Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala
07-09-2022 උදෑසන මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
Listen to the Murli audio file
සාරය:
සුමිහිරි දරුවනි, පරම
පියාගේ ඉගැන්වීම් හොඳින් ධාරණය කරගෙන ගුණවත් මල් බවට පත්වන්න. ඔබට ඥානයේ අවබෝධය
ලැබී තිබෙනවා. එමනිසා,
නිරන්තරයෙන්ම
උද්‍යෝගීමත්ව සිටින්න.
ප්‍රශ්නය:
දරුවන් තුළ තිබෙනා ගැඹුරු වූත් විනෝදාත්මක
වූත්,
මිනිසුන්
ඒ ගැන ඇසූ විට පටලැවිල්ලට පත්වන්නාවූත් දේ මොනවාද?
පිළිතුර:
ඔබ කියනවා: අප දැන් බ්‍රහ්මිණ් වංශයේ
අලංකාරයයි. ස්ව-දර්ශන චක්‍රය කරකවන්නන්ය. අප ඥානය නම්, වූ
හක්ගෙඩිය පිඹිනා අයයි. අප ත්‍රිනේත්‍රි හා ත්‍රිකාල්දර්ශින් වේ. දේවතාවන්ට දී ඇති
සියලු ආභරණ ඇත්තෙන්ම අයිති අපටයි. මිනිස්සු මේවා අසන විට පටලැවිල්ලට පත්වෙනවා. ඔබ
කියනවා: පරම පියා මේ තැනැත්තාගේ මුඛය භාවිත කර අපට දෙන්නා වූ ඥානය තමයි හක්ගෙඩිය
නාද කරනවා කියන්නේ. අප මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවන් බවට පත්වන්නේ මෙමඟිනි. මෙය
හඳුන්වන්නේ මුරලි ලෙසයි. එය බටනලාවක් නොවේ. මේවා මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු වූ
ගැඹුරු හා විනෝදාත්මකවූත් දේවල් වේ.
ගීතය: ලොව
අමතක කර දමනා වසන්තය මෙයයි ...
ඕම්
ශාන්ති. සුමිහිරි වූ දේව දරුවන් වඩාත්ම උසස් වූ වසත් සමය මෙය බව දන්නවා. සියල්ල
පිපී දිලෙන්නේ වසත් සමයේ දීය. මෙය අසීමිත වූ වසන්ත සමයයි. ඔබව ඥානය නම් වූ
වර්ෂාවෙන් නැහැවෙනවා. ඉතින් වියලුණු කටු බවින් ඔබ මල් බවට පත් වෙනවා. මේ ගැන ඔබ
දන්නේ ඔබ දරනා උත්සාහය අනූව අනුපිළිවෙළිනි. සමහරු ඥානය නම් වූ වර්ෂාව නිසා තමා
කටුවක් බවින් මලක් බවට පත් වන බව අසා බොහෝ සතුටු වෙනවා. ගසක් සම්පූර්ණයෙන් ම වියළී
ගිය විට,
එකම
කොළයක්වත් ඉතිරි වන්නේ නැහැ. සෑම අවුරුද්දකම මෙය සිදු වෙනවා. පසුව, වර්ෂා
කාලයේ දී,
ලස්සන
කොළ හා මල් හට ගන්නවා. එමනිසා, මේ ඥානයේ වර්ෂාව ලබනා වසත් සමය පළවන
පන්තියේ කාලයකි. මේ කටු වලින් පිරි ලෝකයයි. ගස කියනවා: මා කටු වලින් පිරි ගසක් බවට
පත් වෙලා. පසුව,
ඥානය
නම් වූ වර්ෂාවෙන් මා මල් ගසක් බවට පත් වෙනවා. ඔබ සෑම කෙනෙක්ම සජීවී කෙනෙක්. ඔබ
දැන් උසස් තත්ත්වයක් ලබන්නා වූ මාර්ගය වන ඥානයේ අවබෝධය ලබා තිබෙනවා. ඔබ සිටි
තත්ත්වයෙන් දැන් කුමන තත්ත්වයකට පත් ව තිබෙනවා ද කියා බලන්න. ඔබ දැන් අපිරිසිඳු
තත්ත්වයෙන් මිදී පාරිශුද්ධත්වයට පත් වන බව ඔබ දන්නවා. ද්විත්ව ස්වරූපය වන්නේ
විෂ්ණුයි. ජෝඩුවක ස්වරූපයේ දරුශනයක් ද ලැබී තිබෙනවා. ඔවුන් අත් හතරකින් යුතුව
විෂ්ණුව පෙන්නුම් කර තිබෙනවා. කොහොමනමුත්, ඔහු තුළ කිසිම ඥානයක් ඇත්තේ නැහැ. ඒ
ස්වරූප දෙකම එක් වී නැටුමක් නටනවා. පරම පියා විස්තර කරනවා: දීවාලී, මහා
ලක්‍ෂ්මි (අත් හතරකින් යුතු ලක්‍ෂ්මි) එන්නේ කවදාද? ඔබ ඔවුන් දෙදෙනාටම කතා කරනවා. ලක්‍ෂ්මි
ඉදිරියෙන් සිටිනා අතර නාරායන ඉන්නේ ඇයට පිටුපසිනි. ලක්‍ෂ්මිට අත් දෙකක් තිබෙනා අතර
මහා ලක්‍ෂ්මිට අත් හතරක් තිබෙනවා. ඔබ දැන් මෙම කරුණු ගැන දන්නවා. මුලදී ඔබ ඒ ගැන
දැන සිටියේ නැහැ. ඔබ සම්පූර්ණයෙන්ම කටු බවට පත් ව සිටි අතර දැන් මල් බවට පත්
වෙනවා. දෙවියන්ට මනුෂ්‍යයින්ව දේවතාවන් බවට පත් කිරිමට එතරම් කාලයක් ගත නොවුණු බව
ග්‍රාන්ථ් නම් වූ ආගමික ග්‍රන්ථයෙහි සඳහන්ව තිබෙනවා. දේවතාවන් සිටියේ ස්වර්ණමය
යුගයේයි. ඔවුන් ළඟ දිව්‍යමය ගුණාංග තිබෙනවා. මේ කාලයේ සිටිනා මනුෂ්‍යයින් තුළ
තිබෙන්නේ යක්‍ෂ ගති ගුණ වන අතර ඔබ තුළ තිබෙන්නේ දිව්‍යමය ගුණාංගයි. පරමාත්ම
දෙවියන් මෙහි අසුන්ගෙන ඔබව ගුණවත් බවට පත් කරනවා. බාබාගේ ඉගැන්වීම මඟින්, අප
සියලු ගුණාංගයන්ගෙන් පිරිපුණ් වනවා. භාරතය පිළිබඳව ප්‍රශංසා කෙරෙනවා. එනම්, භාරතයේ
ජීවත්වන මිනිසුන් ගැන සෑහෙන ප්‍රශංසනීයත්වයක් ගායනා කෙරෙනවා. කොහොමනමුත්, තමාව
එම තත්ත්වයට පත් කළේ කවුද යන්න ගැන ඔවුන් දන්නේ නැහැ. ඔවුන් විශාල කෝවිල් තනනවා.
නමුත්,
තමා ඒ
කෝවිල් තැනූ තැනැත්තා විසින් කෙරෙන්නේ කුමක් ද යන්න ගැන ඔවුන් දන්නේ නැහැ. ඔබ දැන්
සෑහෙන ආලෝකයක් ලබා සිටිනවා. ඔබ ඉතාමත් උද්‍යෝගීමත් විය යුතුයි. එහිදී, ඔබ
උපත් 21ක්
පුරා උද්‍යෝගීමත්ව සිටිනවා. ඔබ දන්නවා: තමා මේ අධ්‍යාපනය ලබන්නේ උපත් 21ක වූ
තම තත්ත්වය හිමිකර ගැනීම උදෙසා බව. ඥානය මඟින් ඔබ ආදායමක් උපයා ගන්නවා. මෙය ඔබගේ
දේව-පිය ශිෂ්‍ය දිවියයි. ඔබ සූර්ය වංශයේ පාලකයන් බවට පත් වනවා. එනම්, ඔබ
දිව්‍යලෝකයේ පාලකයන් බවට පත් වනවා. ඒ පිවිතුරු ලෝකයේ පවා සෑම කෙනෙක්ම සම තත්ත්වයක්
ලබන්නේ නැහැ. රාජ්‍යයක් පාලනය කරන්නේ එකම ලක්‍ෂ්මි හා නාරායන කෙනෙක් නොවේ. මෙහි
වංශය මෙන්ම රාජ්‍යයත් තිබෙනා බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. සූර්ය හා චන්ද්‍ර
වංශයන්හි අය සිටියා. ශිව බාබා විසින් නව ලෝකය ස්ථාපනය කරනු ලබනවා. ලොව සිටිනා
මිනිසුන්ගේ බුද්ධියේ තිබෙන්නේ අඳුරයි. ඔබ තුළ ආලෝකය තිබෙනවා. පිවිතුරු ලෝකයත්
තිබෙනවා අපිරිසිඳු ලෝකයත් තිබෙනවා. පිවිතුරු ලෝකයේ තිබෙන්නේ අනුපිළිවෙලින් යුතු වූ
තත්ත්වයන්ය. ඒ වගේම පුරවැසියන්ද ඉන්නවා. එහිදී, සෑම කෙනෙක්ම තුළ සතුට හැර වෙන කිසිවක්
ඇත්තේ නැහැ. සෑම කෙනෙක්ටම තම තමන්ගේ රාජ්‍යය හා තම වගකීම ද තිබෙනවා. අපිරිසිඳු
ලෝකයේ සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. නමුත් එය තිබෙන්නේ අනුපිළිවෙලක් ඇතිවයි. උදාහරණයක්
ලෙස ස්වර්ණමය යුගයේ උසස්ම උසස් වංශය වන්නේ ලක්‍ෂ්මි හා නාරායන වංශයයි. රාධේ කුමරිය
හා ක්‍රිෂ්ණා කුමරා ඔවුන්ගේ විවාහයෙන් පසු ලක්‍ෂ්මි හා නාරායන බවට පත් වනවා. එය
ලක්‍ෂ්මි හා නාරායන ගේ වංශය ලෙස හැඳින්විය හැකියි. එය රාධේ හා ක්‍රිෂ්ණාගේ වංශය
ලෙස සළකන්න බැහැ. එහි සඳහන් කොට තිබෙන්නේ රජුගේ නමයි. එවන් වූ පුංචි දෙයක් ගැනවත්
කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ සෑම කෙනෙක්ම ඒ ගැන දැන ගන්නේ අනුපිළිවෙලක් ඇතිවයි.
රාජ්‍යයක තත්ත්ව තිබෙන්නේ අනුපිළිවෙලකටයි. සූර්ය වංශික රාජ්‍යය හා පුර වැසියන් අතර
සොහොන් පල්ලන් බවට පත්වන අය අතර සෑහෙන වෙනසක් තිබෙනවා. අපිරිසිඳු ලෝකයේ පවා එය
තිබෙන්නේ අනුපිළිවෙලක් ඇතිවයි. පරම පියා දැන් ඔබට ක්‍රියා, සාමාන්‍ය
ක්‍රියා හා පාප ක්‍රියාවන්ගේ දර්ශනය ගැන විස්තර කර දෙනවා. පරම පියා කියනවා: දරුවනි, මගේ ශ්‍රීමත්
අනුගමනය කරන්න. බාබා දැකලාවත් නැති දරුවන් බොහොමයක් ඉන්නවා. ඔවුන් එකිනෙකා අතර
ඉතාමත් හොඳ සේවයක යෙදෙනවා. ඔවුන් නොකඩවාම පරම පියාගේ හැඳින්වීම ලබා දෙනවා. ඔවුන්ට
නම් කළ බ්‍රහ්මිණ් ගුරුවරයෙක් නොමැතිව වුවත් මධ්‍යස්ථානයක් ගෙන යාමේ හැකියාව
තිබෙනවා. ඔවුන්ට පරම පියාව පෞද්ගලිකව මුණගැසීවත් නැහැ. ඒත් ඔවුන් හොඳින් සේවය
කරමින් අන් අයවත් ඔවුන් හා සම තත්ත්වයට පත් කරනවා. පරම පියා ඉදිරියේ පෞද්ගලිකවම
සිටිනා අය ඒ තරම් සේවයක් කරන්නේ නැහැ. ඔබ මේ ආධ්‍යත්මික වන්දනා ගමන ඉගැන්විය
යුතුයි. ඔබ ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයන්. ඔබත් මාර්ගය පෙන්වා දෙනවා. ඔහෝ
ජීවාත්මයනි. පරම පියා සිහිපත් කරන්න. ජීවාත්ම බොහෝ කාලයක් තිස්සේ පරම පියාගෙන්
වෙන් ව සිටි බව කියැවෙනවා. එම ගිණුමත් තිබෙනවා. ඔවුන් ඒ දීර්ඝ කාලපරිච්ඡේදය ඔප්පු
කර පෙන්වනවා. වඩාත්ම කාලයක් පුරා වෙන්ව සිටි අය ඔබයි. ඔබ සූර්ය හා චන්ද්‍ර වංශයන්ට
අයත් වූවා. නැවත ඉපදීමේ චක්‍රය තුළ සිටිනා අතර, ඔබ උපත් 84ක් ලබාගෙන තිබෙනවා. සෑම කෙනෙක්ම උපත් 84ක්
ලබනවා විය නොහැකියි. දරුවන් මෙම ඥානය නම් වූ දිය සීරාව යටට වී ඉන්නවා. මෙය ඔබගේ
ශිෂ්‍ය දිවියයි. සමහරු තම පවුලේ අය රැකබලා ගන්නා අතරම තවත් පාඨමාලාවක් හදාරනවා.
මෙහි තිබෙන්නේ පාරිශුද්ධත්වය පිළිබඳ වූ කරුණකි. ඔබ කළ යුත්තේ පරම පියාවත් ඔබගේ
උරුමයත් සිහිපත් කොට ඉගෙනිමෙහිත් යෙදීමයි. ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් විය
යුතුයි. සිංහයෙකුගේ කිරි ලබාගත හැක්කේ රන් බඳුනකට පමණක් බව කියැවෙනවා.
පාරිශුද්ධත්වයෙන් තොරව ඔබට ඥානය ධාරණය කරගත නොහැකි බව පියාත් කියනවා. මේ නිසා තමයි
බාබා කියන්නේ: රාගය නම් වූ ලොකුම සතුරා පරාජය කර දමන්න. පාරිශුද්ධත්වයට පත් වන්න.
මා හඳුනාගන්න. ඔබ තුළ වැටි ඇති අගුල විවෘත කරලිය හැක්කේ එවිට පමණයි. ඔබ පාරිශුද්ධත්වයට
පත්ව බ්‍රහමින් වංශයේ අලංකාරය බවට පත් වන තුරු කිසිම දෙයක් ධාරණය කරගත නොහැකියි.
බ්‍රහ්මිණ් වංශයේ අලංකාරය වන ඔබ ස්වදර්ශන චක්‍රය කරකවන්නන්. වෙන කිසිම කෙනෙකුට මෙය
වටහාගත නොහැකියි. දේවතාවන් ස්වදර්ශන චක්‍රය කරකවන්නන් වූ බව මිනිස්සු සිතනවා.
ඔවුන් අහනවා: කවුද මේ,
බ්‍රහ්මිණ්
වංශයේ අලංකාරය තමා බවත්,
ස්වදර්ශන
චක්‍රය කරකවන්නන් වන්නේ තමා බවත් කියන මිනිස්සු? මේ කරුණු වටහා ගන්නේ දරුවන් වන ඔබ පමණයි.
මේවා ඉතා ගැඹුරුවූත් විනෝදාත්මක වූත් කරුණු. ඔබ ඥානය නම් වූ හක්ගෙඩිය පිඹිනවා.
දේවතාවන් එය කළේ නැහැ. ඔවුන් දේවතාවන් බවට පත් වූයේ ශිව බාබා විසින් හක්ගෙඩිය
පිඹීමෙනි. ශිව බාබා ඥානයෙන් පිරි තැනැත්තාය. නමුත් ඔබ කොහොමද ඔහුට හක්ගෙඩිය දෙන්නේ? ඔහු
අනිවාර්යෙන්ම ඥානය දෙන්නේ කාගේ හෝ මුඛයකින්. ඔහු කතා කරනා දෙය හඳුන්වන්නේ මුරලි
ලෙසයි. එය බට නලාවක් නොවේ. ඥානය නම් වූමුරලි එක දැන් පිඹිමින් පවතිනවා. වන්දනා
කිරීම්,
භක්තිය
ආදිය ලොව පටන් ගත් දා සිට සිදුවෙනවා කියා මිනිස්සු සිතනවා. කොහොමනමුත්, ලොව
පටන් ගත් දා සිටම කිසිම දෙයක් දිගින් දිගටම සිදුවිය නොහැකියි. රක්‍ෂා බන්ධන්
ආදියත් එදා සිටම සිදු වූවා කියා ඔවුන් කියනවා. හොඳයි. කාලයේ ඇරඹුම කියන්නේ කවදාද? අඩුම
ගණනේ අපට එයවත් කියන්න. දෙවියන් විසින් අපිරිසිඳු ලෝකයක් නිර්මාණය කළාද? ඉතින්
ඇයි ඔබ ඔහු පාරිශුද්ධකරුවා ලෙස හඳුන්වන්නේ? සෑම දිනකම මෙම අධ්‍යාපනයෙන් කරුණු ඔබ
බුද්ධිය තුළට ඇතුළු විය යුතුයි. ඔබ තම කට ඇර කතා කිරීම පුහුණු කළ යුතුයි. (මෙම
ඥානය කතා කිරීම) තවත් බොහෝ දෙනෙක්ට මෙය විස්තර කර දෙන්න ඔබට පුළුවන්. ඔබ තමාගේ ම
ස්වදියුණුව උදෙසා ක්‍රම සාදාගත යුතුයි. බාබා සෑම කෙනෙක්ටම මාර්ගය පෙන්වා දෙන්නා සේ, අපත්
එය සෑම කෙනෙක්ටම පෙන්වා දිය යුතුයි. අපට පරම පියාගෙන් අපගේ උරුමය ලබාගත හැක්කේ
එවිට පමණයි. කොහොමනමුත්,
කලබල
ඇති කිරීමෙන් අපට අපගේ උරුමය හිමිකර ගත නොහැකි වෙනවා. පියාට සෑහෙන අනුකම්පාවක්
දැනෙනවා. ඔහු බොහෝ සෙයින් විස්තර කර දෙනවා. නමුත්, සමහර දරුවන්ගේ වාසනාවෙහි මෙහි නැහැ. ඔබට
නොයෙකුත් ආභරණ ලැබෙනවා. ආභරණ බොහෝ සෙයින් ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙනවා. ආභරණ අතර
සෑහෙන වෙනසක් තිබෙනවා. සමහර ඒවා රුපියල් සිය දහස් ගණන් වටිනා අතර සමහර ඒවා
රුපියලක් තරම් වටිනවා. ඔබ ලබාගෙන අන් අයටත් ලබා දීම මඟින් ඔබ උසස් තත්ත්වයක්
හිමිකර ගන්නා වූ ඥානය නම් වූ මිණිමුතු ද තිබෙනවා. දරුවන් වන ඔබගේ මුවින්
නිරන්තරයෙන්ම මතු විය යුත්තේ මිණිමුතු පමණයි. ඔබගේ බුද්ධිය විසින් මේවා වටහා ගත්තා
වුවත්,
ඒවා
ගැන අන් අයට නොපැවසුවහොත්,
ඒවායෙහි
ඇති වටිනාකම කුමක්ද?
උත්සාහ
දරා අන් අයවත් තමා හා සම තත්ත්වයට පත් කරනා අය හොඳ ඵලයක් ලබනවා. මෙම සේවය අන්
අයටත් ඉගැන්වීම පුංචි පහේ සේවයක් නොවේ. ඔබගේ බුද්ධිය දැන් අවබෝධය ලබා සිටිනවා.
සැමටම වඩා ධනවත් වන්නේ කවුද? ඔවුන් නම්, 10 ක් 12 ක්
පමණ සඳහන් කරයි. මෙම නාටකයේ ප්‍රධානම අය කවුද යන්න ගැන ඔබ දන්නවා. උත්තරීතර පියා, උත්තරීතර
ජීවාත්මය,
ශිවා
තමයි නිර්මාණකරුවා. අධ්‍යක්‍ෂක හා ප්‍රධාන නළුවා වන්නේ උසස්ම තැනැත්තා ශිව බාබා වන
අතර පසුව සූක්‍ෂම ලෝකයේ හා භෞතික ලෝකයේ වැසියන් ද ඉන්නවා. මේ කාලයේ දී ඔබ මේ සෑම
දෙයක්ම ගැන දන්නවා. චක්‍රයෙහි කාල පරිච්ඡේදය අවුරුදු සිය දහස් ගණනක් වන්නේ නැහැ.
චක්‍රයේ කාල පරිච්ඡේදය අවුරුදු 5000ක් පමණයි. මිනිස්සු ඉන්නේ දැඩි අඳුරකයි.
ඔබ දැන් අවිද්‍යා අඳුරෙන් ආලෝකය වෙත පැමිණ සිටිනවා. සමහරු ආලෝකය ලබා සිටිනා අතර
අනෙක් අය තවමත් අඳුරට වී දිගෑදී සිටිනවා. මෙහි සෑම දෙයක්ම තීරණය වන්නේ බුද්ධිය
මතයි. අසීමිත වූ බුද්ධියක් තිබෙනා අය ඉක්මණින්ම වටහා ගන්නවා. ජීවාත්මයක් තාරකාවක්
වැනිය. විශාල යමකට නළල මධ්‍යයෙහි වාසය කළ නොහැකියි. එය අනිවාර්යෙන්ම ඔබගේ දෑස්
දෙකෙන් දැකගත නොහැකි දෙයක් විය යුතුයි. එය විශාල දෙයක් නම්, දැකිය
හැකියි. ජීවාත්මයක් ඉතාමත් සූක්‍ෂමයි. තිතක් වැනියි. ගැඹුරුම කරුණු වන්නේ මේවායි.
මුලදී,
ජීවාත්මයක්
යනු ආලෝකයේ මහාභූතයක් බව ඔබට කිව්වා. මුල සිටම ඔබට එය තාරකාවක් වැනි කියා තිබුණේ
නම්,
ඔබට එය
වටහා ගැනීමට නොහැකි වීමට ඉඩ තිබුණා. ඔහු එක දවසකින් ඔබට සියලුම ඥානය ලබා දෙන්නේ
නැහැ. දිනෙන් දින,
පරම
පියා ඔබට ඉතා ගැඹුරු වූ කරුණු කියා දෙනවා. ඥාන සාගරය මඟින් ඔබ සෑහෙන ධනයක් ලබනවා.
ඔබ ජීවත්ව සිටිනා තාක්කල් ඔබ නොකඩවාම ඥානය නම් වූ අමෘතය පානය කළ යුතුයි. ඒ වතුර
නොවේ. ඥානයේ ගංගා මතු වන්නේ ඥානයේ සාගරයෙනි. එය වතුරෙන් පිරි සාගරයක්. ගංගා ආදිය
සදාකාලිකවම තිබෙනා දේ බව ඔවුන් කියනවා. ඉතින් ගංගාවල ස්නානය කිරීම දිගින් දිගටම
සිදු වූවා. දූවරුන්,
සූක්‍ෂම
ලෝකයට ගිය විට,
ඔවුන්
යමුනා නදිය අසල නටන්නේ කෙසේද යන්න ගැන ඔබ දැක්කා. මෙහිදී, ඔබ
ගිලී යයි කියා ඔබට බයයි. එහිදී, ගිලී යාමක් පිළිබඳව කිසිම ප්‍රශ්නයක්
නැහැ. එහිදී අනතුරු සිදුවන්නේත් නැහැ. එමනිසා, මෙය ඔබ බෙලි කටු වැනි තත්ත්වයේ සිට
දියමන්ති බවට පත්වන්නා වූත් අපිරිසිඳු තත්ත්වයේ සිට පාරිශුද්ධත්වයට පත් වන්නාවූත්
වසන්ත සමයයි. පිවිතුරු ලෝකය නිර්මාණය වූ කළ, අපිරිසිඳු ලෝකය අනිවාර්යෙන්ම විනාශ වී
යනවා. මාහාභාරතයෙහි ඔවුන් සියල්ලම සම්පූර්ණයෙන්ම පෙන්නුම් කර නැහැ. පාණ්ඩවයන්
කඳුකරයට ගොස් එහිදී දිය වී ගිය බවත්, ඔවුන් හා සුනඛයෙකු සිටි බවත් ඔවුන්
පෙන්නුම් කර තිබෙනවා. පාණ්ඩවයනුත් සුනඛයන් තබාගෙන සිටියාද? ඔවුන්
සුනඛයින් තබාගෙන ඉන්නේ නැහැ. මිනිස්සු බල්ලන්ට සෑහෙන ගෞරව කරනවා. බොහෝ මිනිස්සු
බල්ලන් ඇති කරනවා. ඔබ ඉතාමත් උද්‍යෝගිමත්ව සිටිය යුතු බව පරම පියා දරුවන් වන ඔබට
විස්තර කර දෙනවා. ඔබව දිනපතාම ඥානයෙන් ස්නානය කෙරෙනවා. බාබා පැමිණ ඔබව ඥානයෙන්
නහවන්නේ කෙසේද යන්න ගැන ඔබ දන්නවා. ඔහු එන්නේ භාරතයට පමණයි. මේ නිසා තමයි, භාරතය
එතරම් ප්‍රශංසාවට ලක් වන්නේ. චිරස්ථායි වූ දේශය වන්නේ භාරතයයි. ඒ සදාකාලික වූ
පියාගේ උපන් ස්ථානය වන්නේ භාරතයයි. සෑම කෙනෙක්වම පාරිශුද්ධත්වයට පත් කරන්නා වූ ශිව
බාබා ගැන කවුරුවත් දන්නේ නැහැ. දෙවියන්ට නමක් හා ස්වරූපයක් නොමැති බවත් ඔහු සෑම
තැනකම සිටිනා බවත් ඔවුන් කියනවා. ඔවුන් නොයෙකුත් වෙනස් වෙනස් දේ ගැන කතා කර
තිබෙනවා. පරම පියා කියනවා: මා පැමිණෙනවා. මා අනිවාර්යෙන්ම බ්‍රහ්මිණ්වරුන්
නිර්මාණය කරනවා. තමා බ්‍රහ්මිණ්වරුන් නිර්මාණය කරනවා, තමා බ්‍රහ්මාගේ
දරුවන් බව මිනිස්සු කියනවා. මේ නිසා තමයි ඔවුන් බ්‍රහ්මිණ්වරුන් ලෙස හැඳින්වෙන්නේ.
කොහොමනමුත්,
ශිව
බාබා පැමිණි කල ඔහු කළේ කුමක්ද යන්න ගැනත්, ඔහු බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය
සිදු කළේ කෙසේද යන්න ගැනත් මිනිසුන්ට අමතක වි ගොස් තිබෙනවා. ශිව බාබා පැමිණි බවත්, ඔහු
නිර්මාණකරුවා යන වග දන්නා නිසා, ඔහු අනිවාර්යෙන්ම නව නිර්මාණය ඇති කර
තිබෙනවා විය යුතුයි. කිසිවෙක් මේ ගැන දන්නේ නැහැ. මේ ගැන නොදන්නාකම නිසා, ඔවුන්
නොකඩවාම අපහාස කරනවා. එමනිසා, පරම පියා කියනවා: මා පැමිණෙන්නේ අසීමිත
ලෙස අධර්මිෂ්ඨකම තිබෙනා තැනදීය. මෙසේ කිව්වේ කවුද? ක්‍රිෂ්ණා මෙසේ කිව්වේ නැහැ. ක්‍රිෂ්ණාගේ
ජීවාත්මය,
තමා
උපත් 84ක් ලබා
ගන්නා බව මේ කාලයේ දී දැන ගන්නවා. සමත් වී මාරු කර යැවෙනා අය පළමුවෙන්ම එහි උපත
ලබනවා. ඔබ බුද්ධිය තුළට දැන් බොහෝ ආලෝකය ලැබී තිබෙනවා. ඇසෙහි ශල්‍යකර්මයක් කරනා
විට,
ඔවුන්
එක් ඇසක් ඉවත් කර දමා එතනට වෙනත් ඇසක් දමනවා. එවිට ඒ අන්ධ පුද්ගලයාට පෙනීම
ලැබෙනවා. සමහර අය දුර්වලතා සමඟම ඉන්නවා. බාබා දැන් නැති වී තිබෙන්නා වූ ඥානය නම්
වූ ඇස ලබා දීමට පැමිණ සිටිනවා. ඔබගේ ඥානය නම් වූ ඇස දැන් වීවෘත වෙනවා. තෙවැනි ඇස
වන්නේ ඥානයයි. ඔවුන් දේවතාවන්ව තෙවැනි ඇසක් සහිතව පෙන්නුම් කර තිබෙනවා. චක්‍රය ආදී
සෑම දෙයක්ම,
විෂ්ණු
වෙත ලබා දී තිබෙනවා. ඇත්තෙන්ම, තෙවැනි ඇස ලබන්නේ බ්‍රහ්මිණ් දරුවන් වන
ඔබයි. බ්‍රහ්මිණ් වංශයේ උසස්ම සැරසිල්ල ඔබයි. දේව වංශය මෙන්ම යක්‍ෂ වංශයත්
සිටිනවා. ඔබ එය වංශයක් ලෙස හැඳින්වුවත් කුලයක් ලෙස හැඳින්වුවත්, ඒ දෙකම
එකයි. මෙහි තිබෙන්නේ එකම එක ඥානයකි. මේවා ඉතාමත් හොඳ දේවල්. නමුත් කිසිම ආගමික ග්‍රන්ථයක
මේවා සඳහන් වී නැහැ. ඔබ දැන් ත්‍රිකාලදර්ශී, ත්‍රිනේත්‍රි හා ස්වදර්ශන චක්‍රධාරීන්
බවටත් පත් ව සිටිනවා. ඔබ නෙළුම් මලක් සේ පාරිශුද්ධත්වයෙන් සිටිමට උත්සාහ දරනා
අයයි. යම් කෙනෙකුගේ දෑස් ඉතා හොඳින් විවෘතව තිබෙනා බවත් අනෙක්
අයගේ දෑස් ද දැන් නොකඩවාම විවෘත වන බවත් ඔබ දන්නවා. ඇත්තෙන්ම 100% ක් ම
එය විවෘත වෙනවා. ඔබගේ මුවින් නොකඩවාම ඥාන මිණිමුතු පිටවනු ඇත. ඔබ රුප් හා බසාන්ට්
තත්ත්වයට පත් වන්නේ එවිට පමණයි. ඔබ දැන් උත්සාහ දැරිය යුතුයි, හැකි
උපරිම අයුරින් ඔබ උත්සාහ දැරිය යුතුයි. ඉතා උද්‍යෝගිමත් විය යුතුයි. පරිණත විය
යුතුයි. ඥානය පිළිබඳ පැතිරුණු බුද්ධියක් ඇතිකරගෙන දිගින් දිගටම සතුට අත් දකින්න.
ඔබ දිව්‍යලෝකයේ උරුමය ලබනවා. ඉතින් ඔබට තවත් මොනවද අවශ්‍ය? ඔබ ඉතා
සතුටින් සැමරිය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක්
නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ
උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. නිරන්තරයෙන්ම
ඥානයේ දියසීරාව යටට වී ඉන්න. ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක් බවට පත්ව සෑම කෙනෙක්ටම
මාර්ගය පෙන්වා දෙන්න. ඔබගේ මුවින් ඥානයේ මිණිමුතු පමණක් මතුවීමට ඉඩ දෙන්න.
2. ඥානයේ
සාගරය නැවත නැවතත් ආවර්ජනය කොට, නිරන්තරයෙන්ම උද්‍යෝගීමත්ව ඉන්න.
කරුණාවන්ත වන්න. පරිණත වූ බුද්ධියක් ඇති කරගෙන සතුට අත්දකිමින් අන් අයටත් ඒ දෙයම
කරන්නට මඟ පෙන්වා දෙන්න.
වරදානය:
ඔබ
මුදල් උපයමින් සහ ඔබගේ නෑදෑයින්ගේ වගකීම් ඉටු කරමින් සිටින අතරේ දුකෙන් නිදහස්වී
සිටිනා ඇලීම ජයගත්තෙකු සහ භාරකරුවෙකු වේවා.
ලෞකික
නෑදෑයින්ට ඔවුන් සමඟම ඉඳිමින් ඔබේ වගකීම් ඉටුකිරීම යනු ඔවුන්ට ඇලීම ඇතුව එය
කිරීමන් වෙනස් වූ කාරණයකි. භාරකරුවෙක් වශයෙන් ඉපැයීම එක් දෙයකි එවිට ඇලීමෙන් යුතුව
ඉපැයීම තවත් දෙයකි. ඇලීම ජයගත් කෙනෙකුගේ සහ භාරකරුවෙකුගේ සලකුණ වන්නේ දුකේ හෝ
අසාමයේ නමක් හෝ එහි අංශු මාත්‍රයක් නොතිබීම වේ. ඔබේ ආදායමක් ඉපැයීමෙහි අස්ථිර බවක්
ඇති වූවත්,
නැතිනම්
ඔබේ නෑයින්ගේ වගකීම් ඉටුකරන අතරතුර කෙනෙක් රෝගාතුර වූවත්, ඔබට
දුකේ රැළි ඇති නොවේවා. නිරන්තරයෙන් සැහැල්ලු අධිරාජ්‍යයෙක් වී සිටින්න.
පාඨය:
කරුණාබරිත
පුද්ගලයෙක් යනු දුර්වල ජීවාත්මයින්ට නොකඩවා දිරිය ශක්තිය දෙන අයෙකි.
*** ඕම් ශාන්ති ***
Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala


0 Comments