Header Ads Widget

Header Ads

SINHALA MURLI 05.02.23

 

05-02-2023  මධුබන්  අව්යක්ත් බාප්දාදා  ඕම් ශාන්ති  1993/12/09


Listen to the Murli audio file



ඒකාග්රතාවයේ බලයෙන් සහ අධිෂ්ඨානයෙන් පහසුවෙන් සාර්ථකත්වය අත්කර ගන්න.

අද, බ්රහ්මිණ් ලෝකයේ නිර්මාණකරු, සෑම තැනකම සිටින ඔහුගේ බ්රහ්මිණ් පවුල දැකීමෙන් සතුටට පත් වනවා. මෙම අලෞකික බ්රහ්මිණ් ලෝකය කුඩායි, ආදරණීයයි එමෙන්ම අසහායයි. මුළු නාටකයෙන්ම ශ්රේෂ්ඨතම ලෝකය මෙයයි, මන්ද, බ්රහ්මිණ් ලෝකයේ ගමනාන්තය සහ ක්රමවේද අසහායයි, විශේෂයි. බ්රහ්මිණ් ජීවාත්ම, බ්රහ්මිණ් ලෝකයේ මෙන්ම මේ ලෝකයෙත් විශේෂයි. මෙය විශේෂ ජීවාත්මයන්ගේ ලෝකය වන්නේ මේ නිසයි. සෑම බ්රහ්මිණ් ජීවාත්මයකගේ ශ්රේෂ්ඨ ආකල්පය, ශ්රේෂ්ඨ ද්රිෂ්ඨිය සහ ශ්රේෂ්ඨ ක්රියා, ලෝකයේ සෑම ජීවාත්මයක්ම ශ්රේෂ්ඨ ජීවාත්මයක් බවට පත් කිරීමට උපකරණ වෙයි. ඔය සෑම ජීවාත්මයකටම මෙම විශේෂ වගකීම තිබේ. එබැවින් මෙය ඔබගේ වගකීම බව, ඔය සෑම කෙනෙක්ම අත්දකිනවාද? එය බොහෝ විශාල වගකීමක් මුළු ලෝකයේම පරිවර්ථනය ජීවාත්මයන්ගේ පමණක් පරිවර්ථනය නොවෙයි, නමුත් ඔබ පදාර්ථ පවා පරිවර්ථනය කරයි. මෙම අවධානය නිරතුරුව තබාගැනීමේ ඔබ අංකානුරූපයි. සෑම බ්රහ්මිණ් ජීවාත්මයකගේම ඇතුලාන්තයේ අංක එකේ විශේෂ ජීවාත්ම බවට පත් වීමේ සිතිවිල්ල නිරන්තරයෙන් තිබේ, නමුත් ඔවුන්ගේ සිතිවිලි සහ ක්රියා අතර වෙනසක් තිබේ. මෙයට හේතුව වන්නේ ක්රියා සිදු කරන වෙලාවේ ඔබ අත්දැකීම් ඇති ස්ථීතියේ ඔබගේ අවධානය ස්ථාවර කර නොගැනීමයි. ඔබ අසා ඇති දෙයක් හෝ ඔබ දන්නා දෙයක් ගැන ඔබ සිහි කරයි, නමුත් එම ස්ථීතියෙන් තමන්ව පිළිගැනීම සහ එයට අනුව ගමන් කිරීම - ඔබගෙන් වැඩි දෙනෙක් විටෙක මෙහි අත්දැකීම් ඇති අය වන අතර විටෙක ඔබ එයට සවන් දී පිළිගන්න අය බවට පමණක් පත් වෙයි. මෙම අත්දැකීම වැඩි කර ගැනීමට ඔබ කරුණු දෙකක විශේෂ වැදගත්කම ගැන වටහා ගත යුතුයි. එකක් තමන්ගේ වැදගත්කම, අනෙක කාලයේ වැදගත්කම. තමන් ගැන ඔබ බොහෝ සේ දන්නවා. ඔබලා කුමන අන්දමේ ජීවාතAමද කියා ඕනෑම කෙනෙකුගෙන් අසන්නේ නම්, නැත්නම් ඔබ කුමන ආකාරයේ ජීවාත්මයක්ද කියා තමන්ගෙන්ම විමසන්නේ නම්, ඔබගේ අවධානයට කෙතරම් දේවල් පැමිණෙයිද? විනාඩියකදී ඔබගේ ස්ව-අභිමාන ස්ථීතියේ කරුණු කීයක් ඔබට මතක් වෙනවාද? ඔබට මෙම කරුණු කීයක් එක විනාඩියකදි මතක් වෙනවාද? ඔබට බොහෝ කරුණු මතක් වෙනවා නේද? තමන්ගේ වැදගත්කමේ ලැයිස්තුව ඉතා දිගු එකකි. එබැවින් මේ ගැන දැන ගැනීම අතින් ඔබ සියලු දෙනාම ඉතා දක්ෂයි. ඔබ සියලු දෙනාම දක්ෂයි, එහෙම නේද? එසේ නම් එය අත්විඳීමේදි වෙනසක් තිබෙන්නේ ඇයි? එයට හේතුව, ඔබ නිසි වෙලාවට එම ස්ථීතියේ අසුනේ ස්ථාවර නැති නිසයි. ඔබගේ අසුනේ ඔබ තැන්පත්ව සිටින විට, කිසිම දුර්වල සංස්කාරයකට, කිසිම ජීවාත්මයකට, කිසිම පදාර්ථයකට හෝ කිසිම ආකාරයක රාජකීය මායාවකට ඔබව කලබලයට පත් (අප්සෙට්) කිරීමට නොහැකි වෙයි. භෞතිකව ඔවුන්ගේ ශරීර අතින් වුවද, එක ආසනයක හෝ එක අසුනක නිසලව අසුන්ගෙන සිටීමේ පුරුද්ද බොහෝ ජීවාත්මයන්ට නොමැත. එබැවින් ඔවුන් කරන්නේ කුමක්ද? ඔවුන් එහෙ මෙහෙ ඇවිදිමින් සිටියි. ආකාරයෙන්ම ඕනෑම එක අත්දැකීමක් මත, මනස සහ බුද්ධියට තමන්ව තැන්පත් කිරීමට නොදත් විට, එවිට, එක මොහොතක් ඔවුන් තැන්පත් වන අතර ඊළඟ මොහොතේ ඔවුන් සැලෙයි. ශරීරයේ ආසනය භෞතික තැනක් වන අතර මනස සහ බුද්ධියේ ආසනය වන්නේ ශ්රේෂ්ඨ මනෝ ස්ථීතියකි. එබැවින් බාප්දාදා දරුවන්ගේ මෙම ක්රිඩාව දෙස නොකඩවා බලා සිටියි. එක විනාඩියක් ඔබ හොඳ ස්ථීතියක තමන්ව ස්ථාවර කරගන්නා අතර ඊළඟ විනාඩියේ ඔබගේ ස්ථීතිය චංචල වෙයි. බොහෝ දඟකාර කුඩා දරුවන්ට වැඩි වෙලාවක් එක තැනක නිශ්චලව සිටීමට නොහැක. ඇතැම් දරුවන් මෙම ළමා කාලයේ ක්රීඩා බොහෝ සේ ක්රිඩා කරයි. ඔබ ඔවුන් දෙස බලන්නේ නම් එක විනාඩියක් ඔවුන් ඉතා තදින් සිත එක්තැන් කරමින් සිටින අතර, ඊළඟ විනාඩියේ සිත එක්තැන් කරනවා වෙනුවට ඔවුන් බොහෝ විවිධ ස්ථීති තුළ සැරිසරමින් සිටිනවා. එබැවින් මෙකල, ඔබගේ මනස සහ බුද්ධිය නිරතුරුව ඒකාග්රතාවයෙන් තැබීමට ඔබ බොහෝ අවධානය යොමු කළ යුතුයි.

ඒකාග්රතාවයේ බලය, ඔබව පහසුවෙන් බාධක වලින් නිදහස් කරවයි, එවිට ඔබට වෙහෙස වීමට අවශ් නොවෙයි.

ඒකාග්රතාවයේ බලය, ඔබ අයත් වන්නේ වෙනත් කිසිවෙකුට නොව ඒකායන පියාට පමණක් බව නිරන්තරයෙන් අත්විඳීමට සලස්වයි.

ඔබගේ මනෝ ස්ථීතිය නිරන්තර කර ගැනීමට ඒකාග්රතාවයේ බලය පහසුවෙන් මඟ පාදයි.

ඒකාග්රතාවයේ බලය, ඔබ තුළ සියලු දෙනා කෙරෙහි නිරන්තර යහපත සැලසීමේ ආකල්පයක් තිබීමට මඟ පාදයි.

ඒකාග්රතාවයේ බලය, සියලු දෙනා කෙරෙහි සහෝදරත්වයේ දැක්ම ඉබේටම ඇති කරයි.

ඒකාග්රතාවයේ බලය, සෑම ජීවාත්මයක් සමඟ ඇති ඔබගේ සම්බන්ධතා තුළදි, සෙනෙහස, ගෞරවය, සහ ගරු බුහුමන්, ඔබගේ ක්රියා මඟින් පහසුවෙන් අත්විඳීමට සලස්වයි.

එබැවින් ඔබට දැන් කිරීමට අවශ් කුමක්ද? ඔබ පවත්වා ගත යුත්තේ කුමන අවධානයද? ඒකාග්රතාවය. ඔබ ස්ථාවර වන අතර ඔබට එම අත්දැකීම තිබෙනවා, නමුත් ඔබගේ අත්දැකීම මත ඔබගේ සිත එක්තැන් කරන්නේ නැහැ. ඔබ නිරන්තරයෙන් ස්ථීති තුනකින් අවට සංචාරය කරයි විටෙක ඔබගේ අත්දැකීම ශ්රේෂ්ඨයි, විටෙක එය මධ්යම මට්ටමේද තවත් විටෙක සාමාන් මට්ටමේය. ඔබගේ මනස සහ බුද්ධිය නිරන්තරයෙන් ඔබගේ නියෝග යටතේ තිබෙන අන්දමට බොහෝ බලවත් වන්න, එනම්, සිහිනෙන් වත් ඒවා තත්පරයකටවත් චංචල නොවිය යුතුයි. පාලකයා වන ඔබ මත, ඔබගේ මනස බලපෑම් ඇති නොකළ යුතුයි.

වෙනත් බලපෑමක් යටතේ සිටින ජීවාත්මයකගේ ලක්ෂණය වන්නේ, එවන් ජීවයකට සතුට, සුවය හෝ ආනන්දය, ඔහුට එම කාලය තුළදි අත්විඳීමට අවශ් වුණත්, එය අත්විඳීමට නොහැකි වීමය. බ්රහ්මිණ් ජීවාත්මයන්හට කිසිම විටෙක වෙනත් ජීවාත්මයන්ගේ බලපෑම යටතට පැමිණිය නොහැක - තමන්ගේම සංස්කාර හෝ දුර්වල ස්වභාවය යටතට වත් ඔවුන්ට පැමිණිය නොහැක. ඇත්ත වශයෙන් තමන්ගේම ස්වභාවයේ අරුත වන්නේ, තමන් (ස්ව) වෙනුවෙන් හැඟීම්ය (භාව). තමන් වෙනුවෙන් හැඟීම් සෑම විටම යහපත්ය, අයහපත් නොවෙයි. ඔබස්ව’ (තමන්) කියන විට, ඔබට සිහි වන්නේ කුමක්ද? ඔබට සිහිවන්නේ ඔබගේ ජීවාත්මයේ ස්වරූපය නොවේද? එබැවින් ස්වභාවය යනු, තමන් වෙනුවෙන් සහ අන් සියලු දෙනා කෙරෙහි ජීවාත්ම අවධාන හැඟීම් තිබීමයි. ඔබගේ දුර්වලතාවල බලපෑම යටතේ සිට, එනම්, ඔබගේ සංස්කාර සහ ස්වභාවය එවැනි නිසාමා කුමක් කරන්නද? මගේ ස්වභාවය එවැනිය’, මෙලෙසින් ඔබගේ ස්වභාවය හෝ ඔබගේ සංස්කාර ගැන ඔබ සිතන්නේ නම්, එවිට මෙසේ කියන්නේ කෙබඳු ආකාරයේ ජීවාත්මයක්ද? මෙවන් වචන සහ සිතිවිලි, බාහිර බලපෑමක් යටතේ සිටින ජීවාත්මයකගේ සිතිවිලි සහ වදන්ය. එබැවින් ඔබගේ ස්වභාවය එවැනි කියා ඔබ සිතන ඕනෑම විටෙක, එම වචනයේ ශ්රේෂ්ඨ අරුතේ තමන්ව ස්ථාවර කරගන්න. ඔබගේ සංස්කාර ඔබ ඉදිරියට පැමිණෙන්නේ නම්, එවිට තමන්ගෙන් මෙසේ විමසන්න මේවා මගේ සංස්කාර කියා මා කියන්නේ, විශේෂ ජීවාත්මයක් වන මගේ සංස්කාරද මේවා? ඒවා ඔබගේ සංස්කාර කියා ඔබ පවසන බැවින්, ‘මගේයන අවධානය තිබීම නිසා, ඔබ දුර්වල සංස්කාර පවා අත්නොහරියි. ‘මගේයන අවධානය ඇති විට, තමන් සතු වීමේ හැඟීමක් තිබෙන අතර, තමන් සතු වීමේ හැඟීමක් ඇති තැන අයිතියක් තිබීම, නීතියකි. ඉතිං ඔබ දුර්වල සංස්කාර තමන්ගේ බවට පත් කර ගෙන තිබෙන අතර, ඒවාගේ අයිතිය ඔවුන් අත්නොහරියි. එබැවින් වෙනත් බලපෑමක් යටතේ සිටින අතර ඔබව නිදහස් කිරීමට කියා ඔබ දිගින් දිගටම පියාගෙන් ඉල්ලා සිටියි. ඔබසංස්කාරයන වචනය භාවිතා කරන විට, ඔබගේ සංස්කාර වන්නේ ආදි සහ සදාතනික ඒවා බව මතකයේ තබා ගන්න. අනෙක්වා ඔබගේ නොව, මායාගේ සංස්කාරයි. එබැවින් ඒකාග්රතාවයේ බලයෙන්, වෙනත් බලපෑමක් යටතේ සිටීමේ ස්ථීතිය පරිවර්ථනය කර, ඔවුන්ගේ පාලකයාගේ ස්ථීතියේ ආසනයේ තැන්පත් වන්න.

ඔබ යෝගාවේ අසුන් ගන්නා විට, ඔබ සියලු දෙනාම උද්යෝගයෙන් අසුන් ගනී, නමුත් ඔබට අවශ් තරම් කාලයක් යම් විශේෂිත ස්ථීතියක, ඒකාග්රතාවයේ සිටිමේ ස්ථීතිය ඔබට තිබිය යුතුයි. එසේ නම් ඔබ දැන් කළ යුත්තේ කුමක්ද? ඔබ වැදගත් බව සලකන්නේ කුමන කාරණාවද? (ඒකාග්රතාවය). ඒකාග්රතාවය වෙනුවෙන් අධිෂ්ඨානය තිබේ, එමෙන්ම ඔබ තුළ අධිෂ්ඨානය තිබෙන විට, සාර්ථකත්වය ඔබගේ ගෙල වටා මාලය වෙයි. අච්චා.

අලෞකික බ්රහ්මිණ් ලෝකයේ සෑම තැනකම සිටින විශේෂ ජීවාත්මයන්ට, ශ්රේෂ්ඨ ස්ථීතියක් අත්විඳීමේ ආසනයේ නිරතුරුව තැන්පත්ව සිටින ජීවාත්මයන්ට, තමන්ගේ වැදගත්කම නිරන්තරයෙන් අත්විඳින ජීවාත්මයන්ට, ඒකාග්රතාවයේ බලයෙන් තම මනස සහ බුද්ධිය නිරන්තරයෙන් ස්ථාවර කරගන්නා අයට, නිරන්තරයෙන් ඒකාග්රතාවයේ බලය ඇති සහ අධිෂ්ඨානයෙන් පහසු සාර්ථකත්වයක් හිමි කරගන්නා අයට, වඩාත්ම ශ්රේෂ්ඨ, වඩාත්ම විශේෂ සහ වැඩියෙන්ම සෙනෙහසට පාත් වූ ජීවාත්මයන්ට, බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

අව්යක්ත බාප්දාදා සමඟ පෞද්ගලික හමුවීම්

පියාසර ස්ථීතියට යාම සඳහා ආලෝකමත් සහ සැහැල්ලු වන්න. කිසිම ආකාරයක ආකර්ෂණයකට ඔබව ඇද ගැනීමට ඉඩ නොදෙන්න.

වත්මන් කාලයට අනුව, ඔබ සියලු දෙනාම සීඝ් වේගයකින් පියාසර කිරීම, අත්විඳිනවාද? වඩාත් වේගවත්ව තිබෙන්නේ කාලයේ වේගයද, නැත්නම් ජීවාත්මයන්ගේ උත්සාහයේ වේගයද? කාලය ඔබට පිටුපසින් තිබේද, නැත්නම් ඔබ කාලයට අනුව ගමන් කරනවාද? අවසානයේ සෑම දෙයක්ම හරි යයි, එමෙන්ම වන විට ඔබ පරිසමාප්ත සහ පියාට සමාන වෙයි කියා සිතමින්, ඔබ කාලය දෙස බලා සිටින්නේ නැහැ නේද? ඔබ එසේ සිතන්නේ නැහැ නේද? නාටකයට අනුව වත්මන් කාලය ඉතා වේගයෙන් ගමන් කරනවා. එය අන්තයට ගමන් කරනවා. එය පෙර දිනයේ කුමක් වුණත්, අද එය ඊටත් වඩා අන්තයට ගොස් තිබේ. ඔබ මෙය දන්නවා නේද? කාලය එහි අන්තයට යන සේම, ඔය ශ්රේෂ්ඨ ජීවාත්මත් බොහෝ තීව්රයෙන් ගමන් කරනවාද, එනම්, ඔබගේ උත්සාහයන් වලදි එවන් සීඝ් වේගයකින්? එසේ නැත්නම් ඔබ විටෙක වේගවත් වන අතර විටෙක මන්දගාමීද? ඔබ පහළට විත් ඉන්පසුව ඉහළට යාම සිදු නොවිය යුතුයි. ඉහළ පහළ යන අයට වේගවත් සහ ඒකාකාර වේගයක් තිබිය නොහැක. එබැවින් ඔබ සෑම අවස්ථාවකදීම නිරන්තරයෙන් ශ්රේෂ්ඨ සහ සීඝ් වේගයකින් පියාසර කරන අයයි. මෙසේ සිහි කර තිබේ ඉහළ නැඟීමේ ස්ථීතිය නිසා සියලු දෙනාටම යහපතක් තිබේ. කෙසේවෙතත්, ඔබ දැන් කුමක් පවසයිද? පියාසර කිරීමේ ස්ථීතිය නිසා සියලු දෙනාටම යහපතක් තිබේ. ඉහළ නැඟීමේ කාලයත් දැන් අවසන් වී ඇත. එය දැන් පියාසර කිරීමේ කාලයයි. පියාසර කරන කාලයේ යම් කෙනෙකුට ඉහළ නඟින ස්ථීතියෙන් යම් තැනකට යාමට අවශ් නම්, ඔහුට එහි ළඟා වීමට හැකි වෙයිද? නැහැ. එබැවින් නිරන්තරයෙන් පියාසර ස්ථීතිය තිබිය යුතුයි. පියාසර ස්ථීතියේ ලක්ෂණය වන්නේ නිරතුරුව ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් සිටීමයි. ඔබ ආලෝකමත් සහ සැහැල්ලු නැත්නම් ඔබට පියාසර ස්ථීතිය තිබිය නොහැක සුළු බරක් පවා ඔබව පහළට ගෙන එයි. ගුවන් යානයක ගමන් කරන විට එන්ජිමේ හෝ පෙට්රල්වල සුළු හෝ අපිරිසිඳු දෙයක් ඇත්නම්, එහි තත්ත්වය කුමක් වෙයිද? ගුවන් යානය පියාසර ස්ථීතියේ සිට වැටෙන ස්ථීතියට පහළට එයි. එබැවින්, මෙහිද ඕනෑම අන්දමක බරක් ඇත්නම්, ඔබගේ සංස්කාරවල, ඕනෑම ආකාරයක වාතාවරණයක් නිසා හෝ යම් ජීවාත්මයක් සමඟ නෑ සබඳතාවයකදි, එවිට මෙම හේතුව නිසා මෙම සංස්කාරය, පුද්ගලයා හෝ වාතාවරණය නිසා එවිට පියාසර ස්ථීතිය තිබූ ඔබ තුළ යම් කැලඹීමක් ඇති වෙයි. ඔබ මෙසේ කියයි, ’මා හොඳින්, නමුත් මෙම හේතුව නිසා, මෙම සංස්කාරයේ, පුද්ගලයා හෝ වාතාවරණයේ බන්දනයක් තිබෙනවා.’ හේතුව කුමක් වුණත්, තීව් උත්සාහ දරන්නන්, ඒවා නොතිබුණා සේ, සියලු අවස්ථා තරණය කර ගමන් කරයි. ඒවා වෙහෙසක් ලෙස නොවේ විනෝදයක් ලෙස ඔවුන් අත්විඳියි. එවන් ස්ථීතියක්, පියාසර ස්ථීතිය ලෙස හැඳින්වෙයි. එබැවින් ඔබට පියාසර ස්ථීතියක් තිබෙනවාද? එසේ නම් විටෙක පහළට විත් අවට සංචාරය කිරීමට ඔබ තුළ ආශාවක් තිබෙනවාද? කිසිම දේකට බැඳීමක් නොතිබිය යුතුයි. කිසිම ආකර්ෂණයක් සුළුවෙන්වත් ඔබව ඇද නොගත යුතුයි. රොකට්ටුවකට බොහෝ ඉහළ පියාසර කිරීමට හැකි වන්නේ එය පෘථීවියේ ගුරුත්වාකර්ෂණයේ ඇදීම ඉක්මවා ගිය විටයි. එසේ නැත්නම් එයට ඉහළට පියාසර කළ නොහැක. එයට අවශ් නැති වුණත් එය පහළට පැමිණෙයි. ඕනෑම ආකාරයක ආකර්ෂණයක් ඔබට උඩ ඉහළට යාමට ඉඩ නොදෙයි. එය ඔබට අංගසම්පූර්ණ වීමට ඉඩ නොදෙයි. එබැවින් පරීක්ෂා කරන්න ඔබගේ සිතිවිලි වලින් වත් කිසිම ආකර්ෂණයකට ඔබව ඇද ගැනීමට ඉඩ නොතබන්න. පියා හැර වෙනත් ආකර්ෂණයක් නොතිබිය යුතුයි. පාණ්ඩවයන් සිතන්නේ කුමක්ද? එවන් තීව් උත්සාහ දරන්නන් වන්න. ඔබ එය බවට පත් විය යුතුයි, එහෙම නේද? ඔබ කී වතාවක් එය වී තිබෙනවාද? ඔබ අනේක වාරයක් එය බවට පත් වී තිබේ. ඔබ එය බවට පත් වුණාද නැත්නම් එය බවට පත් වුණේ වෙන කෙනෙක්ද? ඔබ එය වීය. ඔබ අංකානුරූප වීමට යන්නේ නැහැ නේද? ඔබ අංක එක හිමි කරගැනීමට යනවා, එහෙම නේද? මව්වරුන් කුමක්ද කරන්නේ? ඔබ අංක එක හිමි කරගන්නවාද, නැත්නම් අංකානුරූප වීම හොඳද? 108 වන අංකය හොඳද? ඔබ 108 වන අංකය වෙනවාද, නැත්නම් අංක එක වෙනවාද? දැන් ඔබ පරම පියාට අයත් වී, අයිතියකට හිමිකමක් ලබා ඇති බැවින්, ඔබ සම්පූර්ණ උරුමයම හිමි කරගන්නවාද නැත්නම්, ටිකක් අඩුවෙන්ද? එසේ නම් ඔබ අංක එක වෙනවා නේද? පිරිණමන්නා සම්පූර්ණයෙන්ම ලබා දෙන නමුත් ලැබෙන අය අඩුවෙන් ගන්නේ නම්, ඔබ කුමක් කියයිද? ඔබ අංක එක විය යුත්තේ මේ නිසයි. අංක එක වන අය සිටින්නේ එක්කෙනෙක් පමණක් වුණත්, අංක එකේ කොට්ඨාශයේ බොහෝ දෙනෙක් සිටිනවා. එබැවින් ඔබ දෙවන අංකයට නොපැමිණිය යුතුයි. ඔබ යමක් හිමි කරගැනීමට යන්නේ නම්, එය සම්පූර්ණයෙන්ම හිමි කරගන්න. සම්පූර්ණයෙන් හිමි කර නොගන්නා බොහෝ දෙනෙක් පසුව පිටුපසින් පැමිණෙයි. කෙසේවෙතත්, ඔබ සම්පූර්ණයෙන් හිමි කර ගැනීමට යනවා. ඔබ සියලු දෙනාම සම්පූර්ණයෙන් හිමි කරගන්නා අයද? එසේ නැත්නම් සුළු ප්රමාණයකින් පමණක් ඔබ සතුටු වනවාද? සම්පත්-ගබඩාව විවෘතව තිබෙන අතර එය අසීමිත බැවින්, ඔබ අඩුවෙන් ගන්නේ කුමටද? එය අසීමිතයි, එහෙම නේද? එය සීමිත වී යමෙකුට 8000ක්ද, තවත් කෙනෙකුට 10,000ක්ද ලැබෙන්නේ නම්, එවිට ඔවුන්ගේ භාග්යයේ තිබෙන්නේ එය පමණක් බව කියයි. කෙසේවෙතත්, පියාගේ සම්පත් ගබඩාව විවෘතව තිබෙන අතර එයට සීමාවක් නැත ඔබට අවශ් තරම් ලබා ගත හැක. එසේ වුවද, එය අනන්තයි. ඔබ අනන්ත සම්පත් වල අධිපතියන්ය. අධිපතියන් වන දරුවන් ඔබයි. එබැවින් ඔබ සියලු දෙනාම නිරන්තරයෙන් සතුටින් සිටින අය නේද? නැත්නම් විටෙක දුක් රළ පැමිණෙනවාද? සිහිනෙන් වත් දුක් රළ වලට ඔබ වෙතට පැමිණිය නොහැක. ඔබගේ සිතිවිලි වලින් දුක් රළ පැමිණීම, පසෙක තබන්න, සිහිනෙන් වත් ඒවාට පැමිණිය නොහැක. මෙය අංක එක වීම ලෙස හැඳින්වෙයි. එසේ නම් ඔබ පෙන්වන්නේ කුමන ආශ්චර්යන්ද? ඔබ සියලු දෙනාම අනිවාර්යෙන් අංක එක හිමි කරගන්නවා නේද?

දිල්ලිය හදවත බව කියයි. ශරීරය ක්රියාත්මක වන්නේ හදවතේ තත්ත්වයට අනුවයි. පදනම හදවතයි, එහෙම නේද? හදවත, හදවත සනසන්නාගේ හදවතයි. හදවත් අසුන නිවැරදි විය යුතුයි එය චංචල විය නොහැක. හදවත සනසන කෙනාගේ හදවත් බවට පත්වීමේ කුල්මත් බව, ඔබට තිබෙනවා නේද? එබැවින් දැන් ඔබගේ උතුම් සිතිවිලි වලින් තමන්ව සහ ලෝකය පරිවර්ථනය කරන්න. ඔබට සිතිවිල්ලක් ඇති වූ සැනින් ඔබ එය ක්රියාවට නංවනවා. ඔබ බොහෝ සිතීම සිදු නොකළ යුතුයි. ඔබ පවසන්නේ, ඔබ බොහෝ සේ සිතන නමුත් සැබවින් ක්රියාත්මක වන්නේ සුළු වශයෙන් බවයි. එවන් ජීවාත්ම තීව් උත්සාහ දරන්නන් නොවෙයි. තීව් උත්සාහ දරන්නෙක් යනු ඔබගේ සිතිවිලි සහ ක්රියා සමාන බවයි. ඔබ පරම පියාට සමාන බව පැවසෙන්නේ එවිට පමණයි. ඔබ සතුටින් සිටින අතර ඔබ නිරන්තරයෙන් සතුටින් සිටීවි. ඔබට මෙම ස්ථීර විශ්වාසය තිබෙනවා නේද? සතුටින් රැඳී සිටින අය පමණයි භාග්යවන්ත අය වන්නේ. මෙය ස්ථීරද? එසේ නැත්නම් ඔබ මෙයින් ටිකක් දුර්වල වෙනවාද? ඔබ නොඉදුනු දේකට කැමතිද? ඔබ කැමති ඉදුණු දේකටයි, එබැවින් බොහෝ ස්ථීරව රැඳී සිටින්න.

දිනපතාම අම්රිත් වේලාවේ මෙම පාඩම ස්ථීර කරගන්න කුමක් සිදු වුණත් ඔබ සතුටින් රැඳී සිට අන් අයවත් සතුටට පත් කරනවා. හොඳයි, වෙනත් ක්රීඩා නොපෙන්වන්න. මෙම ක්රීඩාව පමණක් පෙන්වන්න වෙනත් ක්රීඩා නොකරන්න. අච්චා.

වරදානය:

ඔබ පරිත්යාගශීලී හදවතක් ඇති මහා දානපතියෙක් වී, ඔබගේ භාග්යය සහ භාග්යය පිරිණමන්නා වන පියාගේ අවධානයේ සිට නිරතුරුවම ඔබගේ භාග්යය බෙදන්න.

ඔබ භාග්යය පිරිණමන්නා වන පියාව සහ ඔබගේ භාග්යය සිහි කරන විට ඔබට අන් අයවත් භාග්යවන්ත කිරීමේ උනන්දුව සහ උද්යෝගය ඇති වෙයි. භාග්යය පිරිණමන්නා වන පියා, බ්රහ්මගේ මාර්ගයෙන් භාග්යය බෙදා දෙන සේම, ඔබ පිරිණමන්නාගේ දරුවන්ය, එබැවින් ඔබගේ භාග්යයද නොකඩවා බෙදා දෙන්න. මිනිසුන් ඇඳුම්, ආහාර සහ තෑගි බෙදා දෙන නමුත් කිසිම කෙනෙක් ඒවා සමග සෑහීමට පත් වන්නේ නැහැ. ඔබ, ඔබගේ භාග්යය බෙදා දෙන අතර, භාග්යය ඇති තැන, සියලු ලැබීම් තිබේ. මේ අන්දමින් පරිත්යාගශීලි හදවත් ඇති අය වී, ඔබගේ භාග්යය බෙදා දී, ශ්රේෂ්ඨත්වයට පත් වන්න, එමෙන්ම මහා දානපතියෙක් වන්න. නිරන්තරයෙන් අඛණ්ඩව ලබා දෙන්න.

පාඨය:

නිරන්තරයෙන් ඒකායන කෙනාට අයත් වන සහ සෑම විටම අරපිරිමැස්ම ඇති අය, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසට පාත් වෙයි.

 

*** ඕම් ශාන්ති ***

Download PDF

Post a Comment

0 Comments