Header Ads Widget

Header Ads

SINHALA MURLI 18.01.23

 

18-01-2023 උදෑසන මුරලිඕම් ශාන්තිබාප්දාදා මධුබන්



සාරය:

සුමිහිරි දරුවනි, විශ්වාසවන්ත වී, ඔබ කෙතරම් දුරට පරිසමාප්ත වී තිබේද කියා තමන්ව අවංකව පරීක්ෂා කර බලන්න. පරිසමාප්ත වීම සඳහා ශරීර අවධානයේ ඔබගේ දුර්වලතා අඛණ්ඩව ඉවත් කරගන්න.

ප්රශ්නය:

අනාගතය වෙනුවෙන් දරුවන් පරම පියා සමග සිදුකර ඇති ගනු දෙනුව කුමක්ද? ඔබට එම ගනු දෙනුවෙන් සංගම යුගයෙදි ඇති වාසිය කුමක්ද?

පිළිතුර:

ඔබගේ සිරුර ඇතුළුව, පිදුරු තරම් වටින, ඔබට ඇති සෑම දෙයක්ම, ඔබ පරම පියාට කැප කර මෙසේ කියයි: බාබා, අප එහිදි (අනාගතයේ) ඔබගෙන් සෑම දෙයක්ම ලබා ගන්නම්, හොඳම ගනුදෙනුව මෙයයි. මෙසේ කිරීමෙන්, ඔබගේ සෑම දෙයක්ම බාබාගේ සේප්පුවේ ආරක්ෂිතව තිබෙන අතර ඔබ මෙහි සිටින්නේ කෙටි කාලයකට පමණක් බවත් ඉන්පසුව ඔබ සිටින්නේ ඔබගේ රාජධානියේ බවටත්, යන අසීමිත සතුට ඔබට තිබේ. යමෙක් ඔබගෙන් විමසන්නේ නම් ඔහුට කියන්න: අපූරුයි! අසීමිත පියාගෙන් අපි අසීමිත සතුටේ උරුමය හිමි කරගන්නවා. අපි දැන් සදා නිරෝගී සහ සදා ධනවත් වෙනවා.

ඕම් ශාන්ති. ආධ්යාත්මික පියා ඔය ආධ්යාත්මික දරුවන්ට පහදා දෙනවා: සුමිහිරි දරුවනේ, ඔබ පැමිණ මෙහි අසුන් ගන්නා විට, ජීව අවධානයට පත් වී පියාගේ සිහි කිරීමේ අසුන්ගන්න. ඔබ සෑම කලටම මෙයට අවධානය යොමු කළ යුතුයි. ඔබ ජීවමානව සිටින අතර නොකඩවා පියාව සිහි කරන්න. ඔබ ඔහුව සිහි නොකරන්නේ නම්, උපතින් උපතට ඇති පාපයන් කැපී නොයයි. නිර්මාණකරු සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ස්වදර්ශන චක්රයද ඔබගේ බුද්ධිය තුළ භ්රමණය විය යුතුයි. ඔබ ප්රදීපාගාරයි, එහෙම නේද? එක ඇසක ඔබට සාම දේශය තිබෙන අතර අනෙක් ඇසේ ඔබට සතුටේ දේශය තිබේ. අසුන්ගෙන සිටින විට, සිටගෙන සිටින විට සහ එහෙ මෙහෙ යන එන අතර තමන් ප්රදීපාගාරයක් බව සලකන්න. තමන් ප්රදීපාගාරයක් බව සැලකීමෙන්, ඔබ තමන්ට මෙන්ම අන් අයටත් යහපතක් සිදු කරගනී. බාබා ඔබට බොහෝ ක්රමවේද පෙන්වා දෙනවා. ඔබට මඟතොට කෙනෙක්ව මුණ ගැසුණු විට, ඔහුට කියන්න: මෙය දුක් දේශයයි. ඔබ සාම දේශයට සහ සතුටේ දේශයට යන්න කැමතිද? ඔහුට සංඥාවක් දෙන්න. ප්රදීපාගාරයක්ද සංඥා ලබා දෙනවා. එය මාර්ගය පෙන්වයි. ඔබත් සාම දේශයට සහ සතුටු දේශයට මාර්ගය පෙන්විය යුතුයි. දිවා රාත්රියේ ඔබ සැලකිලිමත් විය යුත්තේ මේ ගැන පමණයි. ඔබ යෝගා බලයෙන් යම් කෙනෙකුට ඉතා සුළු වශයෙන් විස්තර කළත්, ඊතලය විගසින් ඉලක්කයට වැදී, ඊතල පහර වැදුණු තැනැත්තා විගසින් තුවාල ලබයි. ප්රථමයෙන් ඔවුන් තුවාල ලබා වේදනා විඳින අතර ඉන්පසුව ඔවුන් බාබාට අයිති වෙයි. ඔය දරුවන් සෙනෙහසින් පියාව සිහි කරන බැවින් පියා ආකර්ෂණය වෙයි. ඇතැමුන් ඔහුව කිසිසේත් සිහි නොකරන අතර එබැවින් පියා තුළ අනුකම්පාවක් ඇති වෙයි. එසේ වුවද ඔහු පවසන්නේ: සුමිහිරි දරුවනේ, නොකඩවා දියුණු වන්න. උත්සාහ දරා ඉදිරි අංකයක් හිමි කරගන්න. පාරිශුද්ධකරු, විමුක්ති දායකයා, ඒකායන පියා වන අතර ඔබ සිහිකළ යුත්තේ එම පියාව පමණයි. පියාව පමණක් නොව, ඔබ මිහිරි නිවහනත් සිහි කළ යුතුයි. මිහිරි නිවහන පමණක් නොව, ඔබට සමෘද්ධියත් අවශ්යයි, එබැවින් දෙව්ලොව දේශයත් සිහි කරන්න.

 

පියා පැමිණ සිටින්නේ ඔය මිහිරිතම දරුවන්ව අංග සම්පූර්ණ කිරීමටයි. එබැවින් විශ්වාසනීය වී, අවංකව තමන්ව පරීක්ෂා කරන්න: මා කෙතරම් දුරට අංග සම්පූර්ණ වෙලාද? පියා නොකඩවා ඔබට අංග සම්පූර්ණ වන අන්දම පෙන්වා දෙයි. ප්රධාන දුර්වලතාවය ශරීර අවධානයයි. ශරීර අවධානය ඔබට ඔබගේ ස්ථිතියේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ නොදෙන අතර එබැවින් ඔබ ඔබගේ සිරුරුද අමතක කළ යුතුයි. පියා තුළ දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. ඔය දරුවන් දැකීමෙන් පියා සතුටු වනවා. එබැවින් ඔය දරුවන්ද එතරම්ම සතුටු විය යුතුයි. පියාව සිහි කිරීමෙන් ඔය දරුවන් ඇතුලතින් සතුටින් ඉපිල යා යුතුයි. සෑම දිනකම ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ තිබිය යුතුයි. සිහිපත් කිරීමේ වන්දනා ගමනෙන් රසදිය කඳ ඉහළ නඟියි, එමෙන්ම එය ක්රම ක්රමයෙන් ඉහළ නඟියි. ඔබගේ උත්සාහයට අනුව, අංක පිළිවෙලට, පරාජය සහ ජයග්රහණය තිබී, පසුගිය කල්පයට අනුව, ඔබ ඔබගේ තත්ත්වය හිමි කරගනිවි. නොබැඳි නිරීක්ෂකයා ලෙසින් බාප්දාදා අඛණ්ඩව දරුවන්ගේ මනෝ ස්ථිතිය දෙස බලා ඔබට නොකඩවා පහදා දෙයි. බාප් සහ දාදා යන දෙදෙනා තුළම ඔය දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ, මන්ද, ඔබ සෑම කල්පයකදීම ඉතා ආදරණීය සේවයක් සිදු කරන අතර ඔබ එය සිදු කරන්නේ බොහෝ සෙනෙහසින්ය. කෙසේවෙතත්, දරුවන් ශ්රීමත් අනුගමනය නොකරන්නේ නම්, පියා කුමක් කරන්නද? පියා තුළ බොහෝ අනුකම්පාව තිබේ. මායා ඔබව පරාජය කරන අතර පියා ඔබට නැවත නැගිටීමට මඟ පාදයි. මිහිරිතම වන්නේ එම ඒකායන පියාය. අවිහිංසක පරමාත්ම දෙවියන් වන ශිවා, කෙතරම් මිහිරිද කෙතරම් ආදරණීයද! අහිංසක ශිවා යන නාමය, ඒකායන කෙනාගේ පමණක්මයි.

 

සුමිහිරි දරුවනේ, ඔබ දැන් ඉතාමත්ම වටිනා දියමන්ති බවට පත් වෙනවා. මැණික්කරුවන් සෑම විටම ඔවුන්ගේ වටිනා දියමන්ති ආරක්ෂාව සඳහා තබන්නේ බැංකුවකයි. ඔය බ්රහ්මිණ් දරුවන්ද වටින අතර ඔබ ආරක්ෂිතව ශිව බාබාගේ බැංකුවේ අසුන්ගෙන සිටිනවා. ඔබ දැන් බාබාගේ සේප්පුව තුළ සිටිමින් අමරණීය බවට පත් වෙනවා. තවද ඔබ මරණය ජයගන්නවා. ඔබ දැන් ශිව බාබාට අයත් බැවින් ඔබ ආරක්ෂිතයි, නමුත් උසස් තත්ත්වයක් හිමි කරගැනීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ලෝකයේ මිනිසුන්ට කොපමණ ධනය ආදිය තිබුණත්, සියල්ල අවසන් වීමට තිබේ. කිසිවක් ඉතිරි නොවෙයි. ඔය දරුවන්ට දැන් කිසිවක් නැත. එම සිරුරුවත් නොමැත. ඒවාද පියාට ලබා දෙන්න. කිසිවක් නොමැති අයට, සෑම දෙයක්ම තිබෙනවා වැනිය. ඔබ අනාගත නව ලෝකය වෙනුවෙන් අසීමිත පියා සමග ගනුදෙනුවක් කර තිබෙනවා. ඔබ පවසන්නේ: බාබා, පිදුරු තරම් වටින අපට ඇති සියලු දේවල්, එම සිරුරු පවා, සියල්ල ඔබට ලබා දී ඉන්පසුව අප එහි සිටින විට සෑම දෙයක්ම අප ඔබගෙන් ලබා ගන්නවා. එබැවින් ඔබ ආරක්ෂිත වී ඇති සේය. සෑම දෙයක්ම දැන් බාබාගේ සම්පත් ගබඩාව තුළ ආරක්ෂිතයි. දැන් ඉතිරිව තිබෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක් බවත් ඉන්පසුව අපි අපගේ රාජධානියට යෑම ගැන ඔය දරුවන් තුළ බොහෝ සතුට තිබිය යුතුයි. යමෙක් ඔබගෙන් විමසන්නේ නම් ඔහුට කියන්න: අපුරුයි! අපි අපගේ අසීමිත සතුටේ උරුමය අසීමිත පියාගෙන් හිමි කරගන්නවා. අප සදා නිරෝගී සහ සදා ධනවත් බවට පත් වෙනවා. අපගේ හදවත්වල ඇති සියලු ආශා ඉටු වෙනවා. පියා බොහෝ සේ ආදරණීයයි, පිවිතුරුයි. ඔහු ජීවාත්මයන්ව ඔහු හා සමානව පිවිතුරු බවට පත් කරවනවා. ඔබ පියාව වැඩියෙන් සිහි කරන තරමට ඔබ වැඩියෙන් ආදරණීය වෙයි. දේවතාවන් කෙතරම් ආදරණීයද යත්, දැන් පවා ඔවුන්ගේ අජීවි ප්රතිමා වලට වන්දනා කෙරෙනවා. එබැවින් ඔය දරුවන්ද එතරම්ම ආදරණීය විය යුතුයි. ඔබ අවසානයේ කිසිම ශාරීරික ජීවයක් හෝ කිසිවක් සිහි නොකළ යුතුයි. බාබා අපට ඔබගෙන් සෑම දෙයක්ම ලැබී තිබෙනවා.

 

ඔය මිහිරිතම දරුවන් තමන්ට පොරොන්දු විය යුතුයි: මගේ සිතට වද දෙන කිසිම පාපකාරී ක්රියාවක් මම නොකරමි. එබැවින් හැකි පමණින් තමන්ව නොකඩවා නිවැරදි කරගන්න. උසස් තත්ත්වයක් හිමි කරගැනීමට උත්සාහ දරන්න. ඔව් සැබවින්ම සෑම කෙනෙක්ම අංකානුරූපයි. ආභරණද අංකානුරූපයි. සමහරු තුළ බොහෝ පළුදු තිබෙන අතර සමහරු සම්පූර්ණයෙන්ම පිවිතුරුයි. පරම පියාද මැණික්කරුවෙක්, එහෙම නේද? එබැවින් පියා සෑම මැණිකක්ම ඉතා ප්රවේසමින් පරීක්ෂා කර බැලිය යුතුයි. මේ මැණික කුමක්ද, එමෙන්ම ඔහු තුළ ඇති පළුදු මොනවාද? පියා, ඉතා හොඳ පිවිතුරු මැණික් දෙස බොහෝ සෙනෙහසින් බලයි. ඉතා හොඳ, පිවිතුරු මැණික් තබන්නේ රත්රන් බඳුන් වලයි. ඔවුන් කුමන අන්දමේ මැණික්ද, එමෙන්ම ඔවුන්ට ඇත්තේ කුමන පළුදුද කියා දරුවන්ටම වැටහෙනවා.

 

ඔබ දැන් මෙසේ කියයි: අපූරුයි! සත්ගුරු, අපූරුයි! ඔබ අපට මෙම මාර්ගය පෙන්වා තිබෙනවා. අපූරුයි භාග්යය! අපූරුයි! අපූරුයි නාටකය! අපූරුයි! ඔබ හදවතින්ම පවසන්නේ: ස්තූතියි බාබා, ඔබ අපගෙන් හාල් අත මිටවල් දෙකක් ගෙන වෙනුවට අපට අනාගතයේ සිය ගුණයක ප්රතිලාභයක් ආරක්ෂිතව ලබා දෙනවා. කෙසේවෙතත්, මෙයට පවා, ඔය දරුවන්ට බොහෝ පුළුල් සහ අසීමිත බුද්ධි තිබිය යුතුයි. ඔය දරුවන්ට නොකඩවා බොහෝ සේ ඥාන ධනයේ සම්පත ලැබෙනවා එබැවින් ඔබට අසීමිත සතුට තිබිය යුතුයි. ඔබගේ හදවත වඩාත් පිවිතුරු වන තරමට, ඔබ අන් අයව වඩාත් පිවිතුරු කරවයි. ඔබගේ හදවත පිවිතුරු වන්නේ යෝගා ස්ථිතිය තුළින් පමණයි. යෝගීවරු වීමට සහ අන් අයවත් යෝගීවරු කිරීමට ඔය දරුවන් තුළ විශාල උනන්දුවක් තිබිය යුතුයි. ඔබගේ සිරුර කෙරෙහි ඔබට බැඳීමක් තිබී, ඔබ ශරීර අවධානයට පත් වන්නේ නම්, ඔබගේ මනෝ ස්ථිතිය ඉතා දුර්වල බව ඔබ වටහා ගත යුතුයි. සැබෑ දියමන්ති වන්නේ ජීවාත්ම අවධානයෙන් සිටින දරුවන් පමණයි, එබැවින් හැකි පමණ ජීවාත්ම අවධානයට පත්වීම පුහුණු කරන්න. පරම පියාව සිහි කරන්න. මිහිරිම වන්නේ 'බාබා' යන වචනයයි. පියා ඔය දරුවන්ව බොහෝ සෙනෙහසින් ඔහුගේ ඇසිපිය මත හිඳුවා රැගෙන යයි. එවන් පියෙකුගේ සෙනෙහසේ සිටීමෙන් ඔබ මුළුමනින්ම කුල්මත් විය යුතුයි. පියාගේ සිහි කිරීමේ සිටීමෙන් ඔබ බොහෝ සතුටට පත්වන අතර ඔබ නිවුණු බවට පත්වෙයි. ඔහුව අපහාස කරන අයව පියා ඉහළ නංවන සේම ඔබ පියාව අනුගමනය කළ යුතුයි. සතුට දන් දෙන්නන් වන්න.

 

ඔය දරුවන්ට දැන් නාටකයේ රහස් වැටහෙයි. පියා ඔබට අශාරීරික, සූක්ෂම සහ භෞතික ලෝක වල පුවත් පවසයි. ජීවාත්මය පවසන්නේ: අප දැන් නව ලෝකයට යාමට උත්සාහ දරනවා. අප අනිවාර්යෙන් දෙව්ලොව යාමට සුදුස්සන් වෙනවා. අප අපට සහ අන් අයට සෙතක් සිදු කරගන්නවා. අච්චා. පරම පියා ඔය මිහිරිතම දරුවන්ට පහදා දෙනවා: පියා දුක නැති කරන්නා සහ සතුට දානය කරන්නාය, එබැවින් ඔය දරුවන්ද සියලු දෙනාට සතුට ලබා දිය යුතුයි. ඔබ පියාගේ දකුණත් විය යුතුයි. පියා එවන් දරුවන්ට සෙනෙහස දක්වයි. දකුණත භාවිතා කරන්නේ ශුභ කටයුතු කිරීමටයි. එබැවින් පියා පවසන්නේ: සෑම දෙයින්ම ධාර්මික වන්න. පරම පියාව සිහි කරන්න, එවිට ඔබගේ අවසන් සිතිවිලි ඔබව ඔබගේ ගමනාන්තය කරා රැගෙන යයි. මෙම පැරණි ලෝකයට ඇති ඔබගේ බැඳීම අවසන් කරන්න. මෙය සොහොන් බිමකි. ඔබගේ ව්යාපාරය හෝ දරුවන් ගැන සිතමින් ඔබ මිය යන්නේ නම්, ඔබ හේතුවක් නොමැතිව සෑම දෙයක්ම විනාශ කරගනී. ශිව බාබාව සිහි කිරීමෙන් ඔබ බොහෝ සමෘද්ධිමත් වෙයි. ඔබ ශරීර අවධානයට පත් වූ විට සෑම දෙයක්ම මුළුමනින්ම විනාශ වෙයි. ජීවාත්ම අවධානයෙන් සිටීමෙන් ඔබ බොහෝ සමෘද්ධිමත් වෙයි. ධනය වෙනුවෙන් ඔබ තුළ බොහෝ තන්හාවක් නොතිබිය යුතුයි. ගැන කණස්සලු වීමෙන් ඔබට ශිව බාබාවත් අමතක වෙයි. ඔබ කෙතරම් දුරට සෑම දෙයක්ම පියා වෙනුවෙන් කැප කරන්නේද, එමෙන්ම ඔබ කෙතරම් දුරට ඔහුගේ ශ්රීමත් අනුගමනය කරන්නේද කියා බාබා බලයි. ආරම්භයේදි භාරකරුවෙක් වීමෙන් පියාද මෙය ප්රායෝගිකව පෙන්නුවා. ඔහු සෑම දෙයක්ම පරමාත්ම දෙවියන්ට කැප කර භාරකරුවෙක් විය. 'මා කළ යුත්තේ සෑම දෙයක්ම දෙවියන්ගේ කාර්යය වෙනුවෙන් භාවිතා කිරීම පමණයි.' ඔබ කිසිම විටෙක බාධක වලට බිය නොවිය යුතුයි. හැකි පමණින් ඔබගේ සෑම දෙයක්ම සේවය වෙනුවෙන් වටිනා ලෙස භාවිතා කරන්න. සෑම දෙයක්ම පරමාත්ම දෙවියන්ට කැප කර, භාරකරුවෙක් වන්න. සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැතිව සිට දැන් හමුවුණු දරුවන්ට, මව, පියා, බාප්දාදාගෙන් සුබ උදෑසනක්. ආධ්යාත්මික පියා ආධ්යාත්මික දරුවන්ට නමස්තේ කියයි.

 

ශ්රේෂ්ඨ අව්යක්ත වදන් - 1977

 

ඔය සියලු දෙනාට, දීර්ඝ වෙලාවක් ශබ්දය ඉක්මවූ ඔබගේ ස්වරූපයේ ස්ථාවරව රැඳී සිටීමේ මනෝ ස්ථිතිය අත්විඳිය හැකිද? ඔබට, ශබ්දය තුළට පැමිණීමේ අත්දැකීමේ දීර්ඝ වෙලාවක් ස්ථාවරව රැඳී සිටිය හැකිද, එසේ නැත්නම් ඔබට දීර්ඝ කාලයක් ශබ්දය ඉක්මවූ ස්ථිතියේ ස්ථාවරව සිටීම අත්විඳිය හැකිද? කර්මතීට් ස්ථිතිය වන ඔබගේ අවසන් ස්ථිතියට ඔබ වඩාත් සමීප වත්ම, නිහඩ ස්ථිතියේ ස්ථාවරව රැඳී සිටීමට, ශබ්දය ඉක්මවා සිටීමට ඔබ තුළ වැඩි ඇල්මක් ඇති වෙයි. මෙම ස්ථිතියේ ස්ථාවරව සිටින අතර ඔබට නිරතුරුවම අතීන්ද්රීය සුඛය අත්විඳිය හැක. මෙම අතීන්ද්රීය සුඛයේ ස්ථිතියෙන් ඔබට පහසුවෙන් වෙනත් ජීවාත්මයන්ව කැඳවීමට හැකි වෙයි. මෙම බලවත් ස්ථිතිය ලොවට-සෙත සලසන ස්ථිතිය ලෙස හැඳින්වෙයි. මෙකල විද්යාව තුළින් දේවල් ඉතා සමීප බව ඔබට අත්විඳිය හැකි සේම - දුරකථනයක් මගින් ඈත ඇති ශබ්දයක් ඉතා සමීපව ඇසෙයි, රූපවාහිනියක් මගින් දුර ඈත ඇති ජවනිකාවක් ඉතා පැහැදිලිව පෙනෙයි. අන්දමින්ම ජීවාත්ම කෙතරම් දුර සිටියත්, ඔබට නිහැඬියාව මගින්, ජීවාත්ම වෙතට පණිවිඩය ළඟා වීමට සැලැස්විය හැකිද? යම් කෙනෙක් ශාරීරික ස්වරූපයෙන් ඔවුන්ට භෞතිකව පණිවිඩය ලබා දී ඇති බව ඔවුන් අත්විඳිය යුතුයි. දුර අසුන් ගෙන සිටින අතර ඔය ශ්රේෂ්ඨ ජීවාත්මයන්ගේ දර්ශනයක් අත්විඳ, පරමාත්ම දෙවියන්ගේ දිව්යමය ක්රියාකාරකම් ඔවුන් ඉදිරිපිටම සිදුවන ආකාරයෙන් ඔවුන් දකියි. ඔබව සිතිවිලි මාර්ගයෙන් පෙනෙයි, එනම්, සිතිවිලි මාර්ගයෙන් සාර්ථකත්වය ලැබීමේ කොටස ඔබ රඟ දක්වමින් සිටියි, එනම්, ශබ්දය ඉක්මවා සිටීම. කෙසේවෙතත්, මෙම සාර්ථකත්වය ලබා ගැනීමේ ක්රමය වන්නේ, ඔබගේ නිහඩ ස්ථිතියේ උපරිම වෙලාවක් තමන්ව ස්ථාවර කර ගැනීමයි. මෙවන් කියමනක් තිබෙන්නේ නිසයි: නිහැඬියාව රන් හා සමානයි. මෙය ස්වර්ණමය යුගී ස්ථිතිය ලෙස හැඳින්වෙයි.

 

මෙම ස්ථිතියේ ස්ථාවරව රැඳී සිටීමෙන් ඔබට අඩු වියදමකින් වැඩි කීර්තියක් ගෙන ඒමට හැකි වෙයි. ඔබගේ කාලයේ සම්පත, ශක්තියේ සම්පත සහ භෞතික සම්පත් වල, අඩු වියදමකින් ඔබට වැඩි ප්රතිඵල අත්කර ගැනීමට හැකි වෙයි. මේ සඳහා එක වචනයක් පමණක් සිහියේ තබා ගන්න. එම එක වචනය කුමක්ද? සමබරතාවය. ඔබගේ සෑම ක්රියාවක, සිතිවිල්ලක සහ වචනයක මෙන්ම ඔබගේ නෑ සම්බන්ධතා තුළ සමබරතාවයක් තිබිය යුතුයි. එවිට සාමාන් වනවා වෙනුවට ඔබගේ වදන්, ක්රියා, සිතිවිලි සහ නෑ සම්බන්ධතා අලෞකික ලෙස දිස් වෙයි, එනම්, ඒවා හාස්කම් ලෙස පෙනෙයි. මෙය හාස්කමක් බවට හඩ, සෑම කෙනෙකුගේම දෙතොලින් සහ මනසින් මතුවෙයි. කාලයට අනුව ඔබගේ උත්සාහ වල වේගය සහ ලෝක සේවයේ වේගය ඉතා වේගවත් විය යුතුයි: ඔබ ලොවට සෙත සලසන්නෙක් බව හැඳින්වෙන්නේ එවිට පමණයි.

 

ලෝකයේ ජීවාත්ම වැඩි දෙනෙක්, ඔය විශේෂ ආදරණීය ජීවාත්මයන්ගේ සහ පරම පියාගේ හෙළිදරව්ව කැඳවමින් සිටිනවා. කෙසේවෙතත්, විශේෂ ආදරණීය ජීවාත්ම, එම ජීවාත්මයන්ට එතරම්ම කැඳවීමක් සිදු නොකරයි. මෙයට හේතුව කුමක්ද? ඔබගේ ස්වභාවය සහ සංස්කාරවල සීමිත ගෘහය වෙනුවෙන් ඔබ වැඩිපුර කාල වෙලාවක් යොදා ගනී. දැනුම නොමැති ජීවාත්මයන්ට දැනුමට සවන් දීමට කාලය නොමැති සේම, බොහෝ බ්රහ්මණයන්ට මෙම බලවත් ස්ථිතියේ ස්ථාවරව රැඳී සිටීමට වෙලාවක් නොමැත. ඔබට ගිණි කන්දක ස්වරූපය ආරූඪ කරගැනීමේ අවශ්යතාවයක් තිබෙන්නේ මේ නිසයි.

 

සෑම කෙනෙකුගේ ගෘහය දැක, බාප්දාදාගේ මුවගට සිනහවක් නැඟෙයි, මන්ද, සෑම කෙනෙක්ම බොහෝ කාර්යබහුල වී සිටියි. ඔබ බොහෝ සේ කාර්යබහුලයි, එහෙම නේද? ඔබගේ ආදි ස්ථිතියේ ඔබ නිරතුරුව නිදහසේ සිටීවි. ඔබ සාර්ථකත්වය අත්කර ගන්නා අතර ඔබ නිදහසේද සිටියි. ඒවා අභ්යාවකාශයට ගිය පසු විද්යාවේ උපකරණ, පෘථිවියේ සිට පාලනය කළ හැකි බැවින්, එමෙන්ම අවශ් අන්දමට සහ වෙලාවට ගගන යාත්රාවේ දිශාව වෙනස් කළ හැකි බැවින්, ඔබගේ ශ්රේෂ්ඨ සිතිවිලි වල පදනමට අනුව, භෞතික ලෝකය තුළදි ඔබට අවශ් ආකාරයක සේවය තුළින්, ඔය නිහඩ බලයේ ප්රතිරූප වලට, ඕනෑම ජීවාත්මයකට සේවය කළ නොහැකිද? කෙසේවෙතත් ඔබ, ඔබගේ ගෘහය ඉක්මවා සිටිය යුතුයි, එනම්, ඔබ උඩ ඉහළ සිටිය යුතුයි.

 

ඔබට පවසන ලද සියලු සම්පත් තමන් වෙනුවෙන් පමණක් නොවෙයි, නමුත් මුළු ලෝකය වෙනුවෙන් භාවිතා කරන්න. ඔබ දැන් කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? හඩ යොදා සේවය කිරීම, යම් භෞතික ක්රමයකින් සේවය කිරීම සහ උතුම් සිතිවිලි වල ශ්රේෂ්ඨත්වයෙන් සහ බලයෙන් සූක්ෂම ආකාරයකින් ශබ්දය ඉක්මවා සේවය කිරීම අතර සමබරතාවයක් පෙන්වන්න, එවිට විනාශයේ බෙර හඩ වාදනය වෙයි. ඔබට වැටහෙනවාද? ඔබ සැලසුම් සාදන අතර බාප්දාදාද දැන් ඔහුගේ සැලසුම බෙදා ගන්නවා. නිවැරදි තුලනය නොමැති නිසා ඔබට වෙහෙස වී වැඩ කිරීමට සිදුවෙයි. විශේෂ කාර්යයක් කිරීමෙන් පසු ඔබ සාමාන්යයෙන් විශේෂ විවේකයක් ගන්නවා. කෙසේවෙතත්, අවසන් සැලසුමේදි, වෙහෙස නොදැනීම ඔබ අත්දකියි. අච්චා.

 

ඔවුන්ගේ සියලු බල, ලෝක යහපත වෙනුවෙන් භාවිතා කරන අයට, තම සිතිවිලි මාර්ගයෙන් සාර්ථකත්වයේ ප්රතිරූ වන අයට, තම ගෘහයන්ගෙන් නිදහස්ව සිටින අයට, නිහඩ ස්ථිතියේ නිරතුරුවම ස්ථාවරව රැඳී සිටින ශ්රේෂ්ඨ ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

 

වරදානය:

නිහඩ බලය එක්රැස් කර ගැනීම සඳහා ඔබගේ සිරුර ඉක්මවා සිට අශාරීරික වන්න.

නිහැඬියාවේ බලය ඉතා ශ්රේෂ්ඨ බලයකි - නව ලෝකය ස්ථාපිත වන්නේ එමගින්ය. ශබ්දය ඉක්මවා සිටින සහ ඔවුන්ගේ නිහඩ ස්වරූපයේ ස්ථාවරව රැඳී සිටින අයට, ස්ථාපන කාර්යය සිදුකිරීමට හැකි වෙයි. එබැවින් ශාන්තිය දානය කරන්නෙක් වන්න, එනම්, ශාන්තියේ ප්රතිමූර්තියක් වී අශාන්තියෙන් සිටින ජීවාත්ම මතට ශාන්තියේ කිරණ දන් දෙන්න. විශේෂයෙන් නිහැඬියාවේ බලය වැඩි කරන්න. ශ්රේෂ්ඨතම දානය මෙයයි. වඩාත්ම ආදරණීය සහ බලවත්ම දෙය මෙයයි.

පාඨය:

සෑම ජීවාත්මයක් සහ සෑම පදාර්ථයක් වෙනුවෙන් සුබ පැතුම් තිබීම යනු, ලොවට සෙත සලසන්නෙක් වීමය.

*** ඕම් ශාන්ති ***

Download PDF

 

Post a Comment

0 Comments