Header Ads Widget

Header Ads

SINHALA MURLI 03.09.22

 Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala

03-09-2022  උදෑසන මුරලි  ඕම් ශාන්ති  බාප්දාදා  මධුබන්



Listen to the Murli audio file



 

සාරය:

සුමිහිරි දරුවනි, ඔබගේ ශරීර වලට සහතිකයක් නැත. එබැවින් ඔබට කිරීමට අවශ්‍ය ඕනෑම සුබ කටයුත්තක් අදම කරන්න. එය හෙටට කල් නොදමන්න.

ප්‍රශ්නය:

ඔබගේ සෑම දෙයක්ම සාර්ථක කරගැනීමේ මාර්ගය කුමක්ද, එනම්, සමෘද්ධිමත් වීමට?

පිළිතුර:

ශිව බාබා ඔබගේ උරුමකරුවා (දරුවා) කරගන්න, එවිට ඔහු උපත් 21කට ඔබව සමෘද්ධිමත් කරවයි. සෑම කෙනෙකුගේම දරුවා වී, සියලු දෙනාගේ සෑම දෙයක්ම සාර්ථක කර දෙන්නේ ඔහුම පමණයි. කෙසේවෙතත්, ඇතැම් අය මෙසේ සිතා බියට පත් වෙයි ඔවුන්ට ඇති සියලු දේ දීමට සිදුවෙයි කියා ඔවුන් සිතයි, බාබා පවසන්නේ බිය වීම ගැන ප්‍රශ්නයක් නැත. ඔබගේ දරුවන් ආදිය දිගටම රැකබලාගන්න, නමුත් මෙම දරුවා සිහි කරන්න, එවිට ඔහු ඔබව සමෘද්ධිමත් කරවනු ඇත. ඔබ මෙම දරුවා වෙනුවෙන් කැප වුණොත්, ඔහු ඔබට බොහෝ සේ සේවය කරයි.

ඕම් ශාන්ති. ඔවුන් ශිව බාබාගේ ශ්‍රේෂ්ඨ වදන් වලට සවන් දෙන බව, මේ මොහොතේ මධ්‍යස්ථාන වල අසුන්ගෙන සිටින සියලුම දරුවන්ට නියත වශයෙන්ම වැටහෙනවා. මෙවන් වෙනත් සංවිධානයක් නැහැ. ඔවුන්ට බොහෝ ශාඛා ඇති අතර, ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය තිබෙන තැන, ඔවුන්ගේ ගුරූ වාසය කරන තැන, ඔවුන් පටිගත කිරීම් ආදිය සිදු කරන අතර, ඔවුන් එම ගුරූව සිහි කරයි. ඔබ හැර වෙනත් කිසිවෙකු අශාරීරික පරම පියා, පරමාත්ම ජීවය සිහි නොකරයි. පාරලෞකික පියා පැමිණෙන්නේ මෙම සංගම යුගයෙදි පමණයි. ඔහු මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට ඔහුගේ හැඳින්වීම ලබා දෙන අතර ඔය දරුවන්ගේ බුද්ධිය තුළ විශ්වාසය වර්ධනය වී මෙම කුල්මත් බව ඇති වෙයි. පරම පියා පරමාත්ම ජීවය, මෙකල මුරලිය පවසයි. ක්‍රිෂ්ණා, මධුබන්වල බට නලාවක් (මුරලියක්) වාදනය කළ බව, ග්‍රන්ථවල සඳහන් වී ඇත. එක් ප්‍රධාන ස්ථානය මධුබන් වන අතර මෙහි සිට සෑම තැනකටම මුරලි යවයි. ක්‍රිෂ්ණා මුරලිය වාදනය කරන බව, මිනිසුන්ගේ බුද්ධියේ තිබේ. ශිව බාබා මුරලිය පවසන බව, කිසිවෙකුගේ බුද්ධිය තුළට කිසිසේත් ඇතුළු නොවෙයි. කිසි කෙනෙක් එය නොදනී. ශිව බාබා, බ්‍රහ්මා මගින් මුරලිය වාදනය කරන බවත්, ඉන්පසුව සියලුම ඥානයේ ගංගාවන් එයට සවන් දී වෙන අයට පවසන බවත්, ඔබගේ මධ්‍යස්ථාන විවෘත වන ඕනෑම තැනක සියලු දෙනාම වටහා ගනී. ශිව බාබාව, දෙවියන් ලෙස හැඳින්වෙන ශිව බාබාව, ඔවුන්ගේ බුද්ධිය සිහි කරයි. ශිව බාබා මුරලිය පවසන බව, කිසිම ග්‍රන්ථ ශාස්ත්‍රයක සඳහන් වී නැහැ. ඔය දරුවන් කොහේ සිටියත්, පැමිණෙන මුරලිය, ශිව බාබාගේ මුරලිය බව, ඔබට වැටහෙයි. ශිව බාබා හැර වෙනත් කිසිවෙකුට මෙය ඉගැන්විය නොහැක. පියාම පවසන්නේ: මා සිහි කරන්න, එවිට මා ඔබට උරුමය ලබා දෙන්නම්. බාබා දිගින් දිගටම ඔය දරුවන්ට පවසන්නේ: නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න! වෙනත් කිසිවෙකුගේ නම හෝ රූපය සිහි නොකරන්න! ඔබ උපතින් උපතට ශාරීරික ජීවයන්ගේ ඡායාරූප එකතු කරමින් සිට ඇත. ඔබ විශේෂ යාඥා (උපාස්නා) ආදියද කියමින් සිට ඇත. ඔබ දැන් දේවතාවන් ආදීන්ගේ රූප තබාගැනීම නවතා ඇත. භක්ති මාර්ගයේ ජීවාත්ම, සිහිකරන්නේ පියාවයි. ඔවුන් ශරීර සිහි කරන්නේ, ඔවුන් ශරීර අවධානයට පත් වූ පසු පමණයි. පරම පියා නැවත නැවතත් පවසන්නේ: තමන් ජීවාත්මයක් බව සලකා නොකඩවා පියා සිහි කරන්න. අපවිත්‍ර මෙන්ම දුකට පත්ව ඇත්තේ ජීවාත්මයයි. ජීවාත්මය පවසන්නේ: මා අධිරාජයෙක්ව සිටි අතර දැන් මා සිඟන්නෙක් වී ඇත. ඔබ බාබාගේ දරුවන් බව ඔබට දැන් සිහි වී ඇත. අපට පියාගෙන් අපගේ උරුමය හිමි විය. පියා දැන් පවසන්නේ: සෑම කෙනෙකුටම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. මීට වඩා ශුභ කටයුත්තක් නැත. මෙම ශුභ කටයුත්ත කිරීම ඔබ කල් නොදැමිය යුතුයි. තරුණ වුවත් මහළු වුවත්, ශරීර වලට සහතිකයක් නැත. එබැවින් ඔබට කුමක් කිරීමට අවශ්‍ය වුවත්, එය අදම කරන්න. ඔබ “අද, හෙට” කියමින් සිටින අතර, මරණය ඔබව ගිල දමයි. ඔබට නිරෝගිකම, ධනය සහ සතුට ලබාදෙන එවන් විශාල රෝහලක්-සහ-විශ්ව විද්‍යාලයක් පියා විවෘත කර ඇත. ඔබට නිරෝගිකම සහ ධනය තිබේ නම්, ඔබ කොහොමත් සිටින්නේ සතුටින්ය. පුද්ගලයෙකුට රෝග වලින් නිදහස් ශරීරයක් සහ ධනය තිබේ නම්, ඔහු සිටින්නේ සතුටින්ය. එබැවින් පරම පියා පවසන්නේ: ශුභ කටයුත්තක් කිරීමට කාට හෝ අවශ්‍ය නම්, එය දැන් සිදුකරන්න. වර්ග අඩි තුනක භූමි ප්‍රමණායක් ගෙන මෙම රෝහල විවෘත කරන්න, එපමණයි. සෑම කෙනෙකුටම පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. පරම පියා දිව්‍යලෝකයේ නිර්මාණකරුයි, එබැවින් ඔබට අනිවාර්යෙන් ඔහුගෙන් දිව්‍යලෝකයේ උරුමය හිමි විය යුතුයි. භාරතයේ ජනතාවට උරුමය හිමි විය. භාරතයේ ජනතාවට පහසුවෙන් මෙම දේවල් වටහාගැනීමට හැකි වෙයි. ඔවුන් දෙවියන් සෙවීම පිළිඹිමු කිරීමට, දේවාල තිබේ. ආර්ය සමාජයට අයත් අය, දේවතාවන් ගැන විශ්වාස නොකරයි. නිර්මාණය කර ඇති මේ සියලුම පින්තූර ව්‍යාජ බව ඔවුන් විශ්වාස කරන්නේ මේ නිසාය. බොහෝ බාධක දිගටම ඇතිවෙයි. මෙය විස්තර කිරීම ඉතා පහසුයි. පරම පියාගේ නියෝගය වන්නේ: තමන්ව විගසින් මා සමග විවාහ ගිවිසගන්න. ඔබට උරුමයට අයිතියක් හිමි කරගැනීමට හැකි වන්නේ, මා සමග විවාහ ගිවිස ගැනීමෙන් පමණයි. පරම පියා, ආධ්‍යාත්මික ශල්‍යවෛද්‍යවරයාය. ඔබ, ඔහුගේ දරුවන් ලෙස හැඳින්වෙයි, එබැවින් ඔබ සියලු දෙනාද ශල්‍යවෛද්‍යවරුන්ය. ඔබ නියත වශයෙන්ම ජීවාත්මයන්ට ඥානයේ එන්නත ලබා දිය යුතුයි. මන්මනාභව! සියල්ලට වඩා විශාලතම එන්නත මෙයයි. බාබා සිහි කිරීමෙන් ඔබගේ සියලුම දුක් ඉවත් වෙයි. යෝගාව තුළින් ඔබ පුණ්‍ය ආත්ම බවට පත් වෙයි. එකම ඖෂධය යෝගාවයි. පුතෙක් ඉපදී ඔහුගේ පියාගේ ඇකයට ගිය විට, ඔහු උරුමයට අධිපතියෙක් වෙයි. සිහිපත් කිරීමේ සිටීමෙන් ඔබ අසීමිත පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නා බව, ඔබ දැන් දන්නවා. බොහෝ විවිධ මාදිලියේ බාධක තිබෙන්නේ සිහිපත් කිරීමේය. මේ නිසයි ඔබ නොකඩවාම සිහිපත් කිරීම ස්ථිර කර ගත යුත්තේ. අඩි තුනක භූමියක් ගෙන, මෙම රෝහල විවෘත කරන්න, එපමණයි. මෙය අඩි තුනක භූමියක් නොවේද? එසේ නැත්නම් මෙතරම් වැදගත් කොලිජීයක් වෙනුවෙන්, මිනිසුන්ට පැමිණ ඉගෙනගෙන ඥානයේ එන්නත ලබා ගැනීමට, ඔබට අක්කර 50ක් හෝ 60ක භූමියක් අවශ්‍ය වෙයි. ඔවුන්ට අඩි තුනක භූමියක්වත් නොතිබුණු නමුත් ඔවුන් ලෝකයේ පාලකයන් වූ බව සිහි කර තිබේ. ඔබ ලෝකයේ පාලකයන් බවට පත් වනවා නොවේද? අඩි තුනක භූමියක් සොයා ගැනීම ලොකු දෙයක් නොවෙයි. ඉන්පසුව එය ක්‍රම-ක්‍රමයෙන් වර්ධනය වෙයි. අත්තිවාරම තැබූවාට පසුව, බොහෝ මධ්‍යස්ථාන විවෘත විය. බොහෝ දෙනෙක් සිප්පි කටු වලින් දියමන්ති බවට වෙනස් වෙයි. මෙසේ කරන අය ඉන්පසුව බොහෝ යහපත අත්විඳියි. රෝහල් සහ කොලිජී විවෘත කරන්නේ බොහෝ දෙනෙකුට යහපතක් සිදු කිරීමටයි. මෙහිද එය එසේමයි. පිටතින් පුවරුවක් දමන්න: උපත් 21කට නිරෝගිකම සහ ධනය. හින්දි භාෂාවෙන් මෙසේ කියනු ඇත: 100% පාරිශුද්ධත්වය, සාමය සහ සතුටෙහි සායනය. කෙසේවෙතත්, සමහර දරුවන් තුළ සේවය කිරීමට කිසිම උනන්දුවක් නැත. පවුලේ සහ නෑදෑයින්ගේ දැල, මකුළු දැලක් මෙන් බව කියයි. ඔවුන්ම දැලෙහි සිරවෙයි. පියා පැමිණ ඔබව රාවනගේ මකුළු දැලෙන් ඉවත් කරගනී. සත් යුගය ගැන මෙසේ නොකියනු ඇත. මෙහිද මිනිසුන් ඔවුන්ගේම දැල් නිර්මාණය කර, එය තුළ මිය යයි. මෙය රාවනගේ රාජධානියයි. රාවනගේ දැල කෙතරම් විශාලද යත්, එය මුළු ලෝකයම වෙලාගෙන තිබේ: සියලු දෙනාම ශෝක කුටියෙහි අසුන්ගෙන සිටිනවා. සියලුම පැවිද්දන් සහ පූජකයන් රාවනගේ දැලෙහි සිර වී සිටියි. පරම පියා පවසන්නේ: දැන් ඒ සියල්ල අමතක කර දමන්න. ඔබ ජීවාත්මයක්ය, යන විශ්වාසය ඇති කරගෙන, සියලු දෙනාටම මෙම මාර්ගය පෙන්වන්න. වෙනත් කිසිවෙකුහට ඔබට ලෝක චක්‍රය පිළිබඳ රහස් පැවසිය නොහැක. පරම පියා පවසන්නේ: ඒ සියල්ල අතහැර, නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඔබගේ සියලු පාපයන් දුරු වී යන්නේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි. ඔබ ශුභ කටයුත්තක් සිදුකිරීම, කල් නොදැමිය යුතුයි. කාර්යයක් කල් දැමීමෙන්, එය ඉටුකිරීමට පෙර, පුද්ගලයෙක් මිය යාමේ නිදසුන් ඔවුන්ද ලබා දෙයි. පසුව ඔහු වෙනුවෙන් පිදෙන භෝග් පිළිගැනීමට එම ජීවාත්මයට ආරාධනා කරන විට, ඔහු බොහෝ සේ හඬා වැලපෙයි. එවිට මෙසේ කියයි: බලන්න, ඔබ සෑම දෙයක්ම පසුවට කල් දැම්මා. ඔබ “අද, හෙට“ කියමින් සිටි අතර, මරණය ඔබව ගිල දැමුවා. එවිට ඔබට ඥානය ගැනීමට නොහැක. එවිට එවන් පැමිණිලි කරයි. බොහෝ දරුවන් සිතන්නේ: හොඳයි, මා මෙය හෙට දිනයේ කරන්නම්, නමුත්, එවිට ඔවුන් මිය යයි. ඔබ බැඳීම් අත්හල යුතු බව පහදා දෙන්නේ මේ නිසාය. ලෞකික නෑදෑයින් ඔබට යහපතක් සිදු කරන්නේ නැත. ශිව බාබා දැන් ඔබගේ දරුවා බවට පත්වී ඇත. ඔහු පවසන්නේ: මාව ඔබගේ උරුමකරුවා කරගන්න, එවිට මා ඔබට බොහෝ සේවය කරන්නම්. මේ නිසයි බාබා මෙසේ විමසන්නේ: ඔබට දරුවන් කී දෙනෙක් සිටිනවාද? ඔබ ශිව බාබා වන මාව, ඔබගේ දරුවා බවට පත් කරගන්නේ නම්, ඔබ උපත් 21කට බොහෝ සෙයින් සමෘද්ධිමත් වෙයි. කුමාරියක් ඇගේ නිවසට යයි. ඔවුන් පුත්‍රයෙක් ලැබීමට බොහෝ ආශාවෙන් බලා සිටියි. යමෙකුට පුතෙක් නොසිටියේ නම් විටෙක ඔහු දෙතුන් වරක් විවාහ වෙයි. පරම පියා පවසන්නේ: ඔබගේ භෞතික දරුවන් ඔබට කොහෙත්ම සේවය නොකරයි. මෙම කෙනා ඔබගේ සැබෑ දරුවා වෙයි. ඔහු සෑම කෙනෙකුගේම සියලු දේ සාර්ථක කරවයි. කෙසේවෙතත්, ඔවුන්ට ඇති සෑම දෙයක්ම අත්හැරීමට සිදුවෙයි කියා, සමහර මිනිසුන් බිය වෙයි. කුමක් වෙයිද? පියා පවසන්නේ: ඔබගේ දරුවන් ආදිය ඔබ රැකබලාගත යුතුයි, නමුත් ඔබ මෙම දරුවා සිහි කළ යුතුයි. මේ කෙනා ඔබව සමෘද්ධිමත් කරයි. මිනිසුන් කාශීහි දේවාලයට ගොස් තම ජීවිතය බිලි දෙයි. ශිවාට තමාව බිලි දීමෙන්, ඔවුන්ට ජීවන-මුක්තිය හිමි වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඇත්ත වශයෙන්ම එය බලපාන්නේ මෙහිදිය. ඔවුන් එක් කාල වකවානුවක දෙයක් තවත් එකකදි සිදුකරයි. ඔබ තමන්ව එම දරුවා වෙනුවෙන් කැප කරන්නේ නම්, ඔහු විශාල වශයෙන් ඔබට සේවය කරයි. ඔහු ඔබට දිව්‍යලෝකයේ මාලිගාවක් ලබා දෙයි. ඒ පුතුන් ඔබ වෙනුවෙන් කිසි දෙයක් නොකරනු ඇත: වැඩිම වුණොත් ඔවුන් බ්‍රහ්මන පූජකයන්ට ආහාර පුජා කරයි! මිනිසුන් කුමන දානයක් දුන්නත්, කුමන පුණ්‍යකර්මයක් සිදුකළත් ඔවුන් එය කරන්නේ තමන්ටයි. එබැවින් මෙම රෝහල ආදිය විවෘත කිරීම අති මහත් පුණ්‍යකර්මයකි! ධනවත් මිනිසුන්ට රෝහල් 10ක් හෝ 15ක් විවෘත කළ හැක. ඔවුන්ගේ සියලුම ධනය ආදියද විනාශ වෙයි. ඔබට රු 50,000කින් පමණක්, ගොඩනැගිල්ලක් කුලියට ගෙන රෝහල් 50ක් විවෘත කළ හැක. එවිට ඔවුන්ටම එය පවත්වාගෙන යාමට හැකි වෙයි. සේවය කිරීමට පියා ඔබට බොහෝ පහසු ක්‍රම පෙන්වා දෙයි. ගංගා නදි තෙරට ගොස් එහි සෑම කෙනෙකුටම සේවය කරන්න. බාබාගේ හැඳින්වීම ඔබගේ පිටුපසෙහි අලවන්න (කොළ කැබැල්ලක). මිනිසුන්ම එය කියවනු ඇත. ශරීර අවධානය අත්හරින්න! ධනවත් කෙනෙක් මෙය කළේ නම්, මිනිසුන් මෙසේ කියයි: විශ්මිතයි! එම කෙනාට ශරීර අවධානය කොහෙත්ම නැහැ! ඔබ පරම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. දිව්‍යලෝකයේ නිර්මාණකරු පරම පියාය, එසේ නම් අපි අපායේ අසුන්ගෙන සිටින්නේ ඇයි? පරම පියා දැන් පැමිණ ඇති අතර ඔහු මෙසේ පවසයි: සියලුම ශාරීරික නෑදෑකම් අතහැර, මා පමණක් සිහිකරන්න. භාරතය, දිව්‍යලෝකයව තිබී, අපාය වූයේ කෙසේද? ලක්‍ෂ්මි සහ නාරායන, උපත් 84ක් ගත්තේ කෙසේද? එන්න, අපි ඔබට මෙම කතාව කියන්නම්. එවිට බොහෝ මිනිසුන් එකට රොක්වනු ඇත. මිනිසුන් සලකන්නේ ගංගා නදිය සහ යමුණා නදිය පාරිශුද්ධකරු වශයෙනි. ගංගා නදිය පාරිශුද්ධකරු නම්, අඩුතරමින් ඒ දෙකෙන් එකක් තෝරාගන්න! ඔය දරුවන් දැන් නාටකය වටහාගෙන ඇති බැවින් ඔබ දැන් අන් අයට පහදා දිය යුතුයි. ඔබ අන් අයගේ බුද්ධිය අවදි නොකළේ නම්, ඔබගේ බුද්ධිය අවදි වී ඇති බව කවුරු කියයිද? ශල්‍යවෛද්‍යවරයෙකුට එන්නතක් දීමට නොහැකි නම් ඔහුට ශල්‍යවෛද්‍යවරයෙක් යැයි කවුරු කියයිද? ඔය දරුවන් සම්පූර්ණයෙන්ම ආලෝකනය වී ඇත. උපත් 84හි රහස ඔබගේ බුද්ධිය තුළ තිබේ. මෙම නාටකය මෙන්ම නළුවන්ගේ රංගනයද ඔබ දන්නවා. උසස්ම උසස් වන්නේ පරම පියාගේ රංගනයයි. ඔහු දරුවන් සමග ඔහුගේ චරිත කොටස රඟපායි. ඔබ භාරතය, දෙව්ලොව බවට පත් කරවන නමුත් ඔබ අදෘෂ්‍යමානයි. මෙය අදෘෂ්‍යමාන අවිහිංසක ශිව ශක්ති සේනාවයි. ඔවුන්ගේ සෑම දෙයක්ම භෞතිකය. බොහෝ මිනිසුන් කුම්භ මේලාවට යයි. මෙහි, ඔබට භෞතික කිසිවක් නැත. ඔබ අසුන්ගෙන, සිටගෙන සහ එහෙ මෙහෙ යන එන විට ඔබගේ වන්දනා ගමනේ යෙදී සිටියි. සිහිපත් කිරීම තුළින් ඔබ පාරිශුද්ධත්වයට පත්වනවා. බාබා පවසන්නේ: ක්‍රියා සිදුකරන අතර නොකඩවා ශිව බාබා සිහි කරන්න. දෙවියන් සෑම කෙනෙක් තුළම සිටින බව ඔවුන් පවසයි. එබැවින් වෙනසක් තිබේ. පරම පියා පවසන්නේ: ඔබ කොහේ අසුන්ගෙන සිටියත් මා සිහි කරන්න. ඒ සමගම ඔබ සේවයද කළ යුතුයි. කෝවිල් වලට බොහෝ බැතිමතුන් යයි. මෙම පින්තූරය ඔබගේ පිටේ දමාගෙන, නොකඩවා පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ඔහු ඔබට බොහෝ ක්‍රම පෙන්වා දෙයි. සොහොන් බිම්වලට ගොස් එහිදී විස්තර කරන්න. අශාරීරික පියාගේ ප්‍රශංසාව සහ ශ්‍රී ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාව විස්තර කරදී මෙසේ විමසන්න: ගීතාවේ දෙවියන් කවුරුන්ද කියා දැන් මට කියන්න. ඔබ සමග පින්තූරද තිබිය යුතුයි. ඔබට බොහෝ සෙයින් සේවය කළ හැක. ස්ත්‍රියක් හෝ කුමාරියක් මෙය කරන්නේ නම්, එය ඇගේ මහා භාග්‍යයක්. හොඳම වන්නේ කුමාරීන්ය. කන්හයියා (කුමාරීන්ගේ පියා) අශාරීරික කෙනාය. කන්හයියා වූයේ ක්‍රිෂ්ණා නොව, පරම පියාය. ඔය දරුවන්ට උගන්වන්නේ කෙසේද යන්න ගැන, පියා සැළකිලිමත් වනවා. නාටකයට අනුව පෙර කල්පයේද මා විස්තර කළ අතර, මා නැවතත් අද විස්තර කර දෙනවා. එබැවින් ඔබද අන්ධයින්ට සැරයටි විය යුතුයි. හැඳින්වීම ලැබෙන දරුවන්, අන් අයවද රැගෙන එයි. එයින්ද පුණ්‍යකර්ම රැස් වෙයි. තමන් ළඟ ගිණුම තබාගන්න. ඔබ කුමක් කළත් ඔබට එහි ඵලය ලැබෙයි. ඔබ අන් අය ගෙන එන්නේ නම්, ඔවුන්ටද බොහෝ යහපතක් අත්විඳීමට හැකි වෙයි. ඔය දරුවන් මෙම ව්‍යාපාරයට බොහෝ අවධානය යොමු කළ යුතුයි. ඔබ සේවය නොකරන්නේ නම් ඔබට කුමක් ලැබෙයිද? සේවය, සේවය, සේවය! ඔබ පරමාත්ම දෙවියන්ගේ සේවයේ යෙදී සිටින බවද ඔබ පවසයි. ඔබට නිවසේ සියලු දෙනාටද සේවය කළ හැක. පරම පියා ඔබට උගන්වන්නේ: ඔබගේ දරුවන්ට පාපයේ ගැලෙන්නට කිසිදා ඉඩ නොදෙන්න. ඔවුන් ඔබට කීකරු නොවන්නේ නම්, ඔවුන් අකීකරුය. ඔබ ඔවුන්ට මුදල් දී, ඔවුන් එය පාපය සිදුකරන්නට භාවිත කරන්නේ නම්, එවිට එම පාපය, ඔබගේ හිස මත එකතු වෙයි. බාබා ඔබට අවවාද කරයි. කෙසේවෙතත්, යමක් කර ඉන්පසුව පියාට ඒ බව පවසන බොහෝ දෙනෙක් සිටියි. ඔහු ඔය දරුවන්ට සේවය කිරීමට බොහෝ විවිධ ක්‍රම පෙන්වා දෙයි. ඔය දරුවන් කළ යුත්තේ මෙම ව්‍යාපාරය පමණයි. දුම්රිය තුළද මෙම සේවය අඛණ්ඩව සිදුකරන්න, එවිට පියා ඔබ සමග සතුටු වන අතර ඔබගේ අනාගත උපත් 21 සඳහා නිරන්තර සතුටෙහි උරුමය ද ඔබට හිමිවෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. මායා ඉතා විශාල දැලක් වියා තිබේ. එබැවින් පරම පියා සිහි කිරීමෙන් තමන්ව එම දැලෙන් ගලවා ගන්න. ශුභ කටයුත්තක් සිදු කිරීමේ තමන්ව යොදවාගන්න. කිසිම ශාරීරික ජීවයකගේ දැලේ තමන්ව සිර කර නොගන්න. සෑම කෙනෙකුගෙන්ම ඔබගේ බැඳීම් ඉවත් කරගන්න.
  2. ඔබට ලැබී ඇති ඥානයේ ආලෝකනය, අන් අයටත් දෙන්න. ශරීර අවධානය අතහැර බොහෝ විවිධ ක්‍රම වලින් සේවය කරන්න. අන්ධයින්ට සැරයටියක් වන්න.

වරදානය:

ඔබ සියල්ලටම ආදරණීය වී සෑම කෙනෙක් උදෙසා ජීවාත්ම හැඟීමෙන් යුක්ත වී අනෙක් වර්ගයේ හැඟීම් සියල්ල නැති කරගන්න.


ඔබ ශරීර අවධානයෙන් සිටින විට, නොයෙක් වර්ගයේ හැඟීම් මතුවිය හැක. ඇතැම් විට, ඔබට හොඳ කෙනෙක් හමුවේ. ඇතැම් විට ඒ තරම් හොඳ නොවන කෙනෙක් හමුවේවි. අන් අයව ඔවුන්ගේ ජීවාත්ම ස්වරූපයෙන් දැකීම මගින් ඔබට ආධ්‍යාත්මික සෙනෙහස ඇතිවේවි. ජීවාත්ම හැඟීම්, ජීවාත්ම අවධානයේ දැක්ම, ජීවාත්ම අවධානයේ ආකල්පයක් තිබීම මගින් සැමදෙනා සමඟ ඔබ ඇතිකරගන්නා සම්බන්ධතාවය අතිශයින් නොබැඳි සහ ළබැඳි වනවා ඇත. එමනිසා ගමන් බිමන් යන අතරේ ද, "මා ජීවාත්මයක්" යනුවෙන් පුහුණු වීම මගින් විවිධ වර්ගයේ හැඟීම් සහ ගතිගුණ සියල්ල අහවරවනවාත් සමඟ ඉබේම සියල්ලගේ සෙනෙහසට ඔබ පාත්‍ර වේවි.

පාඨය:

උද්‍යෝගයේ සහ උනන්දුවේ පියාපත් ඇත්තෝ පහසුවෙන් සාර්ථකත්වය අත්කර ගනිති.

*** ඕම් ශාන්ති ***

Download PDF

Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala

 

Post a Comment

0 Comments