Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala
01-10-2022 උදෑසන
මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
Listen to the Murli audio file
සාරය:
සුමිහිරි දරුවනි, ඒ එකම එක පියාට ගෞරව කරන්න. තමා බොහෝ දක්ෂ යැයි සිතන්න එපා. තමා කරනා ක්රියාව කුමක්ද, තමා දෙස බලා සිටිනා අයත් ඒ දෙයම කරනා බව බුද්ධිය තුළ තබාගන්න.
ප්රශ්නය:
වැඩිපුර උත්සාහයක් අවශ්‍ය වන්නේ කුමන තත්ත්වයක් ස්ථාවරව තබා ගැනීමටද?
පිළිතුර:
ඔබගේ පවුලේ අයත් සමඟ ගෙදර එකට ජීවත්වන අතර, ස්වාමිපුරුෂයා හා භාර්යාව යන ආකල්පය සම්පූර්ණයෙන්ම
නවතා දැමිය යුතුයි. එවන් වූ කිසිවක් ඔබ මනස තුළ නොතිබිය යුතුයි. ජීව වන අප සහෝදරවරුන්, ප්රජාපිතා බ්රහ්මාගේ දරුවන් සහෝදර සහෝදරියන්ය. මෙම තත්ත්වය ස්ථාවර කර ගැනීම උදෙසා කලක් ගත වනු ඇත. එකට ජීවත්වන අතරම, පාපයේ ගින්න දැල් නොවිය යුතුයි. මෙය පුහුණු කරන්න. සියලු සබඳතාවන්ගේ සැකරින් (පැණිය) බඳු වූ මව හා පියා සිහිපත් කරන්න.
ගීතය: ලෝකය වෙනස් (විකෘති) වුවද, අප කිසිවිටෙක විකෘති නොවෙමු...
ඕම් ශාන්ති. දරුවන්ගේ වගකීම නැතහොත් පොරොන්දුව මෙයයි. පොරොන්දුවක් වචනයෙන් දෙන්නේ නැහැ. දරුවන් පියාව හඳුනාගත් විට, කෙසේ හෝ පොරොන්දුවක් සිදුවෙනවා. සෑම කෙනෙක්ම තත්ත්වයක් හිමිකර ගැනීම උදෙසා ස්වාධීන උත්සාහයක යෙදෙනවා. පාසලක සෑම කෙනෙක්ම උසස් තත්ත්වයක් ලබා ගැනීමට ස්වාධීන උත්සාහයක් යොදනවා. මෙහිදී ජීවාත්ම ඉගෙන ගන්නා අතර උත්තරීතර ජීවාත්මය අපට ඉගැන්වීම උදෙසා සජීවී තැනැත්තෙක් (ශරීරයකට ඇතුලු වීම) බවට පත් වෙනවා. ඔහු මොහු (බ්රහ්මා) තුළට ඇතුලු වී ඔහුට උගන්වනවා. ඒ වගේම බ්රහ්මාගේ කටින් සිදුවන නිර්මාණයත් සිදුවෙනවා. බ්රහ්මාට තමාම කටින් උපන් නිර්මාණයක් ලෙස හඳුන්වාගත නොහැකියි. කටින් උපන් නිර්මාණය වන්නේ බ්රහ්මින්වරුන්ය. බ්රහ්මා ශිවාගේ කටින් උපන් නිර්මාණය වන්නේ නැහැ. ශිව බාබා පැමිණ ඔහු තුළට ඇතුළු වී ඔහුව තමා වෙත අයිති කර ගන්නවා. ඔහුත් නිර්මාණයකි. ඔහු පළමුවෙන්ම බ්රහ්මා නිර්මාණය කරනවා. ඔහු පළමුවෙන්ම විෂ්ණුව නිර්මාණය කරන්නේ නැහැ. බ්රහ්මා, විෂ්ණු හා ශංකර්ව සිහිපත් කෙරෙනවා. මෙවැනි කතාවක් ඇත්තේ නැහැ: විෂ්ණු, ශංකර්, බ්රහ්මා. ඔහු පළමුවෙන්ම නිර්මාණය කරන්නේ බ්රහ්මාවයි. බ්රහ්මාගේ රැකියාව වෙනස් වූවකි. මේ සෑම දෙයක්ම වටහාගත යුතු වෙනවා. ඔබ මොහුට කියනවා: මව හා පියා ඔබයි. එමනිසා, ඔහු අශරීරිකයි. මවක් හා පියෙක් භෞතික ස්වරූපයෙන් අවශ්‍ය වෙනවා. මේ නිසා තමයි ඔබ අහන්නේ: මමාට අම්මා කෙනෙක් ඉන්නවාද? පිළිතුර විය යුත්තේ ‘ඔව්‘ යන්නයි. බ්රහ්මාත් මමාගේ මවයි. බ්රහ්මාට මවක් නැහැ. මන්ද, මේ මව (බ්රහ්මා), කාන්තාවක් නොවන නිසා. සරස්වතී මමා ලෙස හඳුන්වනවා. පියා උගන්වනවා. ඉතින්, මොහුත් ඉගෙන ගන්නවා. ඔබ ශිෂ්යයන් වන්නා සේම, මොහුත් ශිෂ්යයෙකි. ශිව බාබා ශිෂ්යයෙක් නොවේ. බ්රහ්මාගේ තත්ත්වය දැකීමෙන්ම, වඩාත්ම ඉගෙනගෙන තිබෙන්නේ ඔහු බව ඔබට වැටහෙනවා. වඩාත්ම සමීපව සිටින්නේ ඇත්තෙන්ම ඔහු බව ඔබට දක්නට පුළුවන්. ඔහුට පළමුවෙන්ම සවන් දෙන්නේ කාගේ දෙසවන්ද? සැමටම වඩා සමීපව ඉන්නේ මේ බ්රහ්මායි. මමා හා බාබා වැඩියෙන්ම ඉගෙන ගන්නා බවත්, පසුව දරුවන් අනුපිළිවෙලින් යුතුව ඉගෙන ගන්නා බවත් කියන්න පුළුවන්. ජගදීශ් දරුවා මමා හා බාබාටත් වඩා හොඳින් විස්තර කරනා බව බාබා කිව්වා වුවත් ඔහු මුරලි එක අධ්යයනය කරනවා. ඒවා ධාරණය කරගෙන ‘ගීතා‘ සඟරාව ලියනවා. මන්ද, ඔහු සියලුම ආගමික ග්රන්ථ ආදිය අධ්යයනය කොට තිබෙන නිසයි. ඔහු ඉංග්රීසි භාෂාවෙහිත් දක්ෂයි. මෙය හඳුන්වන්නේ ගෞරව කිරීමක් ලෙසයි. ශිෂ්යයන් එකිනෙකාට ගෞරව කළ යුතුයි. බාබාත් ගෞරවය පවත්වා ගන්නවා. එමනිසා, තවම කිසිම කෙනෙක් කලා 16 න් නොපිරී තිබුණා වුවත්, ඔබ පියාව අනුගමනය කළ යුතුයි. එය සිදුවන්නේ අනුපිළිවෙලක් ඇතිවයි. සෑම කෙනෙක්ම කුමක් හෝ වැරැද්දක් කරනවා. මේ නිසා තමයි තමා වඩා දක්ෂයෙක් යැයි ඔබ නොසිතිය යුත්තේ. ඔබ කරන කුමන හෝ ක්රියාවක් වේද, ඒ දෙස බලා සිටිනා අය කරන්නේත් ඒ දෙයමයි. එමනිසා, ඔබ එකිනෙකාට ගෞරව කළ යුතුයි. ඔබ ස්වාමිපුරුෂයා හා භාර්යාව සහෝදර සහෝදරියන් බවට පත් කරනවා කියා මිනිස්සු කියනවා. බුද්ධිමත් දරුවන් නම් ඉක්මණින්ම, සෑම කෙනෙක්ම දෙවියන්ගේ දරුවන් වන නිසා. ඒ සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන් බව පවසනවා. ප්රජාපිතා බ්රහ්මාගේ දරුවන් සහෝදර සහෝදරියන් වේ. සහෝදර සහෝදරියන් බවට පත් වීම හොඳයි. ඔබ බාබාගේ දරුවන් බවට පත්වුවහොත්, ඔබට උරුමයක් හිමිකර ගත හැකියි. ඔබ බ්රහ්ම බාබා මාර්ගයෙන් ශිව බාබාගෙන් උරුමයක් ලැබීමටයි ඉන්නේ. ඉතින් ඔබ බ්රහ්ම කුමරුන් හා කුමරියන් බවට පත් විය යුතුමයි. පසුව ඔබ පාපයෙහි නොගැලිය යුතුයි. එසේ නැත්නම්, එය පාපකාරී ලෙස හැසිරීමක් බවට පත් වෙනවා. බාබා ඉතා පැහැදිලි ලෙස ඔබට විස්තර කරනවා. ඒ වගේම ඔහු ඔබට පාරිශුද්ධත්වයට පත් වීමේ මාර්ගයත් කියා දෙනවා. භාර්යාව බාබා කියා කියනා අතර ස්වාමිපුරුෂයාත් බාබා කියා කියනවා. එමනිසා, ‘ස්වාමිපුරුෂයා හා භාර්යාව‘ යන අවධානය බිඳී යනවා. ලෝකය ස්ථාපනය වූයේ ආදම් හා ඊව් විසින් බවත්, එමනිසා, සැවොම ඔවුන්ගේ දරුවන් බවත් මිනිස්සු කියනවා. ඉතින් හැමෝම සහෝදර සහෝදරියන්. බ්රහ්ම කුමරුන් හා කුමරියන් බවට පත් වීමට එතරම් උත්සාහයක් අවශ්‍ය නැහැ. ඉණිමග නැඟ සිටිනා අය පහළටත් බැසිය යුතු වෙනවා. පහළට බැසීමට උත්සාහය අවශ්‍ය වෙනවා. ඔබ දෙදෙනා වෙන්ව ජීවත් විය යුතුයි කියා දෙයක් නැහැ. නමුත් ඒ වෙනුවට සහකරුවන් ලෙස පමණක් ජීවත් වන්න. ස්වර්ණමය යුගයේදී කිසිම කෙනෙක් අපිරිසිඳු නැහැ. එහිදී, ඔවුන්ට දරුවන් උපදින තුරු බලා සිටීමට අවශ්‍ය නැහැ. මෙහිදී, ඔවුන්ට සමහර විට ඒ වන තුරු බලා සිටීමට සිදුවෙනවා. එහිදී කාලයට අනුව ඔවුන්ට නිරායාසයෙන්ම දර්ශනයක් ලැබෙනවා. මෙසේ සිදුවිය හැක්කේ කෙසේද කියා මිනිස්සු පුදුම වෙනවා. මෙහි සම්පූර්ණයෙන්ම පාපකාරී වූ මිනිසුන්, එහිදී ඔවුන් පාපයෙන් තොරව සිටිනා ආකාරය වටහා ගන්නේ කෙසේද? එහි කිසිම ශරීර අවධානයක් ඇත්තේ නැහැ. මෙහි තිබෙන්නේ ශරීර අවධානයයි. කෙනෙක් තම ශරීරය අත්හළ විට, මිනිස්සු බොහෝ සෙයින් හඬා වැලපෙනවා. එහි කිසිමාකාරයක හැඬුමක් ඇත්තේ නැහැ. එහිදී, ශරීරය අත්හැර ගොස් කුමරෙක් බවට පත්වීම පිළිබඳව ඔවුන් දර්ශනයක් දකිනවා. මෙහිදීත්, අනාගතයේදී ඔබ ගිහින් අධිරාජ්යයෙක් හෝ අධිරාජිණියක් බවට පත්වනු, ඔබ දර්ශන දකිනවා. ඔබ ඔබගේ උකුලෙහි ක්රිෂ්ණා වැනි වූ දරුවෙක් දකිනවා. කෙනෙක් සූර්ය වංශික අධිරාජ්යයෙක් වෙයිද, චන්ද්‍ර වංශික අධිරාජ්යයෙක් වෙයිද කියා ඔබට දර්ශනයකින් වටහා ගත නොහැකියි. මන්ද, ඒවා සම්පූර්ණයෙන්ම අළුත් දේවල් වන නිසයි. මේ නිසා තමයි කතාවක් තියෙන්නේ: පළමුවෙන්ම පියාව හඳුනා ගන්න. පියා කියනවා : මා කෙතරම් ආදරණීයද බලන්න! පියා කියනවා : මා තමයි සියලු සබඳතාවන්හි සැකරින් එක (රස මිහිර). මා ඔබට මාව සිහිපත් කරන්නැයි කියනවා. මිනිස්සු කියනවා: මව හා පියා ඔබයි. සෑම දෙයක්ම පිළිබඳව එකක් එකක් පාසා ඔබ තුළ විශ්වාසයක් ඇති කළ යුතුව තිබෙනවා. කොහොමනමුත්, කුමක් හෝ ගැන කුමන හෝ සැකයක් මතු වුවහොත් ඔබට උසස් තත්ත්වයක් හිමිකර ගැනීමට නොහැකි වනවා. එමනිසා, පියා කියනවා : මන්මනාභාව් තත්ත්වයට පත් වන්න. පියාවත් ඔබ ඔහුගේ පෙම්වතියන් බවත් සිහි කරන්න. මේ ආධ්යාත්මික පෙම්වත හා පෙම්වතියයි. ඔබ ඒ උත්තරීතර ජීවාත්මයේ පෙම්වතියන්ය යන්න ස්ථිර කරගන්න. ක්රිෂ්ණා සැමගේම පෙම්වතා විය නොහැකියි. සෑම කෙනෙක්ම ක්රිෂ්ණාව සිහි කරන්නේ නැහැ. පියා කියනවා : මන්මනභාව්. ඔබ දැන් මා වෙත පැමිණිය යුතුයි. මෙම නාටකය දැන් අවසන් වීමට තිබෙනා අතර ඔබ දැන් නිවස වෙත යා යුතු වෙනවා. ඉතින්, ඔබ අනිවාර්යෙන්ම නිවස සිහිපත් කළ යුතුයි. මුරලියේදී ඔබ සෑම දෙයක්ම පිළිබඳව දිගින් දිගටම හොඳ විස්තරයක් ලබා ගන්නවා. සමහර දරුවන් මුරලියේ තිබෙන දේ සටහන් කරගන්නේ නැහැ. ඉතින් ඔවුන් බාබාගෙන් එකම දේ නැවත නැවතත් අහනවා. ප්රධානම දෙය වන්නේ පෙම්වතා හා පෙම්වතිය පිළිබඳ වූ කරුණයි. සෑම භක්තිවන්තයෙක්ම පෙම්වතුන් වේ. මන්ද, ඔවුන් සැවොම සිහපත් කරන්නේ ඒ එකම උත්තරීතර ජීවාත්මය වන නිසයි. ඔවුන් කියනවා: මගේ වන්නේ ඒ එකම එක තැනැත්තා (දෙවියන්) මිස වෙන කිසිවෙක් නොවේ. දරුවන් දැන් සෑම අළුත් දෙයකටම සවන් දෙනවා. කොහොමනමුත්, ඔබ ඒවාට සවන් දෙන අතරම, මායාත් ඔබට පහර දෙනවා. රාවණුත් පොඩි නැහැ. පියා සර්ව අධිකාරී තැනැත්තා වන්නා සේම මායාත් සර්ව අධිකාරීවරයෙකි. මායාගේ රාජ්යය කල්ප භාගයක් පුරා පැවතෙනවා. පියා දැන් කියනවා : පාප පහම දැන් දානය කරන්න. එවිට සියලු ග්රහ අපල දුරු වී යයි. කොහොමනමුත්, එසේ කිව්වා වුවත්, ඒවා සම්පූර්ණයෙන්ම ඉවත්ව යන්නේ නැහැ. සමහරු දානයක් දී එය නැවතත් ගන්නවා. මෙය මුදල් පිළිබඳ ප්රශ්නයක් නොවේ. පාපය පිළිබඳ වූ ප්රශ්නයකි. පූජකවරුන් හා ශාන්තුවරුන් මුදල් ගැන කියනවා. ඉතින් ඔබ ඒවා දන් දුන්නොත් නැවත නොගත යුතුයි. මන්ද, ඔවුන්ගේ ආදායම රඳන්නේ ඒ මත නිසයි. සමහර මිනිස්සු සන්යාසීන් වෙත ගොස් දරුවෙක් ඉල්ලනවා. ඔහු පිළිතුරු දෙනවා: මගේ ආශිර්වාදයෙන් ඔබට දරුවෙක් ලැබෙයි. ඔවුන්ට දරුවෙකුත් ලැබුණහොත්, ඔහු කියයි තමා දරුවාව ලබා දුන් බව. දරුවා මියගියහොත් එය දෛවය බව ඔහු කියයි. එක්කෙනෙක්ට හරිගියහොත් බොහෝ දෙනා ඔහුව විශ්වාස කරනවා. ඔවුන්ගේ ව්යාප්ත වීම සිදු වන්නේ මේ ආකාරයටයි. එක පැත්තකින් ඔවුන් තමාටම ප්රශංසා කර ගන්නා අතර, අනෙක් පැත්තෙන් එය දෛවය බවත් කියනවා. මේ අවස්ථාවේදී ඔබ නාඳුනන සෙබලුන් වේ. මිනිස්සු ඒ නාඳුනන සෙබලුන්ගේ සිහිවටන තනනවා. ඒ වගේම වැදගත් මිනිසුන් ඒවා බලන්නට යනවා. ඒ සොල්දාදුවන්ට පූජා කරන්නට ඔවුන් මල් ඉල්ලනවා. ඔබ කිසිම දෙයක් නොදන්නා කෙනෙක් ගැන සිහිවටනයක් තනන්නේ කෙසේද? දැන් ඔබ නාඳුනන ලෙස සිටියා වුවත් පසුව ඔබ වඩාත් ප්රසිද්ධ වූවන් බවට පත් වනු ඇත. ඔබගේ පන්සල්, කෝවිල් තැනේවි. දැන් ඔබ සූක්ෂම අයුරින් රාමාගේ රාජ්යය ස්ථාපනය කරනවා. අච්චා. ඔබ බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වී සිටිනා සුමිහිරි ආදරණීය දරුවන් බවට පත් ව සිටිනවා. එහෙම නේද? ඔබ අවුරුදු 5000 කට පසුව පැමිණ මා හමු වී සිටිනවා. දෙමාපියන්ට තම නැති වූ දරුවා හමු වූ විට, ඔවුන් බොහෝ සතුටට පත් වන අතර, ඒ දරුවාත් තව තවත් දිගින් දිගටම ‘‘බාබා, බාබා‘‘ කියා කියන්නට පටන් ගන්නවා. ඉතින්, දැන් විනාශය සිදුවන අතර ඔබ නැතිවනවා. ඒ කියන්නේ, ඔබ පියාගෙන් වෙන් වෙනවා. පසුව කල්පයකින් පසුව ඔබ නැවතත් පියාව හමුවෙනවා. ඉතින්, මව හා පියා ඔබට බොහෝ ආදරය කරනවා. කල්ප බාගයක් පුරා ඔබ සතුට අත්දකිනවා. පසුව කෙමෙන් කෙමෙන් ඔබ අසතුටට පත් වනවා. සතුට යනු කපුටෙකුගේ පැහැරීම් වැනි දෙයක් බව සන්යාසීන් කියනවා. ඔවුන් පාපය ගැනත් මෙසේ කියනවා: ගුරු නානක් පවා කිව්වා: දෙවියන් කිලිටි වූ අපිරිසිඳු ඇඳුම් සෝදා හැරියා. ඉතින් ඒවා සේදුවේ කවුද? ඒ තමයි ඒ අශරීරික තැනැත්තා ලෙස හැඳින්වෙන්නා වූ උත්තරීතර ජීවාත්මය. සික් ආගමේ මිනිසුන් නොකඩවාම මෙසේ ගායනා කරනවා. මේ ඥාන මාර්ගයේ දී දරුවන්ට ඉතාමත් තියුණු බුද්ධියක් අවශ්‍ය වනවා. මන්ද, ජීවාත්ම අවදි කළ යුතු වන නිසයි. එමනිසා, ජීවාත්මය තියුණු වනවා. සමහර මිනිසුන්ට ඉතාමත් තියුණු බුද්ධියක් තිබෙනවා. මව්වරුන් හා කුමාරීන් බොහෝ සැළකිලිමත් වනවා. එසේ නැත්නම්, කාන්තාවන්ට තම ස්වාමිපුරුෂයන්ට විස්තර කර දීමට නම් සෑහෙන ධෛර්යයක් හා බිය නොමැති කමක් අවශ්‍ය වෙනවා. සෑම කෙනෙක්ම අපායේ වැසියන් වන අතර ඒ සැවොම ඉන්නේ පරිහාණික තත්ත්වයේයි. ඔවුන් භක්ති මාර්ගයේදී බොහෝ සෙයින් දන් දෙනවා. අත්පුඩි තලනවා. නමුත් එමඟින් කිසිම විමුක්තියක් ලද නොහැකියි. දරුවන් වන ඔබ විමුක්තිය වෙත යාම උදෙසා සම්පූර්ණ නිහඬත්වයට පත් වෙනවා. නාරද්, ලක්ෂ්මි හා නාරායන ඔවුන්ගේ රාජ්යය හිමිකර ගත්තේ කෙසේද? ඔවුන් දැන් ඉන්නේ කොහිද? යන්න ගැන තේරුම් ගෙන තිබෙන්නේ ඔබ පමණයි. මේ නිසා තමයි ඔබ කෝවිල් ගානේ ගොස් ඔවුන් ඉදිරියේ හිස නොනමන්නේ. තමා ලක්ෂ්මි හා නාරායන බවට පත් වන බව ඔබ වටහා ගන්නවා. ඔබ අන් අයට වැඳීම දැන් නවතා තිබෙනවා. ඔබ වඳින්නේ නැති නිසා, මිනිස්සු ඔබට අදේවවාදීන් කියා කියනවා. ඇත්තෙන්ම ඔබ දේවවාදීන්, ඒ ඔබ දරනා උත්සාහය අනුව අනුපිළිවෙලටයි. පරමාත්ම දෙවියන් ගැන නොදන්නා මිනිසුන් අදේවවාදීන් වේ. ඔබ දැන් ඒ ස්වාමියා හා පාලකයාට අයිති වනවා. පසුව මායා ඔබට පහර දෙනවා. එමනිසා, ඔබ අනාථයින් බවට පත් වනවා. මායා බොහෝ මහළු මිනිසුන්ව පවා නැවත තරුණ බවට පත් කරවනවා, මායාගේ කුණාටු තිබෙනවා. ඔබ එකිනෙකා හට අත දිය යුතුයි. සහයෝගශීලී වී දිගින් දිගටම මේ අළුත් වන්දනා ගමනෙහි ඉදිරියට යමින් බාබාගේ ශ්රීමත් ද අනුගමනය කරන්න. සෑම දෙයක්ම තීරණය වන්නේ බුද්ධියේ වන්දනා ගමන මතයි. ඔබ අන්ගද් සේ නොසැලෙන නිෂ්චල තත්ත්වයට පත් විය යුතුයි. එම තත්ත්වය ඇති වන්නේ අවසානයේදීයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්රාර්ථනා කරයි. ආධ්යාත්මික පියාගෙන් ආධ්යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- පියාගේ
අතින්ම අල්ලාගෙන,
සහයෝගශීලී වී
දිගින් දිගටම
බාබාගේ ශ්රීමත්
අනුගමනය කරමින්
ඉදිරියට යන්න.
සියලු සබඳතාවන්ගේ
සැකරින් (රස
මිහිර) බඳු
වූ පියාව
දැඩි සෙනෙහසකින්
යුතුව සිහිපත්
කරන්න.
- පියා
සෑම දරුවෙක්ටම
ගෞරව කරන්නා
සේම, ඒ
ලෙසින්ම පියාව
අනුගමනය කරන්න.
අනිවාර්යෙන්ම ඔබගේ
ජ්යෙෂ්ටයන්ට
ගෞරව දක්වන්න.
වරදානය:
"අළුත්
දෙයක් නොවේ"
(nothing new) යන පාඩම
තුළින් අත්දැකීමේ
ප්රතිරුවක්
වී සියලු
බාධාවන් ක්රීඩාවක්
සේ සලකමින්
ඒවා පරදවන්න.
බාධාවන් දැකීමෙන් බියට පත් නොවන්න. ඔබ ප්රතිමාවන් බවට පත්වන හෙයින් අනිවාර්යයෙන් සුළු තැළීම් වලට ලක්වේවි. එසේ මිටි පාරවල් වැදී මෙන් පමණයි ඔබ මාහැඟි වන්නේ. ඔබ තව ඉදිරියට යන විට බොහෝ කුණාටු වලට මුහුණ පාන්න වේවි. කෙසේවෙතත්, ඔබව අත්දුටුවන් බවට පත්කිරීමට එම කුණාටු තෑග්ගක් වේවි. එමනිසා, මෙසේ නොසිතන්න: "අත්දැකීම් ඇත්තන් වීමට මා පමණක් ද මේ සියලු බාධක වලට මුහුණ දෙන්නේ?" නැහැ. ඒවා සාදරයෙන් පිළිගන්න. "අළුත් දෙයක් නොවේ" යන පාඩම ස්ථිර වූ විට බාධක ක්රීඩාවක් සේ පෙනෙනු ඇත.
පාඨය:
සත්යයේ විශේෂතාවය ඔබ සතුව ඇතිවිට, දියමන්තියක් වූ ජීවාත්මයේ දිස්නය සෑම තැන් වලට නිරායාසයෙන්
පැතිර යයි.
*** ඕම් ශාන්ති ***
මාතේෂ්වරියගේ උසස් දේශන
1) මෙම දේවමය ඥානය ස්වර්ණමය යුගයේ දී නොලැබෙයි.
කෙනෙක් ඇසුවොත් අප දැන් මේ සංගම් යුගයේ දී ලබා ගන්නා දේවමය ඥානය සත් යුගයේ දීත් නැවත ලැබිය හැකි ද කියා, එය මෙසේ විස්තර කළ හැකියි: සත් යුගයේ දී අපි අපේම ඥාන ප්රතිමූර්තිය වන අතර එහි ඵලය ලෙස දේවි දේවතා සැප අත්විඳී. එහි ඥාන හුවමාරුවක් සිදු වන්නේ නැත. ඥානය අවශ්‍ය වන්නේ නොදන්නා අයට වන අතර ඔවුන් එහි දී ඥානයේ ප්රතිමූර්ති වෙයි. ඥානය අවශ්‍ය අඥානී කිසිවෙක් එහි නැත. දැන්, මෙකල අප විවිධත්වයෙන් යුතු නාටකයේ මුල, මැද හා අග සම්පූර්ණයෙන්ම දන්නා අයයි. අප මුලදී කෙසේ වූ අයද, කෙසේ කොහෙන් පැමිණියේද,ඉන්පසු මධ්‍ය කාලයේ දී කර්ම බන්ධන වලට හසුවී පිරිහුණේ කෙසේද, සහ දැන් අවසානයේ දී කර්ම බන්ධන අභිබවා කර්මටීට් දේවි දේවතා තත්ත්වයට පත් වන ආකාරය අප දැන් දනී. අප මෙකල දරන උත්සාහයන් තුළිනි ඔබට අනාගතයේ දී ස්වර්ණමය යුග දේවි දේවතා ඵලය ලැබෙන්නේ. ඒ අවස්ථාවේ දී අප දැනුවත් වුවහොත් පිරිහෙන බව ඔබගේ සතුට පලා යාවි. එහිදී, පිරිහීම පිළිබඳ දැනුම ඇති නොවේ. එහිදී එවැනි සිතිවිලි ද නැත. දැනුයි අපි දන්නේ මෙම ඥානය තුළින් අපව ඉහළට ආරෝහණය වී සතුටු දිවියක් ලැබෙන බව. ඉන්පසු,චක්‍ර භාගයකින් පසු, සම්පූර්ණ ඵලය අත්විඳීමෙන් පසු අපට අපවම අමතක වී මායා බලපෑමට හසු වී පිරිහේ. මේ වැටීම සහ නැගිටීම පූර්ව නියමිත සදාතනික ක්රීඩාවකි. මේ සියලු ඥානය දැන් අපේ බුද්ධියේ ඇති නමුත් සත්යුගයේ දී නැත.
2) ප්රායෝගිකවම අප දේව දරුවන් නොවුණහොත් දේව සභාවේ දී අපට කිසිවක් ලැබිය නොහැක.
බොහෝ මිනිසුන් දන්නවා ඔවුන් හොඳ හෝ නරක යම් ක්රියාවක් කරයි ද, නියතයෙන්ම ලැබෙන්නේ එහිම ප්රතිඵල බව. එනම්, මිනිසුන් දන්නවා යමක් පිනට දීමෙන්, බලි යාග වලින් හෝ වන්දනාමාන සිරිත් වලින් ද දෙවියන් නමට දෙන දාන වලින්ද, රාජ සභාවේ දී සැලකිලි ලබා මරණින් මතු නියතයෙන්ම ප්රතිඵල ලෙස විමුක්තිය ද ලැබෙන බව. කෙසේ වුවද, ඔබ දන්නවා ඒ කිසිවකින් ස්ථිර යහපතක් නොවන බව. අප කුමන ක්රියාවක් කළත් නියතයෙන්ම ලැබෙන්නේ ඒ මොහොතට ලැබෙන තාවකාලික සතුටයි. අපට මෙසේ ඇසිය හැකියි: ඔබ කළ කී දෑ වලින් ඔබට සම්පූර්ණ යහපතක් ලැබී තිබේද? මේ ප්රශ්නය ඇසුන විට ඔවුන්ට පිළිතුරු නැත. එය දේව සභාවේ පිළිගැනීමට ලක් වූවාද නැත්ද යන්න අපට කෙසේ කිව හැකිද? ප්රායෝගික ජීවිතයේ ඔබේ ක්රියා උසස් නොවුණහොත් කුමන උත්සාහයක් කළද මුක්තිය හෝ ජීවන්මුක්තිය ඔබට නොලැබේ. හොඳයි ඔබ පින්කම් කළත්, දාන මාන දුන්නත් එයින් ඔබේ පව් දුරුවී නැත්නම්,ඔබ මුක්තිය හෝ ජීවන් මුක්තිය ලබන්නේ කෙසේද? කුමන විදියේ ශාන්තුවරු හෝ මහත්මාවන් සිටියත් ඔවුන්ට හරිහැටි කර්ම ඥානය නොලැබුණොත් ඔවුන්ට, අකර්ම කිරීමේ හැකියාව නොලැබෙන නිසා විමුක්තිය හා ජීවනමුක්තිය ද නොලැබේ. ඔවුන් සැබෑ ආගම හා සැබෑ ක්රියාව කුමක්ද කියාවත් නොදනී. ඔවුන්ගේ දෙතොලේ ‘රාම් රාම්‘ නම ගැයුනත් එයින් අත්වන විමුක්තියක් නැත. කෙසේ වුවද, මරණින් මතු විමුක්තියක් ලැබීම යනු අර්ථ විරහිතය. මරණින් පසු කුමක් ලැබේ දැයි ඔවුන් නොදනී. මිනිසුන් ජීවිතයේ දී කරන හොඳ හෝ නරක ක්රියා අනුව ඔවුන්ට මේ ජීවිතයේ දී ප්රතිඵල ලැබේ. අප දේව පියා වන ගුරුවරයාගෙන් අපගේ ජීවිත ප්රායෝගිකව පිරිසිඳු ක්රියා වලින් යුක්ත වන්නේ කෙසේ දැයි යන සියලු ඥානය ලබයි. අච්චා.
Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala


0 Comments