25-01-2023 උදෑසන
මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
Listen to the Murli audio file
සාරය:
සුමිහිරි දරුවනි, පියාව සිහි කිරීම සඳහා ඉතාමත් දැඩි උත්සාහයක් දැන් ඔබ දැරිය යුතුයි. මන්ද, ඔබ දැන් නියම රත්තරන් බවට පත්විය යුතුයි.
ප්රශ්නය:
සැබෑ උත්සාහවන්තයින්ගේ
ලක්ෂණ මොනවාද?
පිළිතුර:
සැබෑ උත්සාහවන්තයින්
සෑම පියවරකදීම ශ්‍රීමත් අනුගමනය කරනවා. නොකඩවා ශ්‍රීමත් අනුගමනය කරනා අය තමයි ඉහළ තත්ත්වයක් දිනා ගන්නේ. ඇයි බාබා දරුවන් වන ඔබට නොකඩවාම ශ්‍රීමත් අනුගමනය කරන්න කියා කියන්නේ? මන්ද, ඔහු තමයි සැබෑ ආදරවන්තයා. අන් සෑම කෙනෙක්ම ආදරවන්තියන්ය.
ඕම් ශාන්ති. පරණ, අළුත්, දරුවන් සෑම කෙනෙක්ම ‘ඕම් ශාන්ති’ යන්නෙහි තේරුම අවබෝධ කරගෙන සිටිනවා. ජීවාත්ම වන අප සෑම කෙනෙක්ම පරම පියාගේ දරුවන්ය යන්න දැන් දරුවන් වන ඔබ දැනගෙන සිටිනවා. පරම පියා ඉහළම ඉහළ කෙනා වන අතර කාගේත් සෙනෙහසට ලක්වුණු ආදරවන්තයා ද වේ. දරුවන් වන ඔබට දැනුම හා භක්තිය යන දෙකෙහි වැදගත්කම් පැහැදිලි කර කියා දී තිබෙනවා. දැනුම යනු දිනයයි. ස්වර්ණමය යුගය හා රිදී යුගයයි. භක්තිය යනු රාත්‍රියයි. තඹ හා කලි යුගයයි. මෙය අදාල වන්නේ භාරතයටයි. අනිකුත් ආගම් සමඟ ඔබට එතරම් සම්බන්ධතාවයක් නැහැ. උපත් 84 අත්දකින්නේ ඔබයි. පළමුවෙන්ම එන්නේ භාරතයේ මිනිසුන් වන ඔබයි. උපත් 84 චක්‍රය අදාල වන්නේත් භාරතයේ ජනතාව වන ඔබටමයි. ඉස්ලාම්වරුන් හෝ බෞද්ධයින් උපත් 84ක් ගන්නවා කියා කිසිම කෙනෙක්ට කියන්න බැහැ නැත. භාරතයේ ජනතාව පමණයි උපත් 84ක් ගන්නේ. භාරතය අවිනාශී දේශයයි. එය කවදාවත් විනාශ වී යන්නේ නැහැ. නමුත් අන් සෑම දේශයක්ම විනාශ වෙනවා. ඉහළම ඉහළ දේශය වන්නේ භාරතයයි එය අවිනාශීයි. දිව්‍ය ලෝකය බවට පත්වන්නේ භාරතයයි. නව ලෝකය තිබුණේ භාරතයේ පමණක් බව දරුවන් වන ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා. දිව්‍ය ලෝකය වශයෙන් හැඳින්වූයේ භාරතයයි. ඔවුන් උපත් 84ක් ගන්නවා. අවසානයේ සෑම කෙනෙක්ම අපායේ වැසියන් බවට පත්වන අතර භාරතයේ එම පිරිසම නැවතත් දිව්‍ය ලෝකයේ වැසියන් බවට ද පත් වෙනවා. මේ මොහොත වන විට සෑම කෙනෙක්ම අපායේ වැසියන් බවට පත්ව සිටිති. පසු කාලයකදී අන් සෑම දේශයක්ම විනාශ වී ගොස් භාරතය පමණක් ඉතිරි වේවි. භාරත දේශය වෙනුවෙන් වූ අසීමිත ගුණ වර්ණනාවක් තිබෙනවා. එලෙසින්ම, උත්තරීතර පියා වන උත්තරීතර ජීවාත්මයේ ගුණ වර්ණනාවත්, ගීතාවේ ගුණ වර්ණනාවත් අසීමිත වූවකි. වැරදි ගීතාවට ඇහුම්කන් දෙමින් එය ඉගෙන ගනිමින් සිටිනා අතරේදී, ඔබ එන්න එන්නම ඇදගෙන වැටුණා. පියා දැන් ඔබට රාජයෝගා උගන්වනවා. මෙය ගීතාවේ ඉතාමත් සුබම වූ සංගම යුගයයි. පසුව භාරතය ඉතාමත් උසස්ම දේශය බවට පත්වණු ඇත. එම ආදී සනාතන දේවී දේවතා ධර්මය දැන් නැහැ. එම රාජ්‍යය දැන් නැහැ. එම යුගය දැන් නැහැ. ක්‍රිෂ්ණාගේ නම ගීතාවට ඇතුල් කිරීමේ වරද නාටකය තුළ නියමිත වී තිබුණු දෙයක් බව පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. භක්ති මාර්ගය ආරම්භ වුණු විට, පළමුවෙන්ම තිබෙන්නේ ගීතාවයි. ගීතාවත්, අන් සෑම ආගමික ග්රන්ථයක්මත් දැන් විනාශ කර දැමිය යුතුයි. දේවතා ධර්මය පමණක් ඉතිරි වී තිබේවි. ගීතාව හෝ භගවතය ඒ සමඟ රැෙඳන්නේ නැහැ. ඔබට ප්‍රතිලාභය ලැබෙනවා. ඔබට මුක්තිය ලැබෙනවා නම් ආගමික ග්‍රන්ථයක අවශ්‍යතාවයක් පැන නඟින්නේ නැහැ. ස්වර්ණමය යුගයේ කිසිම ගුරු කෙනෙක්වත්, ග්‍රන්ථයක්වත් නැහැ. මේ මොහොත වන විට භක්තිය උගන්වනා ගුරූන් රාශියක් සිටිති. එකම එක ආධ්‍යාත්මික පියෙක් පමණයි සිටින්නේ. ඔහුගේ ගුණ අප්‍රමාණය. ඔහු ඔබට දර්ශන ලබා දේ. ලෝක සර්ව බලධාරියා යනුවෙන් ඔහු හැඳින්වේ. ඔහු අන්තර්යාමීයි (සෑම කෙනෙකුගේම හදවතේ ඇති දේ දන්නා කෙනා). සෑම කෙනෙකුගේම අභ්‍යන්තරයේ ඇත්තේ කුමක්දැයි කියා ඔහු දන්නවා කියා කීමේ වැරැද්ද වැඩියෙන්ම කරන්නේ භාරතයේ වැසියන්ය. බාබා කියනවා ඕ, දරුවනි, එක එක අයගේ සිතේ තිබෙන්නේ මොනවාදැයි කියා මා දන්නේ නැහැ. මගේ රාජකාරිය අපිරිසිදු අයව පිරිසිදු කිරීමයි. මෙම වැරදි ගුණ වර්ණනාව දී තිබෙන්නේ භක්ති මාර්ගයේදීයි. අපිරිසිදු ලෝකයට මට කතා කළා. මම එන්නේ එක් වතාවක් පමණයි. ඒ පැරණි ලෝකය අළුත් ලෝකයක් බවට පත් විය යුතු කාලයේදීයි. මෙම ලෝකය අළුත් එකක් වශයෙන් තිබී පැරණි වෙනවා. එම පැරණි ලෝකය නැවතත් අළුත් වෙනවා කියා මිනිස්සු දන්නේ නැහැ. සෑම දෙයක්ම සතෝ, රජෝ හා තමෝ යන මට්ටම් පසු කරනවා. ඔවුන් මුලින්ම සතෝප්‍රධාන් දරුවන් වශයෙන් සිටියා. පසුව ඔවුන් වැඩිමහල්, මහළු යන මට්ටම් වලට, එනම්, රජෝ හා තමෝ යන මට්ටම් වලට පැමිණෙනවා. ඔවුන්ගේ ශරීර මහළු වන විට, ඔවුන් එය අතහැර දමා දරුවෙක් බවට නැවතත් පත් වෙනවා. ලෝකයත් පැරණි තත්ත්වයෙන් අළුත් වෙනවා. දරුවනි, භාරතය නව ලෝකයේදී ඉතාමත් උසස් යුගයක් වශයෙන් තිබුණු බව ඔබ දන්නවා. භාරතයේ ගුණ වර්ණනාව ඉතාමත් අසීමිතයි. එතරම් ධනවත්, සතුටින් සිටිනා හා පාරිශුද්ධ වෙනත් කිසිම දේශයක් නැහැ. සතෝප්‍රධාන් ලෝකය දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. බ්රහ්මා, විශ්ණු හා ශන්කර්ව ත්‍රිමූර්ති පින්තූරයෙන් පෙන්වා තිබෙනවා. නමුත් කිසිම කෙනෙක්ට එහි තේරුම වැටහෙන්නේ නැහැ. ඇත්තෙන්ම කියනවා නම්, එහි සඳහන් විය යුත්තේ ‘ත්‍රිමූර්ති ශිවා’ කියලයි, ‘ත්‍රිමූර්ති බ්රහ්මා’ කියා නොවෙයි. බ්රහ්මා, විශ්ණු හා ශන්කර්ව නිර්මාණය කළේ කවුද? ඒ ඉහළම ඉහළ ශිව බාබායි. බ්රහ්මා දෙවියන්ට, විශ්ණු දෙවියන්ට, ශන්කර් දෙවියන්ට හා උත්තරීතර ජීවාත්මයටත් නමස්කාර වේවා කියා කියනවා. එමනිසා, ඔහු තමයි ඉහළින්ම සිටින්නේ. ඔහු තමයි නිර්මාණකරු. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය බ්රහ්මා මාර්ගයෙන් බ්‍රහමින්වරුන් නිර්මාණය කරනවා කියා සඳහන් වී තිබෙනවා. ඔවුන් උත්තරීතර පියා වන උත්තරීතර ජිවාත්මයෙන් තම තමන්ගේ උරුමයත් දිනා ගන්නවා. ඔහුම දැන් මෙහි පැමිණ මෙහි ඉඳගෙන බ්‍රහමින්වරුන් වන අපට උගන්වනවා. මන්ද, ඔහු තමයි පියා, ඒ වගේම උත්තරීතර ගුරුවරයා. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය යන චක්‍රය භ්‍රමණය වන්නේ කෙසේද කියා ඔහු දැන් පැහැදිලි කර කියා දෙනවා. ඔහු තමයි දැනුමෙන් පිරි කෙනා. ඔහු ජනීජනන්හර් (සැමගේම සිිත් කියවන්නා) කියා කීම වැරදියි. මෙයත් අත් වැරැද්දක්. භක්ති මාර්ගයේදී කිසිම කෙනෙක් ඔහුගේ රැකියාව හෝ චරිතය ගැන දැනගෙන සිටියේ නැහැ. එය බෝනික්කන් වන්දනා කිරීමක් වගේයි. කල්කටා වල එම බෝනික්කන් වන්දනාව සෑහෙන සේ තිබෙනවා. ඔවුහු ඒවා වන්දනා කරනවා, කවනවා පොවනවා, පසුව මුහුදේ ගිල්වා දමනවා. ඉතාමත් ආදරණීයම කෙනා වන්නේ ශිව බාබායි. බාබා කියනවා ඔවුන් මගේ පිළිමයකුත් මඩවලින් සාදා එයට වන්දනාමාන කර පසුව ගිල්වා දමනවා. උදේ පාන්දර එම පිළිමය සාදා පසුව සන්ධ්‍යාවේදී කඩා දමනවා. ඒ සෑම දෙයක්ම අන්ධ භක්තියෙන් කරනා වන්දනාවන්ය. මනුෂ්‍ය ජීවීන් ගායනා කරනවා ඔබ වන්දනා ලබන්නාය, එමෙන්ම වන්දනා කරන්නෙකි. කොහොමනමුත්, බාබා කියනවා මම සදාකාලිකවම වන්දනාවට ලක්වන්නාය. මම කරන්නේ අපිරිසිදු අයව පාරිශුද්ධත්වයට පත් කරවීම පමණයි. මම උපත් 21කට ඔබගේ උරුමය වන අධිරාජ්‍යය ඔබට ලබා දෙනවා. භක්ති මාර්ගයේ ඇත්තේ තාවකාලික සතුටකි. සන්යාසීන් කියනවා සතුට නිකම් කාක්කෙකුගේ වර්චස් පිඩක් වැනියි. සන්යාසීන් ඔවුන්ගේ ගෙවල් දොරවල් අතහැර පැමිණෙනවා. එය සීමිත අත්හැරීමකි ඔවුන් හතායෝගීන්ය. ඔවුන් දෙවියන් ගැනවත් දන්නේ නැහැ. ඔවුන් සිහි කරන්නේ බ්‍රහ්ම ලෝකයයි. සෑම කෙනෙකුගේම පියා වන එකම එක අශාරීරික ශිව දෙවි කෙනෙක් පමණයි සිටින්නේ. ජීවාත්ම වන අප සිටින්නේ මෙම බ්‍රහ්ම ලෝකයේයි. බ්රහ්මාණ්ඩය යනු එම මිහිරි නිවහනයි. ජීවාත්ම වන අප අපගේ චරිත රඟපෑම සඳහා මෙම ලෝකයට පැමිණෙනවා. ජිවාත්මය කියනවා මම ශරීරය අතහැර දමා තවත් එකක් ගන්නවා. උපත් 84 ගන්නේ භාරත වැසියන්ය. වැඩියෙන්ම භක්ති කළ අය වැඩියෙන් දැනුම අවබෝධ කර ගනීවි. බාබා කියනවා ඕ දරුවනි, ඔබගේ ගෙවල් දොරවල් වලම වාසය කරන්න. නමුත් ශ්‍රීමත් අනුගමනය කරන්න. ජීවාත්ම වන ඔබ සෑම කෙනෙක්ම එකම එක ආදරවන්තයාගේ ආදරවන්තියන්ය. තඹ යුගයේ සිටන්ම ඔබ දිගටම ඔහුව සිහි කරමින් පැමිණියා. ජීවාත්ම පියාව සිහි කරන්නේ දුකක් දැණුනු විට පමණයි. මෙය දුකින් පිරි දේශයයි. මුලින්ම ජීවාත්ම වල වාසස්ථානය වන්නේ සාම දේශයයි. පසුව ඔවුන් සතුටින් පිරි ලෝකය වෙත ඇතුළු වී උපත් 84ක් ගන්න පටන් ගන්නවා. ‘හම් සෝ, සෝ හම්’ යන්නෙහි අර්ථයත් ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා. ජීවාත්මය උත්තරීතර ජීවාත්මයක්, උත්තරීතර ජිවාත්මය ජිවාත්මයක් කියා මිනිස්සු කියනවා. බාබා දැන් කියනවා ජීවාත්ම උත්තරීතර ජීවාත්මය වන්නේ කෙසේද? සිටින්නේ එකම එක උත්තරීතර ජිවාත්මයක් පමණයි. අන් සෑම කෙනෙක්ම ඔහුගේ දරුවෝ වෙති. සාදු සන්යාසීන් පවා ‘හම් සෝ’ යන්නට වැරදි තේරුම් දී තිබෙනවා. දැන් බාබා ‘හම් සෝ’ යන්නෙහි අර්ථය ‘ජීවාත්ම වන අප සත් යුගයේදී දේවතාවරුන් වශයෙන් සිටියා, ඉන් අනතුරුව ක්ෂත්රියයන්, වෛශ්‍ය හා ශුද්‍ර යන තත්ත්ව වලට පත්වුණා. දැන් අප නැවතත් වතාවක් දේවතාවරුන් බවට පත්වීම සඳහා බ්‍රහමින්වරුන් බවට පත්වී සිටිමු’ කියා කියා දුන්නා. නිවැරදිම අර්ථය මෙයයි. අන් අය සම්පූර්ණයෙන්ම වැරදියි. බාබා කියනවා රාවණ්ගේ උපදෙස් අනුගමනය කිරීමෙන් මිනිස්සු ඉතාමත් මිත්‍යා පිරිසක් බවට පත්වෙලා` මෙන්න මේ නිසා තමයි මායා මිත්‍යාවක්, ශරීරය මිත්‍යාවක්, ලෝකය මිත්‍යාවක් කියා සඳහන් කර තිබෙන්නේ. එහි නම්, කිසිම මිත්‍යාවක සළකුණක්වත් නැහැ. අනික් අතට මෙහි, සත්‍යයේ සළකුණක්වත් නැහැ. තිබුණත් ඒක හරියට පිටි ගෝනියක තිබෙනා ලුණු ස්වල්පයක් වගෙයි. දිව්‍යමය ගුණධර්ම තිබෙනා මිනිස්සු ස්වර්ණමය ලෝකයේ වාසය කරති. මෙය දේවතා ධර්මයයි. අන් සෑම ධර්මයක්ම පැමිණෙන්නේ පසුවටයි. එවිට එහි ගැටුමක් තිබෙනවා. රාවණ්ගේ යක්ෂ රාජ්‍යය අරම්භ වන්නේ තඹ යුගයෙන්ය. රාවණ්ගේ රාජ්‍යය ස්වර්ණම යුගයේ පිහිටන්නේ නැහැ. පස්පව් වලින් කිසිම එකක් එහි නොමැති සේම ඔවුන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරයි. රාමා හා සීතා කලා 14කින් පිරුණු අය වශයෙන් හැඳින් වෙනවා. රාමාව දුන්නක් හා ඊතලයක් අතැතිව පෙන්වා තිබෙන්නේ ඇයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ප්රචණ්ඩත්වයක් පිළිබඳ කිසිම දෙයක් එහිදී ඇති වන්නේ නැහැ. ඔබ දේවමය දරුවන්ය. ඔහු පියායි. ඔබ ශිෂ්‍යයින් වන නිසා ඔහු ඔබගේ ගුරුවරයා ද වේ. දරුවන් වන ඔබට ඔහු මුක්තිය ලබා දී දිව්‍ය ලෝකය වෙත ගෙන යනවා. එමනිසා, ඔහු ඔබගේ සත්ගුරුත් වෙනවා. මෙහි ඔහු ඔබගේ පියා, ගුරුවරයා හා සත්ගුරුයි-තිදෙනාම වේ. ඔබ ඔහුගේ දරුවන් බවට පත්වී සිටිති. එමනිසා, ඔබ තුළ ඉතාමත් විශාල වූ සතුටක් තිබිය යුතුයි. දැන් මෙය රාවණ්ගේ රාජ්‍යය කියා ඔබ දන්නවා. භාරතයේ ලොකුම සතුරා නම් රාවණ්ය. දරුවන් වන ඔබ දැනුමින් පිරි පියාගෙන් මෙම දැනුම ලබා ගන්නවා. ඔහු තමයි ඥානයේ සාගරය වන, ප්රමෝදයේ සාගරය වන පියා. වළාකුළු වන ඔබ ඥානය නම් වූ සාගරයෙන් ඔබව පුරවාගෙන, එම ඥානයේ වැසි අන් අය වෙත වස්සවනවා. ඔබ ඥානයේ ගංඟාවන්ය. මෙම ගුණ වර්ණනාව අයිති වන්නේ ඔබටයි. කොහොමනමුත්, ගංඟාවල වතුරින් ස්නානය කිරීමෙන් කිසිම කෙනෙක්ට පාරිශුද්ධත්වයට පත්වන්න බැහැ. ඒ අපිරිසිදු වතුරින් ස්නානය කර තමන්ට පාරිශුද්ධ වෙන්න පුළුවන් කියා ඒ අය සිතනවා. උල්පත් ජලයටත් ඔවුන් විශාල වැදගත්කමක් දෙනවා. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයයි. ස්වර්ණමය හා රිදී යුග වල කිසිම භක්තියක් නැහැ. එය සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර වූ ලෝකයයි. බාබා කියනවා දරුවනි, මා දැන් පැමිණ සිටින්නේ ඔබව පාරිශුද්ධත්වයට පත් කරවීමටයි. මෙම එකම එක උපතේදී පමණක් මා සිහි කරන්න. පාරිශුද්ධත්වයට පත්වන්න. එවිට ඔබ සතෝප්‍රධාන් වනු ඇත. මම තමයි පාරිශුද්ධකරුවාණන්. හැකිතාක් දුරකට ඔබගේ ස්මරණ වන්දනාව වැඩිදියුණු කර ගන්න. නිකම්ම කටින් ‘ශිව බාබා, ශිව බාබා’ කියා කියන්න අවශ්‍ය නැහැ. ආදරවන්තයෙක් හා ආදරවන්තියක් එකිනෙකාව සිහිකරනවා වගේ දෙයක් බවට එය පත්විය යුතුයි. එක පාරක් එකිනෙකාව දුටු සැනෙකින්ම ඔවුන්ගේ සිහිය එකිනෙකාව සිහි කරනවා. භක්ති මාර්ගයේදී තමා සිහි කරනා කෙනා හෝ තමන් වන්දනා කරනා කෙනාගේ දර්ශන ඔබට ලැබෙනවා. කොහොමනමුත්, ඒ සෑම දෙයක්ම තාවකාලිකයි. භක්ති කිරීමෙන් ඔබ පහළටම ඇදගෙන වැටුණා. මරණය දැන් ඔබ ඉදිරියේම සිටගෙන සිටිනවා. ජයග්‍රහණයේ හඬ පැතිරෙන්නේ වේදනාවේ හඬට පසුවයි. භාරතය පුරා ලේ ගංඟාවල් ගලාගෙන යාවි. සෑම කෙනෙක්ම දැන් තමෝප්‍රධාන් වෙලා. පසුව සෑම කෙනෙක්ම සතෝප්‍රධාන් විය යුතුයි. කොහොමනමුත්, මීට කල්පයකට පෙර දේවතාවරුන් බවට පත්වුණු අය පමණක් නැවතත් වතාවක් මේ තත්ත්වයට පත්වේවි. එවන් අය පැමිණ තම පියාගෙන් තමාගේ සම්පූර්ණ උරුමය දිනා ගනීවි. ඔබ අඩුවෙන් භක්ති කළා නම්, ඔබ දැනුම ලබා ගන්නේත් අඩුවෙනි. ඉන් අනතුරුව පුරවැසියන් අතර ඔබට හිමි තත්ත්වය ඔබ ලබා ගනු ඇත. හොඳ උත්සාහවන්තයින් තබන සෑම පියවරකදීම ශ්‍රීමත් අනුගමනය කර හොඳ තත්ත්වයක් ලබා ගන්නවා. ඔබ ළඟ හොඳ යහපත් පුරුදුත් තිබිය යුතුයි. දිව්‍යමය ගුණධර්මත් උකහාගත යුතුයි. එය උපත් 21ක් පුරා ඔබ ළඟ තිබෙනු ඇත. සෑම කෙනෙක් තුළම දැන් ඇත්තේ යක්ෂ ගතිගුණය. මන්ද, මෙය අපිරිසිදු ලෝකයයි. දරුවන් වන ඔබට ලෝකයේ ඉතිහාසය හා භූගෝලය පැහැදිලි කර කියා දී තිබෙනවා. බාබා කියනවා ඕ, දරුවනි, දැන් ස්මරණය සඳහා දැඩි උත්සාහයක් දරන්න. එවිට ඔබ සැබෑ රත්තරන් බවට පත්වනු ඇත. සත් යුගය දිව්‍ය ලෝකයයි. සැබෑ රත්තරන්ය. පසුව රිදී යුගයේදී, රිදී මිශ්‍ර වී එන්න එන්නම කලාවන් බහින්න පටන් ගත්තා. දැන් කිසිම කලාවක් ඉතිරි වී නැහැ. බාබා එන්නේ ලෝකය මෙවන් තත්ත්වයකට පත්වුණු මොහොතකදීයි. මෙයත් නාටකයේ තීරණය වුණු දෙයකි. ඔබ නළුවන්ය. අප අපගේ චරිතය රඟපෑම සඳහා මෙහි පැමිණ සිටිනා බව ඔබ දන්නවා. නළුවන් තම නාට්‍යයේ මුල, මැද හා අග ගැන දන්නේ නැතිනම් ඔවුන්ව සළකන්නේ මෝඩයින් හැටියටයි ` අසීමිත පියා කියනවා සෑම කෙනෙක්ම ඉතාමත් අඥාන අය බවට පත්වෙලා. දැන් මම ඔබව ඥානවන්ත කරවා දියමන්ති බවට පත්කරවනවා. පසුව රාවණ් පැමිණ ඔබව බෙලි කටු මෙන් කිසිම වටිනාකමක් නැති අය බවට පත් කරවනවා. මෙම පැරණි ලෝකය දැන් විනාශ වීමටයි යන්නේ. මම මදුරු රැලක් මෙන් සෑම කෙනෙක්වම නිවහන වෙත ගෙන යනවා. ඔබගේ අරමුණ හා ඉලක්කය ඔබ ඉදිරියේම තිබෙනවා. එවන් තත්ත්වයකට ඔබ පත්වුණු විට පමණයි ඔබට දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත්විය හැකි වන්නේ. බී.කේ.වරුන් වන ඔබ මෙම උත්සාහය දරනවා. නමුත් මිනිසුන්ගේ බුද්ධිය තමෝප්‍රධාන් වී තිබෙනා නිසා, ඔබ සෑම කෙනෙක්ම බ්‍රහ්ම කුමාරයෙක්ය හා බ්‍රහ්ම කුමාරී කෙනෙක්ය යන්න හා අනිවාර්යෙන්ම ප්‍රජාවට පියා වන බ්රහ්මා ද සිටිය යුතුය යන්න ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඉහළින්ම සිටින්නේ බ්‍රහමින්වරුන්ය. පසුව බ්‍රහමින්වරුන් දේවතාවරුන් බවට පත්වෙනවා. බහුරූපී පිළිමයෙන් ඔවුන් බ්රහමින්වරුන්ව හා ශිවාව ඉවත් කරවා තිබෙනවා. බ්‍රහමින්වරුන් දැන් භාරතය දිව්‍ය ලෝකයක් බවට පත් කරවනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට, අංක අනුව, ඔබේ උත්සාහයන්ට අනුව, ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- වලාකුළු
වන ඔබ
ඥානය නම්
වූ සාගරයෙන්
තමාව පුරවාගෙන
අන් අය
වෙත ගොස්
එම ඥානයේ
වැසි වැස්ස
විය යුතුයි.
හැකි උපරිම
ආකාරයෙන්ම ස්මරණ
වන්දනාව වැඩි
දියුණු කර
ගන්න. ස්මරණයෙන්
සැබෑ රත්තරන්
බවට පත්
වන්න.
- ශ්‍රීමත්
අනුගමනය කර
හොඳ පුරුදු
ලබාගෙන දිව්‍යමය
ගුණධර්ම උකහා
ගන්න. සත්‍යයේ
දේශය වෙත
යාමට නම්,
ඉතාමත් සත්‍ය
හා අවංක
කෙනෙක් බවට
පත් වන්න.
වරදානය:
ඔබ එකිනෙකා
සමග නෑ
සබඳතාවයකට පැමිණෙන
විට, විශේෂතා
දැකීමේ උපැස්
පැලඳ, ඒ
අනුව ලෝක
පරිවර්ථකයෙක් වේවා.
එකිනෙකා සමග නෑ සම්බන්ධතා පවත්වන විට, එකිනෙකාගේ විශේෂතා දකින්න. විශේෂතා පමණක් දැකීමේ ද්‍රිෂ්ඨිය හදා ගන්න. මෙකල මෝස්තරය සහ බලපෑම වී තිබෙන්නේ උපැස් පැලඳීමයි. එබැවින් විශේෂතා පමණක් දැකීමේ උපැස් පලඳින්න වෙනත් කිසිවක් දිස් නොවිය යුතුයි නිදසුනක් ලෙස, ඔබ රතු කාච ඇති උපැස් පැලඳි විට කොළ පාට දෙයක් වුනත් රතු පැහැයෙන් දිස්වෙයි. එබැවින් විශේෂතා දැකීමේ උපැස් වලින් ඔබට කිසිම අපද්‍රව්‍යයක් නොපෙනන අතර නෙළුම දැකීමෙන් ලෝක පරිවර්ථනයේ විශේෂ කාර්යයට උපකරණයක් වෙයි.
පාඨය:
අන් අය ගැන සිතීමෙන් සහ අන් අය දෙස බැලීමේ දුහුවිල්ලෙන් නිරන්තරයෙන්
ඈත්ව සිටින්න, එවිට ඔබ වටිනා, පළුදු නොමැති දියමන්තියක්
වෙයි.
*** ඕම් ශාන්ති ***
0 Comments