Header Ads Widget

Header Ads

SINHALA MURLI 29.01.23

 

29-01-2023  මධුබන්  අව්යක්ත් බාප්දාදා  ඕම් ශාන්ති  1993/12/02


Listen to the Murli audio file



අංක එකට පත්වීම සඳහා ගුණධර්ම වල ප්රතිමූර්තියක්, ගුණධර්ම දානය කරන මහා දානපතියෙක් වන්න.

අද දින, අසීමිත මව සහ පියා සතර දිශාවේ සිටින විශේෂ දරුවන් දෙස බලනවා. දැකිය හැකි විශේෂතා මොනවාද? නිරන්තරයෙන් ඥානයෙන් පිරිපුන්ව සිටින්නේ කුමන දරුවන්ද, ස්ව-ආධිපත්යයේ නොවෙනස් වන රාජධානියට අයිතියක් හිමි කරගෙන ඇත්තේ කුමන දරුවන්ද, නිරන්තරයෙන් බාධක වලින් නිදහස්, නිරන්තර යෝගීවරු සහ නිරන්තර මහා දානපතියන් කවුරුන්ද? එවන් විශේෂ ජීවාත්ම වී ඇත්තේ කෝටි ගණනක ජීවාත්මයන්ගෙන් අතලොස්සක් පමණයි. ඔබ සියලු දෙනාම දැනුමැති, යෝගී සහ මහා දානපතියන් වී ඇත, නමුත් නිරන්තරයෙන් මෙය වී ඇත්තේ ටික දෙනෙක් පමණයි. නොනිමි, නොවෙනස් වන සහ නිරන්තර අයට ජයග්රාහී මල්දමේ ජයග්රාහී මැණික් විය හැක. සංගම යුගයේ බාප්දාදා සෑම දරුවෙකුටම නොවෙනස්ව සිටීමේ සහ නිරන්තර වීමේ ආශිර්වාදය ලබා දෙනවා, නමුත් මෙම ආශිර්වාද තම ජීවිත වලට නිරතුරුවම ධාරණය කරගැනීමේදි ඔවුන් අංකානුරූපී වෙනවා. අංක එක බවට පත් වීමට ඇති පහසුම ක්රමය වන්නේ නිරන්තර මහා දානපතියෙක් වීමය. නිරන්තර මහා දානපතියෙක් වීම යනු, නිරන්තර, පහසු සේවාධාරියෙක් වීමයි, මන්ද, නිරන්තර විය හැක්කේ පහසුවෙන් සිටින අයට පමණයි. නිරන්තර සේවාධාරියෙක් වීම යනු නිරන්තරයෙන් මහා දානපතියෙක් වීමය. ඔබ දානපතිගේ දරුවන්ය: සියලු සම්පත් වලින් පිරිපුන් ශ්රේෂ්ඨ ජීවාත්ම ඔබයි. පිරිපුන් වීමේ ලක්ෂණය වන්නේ නිරන්තර මහා දානපතියෙක් වීමයි. ඔබට තත්පරයක්වත් දන් නොදී සිටිය නොහැක. බොහෝ බැතිමත් ජීවාත්මද, තඹ යුගයේ සිට දානපති ජීවාත්ම වී ඇත, නමුත් ඔවුන් දන් දීමේ කෙතරම් ශ්රේෂ්ඨ වුණත්, ඔවුන් අසීමිත සම්පත් වල දානපතියන් වී නොමැත. ඔවුන් විනාශ වන සම්පත් සහ භාණ්ඩ වල දානපතියන් වෙයි. සංගම යුගයේ ඔය ශ්රේෂ්ඨ ජීවාත්ම, නොනිමි සහ නිරන්තර මහා දානපතියන් වෙයි. තමාගෙන් විමසන්න: ඔබ නිරන්තර මහා දානපතියෙක්ද? එසේ නැත්නම් ඔබ දානපතියෙක් වන්නේ කාලයට අනුවද? නැත්නම් ඔබට ලැබෙන අවස්ථාවන්ට අනුව ඔබ දානපතියෙක්ද?

නිරන්තර මහා දානපතියන් තුන් ආකාරයකින් දන් දෙමින් සෑම විටම කාර්යබහුලව රැඳී සිටියි. ප්රථම දානය වන්නේ මනසින් බල ලබා දීමයි. දෙවන දානය වන්නේ වචන වලින් ඥානය ලබා දීම වන අතර තුන්වන දානය වන්නේ ක්රියා මගින් ගුණදම් දානය කිරීමයි. මෙම තුන් ආකාරයේ දාන දෙන අයට පහසුවෙන් මහා දානපතියන් විය හැක. කෙසේවෙතත්, ප්රතිඵලය වන්නේ ඔබගෙන් වැඩි දෙනෙක් වචන වලින් නොකඩවා ඥානය ලබා දෙන අතර ඔබගේ හැකියාවට අනුව ඔබ මනසින් බල දන් දෙයි, නමුත් ක්රියා මගින් ගුණධර්ම දන් දෙන අය සිටින්නේ ඉතාමත්ම ටික දෙනෙකි. වත්මන් කාලයේ, දෙයාකාරයේම ජීවාත්මයන්ට, ග්යාන් නොමැති හෝ බ්රහ්මිණ් වුණත්, ඔවුන්ට ගුණදම්වල දානයේ අවශ්යතාවයක් තිබේ. වත්මන් කාලයේ විශේෂයෙන් තමන් වෙනුවෙන් මෙන්ම බ්රහ්මිණ් පවුල වෙනුවෙන් මෙම ක්රමවේදය තීව් කරගන්න.

මෙම දිව්යමය ගුණධර්ම වඩාත්ම ශ්රේෂ්ඨ 'ප්රභූ ප්රසාද්ය' (දෙවියන්ගේ ආශිර්වාද ලැබූ පූජනීය ආහාර).

එබැවින් දැන් මෙම 'ප්රසාද' (පූජනීය ආහාර) බොහෝ සේ බෙදා දෙන්න. ඔබට කෙනෙක් මුණ ගැසුණු විට, අන් අය කෙරෙහි ඔබගේ සෙනෙහසේ සලකුණ වන්නේ ඔබ එම කෙනාට තෝලි ටිකක් පිරිනැමීමයි. ඔබ සියලු දෙනාම තෝලි වලට කැමතියි නේද? අන්දමින්ම එකිනෙකාට ගුණධර්ම වල තෝලි කවන්න. මෙම ක්රමවේදය භාවිතා කිරීමෙන් සංගම යුගයේ අරමුණ වන 'දේවතාවක් බවට පත්වන සුරදූතයෙක්', සියලු දෙනා තුළ පහසුවෙන් හෙළිදරව් වෙයි. මෙම පුහුණුව නිරන්තරයෙන් ඔබගේ අවධානයේ තබා ගන්න: දානපතිගේ දරුවෙක් වන මම, නිරන්තර මහා දානපතියෙක්මි. ඔබ ග්යාන් නොමැති ජීවාත්මයන්ට මෙන්ම බ්රහ්මිණ් ජීවාත්මයන්ටත් දන් දිය යුතුයි, නමුත් බ්රහ්මිණ් ජීවාත්මයන්ට කොහොමත් දැනටමත් දැනුම තිබේ, එබැවින් ඔබට ආකාර දෙකකින් දානපතියන් විය හැක.

1. ඔබගේ මනසින් ජීවාත්මයකට අවශ් කුමන හෝ බලයක් ලබා දෙන්න, එනම්, ඔවුන්ට බල දන් දෙන්න, එනම්, පිවිතුරු ආකල්පයකින් සහ සිතිවිලි තරංග වලින් ඔවුන්ට සහයෝගය ලබා දෙන්න.

2. ඔබගේ ප්රායෝගික දිවියේ, ඔබගේ ක්රියා තුළින් නිරන්තරයෙන් ගුණදම් වල ප්රතිමූර්තියක් වන්න. පෙනෙන නිදසුනක් වී, ඔවුන්ට ගුණදම් දානය කිරීමෙන්, අන් අයට පහසුවෙන් සහයෝගය ලබා දෙන්න. මෙය ගුණදම් දන් දීම ලෙස හැඳින්වෙයි.

දන් දීම යනු සහයෝගය ලබා දීමයි, මන්ද, මෙකල සවන් දෙනවා වෙනුවට බ්රහ්මිණ් ජීවාත්මයන්ට අවශ් වන්නේ ප්රායෝගිකව ඔප්පු කර පෙන්වීම, දැකීමටයි. තමන් තුළ බලය ධාරණය කරගන්නා ලෙස හෝ ගුණදම් ධාරණය කරගන්නා ලෙස, ඔබ කෙනෙකුට මඟ පෙන්වීමක් ලබා දෙන විට, සමහරුන්ගේ හදවත තුළ මෙවන් සිතිවිල්ලක් ඇති වන අතර සමහරු මෙසේ පවා කියයි: එවන් ගුණදම් වල ප්රතිමූර්තියක් වී ඇත්තේ කවුද? ඔවුන්ට අවශ්, එහි ප්රායෝගික සහතිකය දැකීමටයි: ඔවුන්ට යමක් ගැන ඇසීමට පමණක් අවශ් නැත. ඔබ එකිනෙකාට පවසන්නේ: මෙසේ වී ඇත්තේ කවුද? අප සියලු දෙනාව දැක තිබේ! යම් දෙයක් ඉස්මතු වූ විට ඔබ පවසන්නේ: හොඳයි, කිසි කෙනෙක් තවමත් මෙය බවට පත් වී නැහැ: සෑම දෙයක්ම හරි. කෙසේවෙතත්, මේවා නොසැලකිලිමත්කමේ වදන්ය. ඒවා නිවැරදි වචන නොවෙයි. නිවැරදි වන්නේ කුමක්ද? බ්රහ්ම පියාව අනුගමනය කිරීම. බ්රහ්ම පියා නිරන්තරයෙන් සැලකුවේ තමන් උපකරණ සාම්පලයක් බවයි, එමෙන්ම ඔහු මෙම අරමුණ, නිරන්තර ප්රායෝගික සුදුසුකමක් බවට පත් කළා. වගකීම ගන්න ඕනෑම කෙනෙක් අර්ජුනය, එනම්, ප්රායෝගිකව ඔප්පු කර පෙන්වීමට තමන්ව උපකරණ බවට පත් කරගන්නා අය, අර්ජුනය, එනම්, ඔවුන් අංක එක බවට පත් වෙයි. ඔබට පියාව අනුගමනය කිරීමට අවශ් නම්, අන් අය දෙස බැලීමෙන් ඔබ අංක එක වන්නේ නැහැ. වෙනුවට ඔබ අංකානුරූපී වෙයි.

අංක එකේ ජීවාත්මයකගේ ලක්ෂණය වන්නේ, ඔහු සෑම ශ්රේෂ්ඨ ක්රියාවකදීම, අන් අයට එය පහසු කරවීමට සාම්පලයක් වීමට, තමන් උපකරණයක් බව ඔහු සලකයි. තව කෙනෙක් දෙස බැලීම, ඔහු තමාට වඩා ජ්යෙෂ්ඨ, කණිෂ්ඨ හෝ සමාන වුවද: තව කෙනෙක් දෙස බලා මෙසේ සිතීම වුනත්: ' කෙනා මෙය වූ පසු, මා එය බවට පත් වෙන්නම්', එවිට කෙනා දැනටමත් අංක එක බවට පත් වී ඇත. එවිට ඔබ ඉබේටම අංකානුරූපි වන අයගේ ලැයිස්තුවට ඇතුලත් වෙයි. එබැවින් නිරන්තර මහා දානපතියෙක් සෑම තත්පරයකදීම තුන් ආකාරයෙන් එක ආකාරයක දන් දීමේ, තමාව කාර්යබහුලව තබා ගනී. ඔහු කාලයට අනුව සේවය කිරීමේ නිරතුරුවම නියැලී සිටියි. ඔහුට නිෂ්ඵල කිසිවකට සවන් දීමට හෝ දැකීමට වෙලාවක් නොමැත. ඉතිං, ඔබ එවන් මහා දානපතියන් බවට පත් වෙලාද? දැන් මෙය වැදගත් බව සලකන්න. ඔබ නිරන්තර වී තිබේද? ඔබ දානපතියෙක් වන අතරතුර නැවත නැවතත් බිඳීමක් සිදු වන්නේ නම්, එවිට බිඳුණු දෙයක් සම්පූර්ණ බව කිව නොහැක. එබැවින් වත්මන් කාලයේ විශේෂ ක්රියා සිදු කිරීමෙන් ඔබ ගුණධර්ම දානය කරන අය විය යුතුයි. ඔබ නිරතුරුවම ගුණදම් වල ප්රතිමූර්තියක් වීමේ විශේෂ කාර්යය සිදු කළ යුතු බවත් අන් අයව ප්රතිමූර්ති බවට පත් කළ යුතු බවත්, ඔය සෑම කෙනෙක්ම සිතිය යුතුයි. එබැවින් තමන් තුළ සහ අන් අය තුළ ඇති දුර්වලතා අවසන් කර නොකඩවා ඉදිරියට ගමන් කිරීම සඳහා මෙම ක්රමවේදය භාවිතා කිරීමට ඔබ අංක එකේ උපකරණයක් බව ඔය සෑම කෙනෙක්ම සැලකිය යුතුයි. ඔබ තුළ දැනුම බොහෝ තිබෙනවා නමුත් දැන් ගුණදම් මතුවීමට ඉඩ දෙන්න. සියලු ගුණදම් වලින් පිරිපුන් වීමේ සහ අන් අයවත් මෙය බවට පත් කිරීමේ නිදසුනක් වන්න. අච්චා.

නිරන්තර යෝගී ජීවාත්මයන්ට, නිරන්තරයෙන් සියලු ගුණධර්ම වල ප්රතිරූ වන ජීවාත්මයන්ට, සෑම තත්පරයකදි සහ සෑම සිතිවිල්ලකින්ම මහා දානපතියන් සහ සහයෝගී ජීව වන විශේෂ ජීවාත්මයන්ට, ශ්රේෂ්ඨ වීමේදි සාම්පල වන සහ අන් අයව දිරිමත් කිරීමට සරළ නිදසුන් වන අයට, තමන් අංක එකේ උපකරණ බව සලකන සහ එය ප්රායෝගිකව ඔප්පු කර පෙන්වන අයට, පරම පියාට සමාන ජීවාත්මයන්ට, බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

දාදි ජන්කි ඔස්ටේ්රලියාව, සිංගප්පූරුව සහ මැලේසියාව ආදියේ සංචාරයෙන් පසුව මධුබාන් වලට පැමිණියා.

සියලු දෙනාගේ සිහි කිරීම මෙහි ළඟා විය. සතර දිසාවේ දරුවන් නිරන්තරයෙන් පියා ඉදිරියේ සිටියි. එය ප්රායෝගිකව ඔප්පු වන්නේ, ඔබ පියාව සිහි කරන විට ඔහු ඔබට සමීප බව සහ ඔබ සමග සිටින බව ඔබ අත්දැකීමයි. ඔබගේ හදවතින් ඔබ 'බාබා' කියන අතර හදවත සනසන කෙනා ඔබ ඉදිරියේ පෙනී සිටිනවා. ස්වාමී ඔබ ඉදිරියේ පෙනී සිටින බව කියන්නේ මේ නිසයි. ඔහු සදා ඔබ ඉදිරියේ පෙනී සිටිනවා. ඔබ කොහේ සිටියත්, ඔබ කවුරු සමග සිටියත්, ඔහු සියලු දෙනා ඉදිරියේ පෙනී සිටිනවා. ස්වාමී සදා ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ මේ නිසයි. මිනිසුන්ට මෙම සෙනෙහසේ ක්රමවේදය වටහා ගැනීමට නොහැක. මේ ගැන දන්නේ බ්රහ්මිණ් ජීවාත්ම පමණයි. මෙය අත්විඳ ඇති අය මෙම අත්දැකීම ගැන දන්නවා. ඔය සියලුම විශේෂ ජීවාත්ම කොහොමත් සිටින්නේ ඒකාබද්ධවයි, එහෙම නේද? ඔබව වෙන් කළ නොහැක. මිනිසුන් පවසන්නේ: මා කොහේ බැලුවත් මා දකින්නේ ඔබව පමණයි. නමුත් ඔබ පවසන්නේ : මා කුමක් කළත්, මා කොහේ ගියත්, පියා මා සමග සිටියි. එනම්, මා කොහේ ගියත් ඔබ සිටිනවා. ඔබගේ කාර්යය ඔබ සමග ඇති සේම, කාර්යය කිරීමට ඔබව දිරිගන්වන කෙනාද නිරන්තරයෙන් ඔබ සමග සිටියි. ඔහු කරන්කරවන්හාර් ලෙස සිහි කෙරෙන්නේ නිසයි. එබැවින් ඔබ සිටින්නේ ඒකාබද්ධවයි, එහෙම නේද? කරන කෙනා සහ දිරිගන්වන ඒකායන කෙනා. එසේ නම්, ඔබ සියලු දෙනාගේ මනෝ ස්ථිතිය කුමක්ද? එය ඒකාබද්ධයි, නේද? දිරිගන්වන කෙනා නිරන්තරයෙන් සිටින්නේ කරන කෙනා සමගයි. දිරිමත් කරන ඒකායන කෙනා, ඔබගෙන් වෙන්වී නොමැත. මෙය ඒකාබද්ධ ස්ථිතිය ලෙස හැඳින්වෙයි. ඔබ සියලු දෙනාම වෙනත් ජීවාත්ම ඉදිරියේ සාම්පල වීමේ ඔබගේ ඉතා හොඳ චරිත කොටස් රඟපාමින් ඔවුන්ට එය සරළ කර දෙනවා. එය එසේ හැඟෙනවා නේද? අපහසු දේ පහසු කිරීම යනු, පියාව අනුගමනය කිරීමයි. එය එහෙමයි නේද? ඔබ හොඳ කොටසක් රඟපෑවා, නේද? විශේෂ නළුවන් කොහේ සිටියත් ඔවුන්ට විශේෂ චරිත කොටස් රඟ නොපා සිටිය නොහැක. මෙය නාටකයේ නියම වී තිබේ. අච්චා. වටේ සංචාරය කිරීම ඉතා හොඳයි. ඔබ වටේ සංචාරය කර ඉන්පසුව ඔබගේ මිහිරි නිවහනට ආපසු පැමිණියා. සේවය කිරීමේ සංචාරයක් යනු වෙනත් ජීවාත්මයන්ට විශේෂ උනන්දුවක් සහ උද්යෝගයක් ලබා දීමේ විශේෂ සංචාරයකි. සෑම දෙයක්ම හොඳින් නේද? සෑම දෙයක්ම හොඳයි. නාටකයේ ඉරණම ඔබව අනිවාර්යෙන් ඇද ගන්නවා. ඔබට මෙහි සිටීමට අවශ් වුණත්, එය නාටකයේ නැත්නම් ඔබ කුමක් කරන්නද? ඔබ ගැන සිතුවත් ඔබ කොහොමත් යා යුතුයි. එය සේවා ඉරණමේ දෛවෝපගත වී තිබෙනවා, එමෙන්ම එහි කාර්යය සිදු වීමට එය මඟ පාදනවා. පැමිණීමේ සහ පිටව යාමේ ක්රමවේදය. අච්චා. සමූහය ඉතා හොඳයි.

කාරුණික දැනුම් දීමයි: බාබා භාවිතා කළේ 'අඛණ්ඩ' යන වචනයයි, ඉන් අදහස් වන්නේ අවසානයක් නොමැති, නොබිඳුණු සහ නොකඩවා යන්නයි, නමුත් ගලපා ගැනීම සඳහා 'නිරන්තරයෙන්' යන වචනය භාවිතා කර තිබේ.

අව්යක්ත බාප්දාදා සමග පෞද්ගලික හමුවීම්:

1) පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස අත්විඳීම සඳහා, දුක් රළ වලින් වෙන්ව සිටින්න.

සංගම යුගයේ බාප්දාදා ඔබට බොහෝ සම්පත් ලබා දී ඇත, එමෙන්ම මේ සියලු සම්පත් වලින් සියල්ලටම වඩා ශ්රේෂ්ඨ සම්පත වන්නේ නිරන්තර සතුටේ සම්පතයි. එබැවින් මෙම සතුටේ සම්පත සෑම විටම ඔබත් සමග රැඳී සිටිනවා නේද? කුමන සිදුවීමක් පැන නැඟුනත් ඔබගේ සතුට ඉවත්ව නොයයි. යම් දුක් රළවල සිදුවීමක් පැමිණි විට ඔබ එවිටත් සතුටින් සිටිනවාද, නැත්නම් රළ සුළු වශයෙන් මතු වෙනවාද? මෙයට හේතුව ඔබ සිටින්නේ සංගම යුගයේ එහෙම නේද? එබැවින් එක පසෙක දුක් දේශය තිබෙන අතර අනෙක් පසින් සතුටු දේශය තිබේ. එබැවින් ඇතැම් දුක් රළ ගෙන එන සිදුවීම් ඔබ ඉදිරියට පැමිණෙයි නමුත් එම දුක් රළ, ඔබගේ ඇතුලාන්තයේ දුකක් ඇති නොකළ යුතුයි. නිදසුනක් ලෙස, උණුසුම් ඍතුවකදි, උෂ්ණ කාලගුණයක් ඇති වෙයි, නමුත් තමාව ආරක්ෂා කරගැනීම ඔබගේ වැඩක්. එබැවින් දුක් අවස්ථා ගැන ඔබට අසන්නට ලැබෙයි, නමුත් ඒවාට ඔබගේ හදවතට බලපෑමක් ඇති කරන්නට ඉඩ නොදෙන්න. මෙසේ කියමනක් තිබෙන්නේ නිසයි: නොබැඳී සිට පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලබන්න. ඔබ දුක් රළ වලින් වෙන්ව සිටින විට පමණයි ඔබට පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලැබෙන්නේ. ඔබ නොබැඳී සිටින තරමට අනුව ඔබ සෙනෙහසට බඳුන් වෙයි. ඔබ කෙතරම් නොබැඳී සිටින්නේද කියා තමන්ව පරීක්ෂා කර බලන්න. ඔබ නොබැඳී සිටින තරමට ඔබ පහසුවෙන් නොකඩවා පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස අත්විඳීයි. එබැවින් ඔබ කෙතරම් නොබැඳී සිටිනවාද, කෙතරම් සෙනෙහස ලබනවාද කියා දිනපතා පරීක්ෂා කර බලන්න, මන්ද, මෙය පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස වන අතර වෙනත් කිසිම යුගයකදි එය ලබා ගත නොහැක. ඔබට කෙතරම් ලබා ගැනීමට අවශ් වන්නේද එය ලබා ගත හැකි වන්නේ දැන් පමණයි. දැන් ලබා නොගන්නේ නම්, වෙනත් කිසිම කාලයකදි එය කිසිදා ලබා ගත නොහැක, එමෙන්ම ඔබට පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලැබෙන්නේ ඉතාමත්ම කෙටි කාලයකටයි! එබැවින් ඔබ කෙටි කාලයකදි බොහෝ දේ අත්විඳිය යුතුයි. ඉතිං, ඔබ එය කරනවාද? ලෝකයේ මිනිසුන් සතුට විඳීමට බොහෝ කාලය සහ ධනය වියදම් කරයි, නමුත් ඔබට පහසුවෙන් අවිනාශී සතුටේ සම්පත ලැබී තිබේ. ඔබ කිසිවක් වියදම් කළාද? සතුට ඉදිරියේ ඔබට තවත් වියදම් කිරීමට තිබෙන්නේ මොනවාද? එබැවින් නොකඩවා මෙම සතුටේ ගීත ගායනා කරන්න: මට අවශ් වූ දේ මට ලැබී තිබේ. ඔබට එය ලැබී තිබෙනවා, එහෙම නේද? ඔබට යමක් ලැබුණු විට ඔබ සතුටින් නර්ථනය කරයි. මෙම සතුට අන් අය සමග දිගින් දිගටම බෙදා ගන්න. ඔබ වැඩියෙන් බෙදා ගන්නා තරමට එය තවත් වැඩිවෙයි, මන්ද, බෙදා ගැනීම යනු වැඩි කරගැනීමයි. ඔබත් සමග සබැඳියාවකට පැමිණෙන ඕනෑම කෙනෙක්, ඔබට ශ්රේෂ්ඨ ලැබීම් තිබෙන නිසා ඔබ සතුටින් සිටින බව අත්විඳිය යුතුයි. ලෝකයේ මිනිසුන්ට සෑම විටම තිබෙන්නේ දුකය, නමුත් ඔබට සෑම විටම තිබෙන්නේ සතුටය. දුකෙන් සිටින කෙනෙකුට සතුට ලබා දීම, ශ්රේෂ්ඨතම පුණ්යකර්මයයි. ඉතිං, ඔබ සියලු දෙනාම බාධක වලින් නිදහස් වී ඉදිරියෙන් පියාසර කරනවාද, නැත්නම් සුළු බාධක ඔබව නතර කරනවාද? බාධක පැමිණීම, එහි යුතුකමයි, එමෙන්ම ඔබගේ යුතුකම වන්නේ ජය ගැනීමය. බාධක, තමන්ගේ කාර්යය ඉතා හොඳින් සිදුකරන බැවින් ඔය මාස්ටර් සර්ව බලධාරීන්ද ඔබගේ ජයගැනීමේ කාර්යයේ නිරන්තරයෙන් සාර්ථක විය යුතුයි. සෑම විටම මතකයේ තබා ගන්න: අප බාධක විනාශ කරන ජීවාත්මයි. බාධක විනාශ කරන්නෙක් වීමේ සිහිවටනය, ඔබ ප්රායෝගික අන්දමකින් අත්දකිනවා, එහෙම නේද? අච්චා.

2) ඔබගේ ස්ථිතිය නොසැලෙන එකක් කරගැනීමට, මාස්ටර් සර්ව බලධාරී යන ඔබගේ නම්බු නාමය මතකයේ තබා ගන්න.

ඔබ සෑම විටම සියලු සම්පත් වලින් පිරිපුන් බව අත්විඳිනවාද, එනම්, සෑම විටම පිරිපුන් ජීවාත්ම බව? පිරිපුන් අයගේ ලක්ෂණය වන්නේ: ඔවුන් නොසැලී සිටියි, ඔවුන් චංචල වන්නේ නැහැ. යමක් හිස්ව තිබෙන තරමට, එතරම්ම කැලඹීමක් එහි තිබෙයි. ඕනෑම අන්දමක කැලඹීමක් - එය සිතිවිලි, වචන, නෑ සම්බන්දතාවන්හි වුවද - ඕනෑම ආකාරයක කැලඹීමක් ඇත්නම්, එය පෙන්නුම් කරන්නේ ඔබ සියලු සම්පත් වලින් පිරී නැති බවයි. ඔබගේ සිතිවිලි වලින් මෙන්ම ඔබගේ සිහින වල පවා නොසැලී රැඳී සිටින්න. මාස්ටර් සර්ව බලධාරියෙක් වීමේ ඔබගේ ස්වරූපය ඉස්මතු වී ඇති බවට අවධානය ඔබට වැඩියෙන් තිබෙන තරමට, මෙම කැලඹීම වඩාත් යටපත් වෙයි. මාස්ටර් සර්ව බලධාරීයෙක් වීමේ අවධානය ප්රායෝගික අන්දමකින් ඉස්මතු කරගන්න. ඔබගේ සිරුරේ කාර්යභාරය යටපත් නොවී, ඉස්මතු වී තිබෙන සේ, බ්රහ්මිණ් දිවියේ කාර්යභාරය ඉස්මතු කර තබාගන්න. එබැවින් පරීක්ෂා කරන්න: එය ඉස්මතුව තිබෙනවාද, නැත්නම් එය යටපත් වෙනවාද? එය ඉස්මතු වී ඇති විට එහි සලකුණ වන්නේ, ඔබ සිදු කරන සෑම ක්රියාවකින්ම ඔබට කුල්මත් බවක් දැනෙන අතර ඔබ බලවත් ජීවාත්ම බව අන් අය අත්විඳියි. මෙය හැඳින්වෙන්නේ නොසැලී සිටීම සහ කැලඹිලි ඉක්මවා සිටීම ලෙසයි. අචල්ගර් (ස්ථාවර නිවස) ඔබගේ සිහිවටනයයි. එබැවින් සෑම විටම ඔබගේ කාර්යභාරය මතකයේ තබා ගන්න: මම මාස්ටර් සර්ව බලධාරියෙක්මි, මන්ද, මෙකල සියලුම ජීවාත්ම උපරිම ලෙස දුර්වල වන අතර දුර්වල ජීවාත්මයන්ට බලය අවශ්යයි. ඔවුන්ට බලය ලබා දෙන්නේ කවුද? සියලු බල සහිත සර්ව බලධාරීන් වන අය. ඔබට වෙනත් ජීවාත්ම මුණගැසුණු විට ඔවුන් ඔබ සමග බෙදා ගන්නේ කුමන දේවල්ද? ඔවුන් ඔබට කියන්නේ ඔවුන්ගේ දුර්වලතා ගැන පමණයි නේද? ඔවුන්ට සැබවින්ම කිරීමට අවශ් දේවල් කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත, එබැවින් මෙහි ප්රතිඵලය වන්නේ ඔවුන් දුර්වල වීමයි, නමුත් ඔබට ඇති ඕනෑම සිතිවිල්ලක් ඔබ ප්රායෝගිකත්වයට දමයි. එබැවින් මාස්ටර් සර්ව බලධාරීන්ගේ ලක්ෂණය වන්නේ ඔවුන්ගේ සිතිවිලි සහ ක්රියා සමාන වීමයි. ඔවුන්ට බොහෝ ශ්රේෂ්ඨ සිතිවිලි ඇති නමුත් ක්රියාවට නැංවීමේදි, ඔවුන්ට එම ශ්රේෂ්ඨ සිතිවිලි නොතිබීම, සිදුවිය නොහැක. මෙය මාස්ටර් සර්ව බලධාරියෙක් වීම ලෙස හැඳින්වෙන්නේ නැහැ. එබැවින් පරීක්ෂා කරන්න: ඔබට ඇතිවන ශ්රේෂ්ඨ සිතිවිලි ඔබ ප්රායෝගිකත්වයට දමනවාද, එසේ නැත්නම් ඔබට එය කළ නොහැකිද? මාස්ටර් සර්ව බලධාරියෙකුගේ ලක්ෂණය වන්නේ විශේෂිත වූ බලයක් අවශ් වූ ඕනෑම විටෙක, වෙලාවේ ඔවුන් එම බලය භාවිතා කිරීමය. එසේ නැත්නම් එය පැමිණෙන්නේ ඔබ එය කැඳවීමෙන් පසු ටිකක් පමා වෙලාද? එම සිදුවීම අවසන් වූ පසුව මෙසේ සිහි කරනවාද: එය සිදුවිය යුතුව තිබුණේ ආකාරයෙන් නොවෙයි, මේ ආකාරයටයි? මින් අදහස් වන්නේ එම අවශ් වෙලාවේ එය භාවිතා නොවූ බවයි. ඔබගේ භෞතික ඉන්ද්රියයන් වලට ඔබගේ නියෝග ක්රියාත්මක කළ හැකි සේම: ඔබට අවශ් අන්දමට සහ අවශ් විටෙක ඔබගේ අත් භාවිතා කළ හැක. ආකාරයෙන්ම මෙම සූක්ෂ්ම බල කෙතරම් දුරට ඔබගේ පාලනය යටතේ තිබිය යුතුද යත්, ඔබට අවශ් කුමන හෝ බලයක් අවශ් ඕනෑම විටෙක භාවිතා කිරීමට හැකි විය යුතුයි. එසේ නම් ඔබට එවන් පාලන බලයක් තිබෙනවාද? ඔබ මෙසේ සිතන්නේ නැහැ නේද: මට මෙය කිරීමට අවශ් නොමැති නමුත් එය සිදුවිය? එබැවින් නිරතුරුවම ඔබගේ පාලන බලය පරීක්ෂා කර බලා නොකඩවා බලවත් වන්න. ඔබ සියලු දෙනාම ඉන්නේ පියාසර ස්ථිතියේද? නැත්නම් ඔබගෙන් සමහරු ඉහළ නැඟීමේ ස්ථිතියේ සිටින අතර සමහරු සිටින්නේ පියාසර ස්ථිතියේද? නැත්නම් එය විටෙක පියාසර ස්ථිතිය වන අතර විටෙක ඉහළ නඟින ස්ථිතියද, තවත් විටෙක නිකම්ම ඇවිද යන ස්ථිතියද? එය නොකඩවා වෙනස් වෙමින් තිබෙනවාද, නැත්නම් එය නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරනවාද? ඕනෑම බාධකයක් පැමිණෙන විට ඔබට ජය ගැනීමට කෙතරම් වෙලාවක් ගත වෙනවාද? එයට කාලයක් ගත වෙනවාද? මෙසේ වන්නේ, ඔබ දැනුමින් පිරිපුන් නිසයි, එහෙම නේද? ඔබට බාධක පිළිබඳ දැනුමත් තිබෙනවා. ඔබ, ඔබගේ දැනුමේ බලය භාවිතා කරන විට, බාධක ඔබට පහර නොදෙයි, ඒවා පරාජය වෙයි. මෙය මාස්ටර් සර්ව බලධාරියෙක් වීම ලෙස හැඳින්වෙයි. එබැවින් අම්රිත් වේලාවේ මෙම කාර්යභාරය මතුවිය යුතු අතර ඉන්පසුව දවස පුරාම ඔබ පරීක්ෂා කළ යුතුයි. අච්චා.

වරදානය:

ඔබ බාධක පරාජය කරන්නෙක් වී, ඔබගේ අංග සම්පූර්ණ ස්ථිතිය විවාහ කරගනිත්වා, එනම්, ඔබගේ දරා ගැනීමේ පළිහ පැලඳ ගැනීමෙන් ඔබගේ අංග සම්පූර්ණ ස්ථිතිය අත්කර ගනිත්වා. විවාහ කර ගැනීම සඳහා, එනම්, ඔබගේ අංගසම්පූර්ණ ස්ථිතිය අත්කර ගැනීමට, නොසැලකිල්ලේ ළමා වියේ ක්රිඩා අතහැර, දරා ගැනීමේ බලයෙන් ශක්තිමත් වන්න. ඔබව සියලු බාධක වලින් ආරක්ෂා කර ගැනීමට ඇති පළිහ වන්නේ දරා ගැනීමේ බලයයි. ඔබ මෙම පළිහ පැලඳ නොගත් විට ඔබ මටසිලුටු වනවා. එවිට ඔහු ඔබට පවසා ඇති දේවල්, ඔබ පියාට පවසයි. විටෙක ඔබට උනන්දුව සහ උද්යෝගය බොහෝ තිබෙන අතර තවත් විටෙක ඔබ අධෛර්යමත් වෙයි. දැන් ඉහළ නඟින සහ පහළ බසින මෙම ඉනිමඟ අතහැර, නිරන්තරයෙන් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සිටින්න, එවිට ඔබගේ පරිසමාප්ත ස්ථිතිය ඔබ සමීපයට පැමිණෙයි.

පාඨය:

ස්මරණය සහ සේවයේ බල තුළින්, බොහෝ ජීවාත්ම කෙරෙහි දයාව තිබීම යනු, දයාවෙන් පිරිපුන් වීමයි.

 

*** ඕම් ශාන්ති ***

Download PDF

Post a Comment

0 Comments