Header Ads Widget

Header Ads

SINHALA MURLI 03.02.23

 

03-02-2023  උදෑසන මුරලි  ඕම් ශාන්ති  බාප්දාදා  මධුබන්

 

සාරය:

සුමිහිරි දරුවනි, සාමාන් මනුෂ් තත්ත්වයෙන් නාරායන කෙනෙක් බවට පත් වීමට නම් පරිපූර්ණ බ්රහමිණ් කෙනෙක් බවට පත් වන්න. සැබෑ බ්රහමිණ් කෙනෙක් යනු තමා තුළ කිසිම පාපයක සතුරුකමක් තබාගෙන නොසිටිනා කෙනෙකි.

ප්රශ්නය:

පියාගේ ගෞරවය හිමි වන්නේ කුමන දරුවන්ටද? ඥානවන්ත අය වන්නේ කවුද?

පිළිතුර:

යගියාවේ සෑම කාර්යයක්ම වගකීම් සහගත බවකින් යුතුව ගෙන යන්නන්ට පියාගේ ගෞරවය හිමි වේ. ඔවුන් කවමදාකවත් කිසිම අත්වැරැද්දක් කරන්නේ නැත. අන් අයව පාරිශුද්ධත්වයට පත් කරවීම තමාගේ වගකීමයි යන සැලකිල්ල ඔවුන් තුළ තිබෙනා නිසා එවන් අය මෙම සේවයේ නිරත වී සිටිති. ඔවුන්ගේ හැසිරීම ඉතාමත් රාජකීයයි. ඔවුන් කවදාවත් පියාගේ නම අපහාසයට ලක් කරන්නේ නැහැ. ඔවුන් සෑම දෙයක් ගැනම දන්නා පුළුල් දැනුමක් ඇත්තන්ය. ඥානවන්තයින් වන්නේ සම්පූර්ණයෙන්ම සමත් වීම සඳහා උත්සාහයක් දරණා අයයි. ඔවුන් කිසිම විටෙක අන් අයට දුකක් දෙන්නේ නැත. ඔවුන් කවදාවත් කිසිම ආකාරයක වැරදි ක්රියාවක් කරන්නේ නැත.

ගීතය:  අද නැතිනම් හෙට මෙම වලාකුළු ඉවත් වී යනු ඇත... 

ඕම් ශාන්ති. දරුවන් වන ඔබට උපදෙස් දෙන්නේ කවුද? පියා හා දරුවා යන සම්බන්ධතාවයෙන් දැඩි විශ්වාසයක් නැතිව දරුවන් විසින් සිහි කෙරෙනා අසීමිත පියායි. පියා කියනවා දරුවනි, ඔබ දැන් නිවස බලා යා යුතුයි. ඔහු දරුවන් කියා අමතන්නේ කාටද? බ්රහ්මාගේ කටින් උපන් බ්රහමිණ්වරුන් ඔහුගේ දරුවන් බවට පත්වී සිටිනා නිසා පියා දරුවනි කියා අමතන්නේ බ්රහමිණ්වරුන්ටයි. පියා මෙහි අසුන්ගෙන පැහැදිලි කර කියා දෙනවා නව ලෝකයක් නිර්මාණය වීමට ඇති විට, පැරණි ලෝකයේ ජීවාත්ම නිවස බලා පිටත් විය යුතුයි. දරුවන් වන ඔබ, ඔබගේ පියාවත් ඔහුගේ නිවස ගැනත් දන්නවා. ඇතැම් අය ඉතාමත් හොඳින් පියාව සිහි කරනවා ඔවුන් ශ්රීමත් අනුගමනය කරනවා. ඇතැම් අය ශාරීරික අවධානය නිසා පියාව සිහි කරන්නේ නැහැ. ඔවුන් පාරිශුද්ධව සිටින්නේ නැහැ. බ්රහමිණ්වරුන් යනු පියාගේ දරුවන්ය. බ්රහ්මාගේ කටින් උපන් දරුවන්ය. පියා වන නිර්මාණකරු ගැන සිහිපත් කරනවා. දරුවන් නිර්මාණය වී තිබෙන්නේ බ්රහ්මාගේ නෙළුම් මලක් වන් වූ මුඛයෙනි. තමන් දැන් සැබවින්ම පරමාත්ම දෙවියන්ගේ දරුවන් බවට, බ්රහමිණ්වරුන් බවට, බ්රහ්මාගේ කටින් උපන්නන් බවට පත් වී සිටිනා බව දන්නවා. පාරිශුද්ධව සිටින්නන් බ්රහමිණ්වරුන් වශයෙන් හඳුන්වනවා. සෑම දෙයක්ම රඳා පවතින්නේ පාරිශුද්ධත්වය මතයි. මෙම ලෝකය හඳුන්වන්නේ අපිරිසිඳු පාපකාරී ලෝකයක් වශයෙනි. අපිරිසිඳු මිනිස්සු පාරිශුද්ධව සිටිනවා යන්නෙහි අර්ථය දන්නේ නැහැ. කලි යුගය අපිරිසිඳු ලෝකය වන අතර සත් යුගය පාරිශුද්ධ ලෝකයයි. කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. සත් යුගයේ හා රිදී යුගයේ අපිරිසිඳු අයත් ඉන්නවා කියා ඇතැම් අය කියනවා. සීතාව පැහැරගෙන ගියා කියාත් කියනවා. එය පාරිශුද්ධ ලෝකය අපහාසයට ලක් කිරීමකි. බලන බැල්මට අනුව ඔවුන් ලෝකය දකිනවා. පාරිශුද්ධ ලෝකයේ පවා අපිරිසිඳු අය සිටිනවා නම්, අපිරිසිඳු ලෝකය නිර්මාණය කළේ පියාද? පියා ස්ථාපනය කරන්නේ පාරිශුද්ධ ලෝකයයි. ඔහෝ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! පැමිණ මෙම ලෝකය, විශේෂයෙන්ම භාරතය පාරිශුද්ධත්වයට පත් කරන්න! බ්රහ්ම කුමාරයින් හා කුමාරියන් යන නමින් හඳුන්වන්නේ පාරිශුද්ධව සිටින්නන්වය. අපිරිසිඳුව සිටින්නන්ව බ්රහ්ම කුමාරයින් හා කුමාරියන් කියා හඳුන්වන්න බැහැ. එම බ්රහමිණ්වරුන් නිර්මාණය වී තිබෙන්නේ පාපයෙනි. නමුත් ඔබ බ්රහමිණ්වරුන් බ්රහ්මාගේ කටින් උපන්නන්ය. පාපය මඟින් උපන් බ්රහ්මාගේ දරුවන් කියා කියන්නේ නැහැ. ඔවුන් අපිරිසිඳුයි. පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් බවට පත්වීමට ඔබ දැන් පියාගේ දරුවන් බවට පත්ව සිටිති. බ්රහමිණ්වරුන් හෝ බ්රහ්ම කුමාරයින් හා බ්රහ්ම කුමාරියන් කියා හැඳින්වීමෙන් අනතුරුවත් ඔබ අපිරිසිඳු වෙනවා නම්, පාපයේ ගැලෙනවා නම් ඔබ තවදුරටත් බී.කේ. කෙනෙක් වන්නේ නැහැ. බ්රහමිණ්වරුන් කවදාවත් පාපයේ ගැලෙන්නේ නැහැ. පාපයේ ගැලෙන්නන්ව හඳුන්වන්නේ ශුද්රයින් කියලයි. බාබාගෙන් රාජ්යයේ වාසනාව දිනා ගැනීම සඳහා ඔබ ඔහුගේ දරුවන් බවට පත් වෙනවා. රාජ්යයේ උරුමය දිනා ගැනීම සඳහා ඔබ උත්සාහයක් දැරිය යුතුයි. සාමාන් මනුෂ් තත්ත්වයෙන් නාරායන කෙනෙක් බවට පත් වීමේ අරමුණ සිතේ තබා ගන්න. අංක එකේ පාපය රාගය වන බව දරුවන් වන ඔබ දන්නවා. දෙවෙනි අංකය ඇත්තේ කෝපයටයි. කෝපය නම් වූ භූතයා තවමත් ඔබ තුළ තිබෙනවා නම්, සම්පූර්ණ උරුමය දිනා ගැනීමට සුදුසු කෙනෙක් බවට ඔබ පත් වන්නේ නැහැ. එවන් මොහොතකදී ඔබ රාගය සහ කෝපය යන භූතයින්ගේ බලපෑමට හසුවෙලයි සිටින්නේ ඔබ සිටින්නේ ඔවුන්ගේ බලපෑමට යටත්වයි. පියාව සිහි නොකිරීම නිසා, ඔබ රාවණ්ගේ බලපෑමට හසු වෙනවා. කෝපයෙන් සිටින හෝ රාගිකව සිටින්නන් හට නාරායනගේ තත්ත්වය ලබා ගන්න බැහැ. මෙහාට පරිපූර්ණ බ්රහමිණ්වරුන් අවශ්යයි. මුලින්ම පැමිණි භූතයා නම්, ශාරීරික අවධානය යැයි කියා පැහැදිලි කරනවා. ඔබ ජීවාත්ම අවධානයෙන් සිටිනවා නම් හා අඛණ්ඩවම පියාව සිහි කරනවා නම්, ඔහුත් ඔබට උදව් කරාවි. ඔහුව සිහි කළ තරමට, ඔබට ඔහුගේ සහාය ලැබෙනු ඇත. සැබෑ බ්රහමිණ්වරයෙක් යනු කිසිම පාපයක සතුරුකමක් නොමැති කෙනෙකි. අනිකුත් සතුරන් පැමිණෙන්නේ ප්රධානම පාපය වන ශාරීරික අවධානය නිසයි. මෙම භාරතය ශිවාලයාවක් වශයෙන් තිබුණා. එකල දුකක් පිළිබඳ කිසිම සඳහනක් තිබුණේ නැහැ. කොහොමනමුත්, මිනිස්සු මේ ගැන දන්නේ නැහැ. ඔවුන් ඉතාමත් සරළව කියන්නේ මායා සෑම විටම සිටිනවා, දෙවියන් සෑම විටම සිටිනවා. ඔහෝ! නමුත් පරමාත්ම දෙවියන් පැමිණෙන්නේ ඔහුටම ආවේණික වූ වේලාවේදීයි. වාගේම මායා එන්නේත් එලෙසම තමන්ට ආවේණික වෙලාවකයි. කල්ප බාගයක් පුරා දෙවියන්ගේ රාජ්යයත්, අනිත් කල්ප බාගය පුරා මායාගේ රාජ්යයත් තිබෙනවා. මෙම පැහැදිලි කිරීම ග්රන්ථවල සඳහන් වී නැහැ. එය භක්ති මාර්ගයයි. ඥානයේ සාගරය වන්නේ එකම එක පියා පමණයි. ඔහු පාරිශුද්ධකරුවාණන් යනුවෙන් හඳුන්වනවා. පියාව සිහි නොකරනා අය අනිවාර්යෙන්ම අපිරිසිඳු ක්රියාවන් දිගටම කරගෙන යනවා. එවන් අයව බ්රහමිණ්වරුන් යනුවෙන් හඳුන්වන්න බැහැ. මේවා ඉතාමත් සියුම් කරුණුයි. ඔබ ශිව බාබාව, ඔබගේ සීයාව සිහි නොකළොත් කොහොමද උරුමයක් ලබා ගන්නේ? එවන් අය එවිට නොකඩවාම තම පැරණි ලෝකයේ පැරණි මිතුරන්, ඥාතීන් සිහි කර කර සිටිනවා. පියාව සිහි කළොත් ඉතාමත් හොඳයි. ඔහු ඔබට උදව් කරාවි. මුරලිය කියවීමේදී ඔබ ඇතැම් විට පටලැවිල්ලට පත් වුණොත්, ශිව බාබා පැමිණ මුරලිය කියාවි. එවන් අවස්ථාවන්හිදී ශිව බාබා පැමිණ උදව් කළා කියා දරුවන් අවබෝධ කර ගන්නේවත් නැහැ. ඔවුන් හිතන්නේ තමන් ඉතාමත් හොඳින් මුරලිය කියෙව්වා කියලයි. ඔහෝ! ඔබ ඉතාමත් හොඳින් අද මුරලිය කියෙව්වා ඇයි එහෙනම් ඊයේ කියවන්න බැරි වුණේ? ශිව බාබා කතා කරනවාද, බ්රහ්ම බාබා කතා කරනවාද කියලා කියන්නවත් බැහැ. ශිව බාබා කියනවා දරුවනි, ඔබ මාගේ දේව දරුවන්ය. මා සිහි කරන්න! වෙන කිසිම කෙනෙක්ට මෙසේ කියන්න බැහැ. මම පමණයි මොහුගේ ශරීරයට පැමිණ මෙය කියන්නේ? මම ඥානයේ සාගරයයි. ඔබ ග්යානී ජීව බවට පත් වෙනවා. පියා සමඟ යෝගා තියාගෙන සිටිනා අයට ඔහු උදව් කරනවා. ශාරීරික අවධානයෙන් සිටින්නන් ඔහුව සිහි කරන්නේ නැහැ. ඔබ අනිවාර්යෙන්ම පියාව සිහි කළ යුතුයි. කිසිම අහංකාරයක් තිබිය නොයුතුයි මම හොඳට මුරලිය කියෙව්වා. නැහැ. ශිව බාබා පැමිණ මුරලිය කියූ බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ඔබ නැවත නැවතත් ශිව බාබාව සිහි කළ යුතුයි. බොහෝ දරුවන් සම්පූර්ණයෙන්ම ශිව බාබාව සිහි කරන්නේ නැහැ. එමනිසා, ඔවුන්ගේ කර්ම වේදනාවන් අවසන් වන්නේ නැහැ. දරුවනි, ඔබ පියා සමඟ යෝගා කළ යුතුයි. අපි රාජයෝගීන්ය. අපි අපගේ පියාගෙන් අපේ උරුමය දිනාගත යුතු වෙමු. අපි සාමාන් මනුෂ් තත්ත්වයෙන් නාරායන කෙනෙක් බවට පත්විය යුතු වෙමු. තමන් සූර්ය වංශයේ කෙනෙක් බවට පත්වීමට සෑහෙන තරමින් ඉගෙන ගන්නවාද, නැද්ද යන්නත් ඔබ අවබෝධ කරගත යුතුයි. පළමුව සේවකයෙක්, සේවිකාවක් බවට පත්වී පසුව රාජ්යය දිනා ගන්නා තත්ත්වයක් බවට එය පත් නොවිය යුතුයි. පියාව සිහි කිරීමෙන් ඔබට උදව් ලැබෙනු ඇත. නැතිනම් කුමන හෝ ආකාරයක පාපයක් කෙරී හානියක් සිදු වෙනවා. ඔවුන් ඉතා විශාල දුකක් ඇති කරවනවා. ලක්ෂ්මි හා නාරායන සතුට දානය කරන්නන්ය. ඥානවන්ත දරුවන් සම්පූර්ණයෙන්ම සමත් වීම සඳහා උත්සාහ දරනු ඇත. තමාට ලැබෙන කුමන හෝ දෙයකින් සතුටට පත් නොවිය යුතුයි. සෑම කාරණයක් සම්බන්ධයෙන්ම සෑම පැත්තකම උත්සාහයක් දැරිය යුතුයි. මේක අරයාට කරන්න තියෙන වැඩේනේ, මම මොකටද ඒක කරන්නේ? කියාවත් ඔබ නොසිතිය යුතුයි. බාබා සෑම ආකාරයකම දේවල් කරනවා. දරුවන්ගේ හැසිරීම නිවැරදි නැතිනම්, ඔවුන් බාබාගේ නම අපහාසයට ලක් කරවනවා. පියා කියනවා මට අයිති වීමෙන් අනතුරුවත් ඔබ වැරදි දේවල් කරනවානම්, ඔබගේ තත්ත්වය විනාශ වී යනවා. බ්රහ්මා බාබා තමයි උපදෙස් දෙන්නේ කියා සිතන්න එපා. ඔබ ශිව බාබාව සිහි කළ යුතුයි. දරුවනි, ලෝකය පාරිශුද්ධත්වයට පත් කරවීමේ කාර්යය තමාගේ හිස මත තිබෙනා බරක් බව ඔබ තේරුම් ගත යුතුයි. අපි වගකීම දරණවා. භාරතය පාරිශුද්ධ කරවීමේ වගකීම ඉතාමත් විශාලයි. යගියාවේ සෑම කාර්යයක්ම වගකීම් සහගතව කරන්න. කිසිම අත්වැරැද්දක් නොවුණු විට බාබා ඔබට ගෞරව කරනු ඇත. නැතිනම්, සිර ගෙදරකදීවත් විඳ නැති ආකාරයේ දඬුවම් ධර්මරාජ්ගෙන් ඔබට ලැබේවි. එමනිසා, පියා කියනවා විනාශයට පෙර ඔබගේ සෑම පාපයක්ම අවසන් කරගෙන තබා ගන්න. නැතිනම්, ධර්මරාජ්ගේ දේශයේදී උපත් ගණනාවකදී කරනා ලද පාපවල දඬුවම් විඳින්න සිදු වේවි. එමනිසා, වැරදි කරන්න එපා! මෙය ඔබගේ අවසන් උපතයි. පසුව ඔබ සත් යුගය වෙත යනු ඇත. පහරකෑම් අත්විඳිමින් පුරවැසියෙකුගේ තත්ත්වයක් ලබාගන්නවා කියන එක උත්සාහ දැරීමක් වශයෙන් හඳුන්වන්නේ නැහැ. වෙලාවට, ඔබට මහත් වේදනාවකින් අඬන්න සිදුවේවි. බාබා නැවත නැවත මේවා ඔබට පැහැදිලි කර කියා දුන් බව පෙන්වමින් ඔහු ඔබට දර්ශන දේවි. බ්රහමිණ් කෙනෙක් බවට පත්වීම නැන්දම්මාගේ ගෙදර යනවා වගේ වැඩක් නොවෙයි. ඔබ සත් පියාගේ දරුවන් බවට පත්ව සිටිනවා. ඉතින් එමනිසා, ඔබ පාපයේ නොගැලිය යුතුයි. මෙහි ඇති ලොකුම සතුරා රාගයයි. පාපයේ බලපෑමට හසුවුණු අයව බ්රහමිණ්වරුන් යනුවෙන් හඳුන්වන්න බැහැ. මායා ඔබව බිමට වට්ටවා දමාවි. නමුත් ඔබ ඔබගේ භෞතික ඉන්ද්රියන් මඟින් වැරදි ක්රියා නොකළ යුතුයි. අනවශ් බැඳීමකින් ලැබෙනා කුඩා හෝ සතුට මායාගේ කුල්මත් බවක් පමණයි. බාබා ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා එවන් දේ වලින් පවා ඔබගේ හිස මත රැඳී තිබෙනා බර වැඩි වේවි. ඔබ නොයෙකුත් දේ හා මිශ් වෙලා. පරමාත්ම දෙවියන්ගේ දරුවන් තුළ රාගය හෝ කෝපය යන භූතයින් නැහැ. ඒවා යක්ෂ ගතිගුණයි. බොහෝ දෙනා දෙවියන්ට අයිති වී පසුව මායා ළඟට යනවා. ඔවුන් ශරීර අවධානයට පත් වෙනවා. පියාගේ ශ්රීමත් අනුගමනය කරන්න ඔහු වගකීමක් දරන්නේ එවිට පමණයි. බ්රහ්මාගේ උපදේශයනුත් මෙහිදී සිහි කෙරෙනවා. ඔහුගේ උපදෙස් අනුගමනය කිරීමෙන් පවා, පියා ඔබගේ වගකීම දරණවා. එමනිසා, තමා සම්බන්ධයෙන් තමාට ඇති වගකීම ඔබ අතහැර දැමිය යුතුයි. බාප් හා දාදාගේ උපදෙස් ඉතාමත් ප්රසිද්ධයි. මවගේ උපදෙසුත් අනුගමනය කළ යුතුයි. මන්ද, ගුරු බවට පත් වන්නේ මවයි. මව හා පියා වෙනම දෙදෙනෙක්. මවක් හා ගුරු කෙනෙක් බවට පත්වන්නේ මෙකලදීයි. ඔබ ශිවාලය වෙත උත්සාහ දරණවා. ශිවාලය යනුවෙන් හඳුන්වන්නේ ස්වර්ණමය යුගයයි. දෙවියන්ට ගැලපෙනම නම වන්නේ ශිවා යන්නයි. ශිව ජයන්තියක් සමරණවා. ශිවා දානපතියෙක් වශයෙන් හඳුන්වනවා ඔහු තිතකි. උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්මයේ ස්වරූපය තාරකාවකි. මිනිස්සු රත්තරන් හෝ රිදී වලින් තරුවක් සාදා එය තිලකයක් සේ පළඳිනවා. ඇත්තෙන්ම කියනවා නම්, එය හරියටම හරි. තාරුකාවක් සිටින්නේ නළලෙහියි. කොහොමනමුත්, මිනිසුන්ට දැනුම නැහැ. ඇතැම් අය ත්රිශූලය පවා ඇඳ ගන්නවා. ඉන් අදහස් වන්නේ තෙවැනි ඇස පෑදීම සහ කාලත්රය ගැනම දැනුම ලබා ගැනීමයි. එනම්, එය දිව්යමය දර්ශනයක හා දිව්යමය බුද්ධියක සංකේතයකි. දරුවන් වන ඔබ තුළ දැන් මෙම කරුණු පිළිබඳ දැනුමක් තිබෙනවා. ඔබට කැමති නම්, තාරුකාවක් පළඳින්න පුළුවන්. අපේ සංකේතය සුදු තාරුකාවකි. පියා සෑම රහසක්ම විස්තර කර කියා දෙනවා. ඔහු ඔබට අනතුරුත් අඟවනවා. බී.කේ.වරුන් යනු තමා පාපකාරී ක්රියා කරන්නේ නැහැයි කියා පියාට පොරොන්දු වුණු අයයි. ඔබ කිසිම කෙනෙකුගේ හදවතට දුකක් නොදිය යුතු බව මතක තබා ගන්න. දුකක් දුන්නොත්, ඔබ ශිව බාබාගේ දරුවෙක් නොවෙයි. ශිව බාබා එන්නේ සතුට දෙන්නයි. එහි, රජ හා රැජිණ කොයි ආකාරයේද, පුරවැසියනුත් වගේමයි. සෑම කෙනෙක්ම එකිනෙකාට සතුට දෙනවා. මෙහි, සෑම කෙනෙක්ම අවලස්සන වෙලා. ඔවුන් නොකඩවාම රාගය නම් වූ අසිපත භාවිත කරනවා. මෙය එකිනෙකාට දුක ගෙන දෙන ලෝකයකි. ස්වර්ණමය යුගය යනු එකිනෙකාට සතුට දෙන යුගයකි. තමන් දැන් සත්යයේ දරුවන් බවට පත් වී සිටිනා නිසා පාප කරන්නේ නැහැයි කියා පැහැදිලි කළ යුතුයි. නැතිනම්, පින්වත් ජීවාත්ම සිටිනා ලෝකයේ ඔබට තත්ත්වයක් දිනා ගන්න බැරි වේවි. එකිනෙකාගේ නාඩි වැටෙන හඬ අනුව ඔහු හෝ ඇය ඔබගේ කුලයට අයිති කෙනෙක්ද නැද්ද කියා ඔබට තේරුම්ගත හැකියි. දෙවියන් කතා කරයි කියා සෑම කෙනෙක්ම කියනා බව අපි කියනවා මම ඔබට රාජයෝගා උගන්වනවා. දෙවියන් කියා හඳුන්වන්නේ එකම එක අශාරීරික කෙනා පමණයි. ඉතින්, කවදාද ඔහු මෙහි පැමිණ රාජයෝගා උගන්වන්නේ? අනිවාර්යෙන්ම, නව ලෝකය ස්ථාපනය කෙරෙනා විටයි. නව ලෝකය සඳහා ඔහු අනිවාර්යෙන්ම පැරණි ලෝකයට පැමිණිය යුතුයි. පරමාත්ම දෙවියන් කියනවා මම ඔබට රාජයෝගා උගන්වනවා. කොහාටද? අපායටද? පාරිශුද්ධ ලෝකය වෙනුවෙනුයි. පියා කියනවා මම ඔබව රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවනවා. මා පැමිණියේ කවදාද? මා කවුද? කවදාද මා නැවතත් එන්නේ කියා ඔවුන්ට කියන්න. ඔහු අනිවාර්යෙන්ම ස්වර්ණමය යුගය සඳහා තමයි උගන්වන්නේ. එය ඉතාමත් පහසුයි. කොහොමනමුත්, එය කෙනෙකුගේ වාසනාවේ නැතිනම්, එය ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැහැ. එය රත් කළ භාජනයකට වතුර දමනවා වගෙයි. එසේ බලනා විට, එම පුද්ගලයා ඔබගේ සූර්ය හෝ චන්ද් වාංශික රාජ්යයට අයිති නැති බව ඔබ තේරුම් ගත යුතුයි. කොහොමනමුත්, පුරවැසියන් රාශියක් නිර්මාණය විය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැතිව සිටි දරුවන්ට, වසර 5000කට පසුව හමුවී ඇති සහ පියාගෙන් ඔවුන්ගේ උරුමය හිමි කරගන්නා අයට, මව, පියා, බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ සුබ උදෑසනක්. ආධ්යාත්මික පියා, ආධ්යාත්මික දරුවන්ට නමස්තේ කියයි.

ධාරණය සඳහා සාරාංශය:

  1. කිසිම කෙනෙකුගේ හදවතට දුකක් දෙන්න එපා. තමන් කවදාවත් පාපකාරී ක්රියාවක් කරන්නේ නැහැයි කියා පොරොන්දු වන්න. එවිට ඔබ සෑම විටම සතුට දානය කරන්නෙක් බවට පත් වනු ඇත.
  2. ඔබගේ භෞතික ඉන්ද්රියන් මඟින් කිසිම වැරදි ක්රියාවක් කරන්න එපා. බාප් හා දාදාගේ උපදෙස් අනුගමනය කරමින් ඔබගේ බර ඉවත් කර ගන්න.

වරදානය:

ඔබ අම්රිත් වේලාවේ සිට රාත්රී කාලය දක්වා සෑම දෙයක්ම ආචාර ධර්ම පද්ධතියට අනුව සිදු කිරීමෙන් වඩාත්ම ශ්රේෂ්ඨ ජීවාත්මයක් වේවා.

සංගම යුගයේ ආචාර ධර්ම පද්ධතිය ඔබව ශ්රේෂ්ඨත්වයට පත් කරවයි. එබැවින් එවන් ජීවාත්ම හඳුන්වන්නේමරියදා පුරුෂෝත්තම’ (උසස්ම ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කර වඩාත්ම ශ්රේෂ්ඨ ජීවයක් බවට පත් වන කෙනෙක්) ලෙසයි. තමෝගුණි වාතාවරණය සහ චිත්ත තරංග වලින් ඔබව ආරක්ෂා කරගැනීමට ඇති පහසු ක්රමය වන්නේ ආචාර ධර්ම රීති අනුගමනය කිරීමය. ආචාර රීති රේඛාව ඇතුලත සිටින අය වෙහෙස වී වැඩ කිරීමට සිදු වීමෙන් නිදහස් වෙයි. ඔබ ගන්නා සෑම පියවරක් වෙනුවෙන්ම ඔබට බාප්දාදාගෙන් ආචාර ධර්ම රීති ලැබී තිබේ, එමෙන්ම සෑම පියවරක්ම ඒවාට අනුව ගැනීමෙන්, ඔබ ඉබේටම මරියදා පුරුෂෝත්තම වෙයි. අම්රිත් වේලාවේ සිට රාත්රි කාලය දක්වා ඔබගේ ජීවිතය ආචාර ධර්ම රීති වලට අනුව සිදු කරන්න, එවිට ඔබ වඩාත්ම ශ්රේෂ්ඨ ජීවයක් බව කියයි, එනම්, සියලුම සාමාන් මනුෂ්යයන්ට වඩා ශ්රේෂ්ඨ ජීවයක්.

පාඨය:

ඕනෑම අවස්ථාවකට තමන්ව හැඩ ගසා ගැනීමට හැකි අය, සියලු දෙනාගේ ආශිර්වාද ලැබීමට සුදුසු වෙයි.

*** ඕම් ශාන්ති ***

Post a Comment

0 Comments