Header Ads Widget

Header Ads

SINHALA MURLI 26.01.23

 

26-01-2023  උදෑසන මුරලි  ඕම් ශාන්ති  බාප්දාදා  මධුබන්


Listen to the Murli audio file



 

සාරය:

සුමිහිරි දරුවනි, ඔබ, ඔබගේ සිරුර ඇතුළුව සෑම දෙයක්ම අමතක කර, පිවිතුරු සහ ශාන්ත වාතාවරණයක් ඇති අම්රිත් වේලාවේ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. එම වෙලාවේ ඔබට ඉතා හොඳ සිහි කිරීම තිබෙයි.

ප්රශ්නය:

එමඟින් පරම පියාගෙන් ඔබට බලය ලැබෙන, ඔය දරුවන් කරන හොඳම ක්රියාව කුමක්ද?

පිළිතුර:

හොඳම ක්රියාව වන්නේ ඔබට ඇති සෑම දෙයක්ම, එනම්, ඔබගේ මනස, සිරුර සහ ධනය, පරම පියාට කැප කිරීමය. ඔබ සෑම දෙයක්ම කැප කළ විට, එයට ප්රතිලාභයක් ලෙස පරම පියා ඔබට බොහෝ බලය ලබා දෙන අතර ඔබට සදාතනික, නොබිඳි, නිරන්තර සාමය සහ සතුට ඇති ලෝකය පාලනය කිරීමට හැකි වෙයි.

ප්රශ්නය:

කිසිම මනුෂ්යයෙකුට ඉගැන්විය නොහැකි, කුමන සේවයද, පරම පියා ඔය දරුවන්ට උගන්වා තිබෙන්නේ?

පිළිතුර:

ආධ්යාත්මික සේවය. ඔබ ඥානයේ එන්නත් වලින් ජීවාත්මයන්ට එන්නත් ලබා දෙන්නේ ඔවුන්ව පාපයන්ගේ රෝගයෙන් සුව කිරීමටයි. ඔබ ආධ්යාත්මික සමාජ සේවකයන්ය. මිනිසුන්ට භෞතික සේවය කළ හැකි නමුත් ඔවුන්ට ජීවාත්මයන්ට ඥානයේ එන්නතක් ලබා දී ඔවුන්ව නිරන්තර දැල්වූ ආලෝක බවට පත් කළ නොහැක. මෙම සේවය සිදු කරන අන්දම ඔය දරුවන්ට උගන්වන්නේ පරම පියා පමණයි.

ඕම් ශාන්ති. පරමාත්ම දෙවියන් පවසයි කිසිම මනුෂ්යයෙකුට පරමාත්ම දෙවියන් කියා ඇමතිය නොහැකි බව පහදා දී තිබේ. මෙය මනුෂ් ලෝකය වන අතර බ්රහ්ම, විෂ්ණු සහ ශංකර් සිටින්නේ සූක්ෂම කලාපයේය. ශිව බාබා, ජීවාත්මයන්ගේ අවිනාශී පියාය. විනාශ වන සිරුරක පියා, විනාශ වන සුළුයි. මෙය සෑම කෙනෙකුටම වැටහෙනවා. ඔබට මෙසේ විමසිය හැක ඔබගේ විනාශ වන සිරුරේ පියා කවුරුන්ද, එමෙන්ම ජීවාත්මයේ පියා කවුරුන්ද? ඔබ වාසය කරන්නේ උත්තරීතර දනව්වේ (පරමදාමයේ) බව ඔය ජීවාත්මයන්ට වැටහෙනවා. දැන්, ඔය දරුවන්ව ශරීර අවධානයට පත් කළේ කවුද? ඔබගේ සිරුර නිර්මාණය කළ කෙනා. දැන්, ඔබව ජීවාත්ම අවධානයට පත් කරවන්නේ කවුද? ජීවාත්මයන්ගේ සදාතනික පියා වන ඒකායන කෙනා. ‘සදාතනිකයනු ආරම්භයක්, මැදක්, අවසානයක් නැති කෙනාය. ජීවාත්ම සහ පරමාත්ම ජීවයට ආරම්භයක්, මැදක් සහ අවසානයක් තිබෙන බව ඔබ පවසන්නේ නම්, එවිට එය නිර්මාණය පිළිබඳ ප්රශ්නයක් මතු කරයි. ඔහු හැඳින්වෙන්නේ සදාතනික ජීවාත්මය, සදාතනික පරමාත්ම ජීවය ලෙසයි. ජීවාත්මයකට අමතන්නේ ජීවාත්මයක් කියාය. ජීවාත්මයකට අනිවාර්යෙන් වැටහෙනවා මම ජීවාත්මයක්. ජීවාත්මය පවසන්නේ ජීවාත්මය වන මාව දුකට පත් නොකරන්න. මා පාපකාරී ජීවාත්මයක්. මෙසේ පවසන්නේ ජීවාත්මයයි. දිව් ලෝකයේදි ජීවාත්ම එවන් වදන් භාවිතා නොකරයි. ජීවාත්ම අපවිත්රව ඇති අතර පිවිතුරු වන්නේ මෙකලයි. පිවිතුරු ජීවාත්මයන්ගේ ගුණ ගායනා කරන්නේ අපවිත් ජීවාත්මයි. සියලුම ජීවාත්ම පුනරුත්පත්ති ගත යුතුයි. මේ සියලුම කාරණා අළුත්ය. පරම පියා ඔබට නියෝග කරයි ඔබ අසුන්ගෙන සිටින විට සහ එහෙ මෙහෙ යන එන විට මා සිහි කරන්න. පෙර කල ඔබ පුදන්නන්ව සිටි අතර ඔබ මෙසේ කීහ ශිවාය නමහ (ශිවාට නමස්කාර වේවා). දැන් පරම පියා පවසන්නේ පුදන්නන් ලෙස ඔබ බොහෝ වාර ගණනක් හිස නමා ඇත. එබැවින් මා ඔබව දැන් වන්දනීයත්වයට සුදුසු පාලකයන් බවට පත් කරවනවා. වන්දනීයත්වයට සුදුසු අයට හිස නැමීමට සිදු නොවෙයි. හිස නමන්නේ හෝ නමස්තේ කියන්නේ වන්දනාකරුවන්ය. ’නමස්තේයනු ඔබගේ හිස නැමීම හෝ ටිකක් පහත් කිරීමයි. ඔය දරුවන් කිසිවෙක් ඉදිරියේ ඔබගේ හිස නැමිය යුතු නැහැ, ලක්ෂ්මි සහ නාරායනට, විෂ්ණු දේවතාවන්ට හෝ ශංකර් දේවතාවට හිස නැමිය යුතු නැහැ. මේ සියලු ව්යවහාර අයත් වන්නේ වන්දනා ක්රමවේදයටයි. ඔබ දැන් මුළු ලෝකයේම පාලකයන් බවට පත්විය යුතුයි. ඔබ සිහිකළ යුත්තේ පරම පියාව පමණයි. ඔවුන් මෙසේද කියයි ඔහු සර්ව බලධරයාය, සියලු මරණයන්ගේ මරණයයි, අමරණීය පිළිරුවයි. ඔහු ලෝකයේ නිාර්මාණකරුයි, ආලෝක තිතක ස්වරූපයයි. මුලදි ඔවුන් බොහෝ සේ ඔහුව වර්ණනා කළා. ඉන්පසුව ඔහු සර්ව ව්යාප්ත බවත්, ඔහු බළලුන්, බල්ලන් තුළද සිටින බවත් කීහ. මේ ආකාරයෙන් සියලු ප්රශංසාව අවසන් විය. වර්තමානයේ සියලුම මනුෂ්යයන් පාපාත්ම වන අතර එබැවින් සතුන්ට තිබිය හැක්කේ කුමන ප්රශංසාවක්ද? මේ සියල්ල අදාල වන්නේ මනුෂ්යයන්ටයි. ජීවාත්මය පවසන්නේ මම ජීවාත්මයක් මේ මගේ සිරුරයි. ජීවාත්මයක් තිතක් වන සේම, පරම පියා, පරමාත්ම ජීවයත් තිතකි. ඔහු පවසන්නේ අපවිත් අයව පිවිතුරු කිරීමට මා සාමාන් සිරුරක් තුළට ඇතුළු වනවා. මා දරුවන්ගේ කීකරු සේවකයා බවට පත් වී, ඔවුන්ට සේවය කරනවා. මා ආධ්යාත්මික සමාජ සේවකයාය. ආධ්යාත්මික සේවය සිදුකරන අන්දමත් මා ඔය දරුවන්ට උගන්වනවා. අනෙක් සියලුම දෙනා ඔබට උගන්වන්නේ සීමිත භෞතික සේවය කරන අන්දමයි. ඔබගේ සේවය ආධ්යාත්මිකයි. මෙසේ සිහිකර තිබෙන්නේ නිසයි සත්ගුරූ ඥානයේ තෛලය ලබා දුන් අතර අවිද්යාවේ අන්ධකාරය දුරු විය. සත් සත්ගුරු වන්නේ ඔහු පමණයි. බලධාරියා ඔහු පමණයි. ඔහු පැමිණ සියලුම ජීවාත්මයන්ට එන්නත් ලබා දෙයි. පාපයන්ගේ රෝගය තිබෙන්නේ ජීවාත්ම තුළයි. වෙනත් කිසිම කෙනෙක් ළඟ මෙම ඥානයේ එන්නත නොමැත. අපවිත් වී ඇත්තේ සිරුරු නොව, ජීවාත්මයි, එනිසා එන්නත් ලබා දිය යුත්තේ ජීවාත්මයන්ටයි. ඔවුන්ට පාපයන් පහේ කටුක රෝගය තිබේ. ඥාන සාගරය වන පරම පියා හැර වෙනත් කිසිවෙකු ළඟ මෙම එන්නත නොමැත. පියා පැමිණ කතා කරන්නේ ජීවාත්මයන්ටයි අහෝ ජීවාත්මයනි, ඔබ ජීවමාන ආලෝක ලෙස සිටියා. ඉන්පසුව මායා ඔබ මත ඡායාවක් හෙලුවා. මෙම ඡායාව හෙලීමෙන් ඇය ක්රම-ක්රමයෙන් ඔබගේ බුද්ධිය වසන් කළා. එය යුධිශ්තිර හෝ ද්රිටාරාශ්ත් පිළිබඳ ප්රශ්නයක් නොවෙයි මෙය අදාල වන්නේ රාවණටයි. පරම පියා පවසන්නේ මා සාමාන් අන්දමකින් පැමිණෙනවා. මාව හඳුනාගන්නේ ඉතාමත්ම සුළු පිරිසකි. ශිව ජයන්තිය, ක්රිෂ්ණ ජයන්තියෙන් වෙනස්ය. ඔබට ක්රිෂ්ණාව, පරම පියා පරමාත්ම ජීවය වන ශිවා සමග සංසන්දනය කළ නොහැක. මේ කෙනා අශාරීරික වන අතර කෙනා ශාරීරිකයි. පරම පියා පවසන්නේ මම අශාරීරිකයි. තවද ඔවුන් මගේ වර්ණනාව ගායනා කර මට කන්නලව් කරයි අහෝ පාරිශුද්ධකරු, නැවත පැමිණ භාරතය, ස්වර්ණමය යුගයට, රජවරුන්ගේ දිව්යමය දේශය බවට පරිවර්ථනය කරන්න. රජවරුන්ගේ දිව්යමය දේශය යම්කිසි කාලයක පැවතුණා එය දැන් නොපවති. එය නැවත වරක් ස්ථාපිත කරන්නේ කවුද? බ්රහ්මගේ මාර්ගයෙන් පරම පියා, පරමාත්ම ජීවය, නව ලෝකය ස්ථාපනය කරයි. එය දැන් අපවිත් මිනිසුන් අපවිත් මිනිසුන්ව පාලනය කරන කාලයයි. එය සොහොන් බිමක් ලෙස හැඳින්වෙයි. මායා එය අවසන් කර තිබේ. ඔබ දැන් ඔබගේ සිරුරු සහ ඔබගේ සියලුම ශාරීරික නෑදෑයන් අමතක කර, පියා වන මාව සිහිකළ යුතුයි. ඔබගේ ජීවනෝපාය වෙනුවෙන් ඔබ ක්රියා සිදුකළ යුතුයි, නමුත් ඔබට තිබෙන ඕනෑම වෙලාවක මාව සිහිපත් කිරීමටද උත්සාහ දැරිය යුතුයි. මේ සඳහා ක්රමවේදය ඔබට පෙන්වා දෙන්නේ මේ ඒකායන කෙනා පමණයි. ඔබට මාව වැඩියෙන්ම සිහි කිරීමට හැකි වන්නේ හිමිදිරි උදෑසන අමෘතයේ වේලාවේය, මන්ද, එම වේලාව පිවිතුරුයි, ශාන්තයි. වෙලාවේ සොරුන් කිසිවක් සොරකම් නොකරයි. තවද පාපයන් සිදු කෙරෙන්නේද නැති අතර කිසිවෙක් පාපයේ ගැලෙන්නේද නැත. සෑම දෙයක්ම ආරම්භ වන්නේ නිදාගන්න වෙලාවේය. එය හඳුන්වන්නේ මුළුමනින්ම තමෝප්රධාන් රාත්රිය ලෙසයි. පියා දැන් පවසන්නේ දරුවනේ, අතීතය අතීතයයි. භක්ති මාර්ගයේ නාටකය අවසන් වී ඇත. මෙය ඔබගේ අවසන් උපත බව ඔබට පහදා දී තිබේ. ලෝක ජනගහණය වැඩි වන්නේ කෙසේද, යන ප්රශ්නය පැන නඟින්නේ නැත. ව්යාප්තිය නොකඩවා සිදු වෙයි. තවමත් උඩ ඉහළ සිටින ජීවාත්ම පහළට පැමිණිය යුතුයි. ඔවුන් සියලු දෙනාම පහළට පැමිණි පසුව විනාශය ආරම්භ වෙයි. ඉන්පසුව සෑම කෙනෙක්ම අංක පිළිවෙලට ආපසු යා යුතුයි. මාර්ගෝපදේශකයා සෑම විටම සිටින්නේ ඉදිරියේය. පියා හැඳින්වෙන්නේ විමුක්තිදායකයා සහ පාරිශුද්ධකරු ලෙසයි. පිවිතුරු ලෝකය, දෙව්ලොවයි. පරම පියා හැර වෙනත් කිසිවෙකුට එය නිර්මාණය කළ නොහැක. ඔබ දැන් ඔබගේ සිරුරු, මනස සහ ධනයෙන් පියාගේ ශ්රීමත් වලට අනුව භාරතයට සේවය කරයි. ගාන්ධිජීටත් මෙය කිරීමට අවශ් වුවද ඔහුට එය කිරීමට නොහැකි වෙයි. නාටකයේ ඉරණම එවැනිය. එය දැන් අතීතයයි. පිවිතුරු රජවරුන්ගේ රාජධානිය අවසන් විය යුතුව තිබුණා, එබැවින් එහි සෑම නමක් සහ සලකුණක් පවා අතුරුදහන් විය. ඔවුන්ගේ දේපළ පිළිබඳවද කිසිම නමක් හෝ සලකුණක් නැත. ලක්ෂ්මි සහ නාරායන දෙව්ලොව පාලකයන්ව සිටි බව මිනිසුන් විශ්වාස කරයි, නමුත් ඔවුන්ව එය බවට පත් කළේ කවුද කියා ඔවුන් නොදනී. ඔවුන්ට නිසැකවම දෙව්ලොව නිර්මාණකරු වන පියාගෙන් ඔවුන්ගේ උරුමය හිමි වන්නට ඇති. එතරම් ශ්රේෂ්ඨ උරුමයක් වෙනත් කිසිවෙකුට ලබා දිය නොහැක. මෙම කාරණා කිසිම ග්රන්ථ ශාස්ත්රයක සඳහන් වී නැත. එය ගීතාවේ සඳහන් වී ඇති නමුත් ඔවුන් නම වෙනස් කර ඇත. පාණ්ඩවයන් සහ කෞරවයන් යන දෙපිරිසටම රාජධානියක් තිබුණු බව ඔවුන් පෙන්වා ඇති නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට මෙහි රාජධානියක් නැත. පරම පියා දැන් එය නැවත වරක් ස්ථාපිත කරනවා. ඔය දරුවන්ගේ සතුටේ රසදිය කඳ ඉහළ නැඟිය යුතුයි. නාටකය දැන් අවසන් වන අතර අප ආපසු යා යුතුයි. අප මිහිරි නිවහනේ නිවැසියන්ය. අහවල් කෙනා නිර්වාණය ලබා ගත් බව හෝ ආලෝකය, ආලෝකයට මුසු වූ බව හෝ ඔහු සදාතනික විමුක්තිය හිමි කරගත් බව ඔවුන් කියයි. භාරතයේ වැසියන්ට, දෙව්ලොව මිහිරි බව හැඟී යනවා. ඔවුන් පවසන්නේ ඔහු දෙව්ලොව ගොස් ඇත. පියා පහදා දෙන්නේ කිසිවෙක් සදාතනික විමුක්තිය ලබා ගන්නේ නැත. සියලු දෙනාට විමුක්තිය පිරිනමන්නා පියා වන බැවින් ඔහු සැබවින්ම සියලු දෙනාට සතුටද පිරිනමනු ඇත. එක් පුද්ගලයෙක් නිර්වාණ දේශයේ අසුන්ගෙන සිටින අතර තව කෙනෙක් දුකින් වේදනා විඳින්නේ නම්, පියාට එය දරාගැනීමට නොහැකි වෙයි. පරම පියා පාරිශුද්ධකරුයි. එකක් මුක්තියේ පිවිතුරු දේශය වන අතර අනෙක ජීවන-මුක්තියේ පිවිතුරු දේශයයි. ඉන්පසු තඹ යුගයට පසුව, සියලු දෙනාම අපවිත් වෙයි. සියලුම පංච මහා භූතයන් ආදිය මුළුමනින්ම අපවිත් වෙයි. එවිට පියා පැමිණ ඒවා පිවිතුරු කරයි. එහිදි ඔබගේ සිරුරු පිවිතුරු පදාර්ථ වලින් ලස්සණ වෙයි. ස්වාභාවික සුන්දරත්වය තිබෙයි ඔවුන්ට ස්වාභාවික ආකර්ෂණයක් තිබේ. ශ්රී ක්රිෂ්ණාට අති මහත් ආකර්ෂණයක් තිබෙනවා. එහි නාමය වන්නේම දිව් ලෝකයයි, එබැවින් ඔබට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? පරමාත්ම දෙවියන් අමරණීය ප්රතිරුව ලෙස බොහෝ ප්රශංසා ලබයි, නමුත් ඔවුන් ඔහුව වැලි කැට සහ ගල් තුළට දමා තිබේ. කිසිවෙක් පරම පියාව හඳුනන්නේ නැහැ. ඔහුට පහදා දිය හැකි වන්නේ ඔහු පැමිණි විට පමණයි. ලෞකික පියෙක් පිළිබඳ වුණත්, ඔහු දරුවන් නිර්මාණය කළ පසුවයි, ඔවුන්ට තම පියාගේ චරිත කතාව ගැන දැන ගැනීමට හැකි වන්නේ. පියා දරුවන්ට නොකියා, ඔවුන් තම පියාගේ චරිත කතාව දැන ගන්නේ කෙසේද? දැන් පරම පියා පවසන්නේ ඔබට ලක්ෂ්මි හෝ නාරායනව විවාහ කරගැනීමට අවශ් නම් ඔබ උත්සාහ දැරිය යුතුයි. ගමනාන්තය ඉතා ඉහළයි නමුත් ආදායම බොහෝ ශ්රේෂ්ඨයි. ස්වර්ණමය යුගයේ පිවිතුරු පවුල් මාවත තිබුණි. පිවිතුරු රාජස්ථානය (රජුන්ගේ දේශය) තිබුණු අතර එය දැන් අපවිත් වී ඇත. සියලු දෙනාම දූෂිත වී ඇත. මෙය බොහෝ දූෂණය තිබෙන රකුසු ලෝකයයි. පාලනය කිරීමට ඔබට බලය අවශ්යයි. මනුෂ්යයන්ට පරමාත්ම දෙවියන්ගේ බලය නොමැත. එය මිනිසුන් මිනිසුන් මත කරන පාලනයකි. දන් දී, පුණ්යකර්ම සිදුකර, යහපත් ක්රියා සිදු කරන අය රාජකීය පවුලක උපතක් ගනී. කර්මයට එම ශක්තිය තිබේ. ඔබ දැන් බොහෝ ශ්රේෂ්ඨ ක්රියා සිදු කරනවා. ඔබ සෑම දෙයක්ම (සිරුර, මනස සහ ධනය), ශිව බාබාට කැප කරයි, එබැවින් ශිව බාබාද සෑම දෙයක්ම ඔය දරුවන්ට කැප කරයි. ඔබ ඔහුගෙන් බලය ලබා ගෙන සදාතනික, නොබිඳි සතුට සහ ශාන්තියේ රාජධානිය පාලනය කරයි. මිනිසුන්ට කිසිම ශක්තියක් නැත. යමෙක් MLA කෙනෙක් වුණේ ඔහු ධනය පරිත්යාග කළ නිසා බව, ඔබ නොකියයි. ධනය පරිත්යාග කිරීමෙන් ඔහු ධනවත් නිවසක උපත ලබයි. දැන් රාජධානියක් නැත. බාබා දැන් ඔබට බොහෝ ශක්තිය ලබා දෙයි. ඔබ පවසන්නේ අපි නාරායනව විවාහ කර ගැනීමට යනවා. අපි මනුෂ්යයන්ගෙන් දේවතාවන් බවට පත් වෙනවා. මේ සියලු කාරණා අළුත්ය. නාරද්ගේ කතාපුවත මේ කාලයේ එකකි. රාමායනය ආදියද මෙකල ගැනයි. ස්වර්ණමය සහ රිදී යුගයන්හි ග්රන්ථ ශාස්ත් නොමැත. සියලුම ශාස්ත් වර්තමාන කාලය සමග සම්බන්ධයි. ඔබ වෘක්ෂය දෙස බලන්නේ නම්, සියලුම නිකායන් සහ ප්රභේද පසුව පැමිණෙන බව ඔබට පෙනෙයි. ප්රධාන වංශ වන්නේ බ්රහ්මණ, දේවතා සහ ක්ෂත්රීයයන්ගේ වංශයි. බ්රහ්මණයන්ගේ හිස් මුදුනේ ගැටය ප්රසිද්ධයි. උසස්ම වන බ්රහ්මණ වංශය, ශාස්ත් වල සඳහන් වී නැත. ඔවුන් විෂ්ණුගේ බහුරූපි පිළිරුවෙන්ද බ්රහ්මණයන්ව අතහැර තිබේ. මෙය නාටකයේ නියම වී ඇත. භක්තියේ යෙදීමෙන් ඔවුන් පහළට පැමිණෙන බව ලෝකයේ මිනිසුන්ට වැටහෙන්නේ නැත. ඔවුන් පවසන්නේ භක්තියේ යෙදීමෙන් ඔබට දෙවියන්ව හමුවිය හැකි බවයි. ඔවුන් දුකින් සිටින විට ඔහුට බොහෝ කන්නලව් කර ඔහුව සිහි කරයි. ඔබ මෙය අත්දැක තිබේ. එහිදි දුක පිළිබඳ ප්රශ්නයක් නොමැති අතර මෙහිදි, සියලු දෙනා තුළම කෝපය තිබේ ඔවුන් නොකඩවා එකිනෙකාට අපහාස කරයි. දැන් ශිවා ඔබගේ පියා බැවින් ඔබ මෙසේ නොකියයි ශිවාට නමස්කාර වේවා. පියා සර්ව ව්යාප්ත බව ඔවුන් පැවසීම නිසා සහෝදරත්වය පිළිබඳ අදහස අතුරුදහන් වෙයි. හින්දූන් සහ චීනුන් සහෝදරයන් බව, චීනුන් සහ මුස්ලිම්වරුන් සහෝදරයන් බව, සියලු දෙනාම සහෝදරයන්, එකම පියාගේ දරුවන් බව, භාරතයේ අය කියයි. ඔබ මෙකල ඒකායන පියාගේ දරුවන් බව ඔබට වැටහෙයි. බ්රහ්මණයන්ගේ ජානමය වෘක්ෂය නැවත වරක් ස්ථාපිත වෙනවා. දේවතා ධර්මය මතු වන්නේ මෙම බ්රහ්මිණ් ධර්මයෙන්ය. දේවතා ධර්මයට පසුව ක්ෂත්රීය ධර්මය පැමිණෙයි. එය ජානමය වෘක්ෂයක් නිසා ක්ෂත්රිය ධර්මයට පසුව ඉස්ලාම් ආගම මතුවෙයි. ඉන්පසුව බෞද්ධ සහ ක්රිස්තියානි ආගම් මතුවෙයි. ව්යාප්තිය අඛණ්ඩව සිදුවත්ම, විශාල ගසක් නිර්මාණය වෙයි. මෙය අසීමිත ජානමය වෘක්ෂයක් වන අතර අනෙක්වා සීමිතයි. මෙම විස්තරාත්මක කරුණු ධාරණය කරගැනීමට නොහැකි අයට පියා පහසු ක්රමවේදයක් පෙන්වයි පරම පියා සහ උරුමය සිහිපත් කරන්න, එවිට ඔබ නියත වශයෙන්ම දෙව්ලොව යයි. කෙසේවෙතත්, ඔබට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට අවශ් නම්, ඔබ සඳහා උත්සාහ දැරිය යුතුයි. ශිව බාබා ඔබට විස්තර කර දෙන බව සහ මෙම බාබාද ඔබට විස්තර කරන බව, ඔය දරුවන් දන්නවා. එම ඒකායන කෙනා ඔබගේ බුද්ධියේ මෙන්ම මගේ බුද්ධියේද සිටිනවා. අපි ශාස්ත් ආදිය හදාරා ඇති නමුත් කිසිවක් මඟින් අපට පරමාත්ම දෙවියන්ව හමුවිය නොහැකි බව අප දන්නවා. පරම පියා පහදා දෙයි මිහිරිතම දරුවනේ, ශිව බාබා සහ උරුමය සිහි කරන්න. ඔබ මේ ආකාරයෙන් බාබාව ප්රශංසා කළ යුතුයි බාබා, ඔබ බොහෝ මිහිරියි! එය ඔබගේ විශ්මයයි! ඔය දරුවන්ට දේවමය ලොතරැයියක් ඇදී තිබේ. ඔබ දැන් දැනුම සහ යෝගාව සඳහා උත්සාහ දැරිය යුතුයි. ඔබට මෙයින් ඉතා විශාල තෑග්ගක් හිමි වෙනවා, එබැවින් ඔබ උත්සාහ දැරිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්රාර්ථනා කරයි. ආධ්යාත්මික පියාගෙන් ආධ්යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. නාටකය දැන් අවසානයකට පැමිණෙනවා. අප දැන් අපගේ මිහිරි නිවහනට ආපසු යනවා. මෙම අවධානයෙන් ඔබගේ සතුටේ රසදිය කඳ සෑම විටම ඉහළ තබාගන්න.
  2. අතීතය, අතීතයේම තබාගෙන, මෙම අවසන් උපතෙදි පරම පියාට පාරිශුද්ධත්වයේ උපකාරය ලබා දෙන්න. ඔබගේ සිරුර, මනස සහ ධනය තුළින් භාරතය දෙව්ලොව බවට පත් කිරීමේ සේවයේ නියැලෙන්න.

වරදානය:

ඔබ අභ්යන්තරයට යොමු වී, සිතිවිලි සහ සංස්කාර ස්වරූපයෙන් වුවද ඇති, ඔබගේ සියලු පැරණි ගිණුම් අවසන් කරත්වා.

දරුවන්ගේ සියලුම පිරිසිදු ගිණුම් පොත් දැකීමට බාප්දාදා දැන් ප්රිය කරයි. සිතිවිලි හෝ සංස්කාර ස්වරූපයෙන් සුළු ගිණුමක්වත්, එනම්, බාහිරට යොමු වීමේ ගිණුමක් සුළුවෙන්වත් නොතිබිය යුතුයි. සියලු බන්දන වලින් නිරන්තරයෙන් නිදහස් වී යෝග්යුක්තව රැඳී සිටින්න. මෙය ඇතුලාන්තයට යොමු වීම ලෙස හැඳින්වෙයි. එබැවින් ඔබට බොහෝ සේවය සිදුකළ හැක, නමුත් බාහිරට යොමු නොවී, අභ්යන්තරගත වී එය සිදු කරන්න. ඔබගේ ඇතුලාන්තයට යොමු වූ මුහුණින් පරම පියාගේ නම කීර්තිමත් කරන්න. ඔවුන් පරම පියාට අයත් වීම ගැන ජීවාත්මයන්ව බොහෝ සතුටට පත් කරන්න.

පාඨය:

ඔබගේ පරිවර්ථනය තුළින් ඔබගේ සිතිවිලි, වචන, ක්රියා සහ නෑ සම්බන්ධතාවන්හි සාර්ථකත්වය අත්කර ගැනීම යනු, සාර්ථකත්වයේ ප්රතිමූර්තියක් වීමය.

*** ඕම් ශාන්ති ***

Download PDF

Post a Comment

0 Comments