Header Ads Widget

Header Ads

SINHALA MURLI 28.01.23

 

28-01-2023  උදෑසන මුරලි  ඕම් ශාන්ති  බාප්දාදා  මධුබන්



Listen to the Murli audio file



 

සාරය:

සුමිහිරි දරුවනි, ‘මන්මනාභවයන මෙම එක් මහා මන්ත්රයෙන් ඔබ නුවණැත්තන් වනවා. ඔබව සියලු පාපයන්ගෙන් මුදවාගන්න මන්ත්රය මෙයයි.

ප්රශ්නය:

මුළු දැනුමෙහි අන්තර්ගත සාරය කුමක්ද? ‘මන්මනාභවහි රැඳී සිටින අයගේ සලකුණු මොනවාද?

පිළිතුර:

මුළු දැනුමෙහිම සාරය වන්නේ, අප දැන් පෙරළා නිවසට යා යුතු බවයි. මෙම ලෝකය කිලිටිය, අප එය අතහැර අපගේ නිවහනට යා යුතුයි. මෙය පමණක් සිහි කිරීමත්මන්මනාභවවීමයි. ‘මන්මනාභවස්ථීතියේ සිටින දරුවන්, නිරන්තරයෙන් ඥානයේ මහා සාගරය කලතයි. ඔවුන් බාබා සමඟ මිහිරි ආධ්යාත්මික කතා බහක යෙදෙයි.

ප්රශ්නය:

කුමන පුරුද්දේ බලපෑමට යටත් වීමෙන්ද, ජීවාත්මයකට පියාගේ සිහි කිරීමේ සිටීමට නොහැකි වන්නේ?

පිළිතුර:

ජීවාත්මයකට කිලිටි පින්තූර බැලීමේ හෝ කිලිටි පුවත් කියවීමේ පුරුද්ද තිබේ නම්, ඔහුට පියාගේ සිහි කිරීමේ සිටීමට නොහැක. සිනමාවද අපායට දොරටුවක් වන අතර, එය ඔබගේ ආකල්පය නරක් කරයි.

ඕම් ශාන්ති. ආධ්යාත්මික පියා මෙහි අසුන්ගෙන ඔය ආධ්යාත්මික දරුවන්ට විස්තර කර දෙයි. විස්තර කරන්නේ අඩුවෙන් වැටහීම තිබෙන අයටයි. ඔබ දැන් බොහෝ සෙයින් නුවණ ඇති අය බවට පත් වී ඇති අතර, ඒකායන කෙනා ඔබගේ අසීමිත පියා බවත්, ඔහු ඔබට අසීමිත ඉගැන්වීම් ලබා දෙන බවද, ඔබට වැටහී තිබේ. ඔහු ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ රහස් පහදා දෙයි. දැනුම, ඔය ශිෂ්යයන්ගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. මෙය අපිරිසිඳු පැරණි ලෝකයක් බව ඔහු දන්නා බැවින්, පියා අනිවාර්යෙන් ඔබව ඔහු සමඟ ආපසු ගෙන යයි. මා මෙම පැරණි ලෝකය තුළට පැමිණ සිටින්නේ දරුවන් නිවසට ගෙන යාමටයි. බාබා විස්තර කරයි මෙහි අසුන්ගෙන සිටින අතර, ඇතුලාන්තයෙන් ඔය දරුවන්ට නියත වශයෙන්ම හැඟී යනු ඇත්තේ, ඔහෝ, එම ඒකායන කෙනා සැබවින්ම ඔබගේ අසීමිත පියා බවත්, ඔහු ඔබට ඉතා උසස් ඉගැන්වීම් ලබා දෙන බවත්ය. ඔහු නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ රහස්ද විස්තර කර දී තිබේ. මේ සියල්ල සිහි කිරීමත්, ‘මන්මනාභවවීමය එය ඔබගේ දවසේ වාර්තාවට ඇතුලත් කළ හැක. එය ඉතා පහසුයි. ඔබ වෙන කිසිවක් නොකළත්, ඔබ ඉඳගෙන සිටින විට, ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන ගමන් ඔබගේ බුද්ධියෙන් මෙය සිහි කරන්න. ආශ්චර්යමත් දෙයක් සෑම විටම සිහි වෙයි. බාබා සිහි කිරීමෙන් සහ මෙම අධ්යාපනය හැදෑරීමෙන් ඔබ නැවත වරක් ලෝකයේ පාලකයන් වන බව, ඔබට වැටහෙනවා. මෙය නොකඩවා ඔබගේ බුද්ධියේ බ්රමණය විය යුතුයි. ඔබ බසයක හෝ දුම්රියක ආදියේ අසුන්ගෙන සිටියත්, ඔබගේ බුද්ධිය, සිහි කිරීමේ රඳවා තබාගන්න. ප්රථමයෙන්ම, දරුවන්ට පියාව අවශ්යයි. ජීවාත්ම වන අපගේ ආධ්යාත්මික පියා, අසීමිත බව ඔබ දන්නවා. ඔබට පහසුවෙන් සිහිකිරීමේ සිටීමට, බාබා ඔබට මෙම ක්රමවේදය ලබාදෙයි නිරතුරුවම මා පමණක් සිහි කරන්න, එවිට මෙම යෝගා ගින්නෙන්, චක්රයෙන් භාගයක ඔබගේ පාප ක්රියා පිළිස්සී යයි. උපතින් උපතට ඔබ බොහෝ තපස් රැක, යාග හෝම ආදිය පවත්වා ඇත. ඔවුන් සෑම දෙයක්ම කරන්නේ කුමකටද කියාවත් භක්ති මාර්ගයේ අය නොදනී. ඔවුන්ට ඉන් සැලසෙන යහපත කුමක්ද? ඔවුන් දේවාලවලට ගොස් බොහෝ භක්තියේ යෙදෙති! සෑම දෙයක්ම මතකයේ නැති කාලයක සිට සිදු වූ බව ඔවුන් විශ්වාස කරයි. ඔවුන් ආගමික ශාස්ත් පිළිබඳවද පවසන්නේ, ඒවා මතකයේ නොමැති කාලයක සිට පැවත බවයි. කෙසේවෙතත්, දිව් ලෝකයේ ග්රන්ථ ශාස්ත් නොමැති බව, මනුෂ්යයන්ට අවබෝධයක් නැත. සෑම දෙයක්ම ලෝකයේ ආරම්භයේ සිට තිබුණු බව, ඔවුන් විශ්වාස කරයි. අසීමිත පියා කවරෙක්ද කියා, කිසිවෙකුට, ඔබට කිව නොහැක. මෙහි සීමිත පියෙක් හෝ ගුරුවරයෙක් නැත. ඔබ සියලු දෙනාටම අධ්යාපනයක් ලැබුණේ සීමිත ගුරුවරුන්ගෙන්ය, ඔබට රැකියාවක් ලැබ, ආදායමක් උපයා ගැනීම සඳහා, ඔබ ඔවුන් සමඟ ඉගෙනගත්තා. මේ ඔබගේ අසීමිත පියා බවත් ඔහුට පියෙක් නැති බවත් ඔය දරුවන් දන්නවා. ඔහු අසීමිත ගුරුවරයා වන අතර ඔහුට ගුරුවරයෙක් නැත. එම දේවතාවන්ට අධ්යාපනයක් ලබා දුන්නේ කවුද? ඔබ අනිවාර්යෙන් මෙය මතක තබා ගත යුතුයි. මෙයත්මන්මනාභවයි.’ මෙම දැනුම, වෙන කොහේවත් උගන්වා නැත. පියා දැනුමින් පිරිපුන්ය. කවුරුන් හෝ ඔහුට අධ්යාපනයක් ලබා දුන්නාද? ඔහු මනුෂ් ලෝක වෘක්ෂයේ ජීවමාන බීජයයි. ඔහු ඥානයේ මහා සාගරයයි. ඔහු ජීවමාන ජීවාත්මය බැවින්, ඔහු ඔබට මුල සිට අවසානය දක්වා, මනුෂ් ලෝක වෘක්ෂයේ සියලුම රහස්, පවසයි. ඔහු අවසානයේ පැමිණ, ඔබට ආරම්භය ගැන දැනුම ලබා දෙයි. ඔහු පවසන්නේ අහෝ දරුවනේ, මා මෙම කෙනා තුළ අවතරණය වී ඇති අතර, ඔහුගේ මාර්ගයෙන් මම ඔබට ආරම්භයේ සිට වර්තමාන මොහොත දක්වා රහස් කියමි. මා ඔබට අවසානය ගැන පසුව කියන්නම්. ඔබ දියුණුවත්ම, එය අවසානය බව ඔබට වැටහෙයි, මන්ද, වන විට, ඔබ ඔබගේ කර්මතීට් තත්ත්වයට ළඟා වනු ඇත. ඔබ එහි සලකුණුද දකියි. මෙම අපිරිසිඳු පැරණි ලෝකය විනාශ විය යුතුයි. මෙය අළුත් දෙයක් නොවෙයි. ඔබ මෙය බොහෝ වාර ගණනක් දැක ඇති අතර ඔබ නොකඩවා එය දකියි. ඔබ චක්රයකට පෙර රාජධානිය හිමි කරගත් අතර ඉන්පසුව එය අහිමි කරගෙන, දැන් එය නැවත වරක් හිමි කරගනිමින් සිටිනවා. බාබා අපට උගන්වනවා. ඔබ ලෝකයේ අධිපතියන්ව සිටි බවත් ඉන්පසුව ඔබ උපත් 84ක් ගත් බවත් ඔබට වැටහෙනවා. ඔබව නැවතත් ලෝකයේ අධිපතියන් කරවීම සඳහා බාබා එම දැනුමම ඔබට නැවතත් ලබා දෙනවා. බාබා, ගුරුවරයා බවත් ඔබට ඇතුලාන්තයෙන් වැටහෙයි. අච්චා, ඔබට පියා සිහිකළ නොහැකි නම්, ගුරුවරයා සිහි කරන්න. කෙනෙකුට කිසිදා තම ගුරුවරයා අමතක කළ හැකිද? ඔබ නොකඩවා ගුරුවරයා සමඟ ඉගෙනගන්නවා. ඔව්, මායා ඔබ ලවා වැරදි කරවන අතර ඔබට ඒවා ගැන අවධානයක් නැත. ඔබට උගන්වන්නේ පරමාත්ම දෙවියන් බව ඔබට අමතක වන සේ, මායා ඔබගේ ඇස්වලට දූවිලි පිඹියි. පියා ඔබට සෑම දෙයක්ම පහදා දෙයි. මෙම විස්තර කිරීම අසීමිත වන අතර අනෙක සීමිතයි. බාබා සෑම චක්රයකදීම ඔබට මෙම අසීමිත දැනුම ලබා දෙයි. අච්චා, ඔබට බොහෝ ඉගෙන ගැනීමට නොහැකි නම්, පියාගේ ස්වරූපයෙන් බාබාව සිහි කරන්න. ඔහුට පියෙක් නැත ඔහු සියලු දෙනාගේම පියා වන අතර, ඔබ සියලු දෙනාම ඔහුගේ දරුවන්ය. ශිව බාබා, කාගේ දරුවාද කියා කාටවත් කිව හැකිද? ඔහු අසීමිත පියාය. ඔබ දැන් අසීමිත පියාට අයත් බව, ඔය දරුවන්ට දැන් වැටහෙනවා. අපගේ ඉගෙනුම ආශ්චර්යමත්ය. මෙම ඉගැන්වීම් හදාරන්නේ බ්රහ්මණයන් වන අප පමණයි. දේවතාවන්, ්ෂත්රියයන්, වෛශ්යයන් සහ ශුද්රයින් මෙය හදාරන්නේ නැත. පියා ලබා දෙන දැනුම අසහායයි. ඔබ හැර වෙනත් කිසිවෙකුට එය තේරුම් ගත නොහැක. ඔබ තමෝප්රධාන් බවින් සතෝප්රධාන් වන බව දන්නා නිසා, ඔය දරුවන්ගේ සතුටෙහි රසදිය කඳ ඉහළ නඟී. උසස් තත්ත්වයක් හිමි කරගැනීමට ඔබ දැන් බොහෝ උත්සාහ දැරිය යුතුයි. සෑම කෙනෙක්ම කොහොමත් දිව් ලෝකයට යනවා නොවෙයි. ඔබ දැනුම සහ යෝගාව ධාරණය කරගන්නේ නැත්නම්, ඔබට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැකි වෙයි. බාබා පවසන්නේ දිව්යමය කලා 16ක් පිරිපුන් වීම සඳහා, ඔබ සිහිපත් කිරීමේ සිටීමට බොහෝ සෙයින් උත්සාහ දැරිය යුතුයි. ඔබ කිසිවෙකුට දුකක් නොදෙන්නේද කියා පිරික්සන්න. ඔබ සතුට පිරිනමන්නාගේ දරුවන් බැවින් ඔබ සෑම කෙනෙකුටම සතුට ලබා දිය යුතුයි. ඔබගේ සිතිවිලි, වචන හෝ ක්රියා තුළින් කිසිවෙකුට දුක් නොදෙන්න. මෙම වර්තමාන කාලයේ, ඔබ සියලු දෙනාම දැන් ඉගෙනගෙන මල් මෙන් වනවා. ඔබ සමඟ යන්නේ මෙම ඉගෙනුම පමණයි. පොත් ආදිය හැදෑරීමට අවශ්යතාවයක් නැත. වෙනත් අධ්යාපන විදි වල, ඔබට බොහෝ පොත් ආදිය ඉගෙන ගැනීමට සිදුවෙයි. බාබාගේ මෙම දැනුම අසහාය වන අතර එය ඉතා පහසුද වෙයි. කෙසේවෙතත්, එය අදෘෂ්යමානයි. ඔබ ඉගෙන ගන්නේ කුමක්ද කියා, ඔබ හැර වෙනත් කිසිවෙකුට වටහා ගත නොහැක. එය ආශ්චර්යමත් අධ්යාපනයක්. පියා පවසන්නේ කිසිදා නොපැමිණ සිටින්න එපා කිසිදා මෙම ඉගෙනුම දමා නොයන්න. බාබාට සෑම කෙනෙකුගේම වාර්තාව ලැබෙනවා. කෙනෙක් මාස 10ක් නොපැමිණ සිටින විට සහ වෙනත් කෙනෙක් මාස 6ක් නොපැමිණ සිටින විට, බාබාට එයින් වටහාගැනීමට හැකි වෙයි. ඉදිරියට යන අතර සමහරු මෙම ඉගෙනුම අතහැර යයි. මෙය බොහෝ ආශ්චර්යමත්ය මෙතරම් ආශ්චර්යමත් වෙනත් දෙයක් නැත! එවන් පියෙක් පැමිණ, සෑම චක්රයකම ඔය දරුවන්ව මුණගැසෙයි. මෙම ශාරීරික පියා පුනරුත්පත්ති ගන්න බව, ඔය දරුවන්ට වැටහෙනවා. ඔහු උපත් 84හි චක්රය වටා යන අතර ඔබටද එයම බලපායි. මෙය නාටකයකි. නාටකයක් කිසිදා අමතක කළ නොහැක නාට්යයක් සෑම විටෙකම මතක් වෙයි. මෙම ලෝකය සාමාන්යයෙන් අන්ත අපායක් බවත්, විශේෂයෙන් සිනමාව, අන්ත අපාය මෙන් බව, බාබා විස්තර කරයි. එහි යාමෙන් ඔබගේ ආකල්පය මුළුමනින්ම නරක් වෙයි. ඔවුන් පුවත්පත්වල ලස්සණ පින්තූර දෙස බලන විට පවා ඔවුන්ගේ බුද්ධිය ඒවා දෙසට ඇදී යයි. යම් විශේෂිත කෙනෙක් ඉතා ලස්සණ බවත්, ඇයට ත්යාගයක් ලැබිය යුතුයි, වැනි සිතිවිලි පැන නඟී. ඔබ එවන් පින්තූර දෙස බලන්නේ ඇයි? මුළු ලෝකයම අවසන් වීමට තිබෙන බව ඔබගේ බුද්ධියට වැටහෙයි. සරළව නොකඩවා මා සිහිපත් කරන්න. එවන් දේ දෙස බලන්න හෝ සිතන්න එපා. සියලුම කිලිටි සිරුරු අයත් වන්නේ පැරණි ලෝකයටයි. ඒවායේ දකින්න තිබෙන්නේ මොනවාද? පියා දෙස පමණක් බලන්න. බාබා පවසන්නේ සුමිහිරි දරුවනේ, ගමනාන්තය බොහෝ උසස්ය. මායා අඩු නැත. බලන්න, මායාගේ කෙතරම් ශෝභනයක් තිබේද කියා! පැත්තේ විද්යාව තිබෙන අතර මේ පැත්තේ ඔබගේ නිහැඬියාව තිබේ. මිනිසුන්ට අවශ් වී ඇත්තේ මුක්තිය පමණක් වන නමුත් මෙහි, ඔබට ජීවන-මුක්තිය ලබා ගැනීමේ අරමුණ සහ ඉලක්කය තිබේ. වෙනත් කිසිවෙකුට, ඔබට ජීවන-මුක්තිය වෙතට මාර්ගය පෙන්විය නොහැක. සන්යාසීන් ආදීන්ට මෙම දැනුම, ඔබට ලබා දිය නොහැක. ඔවුන් කිසිවෙකුට, තම පවුලේ අය සමඟ නිවසේ ජීවත් වෙමින් පිවිතුරු වන්නට කියා පැවසිය නොහැක. මෙය විස්තර කරන්නේ පියා පමණයි. භක්ති මාර්ගය කාලය අපතේ හැරීමක් වූවා මිස වෙනත් දෙයක් නොවීය. බොහෝ වැරදීම් සිදු වී තිබේ! වැරදි කරන අතර ඔවුන් මුළුමනින්ම අඥානයින් වී ඇත. අවසන් උපත, 100% වැරදීම් සහිත එකකි. බුද්ධිය කොහෙත්ම ක්රියාත්මක වන්නේ නැත. ඔබට දැන් වැටහෙන්නේ, බාබා ඔබට විස්තර කරදෙන නිසා පමණයි. දැන් ඔබ සෑම දෙයක්ම වටහාගෙන තිබෙන බැවින් ඔබට අන් අයටද විස්තර කළ හැක. ඔබගේ සතුටෙහි රසදිය කඳ ඉහළ නඟී. පියාට, පියෙක් හෝ ගුරුවරයෙක් නොසිටීම පුදුමයකි. එසේනම් ඔහු ඉගෙනගත්තේ කොහෙන්ද? මනුෂ්යයින් මින් විශ්මයට පත් වෙයි. බොහෝ දෙනෙක් සිතන්නේ, මෙම කෙනා අනිවාර්යෙන් මෙය ගුරූ කෙනෙකුගෙන් ඉගෙන ගන්නට ඇති බවයි. ඔහු ගුරූ කෙනෙකුගෙන් ඉගෙනගත්තේ නම්, එම ගුරූට තව බොහෝ අනුගාමිකයන්ද සිටිය යුතුයි මෙම එක් අනුගාමිකයා පමණක් සිටින්නේ නැහැ. ගුරූ කෙනෙකුට අනුගාමිකයන් බොහෝ දෙනෙක් සිටියි. අගා කාන්ට කෙතරම් අනුගාමිකයන් සිටින්නේද කියා ටිකක් බලන්න! ඔවුන් තම ගුරූට කෙතරම් ගෞරව කරන්නේද කියා බලන්න! ඔවුන් ඔහුව දියමන්ති වලින් කිරයි. ඔබ එම කෙනාව කිරන්නේ කුමකින්ද? ඔහු උත්තරීතර කෙනාය. ඔහුගේ බර කෙතරම් වෙයිද? ඔබ කරන්නේ කුමක්ද? ඔබ ඔහුගේ බර කිරන්නේ නම්, ඔහුගේ බර කුමක් වෙයිද? ඔහුගේ බර කිරීමට ඔබට භාවිත කිරීමට හැකි දෙයක් තිබේද? ශිව බාබා, තිතකි. මෙකල බොහෝ මිනිසුන්ගේ බර, යම් දෙයක් සමඟ සසඳමින් කිරයි. සමහරු රත්රන් සමඟින්ද, සමහරු රිදී සමඟින්ද, සමහරු රත්තරන් වලටත් වඩා වටින ප්ලැටිනම් සමඟද කිරයි. පියා දැන් විස්තර කරයි එම ලෞකික ගුරූන් ඔබට ජීවන-මුක්තිය ලබා දෙන්නේ නැත. ඔබව විමුක්තිය කරා ගෙන යන්නේ ඒකායන පියා පමණයි. ඔබ ඔහුව කිරන්නේ කුමකින්ද? මනුෂ්යයින් නිකමට පවසන්නේ අහෝ දෙවියනේ! අහෝ දෙවියනේ! ඔහු පියා මෙන්ම ගුරුවරයාද බවත් ඔවුන් නොදනී. ඔහු සාමාන් අන්දමකින් අසුන්ගෙන සිටියි. ඔය දරුවන්ගේ මුහුණු දැක ගැනීම සඳහා ඔහු ටිකක් උසකින් අසුන් ගනී. ඔය උපකාර කරන දරුවන් නොමැතිව, මා ස්ථාපනය සිදු කරන්නේ කෙසේද? ඔහුට බොහෝ උපකාර කරන අයට, බාබා අනිවාර්යෙන් ආදරය කරයි. ලෞකික ජීවිතයේ එක් දරුවෙක් රු 2000ක්ද අනෙකා රු 1000ක්ද උපයන්නේ නම්, පියා වැඩියෙන් ආදරය දක්වන්නේ කාටද? කෙසේවෙතත්, මෙකල දරුවන්, තම දෙමාපියන් ගැනවත් සැලකිලිමත් නොවෙයි. අහවල් දරුවා ඉතා හොඳ උදව්කරුවෙක් බවද අසීමිත පියා දකියි. ඔය දරුවන් දැකීමෙන් බාබා බොහෝ සතුටු වෙයි. මා සෑම චක්රයකම පැමිණෙන අතර, මගේ දරුවන් දැකීමට මා බොහෝ සේ සතුටු වනවා, මන්ද, ඔවුන් සෑම චක්රයකදීම මගේ උදව්කරුවන් වන බව, මා දන්නවා. පියාගේ මෙම සෙනෙහස සෑම චක්රයකදීම තිබෙයි. ඔබ කොහේ අසුන්ගෙන සිටියත්, බාබා ඔබගේ පියා, ගුරුවරයා සහ සත්ගුරු බව, ඔබගේ බුද්ධිය තුළ තබාගන්න. ඔහු සියල්ලයි, සෑම කෙනෙක්ම ඔහු සිහි කරන්නේ නිසයි. කිසි කෙනෙක් ඔහුව සත් යුගයෙදි සිහි නොකරයි, මන්ද, වන විට ඔබගේ ඔරුව උපත් 21කට එතෙර වී තිබෙයි. මේ ආකාරයෙන් සිහි කිරීමෙන් ඔය දරුවන් ප්රබෝදමත්ව සිටිය යුතුයි. එවන් පියෙක් වෙනුවෙන් සේවය කිරීම ගැන ඔය දරුවන් සතුටු විය යුතුයි. පියාගේ හැඳින්වීම සෑම කෙනෙකුටම ලබා දෙන්න. අසීමිත පියාය. දිව් ලෝකය ස්ථාපිත කරන්නේ පියා පමණයි. තවද පියා අප සියලු දෙනාව ඔහුත් සමඟ පෙරළා රැගෙන යයි. ඔබ එවන් පහදා දීම් කරන විට, දෙවියන් සෑම තැනකම සිටින බව, ඔවුන්ට තව දුරටත් පැවසීමට නොහැකි වෙයි. පියා පවසා ඇත්තේ විනාශ කාලයේදී බුද්ධිය තුළ සෙනෙහස නොමැති අය, විනාශ වෙයි. ඔවුන් සියලු දෙනාම විනාශ වී, ජයග්රහණය හිමි කරගැනීමට ඔබ පමණක් ඉතිරි වෙයි. ඔබ ස්ථාපිත කරන්නේ රාජධානියකි. ජීවාත්මයන්ගේ පියා, ජීවාත්මයන්ට විස්තර කර දෙනවා. එබැවින් සියලු දෙනාටම මෙම ආශ්චර්යමත් දේවල් පවසන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්රාර්ථනා කරයි. ආධ්යාත්මික පියාගෙන් ආධ්යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. ඔබ සතුට පිරිනමන්නාගේ දරුවන්ය, එබැවින් ඔබ සියලු දෙනාටම සතුට ලබා දිය යුතුයි. ඔබගේ සිතිවිලි, වචන හෝ ක්රියා තුළින් කිසිවෙකුට දුක් නොදෙන්න.
  2. ගුරුවරයා සහ ඉගැන්වීම් යන දෙකම බොහෝ ආශ්චර්යමත්ය. මෙතරම් ආශ්චර්යමත් ඉගැන්වීමකට නොපැමිණ සිටින්න එපා, එය කිසිදා අතපසු නොකරන්න.

වරදානය:

ඔබ දිනපතාම නිරන්තරයෙන් උද්යෝගිමත්ව සිටින එමෙන්ම සියලු දෙනාට උද්යෝගය ලබා දෙන ආධ්යාත්මික සේවාධාරියෙක් වේවා.

බාප්දාදා ඔය සියලුම ආධ්යාත්මික සේවාධාරී දරුවන්ට මෙම සෙනෙහස් තිලිණය ලබා දෙනවා දරුවනේ සෑම දවසකම උද්යෝගිමත්ව රැඳී සිට අන් සියලු දෙනාවත් උද්යෝගිමත් කරවන උත්සවය සමරන්න. මෙසේ කිරීමෙන් ඔබගේ සංස්කාර සුසංයෝග කිරීමට සහ සංස්කාර අවසන් කිරීමට උත්සාහ දැරීමෙන් ඔබ නිදහස් වෙයි. නිරන්තරයෙන් මෙම උත්සවය සමරන්න එවිට සියලු ගැටළු අවසන් වෙයි. එවිට ඔබට වෙනුවෙන් ඔබගේ කාලය හෝ බල භාවිතා කිරීමට සිදු නොවෙයි. ඔබ සතුටින් නර්ථනය කරන සහ පියාසර කරන සුරදූතයන් බවට පත් වෙයි.

පාඨය:

නාටකයේ රහස් වටහාගන්න සහකිසිම දෙයක් අළුත් නැහැයන පාඩම ස්ථීර කරගන්නා අය සැහැල්ලු අධිරාජවරුන්ය.

*** ඕම් ශාන්ති ***

Download PDF

Post a Comment

0 Comments