව සිහි කරන්නේ ඉතා අපහසුවෙනි. ඔබගෙන් පියාව පැය දෙකක් සිහි කරන බව සිතන අය අත් ඔසවන්න! එම භෞතික සිහි කිරීම, අතීතය ගැන සිහි කිරීම දිගටම සිදු වී තිබේ. එම කෙනා අශාරීරික කෙනාය. ඔහුගේම ඇස් හෝ කන් ඔහුට නැත. ඔහු ඔය දරුවන්ට පවසන්නේ, නිරන්තරයෙන් ඔහුව පමණක් සිහි කර, තමන් ජීවාත්ම බව සලකන ලෙසයි. බාබා ඔබගෙන් විමසන්නේ: ඔබ පැය කීයක් සිහිපත් කිරීමේ සිටිනවාද? දරුවන් ක්රීඩා කිරීමට යන විට, ඔවුන්ට තම ගුරුවරයා සිහි වෙයි. ඔවුන් නිවසේ පාඩම් කරන විටද තම ගුරුවරයා සිහි කරයි. එය භෞතික දේ සිහි කිරීමයි. මෙය ටිකක් අපහසුයි. මේ නිසයි බාබා මෙසේ විමසන්නේ: තමන් ජීවාත්ම බව සලකා, පැය දෙකක් බාබා සිහි කිරීමට හැකි අය, අත් ඔසවන්න! ලැජ්ජා නොවන්න, නමුත් බාබාට නිවැරදිව කියන්න. ඔබ මෙහි අසුන්ගෙන සිටින අතර බාබා මුරලියක් පවසනවා, ඒ තිබියදී ඔබගේ බුද්ධි, වෙනත් දිශාවන්වල සැරිසරයි, එහෙම නේද? ඔබගේ බුද්ධියට වැඩි දෙයක් ධාරණය වන්නේ නැහැ. නිදසුනක් ලෙස බාබා උදෑසන පැයක් ඔබට විස්තර කර දෙන විට, එම පැයේදී ඔබගේ බුද්ධියෙන් පියා සිහි වෙනවාද, එසේ නැතිනම් එය පිටත සැරිසරනවාද? ඔබ දරන උත්සාහයන්ට අනුව, අංක පිළිවෙලට ඔබගේ බුද්ධි අනිවාර්යෙන් පිටත කොහේ හෝ සැරිසරයි. ඔබ සෑම දෙයකටම සවන් නොදෙයි. ඔබ සෑම දේකටම සවන් දී, එය දිගටම සටහන් කරගන්නේ නම්, ඔබගේ යෝගාව ඉතා හොඳ බව බාබා කියයි. එබැවින්, බාබාට සවන් දෙන විට, ඔබ අවධානය යොමු කර, සම්පූර්ණයෙන් කරුණු සටහන් කරගත යුතුයි. සම්බන්ධය බිඳී ගියොත්, ඔබට කරුණු අමතක වෙයි. පියා විස්තර කර දෙයි: දරුවනේ, හදවත අකර්මන්‍ය වීමෙන් සිදුවන මරණය ඉතා මිහිරි මරණයකි. එහිදි ‛මගේ’ හෝ ‛ඔබගේ’ යනුවෙන් සිතිවිලි ඇති නොවෙයි. කොහේ හෝ අසුන්ගෙන සිටියදි, ඔබ ඇද වැටී, සිහිය නැති වී, සෑම දෙයක්ම අවසන් වෙයි. එපමණයි! ඔබට නැවත සිහිය නොඑයි. එය ඉතා හොඳ මරණයක්. අනෙක් මිනිසුන් හඬා වැටෙයි නමුත් ඔබ මෙසේ සිතමින් සතුටු වෙයි: විශ්මිතයි! එම කෙනා ඉතා පහසුවෙන් මියැදුනා; ඔහු කිසිම වේදනාවක් වින්දේ නැහැ. කෙනෙක් මිය යන විට එය සිදුවිය යුත්තේ මෙසේය. එසේ නැතිනම් බොහෝ ඖෂධ, හෙදියන් සහ තව බොහෝ දේ ඇතුලත් වෙයි. ඒ නිසයි කොහේ හෝ කර්මතීට් ස්ථිතියේ අසුන් ගෙන සිටියදී, තම පැරණි සපත්තුව අතහැර, ඒ ආකාරයෙන් තම ශරීරය හැර යාම, හොඳම වන්නේ. ඔබ තව දියුණු වන විට, හේතුවක් නොමැතිව හදිසියේ බෝම්බ හෙලා, සියලු දෙනාම කොහේ හෝ අසුන් ගෙන සිටියදී ආපසු නිවහනට යන අන්දම ඔබ දකියි. ඔබගේ මුහුණු ප්රබෝදමත්ද වෙයි. කෙනෙක් හොඳ ආකාරයකින් මිය ගිය විට, එම කෙනා තවමත් සිටින්නේ අවදියෙන් මෙන් බව, නිරීක්ෂකයන් කියයි; ඔහු ප්රබෝදමත්ය. ඔහු දෙස බලන කිසිවෙකුට ඔහු මිය ගොස් ඇති බව කීමට නොහැකි වෙයි. ජීවාත්මය සතුටින් ආපසු නික්ම යයි. ජීවාත්මයක් ප්රබෝදයෙන් සිටින්නේ නම්, එය බාහිර මුහුණින් පෙනෙනු ඇති, නොවේද? ජීවාත්ම මිය යන්නේ නැත; සිදුවන්නේ ජීවාත්මය සිරුර හැර යාම පමණයි. එබැවින් ජීවාත්මය විශාල සතුටකින් සිනහමුසු මුහුණින් මෙම සිරුර හැර යයි. එයට කර්මතීට් ස්ථිතිය යැයි කියයි. උසස්ම ස්ථිතිය ලෙස සිහි කෙරෙන්නේ මෙයයි. ඔය දරුවන්ද නික්ම යා යුත්තේ එලෙසින්ය. සිරුර ගැන සැලකිල්ලක් නැත. වෙනත් කිසිවක් සිහි නොකරයි. ඔබ ඉබේටම සිරුර අත්හල විට, එයයි සියල්ලටම වඩා මිහිරි, බව පවසයි. සර්පයාගේ නිදසුන දී තිබෙන්නේ මේ නිසාය. ස්වර්ණමය යුගයේ එය එබඳුය: ඔවුන් සතුටින් තම සිරුරු හලා දමයි. එබැවින් මෙම පුහුණුව වර්ධනය වන්නේ මෙහි වන අතර එම පුහුණුව එහිදි දිගටම පැවතෙයි. ඔය දරුවන් බොහෝ සෙනෙහසින් යුතුව පියා සිහි කරයි. ඉංග්රීසියෙන් ඔබ මෙසේ පවසයි: වඩාත්ම ආදරණීය, පරමාදරණීය, බොහෝ මිහිරි. මිනිසුන්, පරම ආදරණීය හෝ වඩාත්ම ආදරණීය බව ඔබට කිව නොහැක. පියා පවසන්නේ: දරුවනේ, මා ඔබගේ පියා, ගුරුවරයා මෙන්ම ඔබගේ ගුරූය. ඔබට ගුරුවරයා අමතක වන්නේ නම්, ඔබට පියා සිහි කළ හැක. බාබා මඟපෙන්වන්නාද වෙයි. ඔබව දුකින් මුදවා, සාම දේශයට රැගෙන යන්නේ ඔහුයි. එයට පසුව සතුටු දේශය තිබේ. ඔබට දැන් මෙම ඥානයේ තණකොල ලැබෙන අතර ඔබ අඛණ්ඩව එය විකමින් (ඥානයේ මහා සයුර කලතමින්) සිටිය යුතුයි. ගවයෙකුගේ මුඛය නොකඩවා හපය විකයි. ඔබගේ මුව මෙහිදි ක්රියාත්මක වීම අවශ්‍ය වන්නේ නැත. කෙසේවෙතත්, ඇතුලතින් ඔබ සෑම දෙයක්ම සිහි කළ යුතුයි. මාද ඔබ හා සමානයි. මගේ බුද්ධියේ යෝගාව පිටත සැරිසරන බැවින් මට තිබෙන්නේ ඊටත් අඩු පැය ගණනකි. අහවල් කෙනා සමග ගැටුමක් තිබෙන බව පවසා විටෙක මට කෙනෙකුගෙන් ලිපියක් ලැබෙයි. යම් යම් දේවල් සිදුවෙයි... එබැවින් දවස පුරාම මගේ බුද්ධිය එහි යයි. කෙසේවෙතත්, සමහර විට, එය දරුවන්ට වඩා බාබාට පහසු ඇති, මන්ද, බාබා ඔහු සමගම අසලින් සිටින නිසා. බාබා ඔහුගේ ආහාර ගැනීමට අසුන් ගන්නා විට, ඔහු මෙසේ සිතයි: හොඳයි, මා බාබා සිහි කිරීමට යනවා. එම සිහි කිරීම විනාඩි දෙක තුනකට තිබී ඉන්පසුව මට අමතක වෙයි. සිහිපත් කිරීම සුළඟ මෙන් ඉගිලී යයි. දරුවනේ, ඔබත් මෙය උත්සාහ කර බලන්න! එය පහසු වුවද, සිහිපත් කිරීමට කාලයක් ගතවනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ ආධ්යාත්මික දරුවන්ට, ආධ්යාත්මික පියා සහ දාදාගේ හදවතේ ගැඹුරුම පත්ලෙන් සහ ගැඹුරුතම සෙනෙහසින් සෙනෙහස, ස්මරණය සහ සුබ රාත්රියක්. ආධ්යාත්මික පියා සුමිහිරිතම, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට නමස්කාර කරයි.
ධාරණය සඳහා සාරාංශය:
1.
එකිනෙකාට බොහෝ සෙනෙහසින් යුතුව එකට ජීවත් වන්න. පියාගේ පණිවිඩය සෑම කෙනෙකුටම ලබා දෙන්නේ කෙසේද කියා, එකට එකතු වී තීරණ ගන්න.
2.
මෙය විනාශය සඳහා කාලයයි. එබැවින් ඒකායන පියා කෙරෙහි සැබෑ ආදරයක් ඇති කරගන්න. යෝගාව තුළින් ජීවාත්මය පිවිතුරු කරගන්න.
වරදානය:
ඔබ රාජඍෂිවරයෙක්
මෙන්ම ස්වකීය
ස්වාමියාත් වී,
අසීමිත නිරාශාව
ද ඇත්තකු
වේවා.
එක් අතකට ඔබට රාජ්යයක් ඇති අතර අනෙක් අතට ඔබ අසීමිත නිරාශාව ඇති ඍෂිවරයෙක්. එවන් රාජ ඍෂිවරුන්ට තමන් උදෙසාවත්, අනෙක් අය උදෙසාවත්, තානාන්තර උදෙසාවත් කවර ඇල්මක් හෝ තිබිය නොහැක. මෙයට හේතුව ඔබටම අදාල පරමාධිපත්යයක් තිබෙන විට, ඔබේ මනස, බුද්ධිය සහ සංස්කාර ඔබේ මෙහෙයවීම යටතේ වේ. එසේ ඔබට නිරාශාව තිබෙත්දී, පරණ ලොව පිළිබඳ යාන්තමින් හෝ සිතිවිල්ලක්
ඔබට තිබිය නොහැක. එමනිසා, ඔබව රාජඍෂිවරයෙක් යැයි සැලකීම යනු රජෙකු වනවා මෙන්ම අසීමිත නිරාශාව ද තිබීම වේ.
පාඨය:
ඔබ නුවණැති පුද්ගලයෙක් වන්නේද, එවිට, ඔබේ වෙනත් සියලු ආධාරකයන් බිඳ දැමීමට පෙර ඔබේ සියල්ල සඳහා ඔබ ඒකායන පියාව ඔබේ ආධාරකය කරගනී.
*** ඕම් ශාන්ති
***
Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala


0 Comments