24-01-2023 උදෑසන
මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
Listen to the Murli audio file
සාරය:
සුමිහිරි දරුවනි, ජීවාත්ම හා උත්තරිතර ජීවාත්මය අතර මුණගැසීම සිදුවන සංගම යුගය මෙයයි. මුළු කල්පයෙන්ම එකම එක වතාවක් පමණක් පැමිණ සත්ගුරු දරුවන් වන ඔබට සත්‍ය දැනුම ලබා දෙමින් සත්‍ය කතා කරනා ආකාරය උගන්වයිි.
ප්රශ්නය:
ඉහළම ඉහළ ආධ්‍යාත්මික මට්ටමක් පවතින්නේ කුමන දරුවන්ටද?
පිළිතුර:
සෑම දෙයක්ම බාබාට අයිතියි කියා සිතනා අයගේ, සෑම පියවරකදීම ශ්‍රීමත් අනුගමනය කරනා දරුවන්ගේ හා සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම අතහැර දමනා අයගේ ආධ්‍යාත්මික මට්ටම ඉහළම තත්ත්වයක පවතියි. ගමන ඉතාමත් දීර්ඝයි. එමනිසා, නොකඩවා ඉහළම ඉහළ පියාගේ ඉහළ උපදෙස් අනුගමනය කරන්න.
ප්රශ්නය:
මුරලියට ඇහුම්කන් දෙන ගමන් අතීන්ද්‍රිය වූ සතුටක් ලබන්නේ කුමන දරුවන්ද?
පිළිතුර:
තමා මේ ඇහුම්කන් දෙන්නේ ශිව බාබාගේ මුරලියටයි යන අවබෝධය ඇති අයයි. බ්‍රහ්මාගේ ශරීරය මඟින් ශිව බාබා මේ මුරලිය කියා ඇත. අපගේ ඉතාමත් ආදරණීය වූ බාබා අපව ඉතාමත් සතුටින් තැබීම සඳහා හා සාමාන්‍ය මනුෂ්‍යයින් වන අපව දේවතාවරුන් බවට පත්කරවීම සඳහා මෙම දැනුම ලබා දේ. මුරලියට අහුම්කන් දෙන අතර මෙම අවධානය තබාගෙන සිටිනවා නම් ඔබ සතුට අත්දකිනු ඇත.
ගීතය: ආදරවන්තය, එන්න මා හමුවන්න...
ඕම් ශාන්ති. අසතුටින් පිරි හදවත් ඇත්තේ දුකින් පිරි දේශයේ පමණයි. සතුටින් සිටිනා මිනිසුන් සිටින්නේ සතුටින් පිරි දේශයේයි. සෑම භක්තිවන්තිකයෙක්ගේම ආදරවන්තයා, ඒකායන තැනැත්තා පමණයි සෑම විටම සිහිපත් කෙරෙන්නේ. ඔහුව හඳුන්වන්නේ ආදරවන්තයා (ප්‍රීතම්) යන නාමයෙනි. මිනිස්සු ඔහුව සිහිපත් කරන්නේ දුකක් දැණුනු විට පමණයි. කවුද මෙහි ඉඳගෙන මේවා ඔබට පැහැදිලි කර කියා දෙන්නේ? සැබෑ ආදරවන්තයා, සැබෑ පියා, සැබෑ ගුරුවරයා හා සැබෑ සත්ගුරූ. සැමගේ ආදරවන්තයා වන්නේ ඒ ඒකායන කෙනායි. කොහොමනමුත්, ආදරවන්තයා පැමිණෙන්නේ කවදාදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ආදරවන්තයාම පැමිණ තම භක්තිවන්තයින්ට, තම දරුවන්ට කියනවා තමන් පැමිණෙන්නේ මුළු කල්පයෙන්ම මෙම සංගම් යුගයේදී පමණක් බව. මගේ පැමිණීම හා පිටවීම අතර කාලය හඳුන්වන්නේ සංගම යුගය වශයෙනුයි. අන් සෑම ජීවාත්මයක්ම වාර ගණනාවකිදීම ඉපදීම හා මරණය යන චක්‍රයට හසු වෙනවා. මම එන්නේ එක් වතාවක් පමණයි. එකම එක සත්ගුරු මා පමණයි. නමුත් ගුරූන් රාශියක් සිටිනවා. ඔවුන් සත්ගුරු කියා හඳුන්වන්න බැහැ, මන්ද, ඔවුන් සත්‍ය කතා නොකරයි. ඔවුන් පරමාත්ම දෙවියන්, සත්‍යය ගැන දන්නේ නැහැ. සත්‍යය ගැන දන්නා අය සත්‍යය ගැනම කතා කරාවි. ඒ සත්ගුරු සත්‍යය පමණක් කතා කරනා ඒකායන තැනැත්තායි. ඔහු තමයි සත්‍ය සත්ගුරු. සැබෑ පියා, සැබෑ ගුරුවරයාම පැමිණ තමන් සංගම් යුගයේදී පැමිණෙන බව ඔබට කියනවා. මගේ වයස තිබෙන්නේ මා පැමිණ සිටිනා කාලයට පමණයි. මා පැමිණ අපිරිසිඳු අයව පාරිශුද්ධත්වයට පත්කර ආපසු යනවා. උපත ලද සැනෙකින්ම මා ඔබට රාජයෝගා ඉගැන්වීම ආරම්භ කරනවා. පසුව ඔබට ඉගැන්වීම සම්පූුර්ණ කළ පසු අපිරිසිඳු ලෝකය විනාශ වී මා ආපසු මගේ ලෝකයට යනවා. මා පැමිණෙන්නේ මෙම කාල පරාසයට පමණයි එපමණයි. ග්‍රන්ථවල මේවා සඳහන් කර නැහැ. ශිව බාබා උපදින්නේ කවදාද, දවස් කීයක් භාරතයේ සිටිනවාද? ඔහු පැමිණෙන්නේ භාරතයටයි යන්න පියාම පැමිණ ඔබට කියා දෙනවා. සංගම යුගය ආරම්භය වන්නේ මාගේ පැමිණීමේ ආරම්භ යයි. සංගම යුගයේ අවසානය වන්නේ මම ආපසු යන දවසයි. ඒ අතර මැද මම මෙහි අසුන්ගෙන ඔබට රාජයෝගා උගන්වනවා. පියාම දැන් මෙහි අසුන්ගෙන තමන් මොහුගේ විශ්‍රාමික අවධියේ ඔහු තුළට ඇතුළු වුණු බව ඔබට කියා දෙනවා. මම විදේශීය රටකට, විදේශීය ශරිරයටකට ඇතුළු වන නිසා මා අමුත්තෙක්. රාවණ්ගේ මෙම ලෝකයට මා අමුත්තෙක්ය. මෙම සංගම යුගයේ ගුණ වර්ණනාව ඉතාමත් වැදගත් මෙන්ම ඉතාමත් ශ්‍රේෂ්ඨයි. රාවණ්ගේ රාජ්‍යය විනාශ කර දැමීමට සහ රාම රාජ්‍යය ස්ථාපනය කිරිමට පියා පැමිණෙනවා. ග්‍රන්ථවල නොයෙකුත් මිථ්‍යා කතාන්දර ඔවුන් ලියා තිබෙනවා. දිගින් දිගටම රාවණ් පුළුස්සමින් සිටියා. මේ මොහොතේදී, මුළු ලෝකයම ලංකාව වගෙයි. සිලෝන් යන රට පමණක් නොවෙයි ලංකාව වන්නේ මුළු ලෝකයම රාවණ්ගේ නවාතැන බවට පත්වී ඇති නිසා එය දුකින් පිරි, දුකෙහි කුටියක් බවට පත්වෙලා. සෑම කෙනෙක්ම විඳින්නේ දුකයි. පියා කියනවා මා පැමිණෙන්නේ එය දුකින් තොරවූ දේශයක්, එනම්, දිව්‍ය ලෝකය බවට පත්කරවීමටයි. ඒ කිසිම ධර්මයක් සත් යුගයේදී නැහැ. දැන් තව දුරටත් නැති එකම ධර්මයක් එකල එහි තිබුණා. නැවතත් වතාවක් ඔබව දේවතාවරුන් බවට පත්කරවීම සඳහා මා පැමිණෙන්නේ භාරතයට පමණයි. සත් යුගය ඇත්තේ භාරතයේ පමණයි. ක්රිස්තියානුවනුත් දිව්‍ය ලෝකයක් ගැන විශ්වාස කරනවා. ඔවුන් කියන්නේ ඔහු ස්වර්ගස්ථ වුණා, ඔහු දෙවියන් වහන්සේ වෙතට ගියා කියලයි. කොහොමනමුත්, ස්වර්ගයක් යනු කුමක්දැයි ඔවුන්ට තේරෙන්නේ නැහැ. ස්වර්ගය යනු වෙනම දෙයක්. තමන් පැමිණෙන්නේ කවදාද, කෙසේද කියා පියා පැහැදිලි කර කියා දෙනවා. මා පැමිණ ඔබව ත්‍රිකාලදර්ශී කරවනවා. වෙන කිසිම කෙනෙක් ත්‍රිකාලදර්ශී වෙන්නේ නැහැ. ලෝකයේ මුල, මැද හා අග ගැන දන්නේ මා පමණයි. කලි යුගය දැන් විනාශ විය යුතුයි. එහි සලකුණු දැනටමත් පෙනෙන්න තිබෙනවා. දැන් මේ ඇත්තේ එම සංගම යුගයයි. නියම කාලයක් හරියටම දෙන්න බැහැ. නමුත්, ඔව් අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම ස්ථාපනය වී, දරුවන් තමන්ගේ කර්මාතීත් තත්ත්වයට පත්වුණු විට මෙම දැනුම අවසන් වී යුද්ධය ඇරඹේවි. මමත් මගේ පාරිශුද්ධ කිරීමේ චරිත කොටස සම්පූර්ණ කර නැවත නිවස බලා යමි. දේවතා ධර්මය ස්ථාපනය කිරීම මාගේ චරිත කොටසයි. භාරතයේ මිනිස්සු මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. මිනිස්සු දැන් ශිවාගේ උපන් දිනය සමරනවා. ඉතින් එසේ නම් ඔහු කුමක් හෝ කරන්න ඇති. පසුව මිනිස්සු එයට ක්‍රිෂ්ණාගේ නම ඇතුළු කළා. මෙය මිනිසුන් විසින් කරන ලද සාමාන්‍ය වැරැද්දක් ලෙසයිි පෙන්වා තිබෙන්නේ. ශිව බාබා පැමිණ රාජයෝගා උගන්වනවා යන්න ශිව පුරාණයේ හෝ වෙනත් කිසිම ග්‍රන්ථයක සඳහන් වී නැහැ. ඇත්තෙන්ම කියනවා නම් සෑම ධර්මයකම එයටම අදාල වූ ආගමික ග්රන්ථයක් තිබෙනවා. දේවතා ධර්මයටත් ග්රන්ථයක් තිබිය යුතුයි. නමුත් එහි නිර්මාණකරු කවුද කියනා එක සම්බන්ධයෙන් මිනිසුන් පටලැවිල්ලකට පත්වෙලා. පියා පැහැදිලි කර කියා දෙනවා මම අනිවාර්යෙන්ම බ්රහ්මා මාර්ගයෙන් බ්‍රහමිණ් ධර්මය ස්ථාපනය කළ යුතුයි. බ්‍රහ්මාගේ කටින් උපන් දරුවන් නම් බ්‍රහ්ම කුමාරයින් හා බ්‍රහ්ම කුමාරීන්ය. බොහෝ දෙනෙකුගේ නම් වෙනස් කළා. නමුත් ඒ අයගෙන් වැඩි දෙනෙක් දැන් පැන ගිහින්. ඒ අය ඉවත්ව යන විට තවත් පිරිසක් එහි හිඩැස සම්පූර්ණ කර තිබෙනවා. අළුත් නමක් දීමෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැයි කියා දැනී තිබෙනවා. ඔවුන්ට ඒ නම අමතක වෙලත් යනවා. ඇත්තෙන්ම කියනවා නම්, ඔබ පියා සමඟ යෝගා කළ යුතුයි. නමක් දෙන්නේ ශරීරයටයි. ජීවාත්මයකට නමක් නැහැ. ජීවාත්මය උපත් 84ක් ගන්නවා. සෑම උපතකදීම නම, ස්වරූපය, ස්ථානය හා කාලය වෙනස් වෙනවා. කිසිම කෙනෙක්ට කිසිම විටෙක එක් කාලයක තිබුණු එක චරිතයක් නැවතත් වතාවක් ලැබෙන්නේ නැහැ. එම චරිතය නැවතත් වතාවක් ලැබෙන්නේ නැහැ. එම චරිතය නැවතත් වතාවක් රඟදැක්වෙන්නේ වසර 5000කට පසුව පමණයි. එම නමින්ම හා ස්වරූපයෙන්ම ක්‍රිෂ්ණාට නැවතත් පැමිණිය හැකි වන්නේ නැහැ. ජීවාත්මය එක් ශරිරයක් අතහැර දමා තවත් එකක් ලබා ගන්නා බව හා ඒ එකිනෙකාගේ හැඩරුවත් එකිනෙකට සමවිය නොහැකි බව ඔබ දැන් දන්නවා. පංච මහා භූතයන්ට අනුව, හැඩරුව වෙනස් වෙනවා. නොයෙකුත් හැඩරුව ගණනාවක් තිබෙනවා. කොහොමනමුත්, ඒ සෑම දෙයක්ම නාටකයේ කල් තබාම තීරණය වී හමාරයි. කිසිම දෙයක් අළුතින් නිර්මාණය වෙන්නේ නැහැ. ශිව රාත්‍රිය සමරනවා. ශිවා අනිවාර්යෙන්ම පැමිණ සිටිනවා. මුළු ලෝකයේම ආදරවන්තයා ඔහුයි. ලක්ෂ්මී හා නාරායන, රාධේ හා ක්‍රිෂ්ණා, බ්රහ්මා හා විශ්ණු, ඒ කිසිම කෙනෙක් ආදරවන්තයෙක් වෙන්න බැහැ. ආදරවන්තයා වන්නේ පරමාත්ම දෙවියන්, පරම පියායි. පියා අනිවාර්යෙන්ම උරුමයක් ලබා දෙනවා. මෙන්න මේ නිසා තමයි පියා සෙනෙහසට ලක් වන්නේ. පියා කියනවා මා සිහිපත් කරන්න. මන්ද, ඔබ මාගෙන් ඔබගේ උරුමය ලබා ගත යුතුයි. තම තමාගේ ඉගෙනීමේ තරමට දරුවන් වන ඔබ සුර්යවාංශික දේවතාවරුන් බවට පත්වෙනවාද, චන්ද්රවාංශික ක්ෂත්රිරයයන් බවට පත්වෙනවාද කියා ඔබ දන්නවා. ඇත්තෙන්ම කියනවා නම් භාරතයේ සිටිනා සෑම මනුෂ්‍යයෙකුගේම ධර්මය එකක් විය යුතුයි. කොහොමනමුත්, දේවතාවරුන්ගේ නම් වෙනස් කර එයට හින්දු ධර්මය යන නම දී තිබෙනවා. මන්ද, ඔවුන්ට එම දිව්‍යමය ගුණධර්ම නැහැ. පියා දැන් මෙහි ඉඳගෙන ඒවා උකහා ගැනීම සඳහා ඔබව උනන්දු කරවනවා. ඔහු කියනවා ඔබ ජීවාත්මයක් බව සලකා අශාරිරික වන්න. ඔබ දෙවියන් නොවෙයි. පරමාත්ම දෙවියන් යනු එකම එක කෙනෙකි. ඔහු ශිවායි. සෑම කෙනෙකුගේම ආදරවන්තයා ඔහුයි. ඔහු පැමිණෙන්නේ එකම එක වතාවකදීයි. මෙම සංගම යුගය ඉතාමත් කෙටියි. සෑම ධර්මයක්ම විනාශ වේවි. බ්‍රහමිණ් වංශය නිවස වෙත යාවි. මන්ද, ඉන් අනතුරුව ඔහු දේවතා ධර්මයට මාරු විය යුතු වන නිසයි. ඇත්තෙන්ම කියනවා නම් මෙය හැදෑරිමකි. සංසන්දනාමත්කව කියනවා නම් රාගය නම් වූ පාපය වසකි. මෙම ඥානය අමෘතයයි. මෙය සාමාන්‍ය මිනිසුන් දේවතාවරුන් බවට පත්කරවීම සඳහා ඇති පාඨශාලාවකි. ජිවාත්මයේ මිශ්‍ර වී ඇති කහට දැන් ජිවාත්මය සම්පූර්ණයෙන්ම කෘත්‍රිම කරවා ඇත. පියා පැමිණ ඔබව දියමන්තියක් බවට පත්කරවනවා. මිනිස්සු ශිවාගේ රාත්‍රිය ගැන කතා කරනවා. ශිවා පැමිණියේ රාත්‍රියේ තමයි, නමුත් ඔහු පැමිණියේ කෙසේද? ඔහු පැමිණියේ කාගේ ගර්භාෂයෙන්ද? නැති නම්, ඔහු ඇතුළු වුණේ කාගේ ශරිරයටද? ඔහු ගර්භාෂයකට ඇතුළු වන්නේ නැහැ. ඔහු ශරිරයක් ණයට ගත යුතුයි. ඔහු පැමිණ අනිවාර්යෙන්ම අපාය දිව්‍ය ලෝකය බවට පත්කරවාවි. කොහොමනමුත්, ඔහු මෙය කරන්නේ කවදාද, කොහොමද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. බොහෝ අය ග්රන්ථ හදාරනවා. නමුත් කිසිම කෙනෙක් මුක්තිය හෝ ජීවන මුක්තිය ලබා ගන්නේ නැහැ. ඔවුන් තවත් තමෝප්‍රධාන් වෙලා. සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම එම තත්ත්වයට පත් විය යුතුයි. සෑම මනුෂ්‍යයෙක්ම අනිවාර්යෙන්ම වේදිකාව ඉදිරියේ පෙනී සිටිය යුතුයි. පරම පියා පැමිණෙන්නේ අවසානයේදීයි. සෑම කෙනෙක්ම ඔහුගේ ගුණ ගායනා කරනවා ඔබගේ ක්‍රම හා විධි දන්නේ ඔබ පමණයි. ඔබ ළඟ තිබුණු දැනුම කුමක්ද? කොහොමද ඔබ මුක්තිය ලබා දුන්නේ කියා දන්නේ ඔබ පමණයි. ඉතින් ඔහු අනිවාර්යෙන්ම ශ්‍රීමත් ලබා දීමට පැමිණේවි. කොහොමනමුත් ඔහු පැමිණෙන්නේ කෙසේද, කාගේ ශරිරයට පැමිණෙන්නේද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔහුම කියන්නේ මා සාමාන්‍ය ශරීරයකට ඇතුළු විය යුතුයි. අනිවාර්යෙන්ම ඔහුට බ්රහ්මා කියා නම තැබිය යුතුයි. වෙන කොහොමද බ්‍රහමිණ්වරුන් නිර්මාණය වන්නේ? බ්රහ්මා එන්නේ කොහි ඉඳන්ද? ඔහු ඉහළින්ම එන කෙනෙක් නොවෙයි එය සූක්ෂම කලාපයේ නේවාසික ස්ථානයයි. ඔහු අව්යක්ත්, සම්පූර්ණ බ්‍රහ්මායි. නිර්මාණය කිරීම සඳහා ඔහු අනිවාර්යෙන්ම මෙම භෞතික ස්වරූපයට පැමිණිය යුතුයි. අත්දැකීමෙන් අපට මෙය කිව හැකියි. මෙපමණ කාලයකට ඔහු පැමිණ ආපසු යනවා. පියා කියනවා මමත් නාටකයේ බන්ධන වලින් බැඳිලයි සිටින්නේ. මගේ චරිතය ඇත්තේ හුදෙක් එක් වතාවකට පමණක් මෙහි පැමිණ යාමටයි. ලෝකය පුරා වියසන රාශියක් නොකඩවා සිදුවුණත් එවන් මොහොතකදී මිනිස්සු දෙවියන්ට කතා කළා වුණත් මට එන්න සිදුවන්නේ මගේ නියම කාලයට පමණයි. එමෙන්ම මා පැමිණෙන්නේ විශ්‍රාමික අවදියේදීයි. ඒ යුගයේදී මා සෑම කාර්යයක්ම කළ යුතුයි. මෙම දැනුම ඉතාමත් පහසුයි. කොහොමනමුත්, එම තත්ත්වය නිර්මාණය කර ගැනීමට ටික කාලයක් ගත වෙනවා. අවසාන ඉලක්කය ඉතාම ඉහළ එකක් බව සඳහන් කළේ අන්න ඒ නිසායි. පියා දැනුමෙන් පිරි කෙනායි. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම දරුවන්ට දැනුම දෙන්න ඇති. අන්න ඒ නිසා තමයි කිව්වේ ඔබගේ ක්‍රම හා විධි අසහායයි කියලා. පියා කියනවා මම පැමිණ දරුවන් වන ඔබට දෙන්නේ මා ළඟ ඇති නිධාන වන සතුට හා සාමය පමණයි. අහිංසක අය සෑම කෙනෙක්ම පහරකෑම් වලට ලක් වෙනවා. එයත් නාටකයේ තීරණය වී තිබෙන්නක්. පාප කළස පිරෙන්නේ එවිට පමණයි. ඒ හැමදේම සෑම කල්පයකදීම නැවත නැවතත් සිදු වෙනවා. මේ මොහොතේදී ඔබ මේ දේවල් ගැන දන්නවා. නමුත් පසුව එය අමතක කර දමනවා. මෙම දැනුම සත් යුගයේදී නැහැ. එය තිබුණා නම්, එය දීර්ඝ කාලයක් පුරා පැවතේවි. එහිදී ඔබ ලබන්නේ මෙකල කරනා උත්සාහය වෙනුවෙන් වූ ඵලයයි. මෙහිදී උත්සාහ දරන ජීවාත්ම එහි සිටීවි. දැනුම අවශ්‍ය වන ජීවාත්ම කිසිවෙක් එහි නැහැ. බොහෝ දෙනෙක් කියාවි මෙය ඉතාමත් හොඳ දෙයක් බව. උදාහරණයක් වශයෙන් කියනවා නම්, පිට රටින් ඉතා වැදගත් පුද්ගලයෙක් බිහි වී ඔහු මෙම දැනුම ඉතාමත් හොඳින් අවබෝධ කර ගනීවි. නමුත් ඔහු බතියක සිටියොත් අවබෝධ කර ගනීවිද? ඔහු කියාවි ඔබ කියනා දේ හොඳයි. නමුත් මට පාරිශුද්ධව ඉන්න බැහැ. පාරිශුද්ධව සිටිනා අය රාශියක් මෙහි සිටිනවා. විවාහකව ඉදිමින් පාරිශුද්ධව සිටිනා අයත් සිටිනවා. ඉතින් ඔවුන්ට විශාල ත්‍යාගයක් හිමි වෙනවා. මෙයත් තරඟයක්, මෙම තරඟයේ ජය ලබා පළමු ස්ථානය ලබා ගත් අය ලක්ෂ 4ක් 5ක් දිනා ගන්නවා. මෙහිදී ඔබ උපත් 21කටම අධිරාජ්‍යය දිනා ගන්නවා. මෙය පොඩි දෙයක්ද? මෙම මුරලිය සියලුම දරුවන් වෙත යාවි, කැසට්පට වලිනුත් ඔවුන් එයට ඇහුම්කන් දේවි. ඔවුන් කියාවි බාබා මඟින් ශිව බාබා මුරලිය දෙනවා. නැති නම් මෙය කියවන්නේ මේ දූවරුන් නම්, ඔවුන් කියාවි මුරලිය කියවනවා කියලා. ඉතින්, ඔබගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම ඉහළට යොමු විය යුතුයි. එම සතුට ඔබ අභ්‍යන්තරයෙන් විඳිය යුතුයි. ඉතාමත් ආදරණීය බාබා අපව සැම විටම සතුටට පත්කරවමින් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් අපව දේවතාවැරන් බවට පත්කරවනවා. ඉතින් ඔබ මහත් සේ සිහි කළ යුතුයි. කොහොමනමුත්, ස්මරණයේ යෙදී සිටීමට මායා ඔබට ඉඩදෙන්නේ නැහැ. සම්පූර්ණ අත්හැරීමක් තිබිය යුතුයි. මේ සෑම දෙයක්ම අයිති බාබාටයි. පළමු පන්තියේ මට්ටමක් ඔබ තුළ තිබිය යුතුයි. නොකඩවාම ශ්‍රීමත් ලබා ගන්නා දරුවන් රාශියක් සිටිනවා. ශ්‍රීමත් මඟින් අනිවාර්යෙන්ම යහපතක් සැළසෙනවා. උපදෙස් උසස්, ගමන දිගයි. එවිට ඔබ නැවතත් මරණයේ දේශය වෙත පැමිණෙන්නේ නැහැ. සත් යුගය අමරණීය වූ දේශයයි. එහිදී ඔබ මිය යන්නේ නැහැයි කියා බාබා ඔබට පැහැදිලිව කියා දුන්නා. ඔබ ඉතාමත් සතුටින් පැරණි ශරීරය අතහැර දමා අළුත් ශරීරයක් ගත්තා. සර්පයාගේ උදාහරණය අදාල වන්නේ ඔබටයි. ගුමු ගුමු ගානා මී මැස්සාගේ උදාහරණයත් අයිති වන්නේ ඔබටයි. ඉබ්බාගේ උදාහරණයත් අයිති ඔබටයි. සන්යාසීන් ඔබව අනුකරණය කරලා. ගුමු ගුමු ගානා මී මැස්සාගේ උදාහරණය ඉතාමත් හොඳයි. මී මැස්සා දැනුම නම් වූ ගුමු ගුමු නාදය පවත්වා කසල ගොඩේ සිටින්නන්ව සුරංගනා ලෝකයේ සුරංගනාවන් බවට පත්කරවනවා. දැන් ඔබ ඉතාමත් හොඳ උත්සාහයක් දැරිය යුතුයි. උසස් තත්ත්වයක් හෝ හොඳ අංකයක් ලබා ගන්න නම් උත්සාහයක් දැරිය යුතුයි. ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදිය ඔබට කරගෙන යා හැකියි. ඒ සඳහා ඔබට කාලය දී තිබෙනවා. ඒ වුණත් ඔබට තවත් කාලය ඉතිරි වෙනවා. ඔබගේ යෝගා වාර්තාව පරික්ෂා කර බලන්න, මන්ද, මායා ඔබට නොයෙකුත් බාධක ගෙන එනවා. බාබා ඉතාමත් මිහිරි දරුවන් වන ඔබට නැවත නැවතත් කියන්නේ කිසිම කෙනෙක් වැරදීමකින්වත් එවන් ආදරණීය වූ පියා, මනමාලයා අතහැර දමා නොයා යුතුයි. කිසිම කෙනෙක්ට එවන් මෝඩයෙක් බවට පත්වීමට ඉඩ තබන්න එපා. කොහොමනමුත්, මායා ඔබව එම තත්ත්වයට පත්කරවනවා. ඉදිරියට යන අතර සම්පූර්ණයෙන්ම තමාව කැපකර ඉතාමත් හොඳ සේවයකුත් කර පසුව අවසානයේදී ශ්‍රීමත් අනුගමනය කිරීම නතර කර දැමූ අයට මායා කොපමණ කොන්දේසිි පනවනවාද කියා දැක ගත හැකියි. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ එවන් මහා මෝඩයෙක් බවට නම් පත්වන්න එපා! අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- පියාගෙන්
ලද සතුටේ
හා සාමයේ
නිධානය අන්
සෑම කෙනෙක්ටම
ලබා දෙන්න.
දැනුමෙන් ඔබගේ
තත්ත්වය ශක්තිමත්
කර ගැනීම
සඳහා උත්සාහ
දරන්න.
- දිව්‍යමය
ගුණධර්ම උකහා
ගැනීම සඳහා
ශාරීරික අවධානය
නැති කර
දමන්න. ඔබ
ජීවාත්මයක් බව
සළකන්න. අශාරිරික
වන්න. එකම
එක ආදරවන්තයාව
පමණක් සිහිපත්
කරන්න.
වරදානය:
ඔබ, ඔබගේ
විශේෂත්වයේ බීජය
තුළින්, තෘප්තියේ
ඵලය ලැබෙන
විශේෂ ජීවාත්මයක්
වේවා.
මෙම විශේෂ යුගයේ, විශේෂතාවයේ බීජය තුළින් ලැබෙන ශ්‍රේෂ්ඨතම ඵලය වන්නේ තෘප්තියයි. තෘප්තිමත්ව සිට සියලු දෙනාව තෘප්තිමත් කිරීම විශේෂ ජීවාත්මයකගේ
ලක්ෂණයයි. එබැවින් සියලු බලයන්ගේ ජලයෙන්, විශේෂත්වයේ බීජයට සහ ආශිර්වාදයට, ජලය දමන්න, එවිට එහි ඵල හටගනී. එසේ නැත්නම් හොඳින් වැඩුණු ගසක් පවා විටින් විට, කුණාටු වලින් සෙලවී කැඩී යයි. මින් අදහස් වන්නේ ඔබ ගමන් කරන අතර එම බලාපොරොත්තු, උද්යෝගය, සතුට හෝ ආධ්‍යාත්මික කුල්මත් බව නොමැති බවයි. එබැවින් නිවැරදි ක්‍රමවේදය භාවිතා කිරීමෙන් ඔබගේ බලවත් බීජය ඵලවත් කරගන්න.
පාඨය:
අත්දැකීම්වල ප්‍රසාද් (පූජනීය ආහාරය) බෙදා හදා ගෙන දුර්වල අයව ශක්තිමත් කිරීම මහාම පුණ්යකර්මයයි.
*** ඕම් ශාන්ති ***
0 Comments