Header Ads Widget

Header Ads

SINHALA MURLI 20.09.22

20-09-2022  උදෑසන මුරලි  ඕම් ශාන්ති  බාප්දාදා  මධුබන්

<

Listen to the Murli audio file



 

සාරය:

සුමිහිරි දරුවනි, අපවිත් අයව පිවිතුරු කරවීම සඳහා පියා මෙන් උත්සාහ දරන්න. මෙම කාලය ඉතා වටින්නේය. එබැවින් නිශ්ඵල දේට ඔබගේ කාලය අපතේ නොයවන්න.

ප්රශ්නය:

පියාට ඔය දරුවන් කෙරෙහි බොහෝ අනුකම්පාවක් දැනෙන්නේ කුමන එක් කාරණාව නිසාද?

පිළිතුර:

සමහර දරුවන් එකිනෙකා සමග ඕපාදූප කතා කරමින් බොහෝ සේ කාලය අපතේ හරියි. ඔවුන් යම් තැනක් දැක බලාගැනීමට යන විට, පියා සිහිපත් කිරීම වෙනුවට, ඔවුන්ට නිශ්ඵල සිතිවිලි ඇතිවෙයි. එවන් දරුවන් ගැන පියාට විශාල අනුකම්පාවක් දැනෙයි. බාබා පවසන්නේ: සුමිහිරි දරුවනේ, දැන් ඔබගේ ජීවිත නිවැරදි කරගන්න. නිකරුනේ කාලය අපතේ නොහරින්න. තමෝප්රධාන් බවින් සතෝප්රධාන් වීම සඳහා, අවංක හදවතකින් නිවැරදිව පියා සිහිපත් කරන්න. දුෂ්කර අවස්ථාවන්හි පමණක් පියාව සිහි නොකරන්න.

ඕම් ශාන්ති. දෙවියන් පවසයි. ඔබට පරමාත්ම දෙවියන් උගන්වන බව ඔය දරුවන් නිසැකවම වටහාගත යුතුයි. අප බොහෝ පැරණි ශිෂ්යයන්ය. කිසිවෙකු සෑම විටෙකම එකම ගුරුවරයා සමග ඉගෙනගන්නේ නැත. ඔවුන් මාස 12ක් ඉගෙනගන්න අතර ඉන්පසුව ඔවුන්ගේ ගුරුවරයා මාරු වෙයි. මෙහිදී, ප්රධාන ගුරුවරයා මාරු නොවන නමුත්, ඔබට රාජයෝගාව ඉගැන්වීමට බොහෝ දියණියන් සිටිනවා. එක්කෙනෙකුට පමණක් සියල්ල සිදුකළ නොහැක. බොහෝ මිනිසුන්, ඔවුන්ව පිවිතුරු කිරීමට කියා කන්නලව් කරයි. ඔවුන් සියල්ල අඬගසන්නේ ඒකායන කෙනාටයි. සෑම කෙනෙකු පිවිතුරු කරන්නේ ඒකායන ගුරුවරයා පමණයි. ඔවුන් පාරිශුද්ධකරුට කන්නලව් කිරීම විශ්මයකි, නමුත් ඔවුන්ට කිසි දෙයක් නොවැටහෙයි. ඇයව නිරුවත් කරන විට, ද්රෞපතීද ආරක්ෂාව ඉල්ලමින් කන්නලව් කළේය. ඔබ චක්රයෙන් භාගයක්ම කන්නලව් කරමින් සිට ඇත. ඔවුන්ට කියන්න: ඔබ සියලු දෙනාම කන්නලව් කළා නේද? ද්රෞපදීගේ නිදසුන දී තිබේ. මුළු ලෝකයම අපවිත්රයි. අපවිත් අය සහ පිවිතුරු අය අතර දිවා රාත්රිය මෙන් වෙනසක් තිබේ. අපවිත් අයට ගල් බුද්ධි තිබේ. පියා පැමිණ සියලුම පාපයන් කෙරෙහි නීරසයක් ඇති කරගැනීමට ඔබව දිරිමත් කරයි. ඔහුට මෙකල තිබෙන සිරුර අපවිත් බව, ජීවාත්මයට වැටහෙයි. මෙම සිරුර අපවිත් මෙන්ම මල බැඳී ඇති බව ඔබටද වැටහෙයි. පිවිතුරු සහ අංක එකේ සිරුරු තිබුණු අය, මුළු ලෝකයේම රාජධානිය පාලනය කළා. ඔවුන් දිව්යමය බුද්ධි ඇති අය ලෙස හැඳින්වෙයි. ගල් බුද්ධි ඇති අය සහ දිව්යමය බුද්ධි ඇති අය සිහි කෙරෙන්නේ, භාරතයේ පමණයි. එබැවින් මෙම අපවිත් භාරතය, පිවිතුරු කරන්නේ කෙසේද යන්න ගැන ඔය දරුවන් සැලකිලිමත් විය යුතුයි. කෙසේවෙතත්, සේවය කළ හැකි දරුවන්ට එවන් සිතිවිලි අංක පිළිවෙලට අනුව ඇති වන අතර, අපවිත් අයව පිවිතුරු කරවීමට ඔවුන් උත්සාහ දරනවා ඇති. පියාගේ ප්රථම වගකීම මෙයයි. පියා පැමිණෙන්නේ ඔබව තමෝප්රධාන් බවින් සතෝප්රධාන් කරවීමටයි. එබැවින් ඔය දරුවන්ද පියා තරමටම සැලකිලිමත් විය යුතුයි. පියා පවසන්නේ : මා ඔබව මටත් වඩා ශ්රේෂ්ඨ කරවනවා. ඔබ මේ ගැන මීට වඩා සිතිය යුතුයි. ඔය දරුවන් මටත් වඩා සේවය කරනවා. බාබා ප්රදර්ශන වල අසුන්ගෙන පැය තුනක්, හතරක් විස්තර කරන්නේ නැහැ. පියා ඔය දරුවන්ට ප්රශංසා කරන නමුත් එම සතුට සහ එම යෝගාව එතරම් දිස්වන්නේ නැත. මේ නිසයි, අසීමිත පියා ඉගැන්වීමට මාර්ගය යොදාගන්නා මෙම කෙනා, වඩාත්ම සමීප වන්නේ. පියෙක් සහ සීයා කෙනෙක් මෙතරම් සමීපව සිටිනවා ඔබ දැක තිබේද? ප්රධානතම දෙය ජීවාත්මයයි. ජීවාත්මය ඉවත් වුණොත්, ශරීරයෙන් ප්රයෝජනයක් නැත. මනුෂ්යයන්ගේ ශරීරවලට වටිනාකමක් නැත. ඒවාගෙන් කිසිම ප්රයෝජනයක් නැහැ: ඒවා අළු බවට පත්වනවා. සතුන්ගේ ඇට සහ සම පවා ප්රයෝජනයට ගනී. මනුෂ්යයන්ගේ කිසිම දෙයකින් ප්රයෝජනයක් නැත. ඔවුන් අස්ථි ජලයට විසිකර දමා සෑම දෙයක්ම අවසන් කරයි: කිසිම දෙයක සලකුණක් ඉතිරි නොවෙයි. අඩු තරමේ වනාන්තරවල සතුන්ගේ සළකුණු තිබේ. ස්වර්ණමය යුගයේ සිට රිදී යුගයේ අවසානය දක්වා මනුෂ්යයන්ට වටිනාකමක් තිබේ. ඔවුන් දේවතාවන්ව සිටින විට, ඔවුන් පිදුම් ලබන්නට සුදුසුයි. පසුව සත කිහිපයක වටිනාකමක්වත් ඔවුන්ට නැත. ඔවුන් ගල් බුද්ධි ඇති අය ලෙස හඳුන්වන්නේ මේ නිසාය. ඔවුන් නොකඩවා අන් අය ඉදිරියේ හිස නමා මුදල් ආදිය පිළිබඳව කරදර වෙයි. එහි, ඔවුන් සම්පූර්ණ සැහැල්ලුවෙන් සිටියි. පියා පවසන්නේ : ඔබගේ එම සිරුරු ඉතා වටින්නේය. මෙම කාලයද ඉතා වටින්නේය: එය අපතේ නොහරින්න! නිෂ්ඵල දේට ඔබගේ කාලය අපතේ නොහරින්න. ඔය ජීවාත්ම සිහිපත් කිරීමේ බලයෙන් තමන්ව සතෝප්රධාන් කරගත යුතුයි. පිවිතුරු වීමට වෙනත් මගක් නැත. ශ්රීමත් භගවත් ගීතාව ලෙස හැඳින්වෙන එක් ශාස්ත්රයේ පමණක්දෙවියන් පවසයිකියා සඳහන් වී ඇත. පියා පවසන්නේ: දිළිඳු වී ඇති ඔය දරුවන් එන්න, මා ඔබව කිරුළු පැලඳි අය කරවන්නම්. බොහෝ දෙනෙක් ධනවත් හෝ කෝටිපතියන් වුවත්, ඔවුන්ගේ ඡායාරූප ආදිය ගනු ලැබුවත්, ඔබ සැබවින්ම දිළිඳු බව ඔබටද වැටහෙයි. ඔය දරුවන්ද අංකානුරූපව ධනවත්ය. ඔබ සදාතනිකව සැබවින්ම ධනවත් බව ඔබ පවසයි. ඔබත් සමග යන්නේ මෙම ධනයයි. සියලු මිනිසුන්ට කෝටිපතියන් යැයි පැවසුවත්, ඔබ ඉදිරියේ ඔවුන් දුගියන්ය. සත්ගුරු වන බාබා, ඔබටසදාතනික කෝටිපතියන්යන නම දී තිබේ. දිව්යලෝකයේ කෝටිපතියන් ඔබ වන අතර ඔවුන් අපායේ කෝටිපතියන්ය. ඔබට දිව්යලෝකය සහ අපාය වැටහෙනවා. ගල් බුද්ධි ඇති අයට කිසි දෙයක් නොවැටහෙයි. ඔබ තව දියුණුවත්ම, ඔවුන් ඔබ වෙතට පැමිණෙයි. ඔවුන් විනාශය සිදුවන බව දුටු විට, පැරණි ලෝකය විනාශ වන බව ඔවුන්ට වැටහෙයි. එවිට මෙම බ්රහ්ම කුමර කුමරියන් සත්යය පැවසූ බව, ඔවුන් කියනු ඇත. හොඳයි, අප දැන් කළ යුත්තේ කුමක්ද? ඔවුන්ට කිසිවක් කිරීමට නොහැකි වෙයි. සියලුම මුදල් ආදිය පිළිස්සී අවසන් වනු ඇත. බෝම්බ හෙලන විට, සියලුම ගොඩනැගිලි සහ දේපළ ආදිය විනාශ වෙයි: සිරුරු පවා විනාශ වෙයි. බොහෝ බියකරු ජවනිකා සිදුවන බව ඔබ දකියි. එකලට ඔවුන්ට ඥානයට සවන් දීමට පැමිණීමට නොහැකි වෙයි. පරමාත්ම දෙවියන් මෙහි අසුන්ගෙන, මේ සියලු දේ මෙකල විස්තර කර දෙයි. ඔබ ඉගෙනගැනීමට දෙවියන් වෙතට පැමිණ ඇති බව ඔය දරුවන් දන්නවා. ඔබ බොහෝ සෙයින් භාග්යවන්තයි! සෑම කෙනෙකුටම මෙම විශ්වාසය නැත. ඔවුන්ට විශ්වාසය තිබුණේ නම්, ඔවුන් දෙවියන් සමග ඉගෙන නොගන්නේ ඇයි? ඔවුන් මුළු රාත්රිය පුරාම සියලු විදුලි බුබුළු දල්වා තබා, තමන් ගැන සැලකිලිමත් නොවී, ආහාරද නොගෙන, ඉතා තීව්රයෙන් ඉගෙන ගැනීමට පටන් ගනීවි. මෙය විශ්මිතයි: මෙය උපත් 21කට ආදායමක්! ඔවුන් ඉතා හොඳින් ඉගෙනගැනීම ආරම්භ කරනු ඇත. සැබවින්ම මෙම ඉගෙනුම කුමක්ද? ප්රධානතම දේ පියා සිහි කිරීමය. බාබාට විශාල අනුකම්පාවක් දැනෙයි. දරුවන් අවට සංචාරය කරන විට, එක් දරුවෙක්වත් බාබාගේ සිහිපත් කිරීමේ නොසිටින බව, බාබා දන්නවා: ඔවුන් බොහෝ ඕපාදූප කතා කරයි. ඔය දරුවන් බොහෝ සැලකිලිමත් විය යුතුයි. ඉතිරිව තිබෙන්නේ ඉතා කෙටි කාලයකි. භාරතය ඉතා විශාල වන අතර කිරීමට බොහෝ සේවය තිබේ. ප්රථමයෙන්ම ඔබගේ ජීවිත පරිවර්ථනය කරගන්න. බාබා ඔබට බොහෝ වාරයන්හි මෙසේ පවසයි : දරුවනේ, ඕපාදූප කතා නොකරන්න! එම දේවල් අතහැර ඔබගේ ජීවිත නිවැරදි කරගන්න! සෑම කෙනෙක්ම එකිනෙකා සමග සටන් කර මිය යනු ඇත. නාටකයේ ඉරණම එවන් එකක්. තමෝප්රධාන් බවින් සතෝප්රධාන් වීමට කලක් ගතවනවා. ඔබ කෙතරම් වේලාවක් සිහි කිරීමේ සිටිනවාද කියා, ඔබගේ හදවතින් විමසන්න. අවංක හදවතකින් සහ බොහෝ සෙනෙහසින් විනාඩි පහක්වත් පියාව නිවැරදිව සිහිපත් කරන්නේ ඉතා කලතුරකින් කෙනෙකි. ඔබ ඔහුව සිහි කළ යුත්තේ විශාල සෙනෙහසකිනි. සෙනෙහස නොතිබුණේ නම්, යමෙකු, කෙනෙක්ව සිහි කරයිද? තමන්ට බොහෝ දුෂ්කර අවස්ථා පැමිණි විට පමණක් බාබා සිහි කරන අය බොහෝ දෙනෙක් සිටියි. සෙනෙහසින් බාබාව සිහි කරන ආකාරය ඔවුන් නොදනී. ස්වාමී සතුටු වන්නේ අවංක හදවතක් සමඟින්ය. බලන්න! බාබා මතු කරන්නේ එක් හඬක් පමණයි: මන්මනාභව! එනම්, මා සිහිකරන්න, එවිට ඔබගේ සියලු පාපයන් කැපී යයි. මා ඔබගේ මිතුරා වන අතර අන් සියලු දෙනාම ඔබගේ සතුරන්ය. ඔබ එකිනෙකාගේද සතුරන්ය. බොහෝ මිනිසුන් එකිනෙකා සමග රණ්ඩු කෝලාහල කරගනී, එබැවින් ඔවුන් මිතුරන් වන්නේ කෙසේද? පියා පවසන්නේ : ඔය ජීවාත්ම සහෝදරයන් බව සලකන්නේ නම්, සියලු අමනාපකම් අවසන් වෙයි. ඔබට නාසයක්, කන් හෝ කටක් නොතිබුණේ නම්, ඔබ අමනාප වන්නේ කා සමගද? සිරුරු දෙස බලන්නවත් එපා. ඔබ ජීවාත්මයක් වන අතර අනෙකාද ජීවාත්මයකි, එබැවින් සියලු අමනාපකම් අවසන් වෙයි. මෙයට බොහෝ උත්සාහයක් අවශ් වෙයි. සඳහා උත්සාහ නොදරා ඔබට කිසිම දෙයක් ලැබෙයිද? මිනිසුන් එම අධ්යාපනය වෙනුවෙන් බොහෝ වෙහෙස වෙයි. එය ඉතා පහසුයි! පියා පවසන්නේ : නිරතුරුවම මා සිහි කර, සතුට ලබාගන්න. භක්ති මාර්ගයේදී ඔබට ලැබුණේ දුකම පමණක් බව ඔබ දන්නවා. ඔබ දෙවියන් සිහිකළ නමුත් ඔබ සිහි කරමින් සිටි කෙනාගේ කාර්යය ගැන ඔබ දැන සිටියේ නැහැ. මිනිසුන් බොහෝ දෙනෙක් සිහි කරයි: හනුමාන් සිහි කරන්න! ගණ දෙවියන් සිහි කරන්න! එකක් දෙවියන් සිහි කර සතුට ලබා ගැනීම වන අතර අනෙක, දෙවියන් සිහිකර දුක ලබා ගැනීමය, මන්ද, භක්තිය යනු රාත්රියයි. ශිව බාබාට රාත්රිය තිබිය නොහැක. මිනිසුන් රාත්රියේ වැටි වැටි යයි. ප්රථමයෙන් වැඩියෙන්ම වැටි වැටි ගමන් කරන්නේ මෙම බ්රහ්මායි. බ්රහ්මනයන් වන ඔබලා ඔහුගේ සගයන්ය. මුළු බ්රහ්මන වංශයම සිටියි. බ්රහ්මනයන් වන සියලු දෙනාම, පැමිණ, දෙවියන් සිහි කිරීමෙන්, සතුට අත්විඳියි. ඔබ සියල්ලන්ට පවසන්නේ: ශිව බාබා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් කැපී යයි. ඔබ ඒකායන පියාව සිහිකරන අතර මනුෂ්යයන් බොහෝ දෙනෙක් සිහි කර, පාපකාරී ජීවාත්ම වෙයි. ඔවුන් නොකඩවා ඉනිමග දිගේ පහළට පැමිණෙයි. ඔබ දැන් අරුත්බරව ඒකායන පියා සිහි කරයි. පියා පවසන්නේ : මා පැමිණ සිටින්නේ ඔබට ඔබගේ උරුමය ලබා දීමට සහ ඔබව පිවිතුරු කිරීමටයි. මෙයට අරුතක් තිබේ, නොවේද? ශිව බාබා, පාරිශුද්ධකරු බවවත් කිසි කෙනෙක් නොදනී. කෙනෙක් පැමිණ ඔහු සියලු දෙනා පිවිතුරු කරන්නේ කෙසේද කියා, අපට පැවසිය යුතුයි. ඔබත් සමග මෙහි අසුන්ගෙන සිටින අය පවා මෙය සම්පූර්ණයෙන් නොදනී. ඔබට අමතක කරවන මායාද අඩු නැත. ඔබම පවසන්නේ: බාබා, මා ඔබ සිහිකරන නමුත් මායා මට අමතක කරවයි. බාබා පවසන්නේ : නමුත් ඔබ බාබා සිහි නොකරන්නේ නම් ඔබගේ උරුමය හිමි කරගන්නේ කෙසේද? පියා හැර වෙනත් කිසිවෙකු ඔබට උරුමය ලබා දෙයිද? ඔබ පියාව වැඩියෙන් සිහි කරන තරමට, ඔබට ඉබේටම වැඩියෙන් ඔබගේ උරුමය ලැබෙයි. ඔහු ඔබට ඍජු අන්දමකින් විස්තර කරයි: රාජධානියක් ස්ථාපිත වන අතර, සූර්ය රජපෙළපතේ අයද නිර්මාණය කෙරෙන්නේ මෙහිදීය. බොහෝ මනුෂ්යයන් වෙතට හඬ, ළඟා විය යුතුයි. බාබා පවසන්නේ : දරුවනේ, පූජස්ථාන වලට සහ සෑම මාවතකටම ගොස් සේවය කරන්න. බාබාගේ බැතිමතුන්, දේවතාවන්ගේද බැතිමතුන්ය. ඔවුන් නිකමට පුජනීය ස්ථානවල සහ ආධ්යාත්මික රැස්වීමවල අසුන් ගෙන සිටින නමුත් ඔවුන්ගේ බුද්ධිය ඔවුන්ගේ ව්යාපාර, නෑ මිතුරන් වෙතට දිව යයි, එනිසා, ඔවුන් ධාරණය කරගන්නා කිසිවක් නැත. මෙහිදීද එය එසේමයි: කිසි දේකට සවන් නොදී දිගින් දිගටම නිදි කිරා වැටෙන බොහෝ දෙනෙක් සිටියි. ඔවුන් පියා දෙස බලන්නේවත් නැත. අහෝ! මෙහිදි ඔබ එවන් පියෙක් දෙස, ඉතා හොඳින් බැලිය යුතුයි! ගුරුවරයා ඔබ ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. පරම පියා පවසන්නේ : මා ඔබට මෙම භෞතික ඉන්ද්රියන් තුළින් උගන්වනවා. ඉගෙන ගන්නේ ජීවාත්මයයි. පියා කතා කරන්නේ ජීවාත්මයන්ටයි. ඉගෙනගන්නේ ඇස්, කන් හෝ නාසයද? ඉගෙනගන්නේ ජීවාත්මයයි. ඔවුන්ට ශරීර අවධානය තිබෙන බැවින්, ලෝකයේ කිසි කෙනෙක් මෙය නොදනී. සියලු සංස්කාර තිබෙන්නේ ජීවාත්මය තුළයි. පියා පවසන්නේ : ජීවාත්මය දෙස බලන්න. මෙය විශාල උත්සාහ දැරීමක් පිළිබඳ කාරණයක්. උත්සාහ නොදරා ඔබ ලෝකයේ අධිපතියෙක් වන්නේ කෙසේද? ඔබ ලෝකයේ අධිපතියෙකු වන්නේ, ඔබ උත්සාහ දරණ විට පමණයි. විශ්මය දෙස බලන්න! මෙය අසීමිත අධ්යයනයක් වන අතර, ඔබට උගන්වන කෙනා, අසීමිත පියාය. සියලු දෙනාම - රජවරුන්ගෙන් දිළින්දන් දක්වා - නිර්මාණය වන්නේ මෙම ඉගෙනුම තුළින්ය. ඔබ ඉගෙනගෙන අන් අයට උගන්වන තරමට අනුකූලව, ඔබ උසස් තත්ත්වයක් ලබා ගනී. පරම පියා පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමට පමණයි, ඔබව අපවිත් බවින් පිවිතුරු කිරීමටයි. ඔබ පියා දෙස බලන්නෙවත් නැතිනම්, ඉන් කෙනෙකුට වටහාගත හැකි වන්නේ කුමක්ද? ඔබ සත කිහිපයක තත්ත්වයක් හිමි කරගෙන සේවකයන් හෝ දාසයන් වන බවයි. රජවරුන්ට සේවකයන් සහ දාසයන් සිටින ආකාරයෙන්ම, පුරවැසියන්ටද සේවකයන් සහ දාසයන් සිටියි. දෙපිරිසම හැඳින්වෙන්නේ සේවකයන් සහ දාසයන් ලෙසයි. සමහර විට, ඔවුන්ට අවසානයේදී සුළු ඉහළ නැග්මක් ලැබෙනවා ඇති. ඔවුන් දඬුවම් අත්විඳ, අවසානයේදී සුළු තිළිණයක් ලබාගනී. එබැවින් ඔබගේ උත්සාහයන් ඉතා හොඳ විය යුතුයි. පියාට බොහෝ සෙනෙහසින් සවන් දෙන්න. ඉන්පසුව එය නැවත ඔබටම කියාගන්න. ශිෂ්යයන් පාසැලේදී ඉගෙනගෙන ඉන්පසුව නිවසට ගොස් ගෙදර වැඩ කරයි. ඔබ දිගටම අවට සංචාරය කිරීම පමණක් නොකළ යුතුයි. ඉගෙනගැනීමට උනන්දුවක් තිබිය යුතුයි. මෙහි, කිසිම දෙයක් වටහා නොගන්න ඇතැම් අයද සිටිනවා. ඔවුන්ට එම පැරණි ගල් බුද්ධියම තිබෙනවා වැනිය. පියාට අයත් වීමෙන් පසුව, කෙනෙක් තදබල වරදක් කරන්නේ නම්, සිය ගුණයක දඬුවම් එක්රැස් වෙයි. එබැවින් පියා විස්තර කරන්නේ : මිහිරිතම දරුවනේ, ඔබගේ කාලය අපතේ නොහරින්න. ගමනාන්තය ඉතා ඉහළයි. සෑම චක්රයකදීම ඔබගේ තත්ත්වය එයම වෙයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ සාමාන් මිනිසෙකුගෙන් නාරායන බවට පරිවර්ථනය වීමටයි. ඔබ මෙහි පැමිණියේ සේවකයන් හෝ දාසයන් වීමට නොවෙයි. අවසානයේදී සෑම කෙනෙකුටම, ඔවුන් කවුරු බවට පත්වීමටද යන්නේ කියා, නිවැරදි දර්ශන ලැබෙයි. බුද්ධියද පවසන්නේ: කිසි කෙනෙකුට යහපතක් නොකරන අය කුමන තත්ත්වයක් හිමි කරගනීද? සමහරු දිවා රාත්රියේ බොහෝ සේවා කරයි. ප්රදර්ශන සහ මේලාවන්හි බොහෝ සේවය කෙරෙයි. බාබා පවසන්නේ : මිනිසුන්ගේ හදවත්වල ඒවා දැකගැනීමට ආශාවක් ඇතිවන සහ මෙහි දිව්යලෝකය හා සමාන බව ඔවුන්ට දැනෙන පරිදි, කලාගාරවල ඉතා හොඳ දේවල් නිර්මාණය කරන්න. මධ්යස්ථාන දිව්යලෝකය ලෙස හැඳින්විය නොහැක. දිනෙන් දින අලුත් දේ නොකඩවා සිදුවෙයි. පිංතූරද නිර්මාණය වෙනවා. ඔබ අඛණ්ඩව ඥානයේ සාගරය ආවර්ජනය කරනවා. පිංතූර ආදිය සාදන්නේ මිනිසුන්ට විස්තර කිරීම සඳහාය. බාබා දැන් මනුෂ්යයන්ව දිව්යමය ගුණධර්ම ඇති අය බවට පත්කරවනවා. එබැවින් ජීවාත්ම අළුත් වී, ඔවුන්ට අලුත් ශරීරද ලැබෙයි. අලුත් යනු අලුත්ය! ඔබ අලුත් ඇඳුම්වලට මාරු වූ පසු, ඔබ පරණ ඇඳුම් අඳියිද? පරමාත්ම දෙවියන් පැමිණ, අනිවාර්යෙන් විශ්මයන් නොපෙන්වයිද? දිව්යලෝකය ස්ථාපනය කරන ඒකායන කෙනා, පරමාත්ම දෙවියන්ය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්රාර්ථනා කරයි. ආධ්යාත්මික පියාගෙන් ආධ්යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. පියා ඔබට පවසන දේට බොහෝ සෙනෙහසින් සහ ජීව අවධාන ස්ථිතියක සිට සවන් දෙන්න. පියා ඉදිරියේ අසුන්ගෙන නොකඩවා ඔහු දෙස බලා සිටින්න. නිදි කිරා වැටෙන්න එපා! ඉගෙන ගැනීමට විශාල උනන්දුවක් දක්වන්න. ඔබගේ ආහාර අත්හැරීමට සිදුවුවත්, අනිවාර්යෙන් ඉගෙනගන්න.
  2. ඒකායන පියාව, ඔබගේ සැබෑ මිතුරා කරගන්න. ඔබලා එකිනෙකා අතරේ අමනාපකම් අවසන් කිරීමට මෙය පුහුණු වන්න: ජීවාත්ම වන අප, සහෝදරයන්ය. සිරුර පෙනෙද්දි, එය නොදකින්න.

වරදානය:

ඔබේ ආලෝක ස්වරූපයේ අවබෝධයෙන් ඉඳීම මඟින් තීව් උත්සාහ දරන්නෙකු වී ඕනෑම නිෂ්ඵල බරින් සැහැල්ලු වී සිටිත්වා.


තමන්ගේ ආදී ස්වරූපයේ අවධානයෙන් ඉඳිනා අයට නිෂ්ඵල දේ බලවත් බවට හැරවීමේ බලය ඇත. ඔවුන් ඕනෑම අපතේ යන කාලයක්, නාස්තිකාර මිත්රත්වය සහ නාස්තිකාර වටපිටාවක් පහසුවෙන් පරිවර්ථනය කර ඔවුන් ඩබල් ලයිට් වී සිටිති. එමෙන්ම, බ්රහමිණ් පවුල හා සම්බන්ධ වී සිටින විට සහ සේවය කරන විට ඔවුන් සැහැල්ලුවෙන් සිටිති. ඔවුන්ට පරණ සංස්කාර හෝ පරණ ලොව හා සම්බන්ධතාවයක් නොතිබේ. ඔවුන් කිසිම ශරීරධාරින්ට හෝ දේපළ වලට ආකර්ෂණය වන්නේ නැත. එවන් තීව් උත්සාහවන්ත දරුවන් ඔවුන්ගේ සුරදේවතා තත්ත්වය පහසුවෙන් ලබා ගනිති.

පාඨය:

සැහැල්ලු අධිරාජ්යවරයෙක් වීම සඳහා ඔබේ ශරීරය, මනස සහ ධනය පරමාතම දෙවියන්ට භාර කරන්න.

*** ඕම් ශාන්ති ***

Download PDF

 


Post a Comment

0 Comments