Header Ads Widget

Header Ads

SINHALA MURLI 24.08.22

 Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala

24-08-2022  උදෑසන මුරලි  ඕම් ශාන්ති  බාප්දාදා  මධුබන්

Listen to the Murli audio file



 

සාරය:

සුමිහිරි දරුවනි, මෙය ඔබගේ අවසන් උපත බැවින්, ඔබ ජීවත්ව සිටින තාක්කල්, පාරිශුද්ධත්වයේ පොරොන්දුව ස්ථිරව තබාගන්න. පිවිතුරු වී, පිවිතුරු ලෝකයට යන්න.

ප්‍රශ්නය:

පියා තුළ සෙනෙහසක් සහ අයිතිවාසිකමක් තිබෙන්නේ, කුමන දරුවන් මතද?

පිළිතුර:

පියා තුළ වැඩියෙන්ම සෙනෙහස තිබෙන්නේ, ඉගෙනගෙන, ඉතා හොඳින් අන් අයට කියා දී, එය ඔප්පු කර පෙන්වන අයටයි. මාලාවේ ඇමිණෙන්නේ, හොඳින් ඉගෙනගන්නා අයයි.

ප්‍රශ්නය:

අනාගත දේවතා තත්ත්වයක් හිමි කරගැනීමට, ඔබ තමන් තුළ පරීක්‍ෂා කර බැලිය යුත්තේ මොනවාද?

පිළිතුර:

ඔබ දිව්‍යමය ගුණදම් ධාරණය කරන විට, පැමිණෙන්නේ කුමන බාධකද කියා පරීක්‍ෂා කරන්න. එම බාධක ඉවත් කරගැනීමට ක්‍රමයක් සොයාගන්න. ඔබ කෙතරම් ප්‍රමාණයකට පිවිතුරු වී ඇතිද කියා, තමන්ව පිරික්සන්න. කිසිම කටුවක්, බාධක ඇති නොකළ යුතුයි.

ගීතය:  ඔබගේ අහස් සිහසුන හැර දමා, මිහිතලයට වඩිනු මැනව. 

ඕම් ශාන්ති. බැතිමතුන්, දෙවියන්ට කන්නලව් කරයි, එනම් ඔවුන් පියාට අඬ ගසයි. ඇයි? ඔවුන් දුකෙන් සිටින නිසා. දුකට පසුව, අනිවාර්යෙන් සතුට තිබීමට යන බව, ඔබට වැටහෙයි. සතුට තිබුණා: එය දැනට මෙහි නොමැත. එබැවින් පැමිණ, පහසු රාජ යෝගාව ඉගැන්වීමට කියා, මිනිසුන් ඔහුට අඬගසයි. එය උගන්වන පරම පියා, අනිවාර්යෙන් අවශ්‍යයි. පරම පියා පහදා දෙන්නේ: ඔය ජීවාත්ම, මව් කුසක් තුළට ඇතුළු වී, ශරීර ගන්නා එම ආකාරයටම, මා ශරීරයක් ගන්නේ නැත. මා අපවිත්‍ර අයව පිවිතුරු කළ යුතුයි, මට වැඩුණු සිරුරක් අවශ්‍ය වන්නේ මේ නිසාය. සියලු දෙනාව පිවිතුරු කිරීම සඳහා මා පැමිණිය යුතුයි. මායා, රාවණ, ඔබව අපවිත්‍ර කරවා ඇත. එබැවින් ඔබ එම පාපයන් පහ දන් දෙන්නේ නම්, අපල ඉවත් වෙයි. ප්‍රථම ප්‍රධාන පාපය වන්නේ ශරීර අවධානයයි. දැන් ඔබ ජීවාත්ම අවධානයට පත්ව ඇති බව සලකන්න. මා කතා කරන්නේ, ශරීර තුළ වාසය කරන ඔය ජීවාත්මයන්ටයි. මා ඔබට ඥානය ලබා දෙනවා. වසර 5000කට පෙරද මා මෙම ඥානය ලබා දුන්නා. මා රාජයෝගාව ඉගැන්වූවා: මා සෑම චක්‍රයකදීම එය උගන්වනවා. මා පැමිණි සැනින්, මගේ ව්‍යාපාරය වන්නේ, අපවිත්‍ර අයව පිවිතුරු කිරීමයි. පරම පියාගේ චරිත කොටස වන්නේ, පැමිණ, ඔය දරුවන් පිවිතුරු කිරීමය. ඔබ පිවිතුරු දේවතාවන්ව සිටි බවත්, ඔබ නැවතත් පිවිතුරු විය යුතු බවත් ඔබ දන්නවා. දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න! ඔබ අනාගතයේදී සූර්ය වංශික සහ චන්ද්‍ර වංශික රජ කුමර කුමරියන් වෙයි. මෙම ඥානය, අනාගත රජ කුමර කුමරියන් වීම සඳහාය. එබැවින් ඔබ දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්නා විට, ඔබ රජ කුමර කුමරියන් වෙයි. ඔබ ඒවා ධාරණය කරගන්නේද කියා, තමන්ව පරීක්‍ෂා කර බලන්න. පැමිණෙන බාධක මොනවාද? එම බාධක ඉවත් කිරීමට ක්‍රමයක් සොයාගන්න. පියාගේ සිහිපත් කිරීම තුළින්, ඔබගේ කර්මතීට් තත්ත්වයට පත්වන්න. පැමිණෙන කටු ඉවත් කරමින් දිගටම ඉදිරියට යන්න. ශරීර අවධානය අත්හැර, ජීවාත්ම අවධානයට පත් වී, පියා සිහි කරන්න. ඔබ ඔහු සිහිපත් කරන ප්‍රමාණයට අනුව, ඔබගේ මාර්ගය නොකඩවා නිරවුල් වෙයි. ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර, නෙළුම් මලක් මෙන් ජීවත් වන්න. කිසිදා පාපයේ නොගැලෙන්න. ප්‍රධානතම දෙය පාපයයි. පාපයේ ගැලීම නවතන්න. කුමන බාධක පැමිණියත් කම්නැත, ඔබ අනිවාර්යෙන් පිවිතුරු විය යුතුයි. ස්ත්‍රීන්ට වැඩියෙන් බාධක වලට මුහුණ දීමට සිදුවෙයි. ඔවුන්ට පිවිතුරුව රැඳී සිටීමට අවශ්‍යයි. ඔවුන්ට ක්‍රිෂ්ණාගේ දේශයට යාමට අශ්‍යයි. ඔහුගේ උපන් දිනයේ, ඔවුන් බොහෝ සෙනෙහසින් ඔහුව නළවයි. ඔවුන් ඔහුට වන්දනා කර උපවාසයක්ද කරයි. මෙය දින හතක් පමණක් කරන උපවාසයකි. පරම පියා පවසන්නේ: ඔබ දැන් කිසිදා පාපයේ නොගැලී සිටීමට බාරයක් විය යුතුයි. ඔබ ජීවත්ව සිටින තාක්, පාරිශුද්ධත්වයේ සීලය රකින්න. මෙය දැන් මෙම පැරණි ලෝකයේ අපගේ අවසන් උපත බව ඔබ දන්නවා. එය අපගේ අවසන් උපත පමණක් නොව, නමුත් ලෝකයේ සියලු දෙනාගේම අවසන් උපතයි. අප දැන් පිවිතුරු වී, පිවිතුරු ලෝකයට යන බව, ඔබට වැටහෙයි. අපගේ මතු භවය, පිවිතුරු ලෝකයේ සිදුවෙයි. මෙය ඔවුන්ගේ අවසන් උපතයි, යන සිතිවිල්ල ඇතිව, එම හතයෝගී සන්යාසීන් පිවිතුරු වන්නේ නැත. මෙහිදී, උත්සාහයක් අවශ්‍යයි. එකට වාසය කරන අතර කිසිම විටෙක පාපයේ නොගැලෙන්න. දෙදෙනාම මෙම බාරය විය යුතුයි. අහිංසක අය බොහෝ පහර කෑමට ලක්වෙයි. ඔවුන් කන්නලව් කරයි. පිරිමි කිසිදා මෙසේ කන්නලව් නොකරයි: දෙවියනේ, මගේ ගෞරවය ආරක්‍ෂා කරන්න. කන්නලව් කරන්නේ මව්වරුන්ය: මාව නිරුවත් වීමෙන් ආරක්‍ෂා කරන්න! මව්වරුන්, පරම පියාට කන්නලව් කරයි: අහෝ බාබා, මාව නිරුවත් කිරීමෙන් බේරාගන්න. මෙම දේවල්, භගවත් ගීතාවේ ඇති එම දේවල්මයි, නමුත් සිදුව ඇත්තේ, ඔවුන් වැරදීමකින් ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර තිබීම පමණයි. ක්‍රිෂ්ණා, පාරිශුද්ධකරු නොවෙයි. පාරිශුද්ධකරු වන්නේ ඒකායන පරම පියා පමණයි. පිවිතුරු වීම සඳහා, විටෙක පහරකෑම් ඉවසාගත යුතු බව, ඔබට වැටහෙයි. එම දේම පසුගිය චක්‍රයේද සිදු වූ අතර, එය නැවත වරක් සිදුවනවා. සිටින්නේ එක් ද්‍රෞපදී කෙනෙක් පමණක් නොවෙයි, ද්‍රෞපදීන් වන ඔබලා බොහෝ දෙනෙක් සිටියි. අපවිත්‍ර අය බොහෝ දෙනෙක්, පිවිතුරු කළ යුතුයි. ඔය මව්වරුන් පිවිතුරු වී ඇත්තේ, අන් අය පිවිතුරු කිරීම සඳහා උපකරණ වීමටයි. ඔබ ඉගෙනුමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔබට සමාන අයව ඉහළ නංවන්න. සන්යාසීන් අයත් වන්නේ හුදකලා මාර්ගයටයි. මෙය ගෘහ මාවතයි. ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර, පිවිතුරුව රැඳී සිට, ඉගෙනගෙන, අන් අයටත් උගන්වන්න, මන්ද, මෙය තුළින් ඔබ උසස් තත්ත්වයක් හිමිකර ගනීවි. ඉගෙනුම ඉතා පහසුයි. ලක්‍ෂ්මි සහ නාරායනගේ රාජධානිය සමයේ දියමන්තියක් වැනි වූ භාරතය, මෙතරම් පහත් වී ඇත්තේ මන්ද කියා, ඔබ විස්තර කළ යුතුයි. අප ඔබට අසීමිත ඉතිහාසය සහ භූගෝලය විස්තර කර දෙන්නම්. දිව්‍යලෝකය කුමක් වැනිද කියා මිනිසුන්ගේ අවධානයේ නැත. පිදුම් ලැබීමට සුදුසුව සිටි ලක්‍ෂ්මි සහ නාරායන, පුදන්නන් වී ඇති බව, කිසිවෙකු නොදනී. පිදුම් ලබන්නට සුදුසුව සිටි අය, පුදන්නන් වී ඇතයන කියමන, පරමාත්ම දෙවියන්ට අදාල නොවෙයි. පිදුම් ලබන්නට සුදුසුව සිටි අය, තමෝප්‍රධාන් පුදන්නන් වී ඇති බව, කිසිවෙකු නොදනී. පිදුම් ලබන්නට සුදුසු වූ අය, නියත වශයෙන්ම පුනරුත්පත්ති ගන්නට ඇති. ස්වර්ණමය යුගයට යන අය, නිසැකයෙන්ම නැවත උපත් ගත යුතු බව, පරම පියා මෙහි අසුන්ගෙන විස්තර කර දෙයි. අප සූර්ය පෙළපත වූ අතර, ඉන්පසුව චන්ද්‍ර පෙළපත වූ අතර, දැන් බ්‍රහ්මන පෙළපත බවට පත්ව ඇති අතර ඉන්පසුව අප දේවතා පෙළපත වෙයි. පරම පියා පැමිණ, මෙම කෙනාව දරුකමට හදාගෙන, ඔහුව බ්‍රහ්මා බවට පත් කර ඇත. සමහරු මෙසේ විමසනු ඇත: ඔබ මෙය වූයේ කෙසේද? ඔවුන්ට පවසන්න: පරම පියා, පරමාත්ම ජීවය, බ්‍රහ්මාගේ මුඛය මාර්ගයෙන් අපව ඔහු සතු කරගෙන තිබේ. අපවිත්‍ර අයව පිවිතුරු කරන්නේ පරම පියා පමණයි. අප දැන් පාරිශුද්ධත්වය වෙනුවෙන් පොරොන්දුවක් වනවා. පරම පියා සිහි කිරීමෙන් අප පිවිතුරු වනවා. පියා අනුකම්පා කරයිද? ඔහුට දයානුකම්පාව තිබේ. ඔහු පරම දනව්වෙන් අපවිත්‍ර ලෝකයට පැමිණ, අපවිත්‍ර ශරීරයකට ඇතුළු වෙයි. පරම පියා පවසන්නේ: මා දැන් පැමිණ සිටිනවා. එබැවින් මා ඔබට උගන්වන දේ ඉගෙන ගන්න. මා සිහිකරන්න, එවිට ඔබට බලය ලැබී, ඔබගේ පාපයන් දුරු වෙයි. මෙහිදී ආශීර්වාද පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබට ලකුණු 100ක් ගෙන සමත් වීමට හැකි වීම සඳහා, ඔබට අනුකම්පා කරන්න කියා, ඔබගේ ගුරුවරයාට ඔබ පවසයිද? එම කෙනාද අසීමිත ගුරුවරයාය. ඔබට උගන්වන්නේ ඔහුය. යමෙකුට ඥානය ධාරණය කර ගැනීමට නොහැකි නම්, ඔහු කුමක් කරන්නද? ගුරුවරයා තුළ සෑම කෙනෙක් වෙනුවෙන්ම අනුකම්පාව තිබුණේ නම්, සෑම කෙනෙක්ම සමත් වනු ඇත. එසේ නම් රාජධානියක් නිර්මාණය කරන්නේ කෙසේද? ඔය දරුවන් උත්සාහ දැරිය යුතුයි. මව සහ පියා අනුගමනය කරන්න! පියා සිහිපත් කරන්න. වෙනත් මගක් නැත. නොඑසේ නම්, ඔබ පියාට අඬගසන්නේ ඇයි? සියලුම තාපසයන් සහ පූජකයන් පවසන්නේ: පැමිණ අපව දුකින් මුදවාගන්න! විනාශය ආරම්භ වන විට මහා වියසන සිදුවෙයි. එම දෙවියන්ම අදෘෂ්‍යමාන වේශයකින් මෙහි සිටින බව, එවිට ඔවුන්ට වැටහෙයි. එය ක්‍රිෂ්ණා වූයේ නම්, ලෝකය පුරාම බෙර ගසනු ඇත. ක්‍රිෂ්ණාට මෙහි පැමිණිය නොහැක. පරම පියා පැමිණිය යුතුයි. අවසානය දක්වාම පරම පියා ඥානය පැවසිය යුතුයි. ඔහු මෙහි පැමිණෙන්නේ අදෘෂ්‍යමාන වේශයකින්ය. එය ක්‍රිෂ්ණා විය නොහැක. සියලු දෙනාගේම අශාරීරික පියා, ඒකායන කෙනාය. ඔවුන් පිවිතුරු කර, ඔවුන්ට උරුමය ලබා දීම සඳහා ඔහු පැමිණිය යුතුයි. සෑම කෙනෙකුටම මෙය පැවසීමත් ඔබගේ වගකීමයි. ඔබ මෙසේ විමසිය යුතුයි: පරම පියා, පරමාත්ම ජීවය සමග ඔබට ඇති සම්බන්ධය කුමක්ද? පරම පියාට බොහෝ දරුවන් සිටියි. පරම පියා, පරමාත්ම ජීවයගේ උපදේශය වන්නේ: ප්‍රථමයෙන් මා සිහි කර, හොඳින් ඉගෙනගන්න. බාබාව ඉතා හොඳින් සිහිකර, උසස් තත්ත්වයක් හිමි කරගන්න. ඔහු දිගින් දිගටම ඔය දරුවන්ට අසීමිත ඉතිහාසය සහ භූගෝලය විස්තර කර දෙයි. ඔබටද පින්තූර භාවිත කර විස්තර කළ හැක. සත් යුගයේදී භාරතය, කිරුළ පැලඳගෙන සිටියා. සූර්ය පෙළපතේ, දේවතාවන් පාලනය කළ අතර ඉන්පසුව එය චන්ද්‍ර පෙළපත වූ අතර නොකඩවා අංශක අඩු වීය. ඔබ හොඳින් ඉගෙන ගන්නේ නම්, ඔබ ඉගෙනීම් ද ලබනා බව ඔබට පෙනී යා යුතුයි. ඔබ ඉගෙන ගත්තේ නැතිනම් ඔබ අසමත් වෙයි. ඔබට කවුරු අනතුරු අඟවයිද? මේ දිනවල මායා, ඔබව බොහෝ නොසැළකිලිමත් කරවයි. මෙහි සත්‍යය සැඟවිය නොහැක. පාපකාරී ක්‍රියා සිදුකරන ඕනෑම කෙනෙක් දිගින් දිගටම එම කර්ම රැස් කරගනී. පාපයන් සහ පින්, අනිවාර්යෙන් එකතු වනවා. ඔබට ඔබගේ මතු උපත ලැබෙන්නේ මේවාට අනුවයි. ඔබ පාපකාරී ක්‍රියා කරන්නේ නම්, ඔබ එයට අනුව උපතක් ලබයි. පරම පියා මෙසේ පවසන්නේ ඒ නිසාය: ඔබ යම් පාපකාරී ක්‍රියාවක් කරන්නේ නම්, සැනෙකින් බාබාට පවසන්න. දෙවියන් සෑම දෙයක්ම දන්නා බව නොසිතන්න. ඔබ පියාට පැවසිය යුතුයි. තමා මෙම උපතෙදි කර ඇති සියලුම පාප ක්‍රියා ගැන ජීවාත්මය දනී. ඔහු කර ඇති සියලු දේ, ජීවාත්මයට මතකයි. ඔබ කළ දෙවල්, බාප්දාදාට පවසන්න. ප්‍රධානතම දේ පාපයයි. සොරකම් කිරීම හෝ බොරු කීම සුළු දේවල්ය. ප්‍රධානතම දෙය පාපයේ කාරණාවයි. රාගය විශාල සතුරෙකි. කාමයේ ගැලෙන අය අපවිත්‍ර බව කියයි. ඔබ ප්‍රථමයෙන් එම පාපයන් ජයගත යුතුයි. ඔබව අපවිත්‍ර කරවන රාවණ, ඔබගේ සතුරාය. දැන් පිවිතුරු වීම සඳහා, පරම පියා සිහි කරන්න. ඔබ පියාට අයත් වී, පාපයේ ගැලෙන්නේ නම්, ඔබට විශාල හානියක් සිදුවෙයි. ප්‍රථමයෙන් ශරීර අවධානය අත්හරින්න. රාගය විශාල සතුරෙකි. මුළු යුද්ධයම හටගන්නේ මේ නිසාය. එබැවින් මේ සියලු දේ වටහාගෙන ඉන්පසුව අන් අයට විස්තර කර දෙන්න. බාබා මෙසේ විමසයි: ඔබ කී දෙනෙකුට සත්‍ය ගීතාව, සත්‍ය නාරායනගේ කතා පුවත සහ අමරණීයත්වයේ කතා පුවත පවසා තිබේද? පාපකාරී ජීවාත්ම බොහෝ සිටියි. එබැවින් ඔබගේ මෙම වාර්ථාව පෙන්වන්න, එවිට ඔබ බ්‍රහ්මනයන් වී ඇති බව බාබාට වටහාගත හැක. ඔබ කී දෙනෙක්ව තමා හා සමාන කර තිබේද? මේවා පහසු රාජයෝගාව පිළිබඳ කරුණුය. පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ලෝකයේ කිසිම කෙනෙක් මෙය නොදනී. පියාට දිගින් දිගටම බොහෝ දෙනෙකුගෙන් සහතිකයක් ලැබෙයි. ඔවුන් ලියන්නේ: අහවල් කෙනා මට මේ ආකාරයෙන් විස්තර කළා, එමෙන්ම මාව දිව්‍යලෝකයේ අධිපතියෙකු කිරීමට මගේ උපකරණ ගුරු වූයේ අහවලාය. බී.කේ.වරුන් ඔප්පු කර පෙන්වන නමුත්, එය බවට පත්වන අය, වෙනත් අයට විස්තර කරනවාද? ඔවුන් වෙනත් අයව මෙහි කැඳවාගෙන එනවාද? ඔවුන් වෙනත් අයව මෙහි ගෙන ආ යුතුයි. විශ්වාසය තිබෙන අය සැනෙකින් මෙසේ කියයි: ප්‍රථමයෙන් ඔවුන් පියාගේ ඇකයට ගියාදෙන්. ක්‍රිස්තියානුවන්ට දරුවෙක් ලැබුණු විට, ඔවුන් එම දරුවාව බෞතිස්ම කරයි. අපත් පරමාත්ම දෙවියන්ගේ දරුකමට හදාගත් දරුවන් විය යුතුයි. අපි සත්ගුරුගේ ඇකයට යා යුතුයි. ඔහු විසින් අපව දරුකමට හදාගන්නා අතර, අපට පියාව මුණගැසෙනවා, එබැවින් මෙය අපගේ උරුමයයි. කෙනෙක් මෙතරම් කුල්මත් බවකින් මතුවන්නේ ඉතා කලාතුරකින්ය. ඔබ විස්තර කළ යුතුයි. ඔබ තව දියුණුවත්ම මිනිසුන්ට ඉතා හොඳින් වැටහෙයි. ඔබට මෙම බලය තිබෙයි. එවිට ඔබට පියා මුණනොගැසී සිටීමට නොහැකි වෙයි: ඔබ සැනින් ඔහු වෙතට දිව යනු ඇත. ඔහු, මව, පියා, ගුරුවරයා මෙන්ම සත්ගුරුද වෙයි. මව සහ පියා විසින් දරුකමට හදාගත් දරුවෙක් වන්න! ඒ මිනිසුන් ඔවුන්ගේ ගුරූන් වෙතට යන නමුත්, ඔවුන්ට දිව්‍යලෝකයේ ආධිපත්‍යය ඒ අයගෙන් ලැබෙන්නේ නැත. ආධිපත්‍යය ලැබෙන්නේ පරම පියාගෙන් වන අතර, පරම පියා, ගුරුවරයා මෙන්ම ගුරූද වෙයි. එබැවින් තිදෙනාගෙන්ම උරුමය හිමි කර නොගන්නේ මන්ද? මෙය විශ්මයක් නොවේද? ක්‍රිෂ්ණා, පියා, ගුරුවාරයා සහ සත්ගුරූ බව, ඔබ නොකියයි. ක්‍රිෂ්ණා කුඩා රජකුමරෙක් පමණයි. එම කෙනා, පියා, ගුරුවරයා මෙන්ම ගුරූද වන බව, මෙහි ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. ඔහුට, ඔහුගේම පියෙක්, ගුරුවරයෙක් සහ ගුරූ කෙනෙක් නැත. ක්‍රිෂ්ණාට මවක් සහ පියෙක් සිටියා. පාරිශුද්ධකරු ඒකායන පියාය. මවක් සහ පියෙක් සිටින කෙනෙකුට පාරිශුද්ධකරු විය නොහැක. එවන් ජීවාත්මයක් දෙවියන් බව කිව නොහැක. පරමාත්ම දෙවියන්ට මවක් සහ පියෙක් නැත. දෙවි පියාණන්ට, පියෙක් නැත. පාරිශුද්ධකරු සහ විමුක්තිදායකයා යැයි කිව හැකි වන්නේ, දෙවි පියාණන්ට පමණයි. ඔහුහට විමුක්තිය ලබා දීමට කිසිවෙක් නොමැත. මෙය පියාගේම කාර්යභාරය පමණයි. මනුෂ්‍යයන්ට, දෙවියන් යැයි කිව නොහැක. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ව නිර්මාණය කරන්නේ, නිර්මාණකරු වන පරම පියාය. දෙවියන් සිහි කෙරෙන්නේ උසස්ම-උසස් කෙනා ලෙසයි. ඔහු අප සියලු දෙනාගේම පියාය. ක්‍රිෂ්ණා සියලු දෙනාගේ පියා ලෙස හැඳින්විය නොහැක. අප සියලු දෙනාම ඒකායන අශාරීරික පියාගේ දරුවන්ය. නව ලෝකයේ නිර්මාණකරු ඔහුයි. නව ලෝකයට, සතුටු දේශය යැයි කියයි. පසුව අළුත් බවින් එය පරණ වෙයි. මෙය රාවණගේ රාජධානියයි. මිනිසුන් රාවණගේ පඹයෙක් පුළුස්සන නමුත් ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. ඔවුන් සමරන සියලුම උත්සවයන්ගේ අරුත ඔවුන්ට වැටහෙන්නේ නැත. පරම පියා විස්තර කරන්නේ: මෙය ඔබගේ බොහෝ උපත් ගණනාවක අවසන් උපතයි. එය දැන් රාවණගේද අවසානයයි. ඔබ සත් යුගයේදී ඔහුගේ පඹයෙක් නිර්මාණය නොකරයි. ඔවුන් දිගින් දිගටම පුළුස්සන, කුමන ආකාරයේ සතුරෙක්ද මොහු? ඔහු උපන්නේ කවදාද? කිසි කෙනෙක් නොදනී. ඔවුන් ශිවාගේ උපන් දිනය සමරන බැවින් ඔවුන් රාවණගේ උපන් දිනයද සැමරිය යුතුයි. ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. සෑම දෙයක්ම ඔබට විස්තර කෙරෙයි. මෙම දේවල් වැඩි විස්තරයි. ඔබගේ බුද්ධිය මේවා ධාරණය කරගත යුතුයි. ඔබ පංතියට නොපැමිණෙන්නේ නම්, ඔබ කුමක් ඉගෙනගනීද? ඔබ ඉගෙනගෙන අන් අයට උගන්වන්නේ නැතිනම්, ඔබ කුමන තත්ත්වයක් හිමි කරගනීද? හොඳ දරුවෙක් ඉගෙනගෙන, අන් අයට උගන්වා, එය ඔප්පු කරද පෙන්වයි. සියලු දෙනාම දරුවන්. ඔබ බොහෝ දෙනෙකුට සේවය කර, බොහෝ දෙනෙක් ඔබ හා සමාන බවට පත් කරවන්නේ නම්, ඔබට පියාගේ සෙනෙහස ලැබෙන බව, ඔබ වටහාගත යුතුයි. පරම පියා නොකඩවා ඔබට සෙනෙහස ලබා දෙයි. දරුවන් හොඳින් ඉගෙන ගනී. ගෙල වටා මාලයක් (වර්ණ වළල්ලක්) ඇති, සෑම දෙයක්ම ඉගෙන ගන්නා, ගිරව් විශේෂයක් සිටියි. මෙහිද එය එසේමයි. හොඳින් ඉගෙන ගන්නා අය, මාලාවේ ඇමිණෙයි. ඔබ ඉගෙනගන්නේ නැතිනම්, එවිට ඔබ නූගත් වැනිය. ඒ නිසාවෙන්, ඔබට ජයග්‍රාහි මාලාවේ කොටසක් විය නොහැක. ඔය දරුවන් හොඳින් ඉගෙනගෙන, අන් අයටද ඉගැන්විය යුතුයි. මෙය සත්‍ය පරම පියා පමණක් ඔබට පවසන සත්‍ය කතා පුවතයි. ඔහු සත්‍ය දේශය සථාපිත කරයි. ඔවුන්, ලක්‍ෂ්මි සහ නාරායනගේ රාජධානියේ කිසි විටෙක බොරු නොකියයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

1.     ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර, නෙළුම් මලක් මෙන් ජීවත් වන්න. ඔබ ජීවත්ව සිටින තාක් අනිවාර්යෙන් පාරිශුද්ධත්වයේ සීලය, රකින්න.

2.     අනුකම්පාව අයදිනවා වෙනුවට, මවත් පියාත් අනුගමනය කරන්න. අවධානයෙන් ඉගෙනගෙන, අන් අයටද උගන්වන්න.

වරදානය:

ඔබ කර්මය සහ යෝගාවේ සමබරතාවය තුලින් පහසුවෙන් සියල්ලන්ගේ ආශීර්වාද ලබනා සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වේවා.
කර්මයෙහි යෝගාවත්, යෝගාවෙහි කර්මයත් ඇති කෙනෙක්, උසස් අවධානයක්, උසස් තත්ත්වයක් ඇතිව උසස් වාතාවරණයක් නිර්මාණය කරන්නෙකි. එවන් කර්ම යෝගීවරයෙකු සියල්ලන්ගෙන් ආශීර්වාද ලබනට හිමිකමක් මුදුන්පත් කරගනී. කර්මය සහ යෝගාවේ සමබරතාවය තිබීමෙන් අනිවාර්යෙන් ඔබට සෑම ක්‍රියාවක් සඳහාම පරම පියාගෙන් ආශිර්වාද ලැබෙත අතර ඔබ හා සම්බන්ධකම් පැවැත්වීමට එන ඕනෑම අයෙකුගෙනුත් ඔබ ආශීර්වාද ලබනවා. කවුරුත් එවන් පුද්ගලයෙක් යහපත් කෙනෙක් ලෙස පිළිගන්නා අතර ඔවුන් විශ්වාස කරති. ඒ ඔවුන්ගේ ආශිර්වාද නිසාවෙනි. එමනිසා, ආශිර්වාද ඇත්තේ කොතැනද එතැන සහයෝගය ඇත. එනම්, මේ ආශීර්වාදයන් සහ සහයොගයයි ඔබව සාර්ථකත්වයේ ප්‍රතිරුවක් බවට පත්කරවන්නේ.

පාඨය:

නිරන්තරව සතුටින් ඉඳීම සහ නොකඩවා සතුටේ ධන සම්පත බෙදා දීම නියම සේවයයි.

*** ඕම් ශාන්ති ***

 Download PDF

Hindi/Tamil/English/Telugu/Kannada/Malayalam/Ilangai Tamil/Sinhala

 

Post a Comment

0 Comments