04-02-2023 උදෑසන
මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
Listen to the Murli audio file
සාරය:
සුමිහිරි දරුවනි, පියා සමඟ සියලුම සම්බන්ධතාවයන් ගේ සතුට හිමි කර ගැනීම සඳහා, අන් සියලුම දෙනාගෙන් ඔබගේ ආදරණීය බුද්ධිය ඉවත් කර ගෙන, ඔබගේ පියා වන මා පමණක් සිහිපත් කරන්න. ශ්‍රේෂ්ඨතම ගමනාන්තය මෙයයි.
ප්රශ්නය:
මෙම කාලයේදී ඔය දරුවන් කරන කුමන යහපත් ක්‍රියාවන් වෙනුවෙන්ද ඔබ ධනවත් වන්නේ?
පිළිතුර:
හොඳම කාර්යය වන්නේ, ඥානයේ මිණිමුතු දන් දීමයි. මෙම අවිනාශි නිධන් වස්තුව මාරුවී ගොස්, ඔබගේ අනාගත උපත් 21කට විනාශ වන ධනය බවට පත් වෙයි. මෙය තුළින් ඔබ සමෘද්ධිමත් වෙයි. ඔබ ඥානයේ මිණිමුතු ධාරණය කොට, අන් අයට ඒවා ධාරණය කිරීමට දිරිමත් කරන තරමට, ඒ අනුව ඔබ ධනවත් වෙයි. ඥානයේ අවිනාශි මිණිමුතු දන් දීම වඩාත් ශ්‍රේෂ්ඨතම සේවයයි.
ඕම් ශාන්ති. ශිව බාබා, ඔහුගේ සැලිග්රම් දරුවන් හට විස්තර කරනවා. මෙම දැනුම ලබා දෙන්නේ, උත්තරීතර පියාගේ දරුවන් වන ජීවාත්මයන්ටයි. ජීවාත්මයකට තවත් ජීවාත්මයකට දැනුම දිය නොහැක. පරමාත්ම ජීවය, වන ශිවා පමණයි මෙතැන අසුන් ගෙන බ්රහ්මා, සරස්වති සහ භාග්‍යවන්ත තාරකා වන ඔය දරුවන් හට දැනුම ලබා දෙන්නේ. ඒ නිසයි මෙයට දේවමය දැනුම කියා කියන්නේ. දෙවියන් ඒකායන තැනැත්තා පමණක් වන අතර, අන් සෑම කෙනෙක්ම නිර්මාණකරුවාගේ නිර්මාණයකි. මේ සියලුම ස්වරූපයන් ඔහුගේ ස්වරූප බව, භෞතික පියෙක් කියන්නේ නැත. ඔහුගේ දරුවන් සියලු දෙනාම ඔහුගේ නිර්මාණ බව ඔහු කියයි. එම කෙනාට එම චරිත කොටස ලැබී ඇති අතර, ඔහු ආධ්‍යාත්මික පියාය. ප්‍රධානතම නළුවා, නිර්මාණකරු සහ අධ්‍යක්ෂක ඔහුයි. ජීවාත්මයකට, නිර්මාණකරු යැයි කිව නොහැක. පරමාත්ම ජීවය ගැන කියැවෙන්නේ ඔබගේ ක්‍රම සහ විදි දන්නේ ඔබම පමණයි කියා. එම ගුරුවරුන් හට ඔවුන්ගේම විවිධ වූ මත තිබෙන අතර, මේ නිසයි පරමාත්ම ජීවය පැමිණ එක් උපදෙසක් ලබා දෙන්නේ. ඔහු වඩාත්ම ආදරණීය සහෘදයාය. ඔබ, ඔබගේ බුද්ධියේ යෝගාව, ඔහුට සම්බන්ධ කළ යුතුයි. ඔබ ආදරය කරන අයයි, ඔබව මුලා කරන්නේ. මේ නිසයි ඒ සෑම කෙනෙකු ගෙන්ම, ඔබ, ඔබගේ බුද්ධිය ඉවත් කළ යුතු වන්නේ. සියලුම සම්බන්ධතාවයන්ගේ සතුට, මම ඔබට ලබා දෙන්නම්. මා සිහිපත් කරන්න, එපමණයි! ගමනාන්තය මෙයයි. මම සෑම කෙනෙකුගේම ආදරණීයතම තාත්තා, සෙනෙහෙබර ගුරුවරයා සහ ගුරූ ද වන්නේය. ඔබට ජීවන-මුක්තිය ලැබෙන්නේ ඔහුගෙන් බව ඔබට වැටහෙනවා. මේවා ඥානයේ අවිනාශි මිණිමුතුයි. මෙම නිධන් වස්තු මාරු වී ගොස්, අනාගත උපත් 21කට ඔබගේ විනාශ වන ධනය බවට පත් වෙයි. අපි උපත් 21කට බොහෝ සේ සමෘද්ධිමත් වන්නෙමු. අප රජවරුන්ගෙත් රජවරුන් බවට පත් වන්නේය. මෙම අවිනාශි ධනය, දන් දෙන්න. පෙර කල, ඔබ විනාශ වන ධනය, දන් දුන් අතර, ඒ නිසා ඔබගේ මතු උපතේදී ඔබ තාවකාලික, මොහොතක සතුට ලබා ගත්තේය. ඔබ පෙර උපතේ සිදුකළ දාන සහ පුණ්යකර්ම වල ළුලය ඔබට ලැබිණ යැයි කියැවෙයි. ඔබට එම ළුලය ලැබෙන්නේ, එක් උපතකට පමණයි. එය උපත් ගණනාවකට ලැබෙන ප්‍රතිලාභයක් යැයි කිව නොහැක. දැන් අප කුමක් කළත්, එහි ළුලය, උපතින් උපතට අපට ලැබෙයි. එබැවින්, දැන් මෙය උපත් ගණනාවකට සිදුකරන ගනු දෙනුවකි. ඔබගේ අසීමිත උරුමය, පරමාත්ම ජීවයෙන් ඔබ හිමි කර ගත යුතුයි. හොඳම ක්‍රියාව වන්නේ, අවිනාශි ඥානයේ නිධන් වස්තු, දන් දීමයි. ඔබ ඥානයේ මිණිමුතු ධාරණය කරන තරමට සහ අන් අයට ධාරණය කිරීමට දිරිමත් කරන තරමට, ඒ අනුව ඔබ ද ධනවත් වී, අන් අයවත් ධනවත් කරවයි. මෙය ඉතාමත් ශ්‍රේෂ්ඨ සේවයකි. ඔබට විමුක්තිය ලැබෙන්නේ මෙය තුළිනි. දේවතාවන්ගේ චාරිත්‍ර දෙස බලන්න ඔවුහු සම්පූර්ණයෙන්ම දුර්ගුණ වලින් තොර වන අතර, අවිහිංසකත්වයේ උසස්තම ධර්මය අනුගමනය කරති. සම්පූර්ණ පාරිශුද්ධත්වය, පූර්ණ පිවිතුරු බව ඇත්තේ, ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී පමණයි. දේවතාවන් වාසය කරන්නේ පාරාදීසයේය. ඔවුන්ව සිහිපත් කරන්නේ, වඩාත්ම ශ්‍රේෂ්ඨතම අය වශයෙන්ය. ස්වර්ණමය යුගයේ, සූර්ය වංශයට යන අය, පරිසමාප්ත වූ ජීවාත්මයන්ය. පසුව, ඔවුන් තුළට අපද්‍රව්‍ය ටිකක් මිශ්‍ර වෙයි. දේවතාවන් වාසය කරන පාරාදීසය කුමක්ද කියා, ඔබට දැන් වැටහෙනවා. වයිකුන්තය (පාරාදීසය) අසිරිමත් ලෝකයයි. අන් ආගම් වල අයට එහි යාමට නොහැක. උසස්තම, ශ්‍රේෂ්ඨතම දෙවියන්, සියලුම ආගම් වල නිර්මාණකරුය. මෙම දේවතා ධර්මය ස්ථාපනය කළේ බ්රහ්මා නොවෙයි. බ්රහ්මා පවසන්නේ මම අපවිත්‍රව සිටියෙමි, ඉතිං මෙම දැනුම මට ලැබුණේ කෙසේද? එම පිවිතුරු ජීවාත්මයන් සියලු දෙනා, ඔවුන්ගේම ආගම් ස්ථාපනය කිරීම සඳහා පැමිණියේ ඉහළ සිටයි, එනමුදු මෙම ධර්මය ස්ථාපනය කිරීම සඳහා පරමාත්ම ජීවයම මෙහි පැමිණ සිටියි. ඔහු, මෙම කෙනා තුළට ඇතුළු වූ පසු, ඔහුට බ්රහ්මා කියා නම් තැබීය. බ්රහ්මා දේවතාවට, විෂ්ණු දේවතාවන් ආදියට නමස්කාර වේවා කියා කියනවා. ඉතිං දැන් පැන නඟින ගැටළුව වන්නේ මනුෂ්‍ය ලෝකය නිර්මාණය වුණේ, එම දේවතාවන් මඟින්ද? නැත. පරමාත්ම ජීවය පවසන්නේ මම ඇතුළු වන සාමාන්‍ය ශරීරය අයත් කෙනාට, මම බ්රහ්මා යන නම ලබා දෙනවා. අර කෙනා සූක්ෂම බ්‍රහ්මායි, එබැවින් බ්රහ්මාලා දෙදෙනෙක් සිටිති. මෙම කෙනාට බ්රහ්මා කියා නම් තබා ඇත්තේ, පරමාත්ම දෙවියන් පැමිණෙන්නේ සාමාන්‍ය සිරුරකට බව කියැවෙන නිසාය. මම බ්‍රහ්මාගේ නෙළුම මල් මුඛයෙන්, බ්‍රහ්මණයින් නිර්මාණය කරනවා. මනුෂ්‍ය ප්‍රජාව නිර්මාණය වන්නේ ආදි දේව් යන නම් ලද කෙනා ගේ මාර්ගයෙනි. එබැවින්, මනුෂ්‍ය ප්‍රජාවේ පළමුවන බාබා මොහුය. ඉන්පසු ව්‍යාප්තිය සිදුවනවා. ඔබ දැන් රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කෙරෙනවා. කෙසේවෙතත්, ඔබ, තම ශරීරය සහ සියලුම ශාරීරික නෑදෑයින්ගෙන් ඉවත්වූ විටයි එම තත්ත්වයට පත් වන්නේ. බාබා, මම අයත් වන්නේ ඔබට පමණමයි. ඔබ රජ කුමරුන් බවට පත් වනවා, යන විශ්වාසය ඔබට තිබේ. අත් සතරක් ඇති කෙනාගේ දර්ශන ඔබට ලැබෙනවා. එය යුවළකගේ ප්රතිරුවයි. එම පිංතූර වල, බ්‍රහ්මාව අත් 10 ක් 20ක් සහිතව පෙන්වා තිබේ. කාලී වත් බොහෝ අත් සමඟ පෙන්වා තිබේ. මේ තරම් අත් ඇති කෙනෙක් සිටිය නොහැක. එම සැරසිලි සියල්ලක්ම ආයුධයි. ඔබ අයත් වන්නේ ගෘහස්ථ මාර්ගයටයි. බ්‍රහ්මාව බොහෝ අත් සහිතව පෙන්වා තිබේ. ඔවුන් සිතන්නේ, එම අත් වලින් බ්‍රහ්මාගේ දරුවන් පිළිබිඹු වනවා කියාය. ඇත්ත වශයෙන් කාලී ආදිය මෙන් කිසිවෙකු නොමැත. ක්‍රිෂ්ණාව කළු පැහැයෙන් පෙන්වා දී ඇති පරිද්දෙන්ම, කාලි ගේ ප්රතිරුව ද කළු පැහැයෙන් පෙන්වා තිබේ. ජගදම්බා ද බ්‍රහ්මණයෙකි. අපට අපව, දෙවියන් හෝ අවතරණයක් වශයෙන් හැඳින්විය නොහැක. බාබා පවසන්නේ මා පමණක් සිහිපත් කරන්න, එපමණයි. ඇත්ත වශයෙන්ම ඔය ශිව කුමරුන් සියලු දෙනාම සැලිග්රමයි. ඉන්පසුව, ඔබ, තම මනුෂ්‍ය ස්වරූපයන් තුළට ඇතුළු වූ පසු, ඔබ බ්‍රහ්ම කුමර කුමරියන් බවට පත් වෙයි. බ්‍රහ්ම කුමර කුමරියන් ඉන්පසු, විෂ්ණු කුමර කුමරියන් බවට පත් වෙයි. පියා ඔබව නිර්මාණය කරන බැවින්, ඔහු ඔබව පෝෂණය කළ යුතු ද වනවා. ඔබ එවන් සදාදරණීය පියෙකුගේ උරුමකරුවන්ය. ඔබ දැන් ඔහු සමඟ ගනුදෙනුවක් කරයි. මෙම කෙනා අතරමැදියෙකු පමණයි. බාබා, පූජනීය රජයයි. ඔහු පැමිණ සිටින්නේ, මෙම රජය, පාණ්ඩව රජයක් බවට පත් කිරීමටයි. අපගේ විශිෂ්ඨතම සේවය මෙයයි. බාබාගේ උදව් ඇතිව, අපි මෙම රජයේ මනුෂ්‍යයින්ව, දේවතාවන් බවට පරිවර්ථනය කරනවා. එබැවින්, අපි ඔවුන්ගේ සේවකයින්ය. අපි ලෝක සේවකයින්ය. අපි බාබා සමඟ පැමිණ ඇත්තේ, මුළු ලොවටම සේවය කිරීමටයි. අපි කිසි දෙයක් ගන්නේ නැත. ඒ විනාශ වන සියලු ධනය සහ මාලිගා ආදිය සමඟින්, අපි කුමක් කරන්නද? අපට අවශ්‍ය වන්නේ, සේවය කිරීම සඳහා අඩි 3ක් පමණයි. ඔය දරුවන් දැන් සත්‍ය දැනුම ලබමින් සිටිනවා. ආගමික ග්රන්ථ වල ඇති දැනුමට, දැනුම යැයි කිව නොහැක. එය භක්තියයි. දැනුම යනු, විමුක්තියයි. විමුක්තිය යනු, මුක්තිය සහ ජීවන-මුක්තියයි. ඔබට මුක්තිය ලැබෙන තුරු, ජීවන-මුක්තිය ලබා ගත නොහැක. අප ජීවන මුක්තිය ලබන අතර, ඉතිරි අයට ලැබෙන්නේ, මුක්තිය පමණයි. ඔබගේ ක්‍රම සහ විදි දන්නේ ඔබ පමණයි කියා කියන්නේ මේ නිසයි. එවිට, දෙවියන් සර්ව ව්‍යාප්තික නොවන බව මෙයින් ඔප්පු වෙයි. ඔහු ඔබට පවසන්නේ මම සෑම චක්‍රයකදීම පැමිණ, මගේ උපදෙස් ලබා දීමෙන්, සියලු දෙනාට විමුක්තිය ලබා දෙන්නෙමි. ජීවන-මුක්තිය සමඟ මුක්තිය ද ඇතුලත්ය. නව ලෝකයේ ජීවත් වන්නේ ඉතා සුළු දෙනෙක් පමණයි. පෙර අප පැවසුවේ මෙම ලෝකයේ සූර්යයා, චන්ද්‍රයා සමඟ තරු ලක්ෂ 9ක් සිටින බවයි. සූර්යයා පැමිණ, මේ කාලයේදි මෙම ලෝකයේ සිටියි. මෙතරම් විශාල ජනගහණයක් ව්‍යාප්ත වී ඇති විට, ශිවා මෙම ලෝකයට ඇතුළු වෙයි. මේ ලෝකයේ, මමා, බාබා සහ භාග්‍යවන්ත තාරකාවන් සිටිති. ස්වර්ණමය යුගයේදී අනිවාර්යෙන්ම ඉතා කුඩා ජනගහණයක් සිටින්නට ඇතැයි, හෘදසාක්ෂිය ද කියයි. පසුව ව්‍යාප්තිය සිදුවනවා. මේ සෑම දෙයක්ම වටහා ගත යුතුයි. ඔබ පිවිතුරු වන තරමට ඔබට මෙම දැනුම ධාරණය කර ගැනීමට හැකි වනු ඇත. අපවිත්‍රභාවය ඇති විට, ඔබ අඩුවෙන් ධාරණය කරගනී. පළමුවැන්න පාරිශුද්ධත්වයයි. ඔබ තුළ තවමත් කෝපය නමැති නපුරු භුතයා සිටින තුරු, ඔබ විටෙක මායාට පරාජය වෙයි. මෙයත් සටනකි. ඔබගේ මුළු හස්තයම ස්වාමියාගේ හස්තයේ තැබිය යුතුයි. එසේ නැත්නම් මායා ද බොහෝ සේ බලවත් වෙයි. ඥානයේ වර්ෂාව වසින්නේ ඔහුගේ හස්තයේ තම හස්තය තැබූ අයටයි. බාබා ඔහුගේ නොබැඳි නිරීක්ෂකයෙකු ගේ චරිත කොටස රඟපාමින් සියල්ල දෙස බලා සිටියි. ඔබ මව, පියා සහ ඔවුන්ගේ විශේෂ දරුවන් වන භාග්‍යවන්ත තාරකාවන් අනුගමනය කළ යුතු බව ඔබට වැටහෙනවා. ඔබ කිසිම විටෙක මුරලිය ඉගෙන ගැනීම අත් නොහැරිය යුතු බව ඔබට විස්තර කර දී තිබෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
රාත්‍රී පංතිය - 1958/12/23
බලන්න, සෑම දෙනාම බොහෝ සේ ආධ්‍යාත්මික මිණිමුතු ලබා ගන්නා ආධ්‍යාත්මික කර්මාන්තශාලා (මධ්‍යස්ථාන) කොපමණක් සර්වබලධාරි බාබාට තිබෙනවාද කියා. බාබා සියලුම කම්හල් වල ස්වාමියාය. ඔහුගේ කළමනාකරුවන් ඒවා රැක බලා ගෙන, ඒවා හොඳින් පවත්වා ගෙන යාමට වග බලා ගන්න. ඒවාට සාප්පු කීවත් නවාතැන් කීවත්, ඒවා බ්‍රහ්මිණ් පවුලේ කොටස්ය. ඔබ මෙම අධ්‍යාපනය තුළින් ඔබගේ ජීවිතය හැඩ ගසා ගත යුතුයි. මෙහි ආධ්‍යාත්මික සහ භෞතික යන දෙකම එකට ඇති අතර දෙකම අසීමිතයි. අර ආධ්‍යාත්මික සහ භෞතික දැනුම යන දෙකම සීමිතයි. ආගමික ග්රන්ථ වලින් ගුරුවරුන් ලබා දෙන ආධ්‍යාත්මික දැනුමත් සීමිතයි. අපි මනුෂ්‍යයෙක්ව ගුරු කෙනෙක් වශයෙන් සළකන්නේ නැත. අපගේ වන්නේ, මෙම එකම රථයේ පැමිණෙන, එකම සත්ගුරු පමණයි. ඔබ ඔහුව නිරතුරුවම සිහිපත් කරන විට පමණයි, ඔබගේ පාපයන් දුරු වන්නේ. ඔබට ධනය ලැබෙන්නේ එම සීයාගෙනුයි, එබැවින් ඔබ ඔහුව සිහිපත් කළ යුතුයි. කිසිම විටෙක පාපයන් වන ක්‍රියාවන් කරන්න එපා. සත් යුගයේ ඔබගේ සියලුම ක්‍රියාවන් අකර්ම වන නමුත්, මෙම ලෝකයේ ඔබගේ ක්‍රියාවන් පාපයන් වන්නේ, සියලු දෙනා තුළ දුර්ගුණ පහ යන නපුරු භූතයන් සිටින බැවිනි. මෙහිදී අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. බාබා පවසන්නේ දුර්ගුණ දන් දෙන්න. කෙසේවෙතත්, ඔබ ඒවා ආපසු ගන්නේ නම්, ඔබ තමන්ට විශාල පාඩුවක් කර ගනී. ඔබට රහසින් පව් කිරීමට හැකි බවත්, කිසිවෙකු ඒ ගැන දැන ගන්නේ නැති බවත් සිතන්න එපා. ධර්මරාජ්ට සියල්ල දැන ගැනීමට ලැබෙනවා. බාබාට අන්තර්යාමි (සෑම දෙනාගේම හදවත තුළ ඇති රහස් දන්න කෙනා) කියා කියන්නේ මේ කාලයේදීය. සෑම දරුවෙකුගේම වාර්තාවේ ඇති දේ ඔහු දන්නවා. අප සියලු දරුවන්ගේ ඇතුලාන්තයේ ඇති දේ ඔහු දන්නවා. එබැවින් ඔබ කිසිම දෙයක් සැඟවිය යුතු නැත. සමහරු මෙවැනි ලිපි ලියනවා බාබා, මා අතින් වරදක් සිදු වුණා, කරුණාකර මට සමාව දෙන්න! ධර්මරාජ්ගේ උසාවියේ මට දඬුවම් කරන්න එපා! ඔවුන් ඍජුවම ශිව් බාබාට ලියනවා වැනිය. ඔවුන් බාබාගේ නමට ලිපිනය ලියා, එය මෙම තැපැල් පෙට්ටියට දමනවා. ඔබගේ වරද පිළිගැනීමෙන්, ඔබගේ දඬුවම භාගයකින් අඩුවෙයි. මෙහිදී ඔබට විශාල වශයෙන් පාරිශුද්ධත්වය තිබිය යුතුයි. ඔබ සම්පූණයෙන්ම ගුණධර්ම වලින් පිරුණු සහ දිව්‍යමය කලා 16න් පිරිපුන් විය යුත්තේ මෙහිදීය. පෙරහුරු වීම් මෙහි සිදුවන අතර, ඔබ ඔබගේ ප්‍රායෝගික කොටස් එහිදි රඟපානු ඇත. ඔබ යම් කිසි පාපයක් කරන්නේද කියා තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි. බොහෝ සිතිවිලි ඇති වුවත්, මායා ඔබව විශාල ලෙස පරීක්ෂා කළද, ඔබ බිය නොවිය යුතුයි. බොහෝ පාඩු සිදුවිය හැක, ඔබගේ ව්‍යාපාරය හොඳින් ක්‍රියා නොකරනවා විය හැක සමහර විටෙක ඔබගේ පාදයක් කැෙඩනු ඇත, එසේත් නැති නම් ඔබ අසනීප වනු ඇත. කොහොමනමුත්, කුමක් සිදු වුවත් ඔබ බාබාගේ හස්ථය අත් නොහැරිය යුතුයි. නොයෙක් මාදිලියේ පරීක්ෂණ පැමිණෙනු ඇත. ඒවා සියල්ලක්ම පළමුව බාබාට පැමිණ ඇති බැවින් ඔබට සැළකිලිමත් වන ලෙස ඔහුට කිව හැක. ඔබ ශක්තිමත් විය යුතුයි. භාරතයේ තරම් වැඩි නිවාඩු සංඛ්‍යාවක් මිනිසුන්ට වෙන කොහෙවත් ලැබෙන්නේ නැත. කෙසේවෙතත්, මෙහිදී අපි තත්පරයක නිවාඩුවක් වත් ගන්නේ නෑ, මන්ද, බාබා පවසන්නේ ඔබගේ සෑම හුස්මක් පාසා ඔබ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. සෑම හුස්මක්ම කිව නොහැකි තරම් වටිනවා, ඉතිං ඔබ එය අපතේ හරින්නේ කෙසේද? එය අපතේ හරින අය, ඔවුන්ගේ තත්ත්වය විනාශ කර ගනී. මෙම උපතේ සෑම හුස්මක්ම බොහෝ සේ වටිනවා. දිවා රාත්‍රියේ බාබාගේ සේවයේ යෙදී සිටින්න. ඔබ ආදරය කරන්නේ සර්වබලධාරි බාබාට ද, නැතිනම් ඔහුගේ රථයටද? එසේ නැත්නම් ඔබ දෙදෙනාටම ආදරෙයිද? අනිවාර්යෙන්ම ඔබ ඔවුන් දෙදෙනාටම ආදරය කළ යුතුයි. එවිට, බාබා මෙම රථය තුළ සිටින බව ඔබගේ බුද්ධියේ රැඳී තිබෙනු ඇත. ඔබ මෙම කෙනාට ආදරය කරන්නේ, ඔහු නිසාය. ඔවුන් ශිව දේවාල වල ගලින් කරන ලද ගවයෙක් තබා ඇති අතර එයටද වන්දනාමාන කරයි. මේවා බොහෝ සේ ගැඹුරු කරුණු බැවින්, ඔබ දිනපතාම මෙම කරුණු වලට සවන් නොදෙන්නේ නම්, ඔබට ඒවා අතපසු වෙයි. දිනපතාම සවන් දෙන අය, වෙන අයට එම කරුණු නොකියා සිටින්නේ නැත. ඔවුන්ට හොඳ ආචාර ධර්ම තිබෙයි. බාබාව සිහිපත් කිරීමෙන් බොහෝ සේ ලාභයක් සිදුවෙයි. ඔබ, බාබාගේ දැනුමද සිහිපත් කළ යුතුයි. දැනුමේ මෙන්ම යෝගාවේද ලාභයක් තිබේ. වැඩිම ලාභයක් ඇති වන්නේ බාබාව සිහිපත් කිරීමෙන්, මන්ද, ඔබගේ පාපයන් දුරු වී, ඔබ උසස් තත්ත්වයක් හිමි කර ගන්නේ මෙය තුළිනි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- සෑම
හුස්මක් පාසාම
පියාව සිහිපත්
කරන්න එක
හුස්මක්වත් අපතේ
නොයවන්න. පාපයක්
වන කිසිම
ක්‍රියාවක්
කරන්න එපා.
- ස්වාමියාගේ
හස්තයේ ඔබගේ
හස්තය තබා,
සම්පූර්ණයෙන්ම පිවිතුරු
වන්න. කිසිම
විටෙක කෝපයේ
බලපෑමට ලක්
නොවන්න, එමෙන්ම
මායාට පරාජය
නොවන්න. බොහෝ
සේ බලවත්ව
සිටින්න.
වරදානය:
ඔබ බලවත්
ස්ථීතියක ආසනයේ
අසුන්ගෙන සිටිමින්,
යමක් නිෂ්ඵලද
බලවත්ද කියා
විනිශ්චය කරන,
සිහිකිරීමේ ප්රතිමූර්ථීයක්
වේවා.
මෙම දැනුමේ සාරය වන්නේ සිහිපත් කිරීමේ ප්රතිමූර්ථීයක්
වීමයි. ඕනෑම කාර්යයක් සිදු කිරීමට පෙර, මෙම ආශිර්වාදය ඇතිව බලවත් ස්ථීතියක අසුන්ගෙන සිට එම ක්‍රියාව නිෂ්ඵලද බලවත්ද කියා විනිශ්චය කර ඉන්පසුව එය ක්‍රියාවට නඟන්න. එම ක්‍රියාව සිදු කිරීමෙන් පසුව, ක්රියාවේ අංශ තුනම - එහි ආරම්භය, මැද සහ අවසානය - බලවත්ව තිබුණාද කියා පරීක්ෂා කර බලන්න. බලවත් ස්ථීතියක අසුන, හංසයෙකුගේ අසුන වන අතර එහි විශේෂත්වය වන්නේ විනිශ්චය කිරීමේ බලයයි. විනිශ්චය කිරීමේ බලයෙන්, මරියදා පුරුෂෝත්තම බවට පත් වීමේ ඔබගේ ස්ථීතිය, නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරනු ඇත - උසස්ම ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කරන උසස්ම ජීවයක්.
පාඨය:
මනසේ ඕනෑම රෝගයක් පලවා හැරීමේ මාර්ගය වන්නේ නිහැඬියාවේ බලයයි.
*** ඕම් ශාන්ති ***
0 Comments