Header Ads Widget

Header Ads

SINHALA MURLI 12.01.23

 

12-01-2023  උදෑසන මුරලි  ඕම් ශාන්ති  බාප්දාදා  මධුබන්


Listen to the Murli audio file



 

සාරය:

සුමිහිරි දරුවනි, පියා වන පාලකයා, මනුෂ්යයන්ගෙන් දේවතාවන් බවට තමන්ව පරිවර්ථනය කරගැනීමේ කලාව ඔබට උගන්වා තිබේ. එසේනම්, ශ්රීමත් අනුසාරයෙන් ඔවුන්ටත් දේවතාවන් බවට පරිවර්ථනය වීම සඳහා, අන් අයට සේවය කරන්න.

ප්රශ්නය:

භක්ති මාර්ගයේදී චාරිත්රයක් සහ ක්රමවේදයක් බවට පත් වන, කුමන ශ්රේෂ්ඨ ක්රියාවද, ඔය දරුවන් දැන් සිදුකරන්නේ?

පිළිතුර:

ශ්රීමත් වලට අනුව, ඔබ ඔබගේ මනස, සිරුර සහ ධනය මුළු ලෝකයේම යහපත වෙනුවෙන් කැප කරයි. භක්ති මාර්ගයේදී මිනිසුන්ට දෙවියන්ගේ නාමයෙන් දන් දීමේ චාරිත්රය සහ ක්රමවේදය තිබේ. එහි ප්රතිලාභයක් ලෙස ඔවුන් මතු භවයෙදී රාජකීය පවුලක උපත ලබයි. කෙසේවෙතත්, ඔය දරුවන් සංගම යුගයේදී පියාගේ උදව්කරුවන් වී, මනුෂ්යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වෙයි.

ගීතය:  ඔබ රාත්රිය නිදමින්ද දිවා කල කමින්ද ගෙවා දැම්මා...

ඕම් ශාන්ති. පියා ඔය දරුවන්ට විස්තර කරන අතර, ඔය දරුවන් වටහා ගන්නා විට, ඔබට අන් අයට විස්තර කිරීමට හැකි වෙයි. ඔබට වැටහෙන්නේ නැතිනම්, ඔබට අන් අයට විස්තර කළ නොහැක. ඔබ වටහාගත් නමුත් ඔබට අන් අයට විස්තර කළ නොහැකි බව ඔබ පවසන්නේ නම්, ඉන් අදහස් වන්නේ ඔබට කිසිම දෙයක් නොවැටහුණු බවයි. මිනිසුන් යම් කලාවක් ඉගෙනගත් විට ඔවුන්ට එය අන් අයට පෙන්විය හැක. මනුෂ්යයන්ව, දේවතාවන් බවට පරිවර්ථනය කිරීමේ කලාව ඔබ ඉගෙනගන්නේ පරම පියා, අධිපතිගෙන් පමණයි. දේවතාවන්ගේ පිළිරූ තිබේ. පරමාත්ම දෙවියන්, මනුෂ්යයන්ව දේවතාවන් බවට පරිවර්ථනය කරයි. ඉන් අදහස් වන්නේ ඔවුන් මෙකල නොසිටින බවයි. දේවතාවන්ව ප්රශංසා කරන්නේ ඔවුන් සියලුම ගුණධර්ම වලින් පිරුණු අය ලෙසයි. මෙහි සිටින කිසිම මනුෂ්යයෙක්ව එසේ ප්රශංසා කළ නොහැක. මිනිසුන් දේවාල වලට ගොස් දේවතාවන්ගේ ගුණ ගායනා කරයි. සන්යාසීන් පිවිතුරුව සිටින නමුත් මිනිසුන් අසුන්ගෙන ආකාරයෙන් ඔවුන්ගේ ගුණ ගයන්නේ නැත. එම සන්යාසීන් ආදීන් ග්රන්ථ ශාස්ත් පවා හඬින් කියවයි. දේවතාවන් ආකාරයෙන් කිසිවක් පවසන්නේ නැත: ඔවුන් ප්රතිලාභය අත්විඳියි. ඔවුන්ගේ පෙර භවයේ ඔවුන් උත්සාහ දරා, මනුෂ්යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය විය. දේවතාවන්ට තිබෙන ගුණධර්ම, සන්යාසීන්ට නැත. ගුණධර්ම නොමැති තැන නිසැකයෙන්ම දුර්වලතා තිබෙයි. සත් යුගයේදී, මෙම භාරතයේම රජ, රැජිණ සහ සියලු පුරවැසියන් දිව්යමය ගුණදම් වලින් පිරී සිටියා: ඔවුන්ට සියලුම ගුණධර්ම තිබුණා. එම දේවතාවන්ගේ ගුණධර්ම ප්රශංසා කෙරෙයි. එකල වෙනත් ආගම් නොතිබුණි. ගුණදම් ඇති දේවතාවන් සත් යුගයේ වාසය කරන අතර දුර්වලතා ඇති මනුෂ්යයන් වාසය කරන්නේ කලි යුගයේය. දැන් එවන් දුර්වලතා ඇති මනුෂ්යයන්ව, දේවතාවන් බවට පරිවර්ථනය කළ හැක්කේ කාටද? දෙවියන්ට, මනුෂ්යයන්ව දේවතාවන් බවට පරිවර්ථනය කිරීමට වැඩි කලක් ගත නොවූ බව සිහි කර ඇත. මෙම ප්රශංසාව ලබා දෙන්නේ පරම පියා පරමාත්ම ජීවයට පමණයි. දේවතාවන් මනුෂ්යයන් වන නමුත් ඔවුන්ට ගුණදම් තිබෙන අතර මෙහි මනුෂ්යයන්ට දුර්වලතා තිබේ. ගුණදම් ලැබෙන්නේ, සත්ගුරු ලෙස හැඳින්වෙන පියාගෙනි. දුර්වලතා ලැබෙන්නේ මායා, රාවණගෙනි. එතරම් ගුණදම් තිබුණු ඔවුන් තුළ, දුර්වලතා වර්ධනය වුයේ කෙසේද? සියලුම දිව්යමය ගුණදම් වලින් පිරි සිටි අය, සියලු දුර්වලතා වලින් පිරුණු අය වූයේ කෙසේද? මෙය දන්නේ ඔය දරුවන් පමණයි. මිනිසුන් ගයන්නේ: අප ගුණදම් නොමැත්තන්, අපට ගුණදම් නැත. ඔවුන් දේවතාවන්ගේ වර්ණනා ගයයි. මෙකල කිසිවෙකුට එම ගුණාංග නැත. ඔවුන්ගේ ආහාර පාන ආදිය බොහෝ කිලිටියි. දේවතාවන් වයිශ්නව සමාජයට (සම්පූර්ණයෙන් පිවිතුරු සහ නිර්මාංශ ගන්නා අය) අයත් වූ අතර මෙකල මනුෂ්යයන් අයත් වන්නේ රාවණගේ සමාජයටයි. ඔවුන්ගේ ආහාර පාන ආදිය බොහෝ වෙනස් වී ඇත. සැලකිය යුත්තේ ඔවුන්ගේ ඇඳුම පමණක් නොව: ඔවුන්ගේ ආහාර සහ දූෂිත බවද සැලකිල්ලට ගත යුතුයි. පියාම පවසන්නේ: බ්රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය වන බ්රහ්මණයන් මගින් ස්ථාපනය සිදුකිරීම සඳහා, මා භාරතය තුළට පැමිණිය යුතුයි. මෙය බ්රහ්මණයන්ගේ යාගහෝමයයි (යග්යාව). අර බ්රහ්මණ පූජකයන් උපදින්නේ පාපය තුළින් වන අතර ඔබ මුඛයෙන් උපන් නිර්මාණයක්. විශාල වෙනසක් තිබේ. ධනවත් මිනිසුන් යාගහෝම ඇති කර, බ්රහ්මණ පූජකයන්ට ආරාධනා කරයි. මේ අසීමිත පියා, ධනවතුන්ගෙන්ද ධනවත්ම කෙනා, සහ රජවරුන්ගෙත් රජුය. ඔහු ධනවතුන්ගේද ධනවතා ලෙස හැඳින්වෙන්නේ ඇයි? මන්ද, ධනවත් මිනිසුන්ද පවසන්නේ ඔවුන්ට ධනය ලබාදුන්නේ දෙවියන් බවයි. ඔවුන් දෙවියන්ගේ නමින් දන් දී, ඔවුන්ගේ මතු උපතෙදි ධනවත් වෙයි. මෙකල, ඔබ සෑම දෙයක්ම ශිව බාබාට කැප කරයි - ඔබගේ සිරුරු, මනස සහ ධනය - එබැවින් ඔබ ඉන්පසුව උසස් තත්ත්වයක් හිමි කරගනී. ඔබ ශ්රීමත් වලට අනුව උසස් ක්රියා සිදුකිරීමට ඉගෙන ගන්නා බැවින්, ඔබට අනිවාර්යෙන් එහි ඵලය ලැබිය යුතුයි. ඔබ ඔබගේ මනස, ශරීර සහ ධනය කැප කරයි. මිනිසුන්ද යම් කෙනෙකු මාර්ගයෙන් දෙවියන්ගේ නමින් දන් දෙයි. මෙම ක්රමවේදය පවතින්නේ භාරතයේ පමණයි එබැවින් පියා ඔබට ඉතා හොඳ ක්රියා උගන්වයි. ඔබ මෙම ක්රියා සිදුකරන්නේ භාරතයට පමණක් යහපතක් සිදු කිරීමට නොව, නමුත් මුළු ලෝකයටම සෙත සැලසීමටයි. ඉන්පසුව ඔබ මනුෂ්යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වී එහි ප්රතිලාභය ලබයි. ශ්රීමත් වලට අනුව ඔබ කුමන ක්රියාවක් කළත්, එයට අනුව ඔබට එහි ඵලය ලැබෙයි. බාබා නිරීක්ෂකයා වී, ශ්රීමත් වලට අනුව මනුෂ්යයන්ව දේවතාවන් බවට පරිවර්ථනය කිරීමට සේවය කරන අයව, සහ ඔවුන් කෙතරම් දුරට තම ජීවිත පරිවර්ථනය කර තිබේද කියා, නිරීක්ෂණය කරයි. ශ්රීමත් අනුගමනය කරන අය බ්රහ්මණයන්ය. පියා පවසන්නේ: ඔය බ්රහ්මණයන් මාර්ගයෙන් මා ශුද්රයන්ට රාජයෝගාව උගන්වනවා. එය වසර 5000ක් පිළිබඳ ප්රශ්නයක්. දේවතාවන්ගේ රාජධානිය භාරතයේ පැවතුණා. ඔබ මිනිසුන්ට මෙම පින්තූර පෙන්විය යුතුයි. ඔවුන් පින්තූර දකින තුරු, මෙය කුමන ආගමක්ද කියා, එමෙන්ම ඔබ විදේශයක සිට පැමිණ ඇතැයි ඔවුන් සිතයි. ඔය මිනිසුන් දේවතාවන් ගැන විශ්වාස කරන බව, පින්තූර පෙන්වීමෙන් පමණක්ම ඔවුන්ට වැටහෙයි. එබැවින් ශ්රී නාරායනගේ අවසන් සහ 84වන උපතෙදී, පරම පියා පරමාත්ම ජීවය, මෙම කෙනා තුළට ඇතුළු වී, රාජ යෝගාව උගන්වන බව ඔබ ඔවුන්ට විස්තර කළ යුතුයි. මේ ආකාරයෙන් ක්රිෂ්ණා පිළිබඳ කරුණ අතුරුදහන් වෙයි. මෙය, ඔහුගේ උපත් 84න් අවසන් උපතයි. සූර්ය පෙළපතට අයත් වූ දේවතාවන්, නැවත වරක් පැමිණ, රාජයෝගාව හැදෑරිය යුතුයි. නාටකයට අනුව, ඔවුන් නියත වශයෙන්ම උත්සාහ දරයි. ඔය දරුවන් දැන් පෞද්ගලිකවම මුහුණට මුහුණලා සවන් දෙනවා. සමහර දරුවන් පටිගත කරන ලද පටයකට සවන් දෙන අතර, ඔවුන්ද මව සහ පියා සමඟ නැවත වරක්, මනුෂ්යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වන බවට අවධානය, වෙලාවට ඔවුන්ට තිබේ. මෙකල, ඔබගේ 84වන උපතෙදී ඔබ සම්පූර්ණ යාචකයන් විය යුතුයි. ජීවාත්මය, සෑම දෙයක්ම පියාට කැප කරයි. මෙම ශරීරය බිල්ලට දෙන අශ්වයෙක් මෙනි. ජීවාත්මයම පවසන්නේ: මා අයත් වන්නේ පියාට හැර වෙනත් කිසිවෙකුට නොව. පරම පියා, පරමාත්ම ජීවයගේ උපදෙස් වලට අනුව, ජීවාත්මය වන මා, මෙම ශරීරය තුළින් සේවය කරනවා. පියා පවසන්නේ: යෝගාව උගන්වා ලෝක චක්රය බ්රමණය වන ආකාරය උගන්වන්න. මුළු චක්රය වටාම ගොස් ඇති අය ඉතා විගසින් මෙම කරුණු වටහාගනි. මුළු චක්රය වටා ගොස් නැති අය මෙහි නොසිටීවි. මුළු ලෝකයම පැමිණෙනවා නොවෙයි. බොහෝ පුරවැසියන් පැමිණෙන නමුත් එක රජ කෙනෙක් සහ එක් රැජිණක් පමණක් සිටියි. එක් ලක්ෂ්මි කෙනෙක් සහ නාරායන කෙනෙක් පමණක් සිටියි. එක රාමා කෙනෙක් සහ සීතා කෙනෙක් පමණක් සිටියි. වෙනත් රාජ කුමාරවරුන් සහ රාජ කුමාරියන් සිටීවි, නමුත් ප්රධාන අය වන්නේ මේ අයයි. එබැවින් එවන් රජුන් සහ රැජිනියන් වීම සඳහා ඔබ විශාල උත්සාහයක් දැරිය යුතුයි. නිරීක්ෂකයෙක් වීමෙන්, කෙනෙක් ධනවත් පවුලකට, රාජකීය පවුලකට හෝ දුප්පත් පවුලකට අයත් වන්නේද කියා, ඔබට වටහාගැනීමට පුළුවන. සමහරු මායා අතින් පරාජය වී පැන යයි. මායා ඔවුන්ව අමුවෙන් ගිල දමයි. බාබා නොකඩවා මෙසේ විමසන්නේ නිසයි: ඔබ ඉන්නේ සතුටින්ද? ඔබ තෘප්තිමත්ද? ඔබ මායාගෙන් පහර කා, සිහිසුන් හෝ රෝගී වී නැහැ නේද? දරුවනේ, යමෙක් රෝගී වූ විට, ගොස් ඔහුට හෝ ඇයට දැනුම සහ යෝගාවේ ජීවිත-දානය ලබාදෙන ඖෂධය දී, ඔවුන්ව නැවත ප්රාණවත් කරන්න. ජීවාත්ම, දැනුමේ සහ යෝගාවේ නොසිටින බැවින්, මායා සෑම දෙයක්ම විනාශ කර දමයි. ඔවුන් ශ්රීමත් අනුගමනය කිරීම නවතා දමා, තමන්ගේම මනසේ උපදෙස් පිළිපැදීම අරඹයි. මායා ඔවුන්ව මුළුමනින්ම අසිහියට පත් කරයි. ඇත්ත වශයෙන්ම ජීවිත-දානය ලබාදෙන ඖෂධය වන්නේ ඥානයයි. මෙය මායාගේ අසිහිය ඉවත් කරයි. මේ සියලුම කරුණු අදාල වන්නේ මෙකලටයි. සීතාවන් වන අය ඔබලායි. සින්ද්හි දරුවන්ව නිදහස් කළ ආකාරයෙන්, රාමා පැමිණ, රාවණගේ සිර බාරයෙන් ඔබව නිදහස් කරගනී. ඉන්පසුව රාවණගේ මිනිසුන් නැවතත් ඔවුන්ව පැහැර ගත්තා. ඔබ දැන් සියලු දෙනාව මායාගේ ග්රහණයෙන් මුදවා ගත යුතුයි. බාබාට අනුකම්පාව තිබේ. මායා ජීවයන්ට පහර දී, ඔවුන්ගේ බුද්ධිය මුළුමනින් අනෙක් දිශාවට හරවන බව, දකින්නට තිබේ. ඇය රාමා වෙතින් බුද්ධි ඉවතට හරවා, ඒවා රාවණ දෙසට හරවයි. එක් පසෙක රාමාත් අනෙක් පස රාවණත් සිටින සෙල්ලම් බඩුවක් තිබේ. මෙම ජීවාත්ම හැඳින්වෙන්නේ, විශ්මයට පත්වී පියාට අයත් වීමෙන් පසුව, නැවතත් රාවණට අයත් වන අය ලෙසයි. මායා බොහෝ බලවත්ය. ඇය මීයෙක් මෙන් ඔබව සපා කා, ඔබගේ සියලු ආදායම නැති කර දමයි. ඔබ කිසිදා ශ්රීමත් අනුගමනය කිරීම නතර නොකළ යුත්තේ මේ නිසයි. නැග්ම, ඉතා උස බෑවුමකි. තමන්ගේම උපදෙස් අනුගමනය කිරීම යනු රාවණගේ උපදෙස් පිළිපැදීමයි. ඔබ ඒවා අනුගමනය කරන්නේ නම්, ඔබ බොහෝ සේ ගෙල සිර කරගෙන, මේ නිසා අපහාස ගෙන එයි. තමන්ට හානි කර ගන්නා එවන් ජීවාත්ම සෑම මධ්යස්ථානයකම සිටියි. සේවය කරන අය, රූප්-බසාන්ට් (ඥානය වස්සන, යෝගාවේ ප්රතිරුවක්) අයට සැඟවී සිටිය නොහැක. දැන් දිව්යමය රාජධානිය ස්ථාපිත වන අතර, සෑම කෙනෙක්ම තම තමන්ට පෞද්ගලික වූ ඔවුන්ගේ චරිත කොටස එහි රඟ පායි. ඔබ තරඟයේ ඉදිරියෙන් දිව යන්නේ නම්, ඔබ තමන්ට යහපතක් කර ගනී. තමන්ට සෙතක් සලසා ගැනීම යනු, දිව් ලෝකයේ අධිපතියෙක් වීමයි. මව සහ පියා සිහසුනේ අසුන් ගන්නා ආකාරයෙන්ම ඔය දරුවන්ද එසේම විය යුතුයි. පියා අනුගමනය කරන්න, නැතහොත් ඔබගේ තත්ත්වය අඩුවෙයි. බාබා මෙම පින්තූර සාදවා ඇත්තේ ඒවා නිකම්ම ගබඩා කර තැබීමට නොවෙයි. ඔබ ඒවායෙන් විශාල සේවයක් කළ යුතුයි. බොහෝ ධනවත් මිනිසුන් ලක්ෂ්මි සහ නාරායන වෙනුවෙන් දේවාල තනන නමුත්, ඔවුන් පැමිණියේ කවදාද හෝ ඔවුන් භාරතය සතුටට පත් කළේ කෙසේද කියා නොදනී, ඔවුන්ව සිහි කෙරෙන්නේ මේ නිසාය. දිල්වාලා දේවාලය (ඔබගේ හදවත ජයගන්න කෙනා) තිබිය යුතු බව ඔබ දන්නවා. මෙම එක් දේවාලය සෑහෙයි. ලක්ෂ්මි සහ නාරායන දේවාලයෙන් කුමක් සිදුවෙයිද? ඔවුන් සෙත සළසන්නන් නොවෙයි. මිනිසුන් ශිවාට දේවාල තනන විට, එයට අරුතක් නැත. කිසි කෙනෙක් ඔහුගේ කාර්යභාරය නොදනී. ඔබ කාර්යභාරය නොදන්නා කෙනෙකු වෙනුවෙන් දේවාලයක් ගොඩනගන්නේ නම් කුමක් කියයිද? දිව් ලෝකයේ දේවතාවන් සිටින විට, දේවාල නොමැත. ඔබ දේවාල තනන අයගෙන් මෙසේ විමසිය යුතුයි: ලක්ෂ්මි සහ නාරායන පැමිණියේ කවදාද? ඔවුන් ඔබට ලබා දුන්නේ කුමන සතුටක්ද? ඔවුන්ට කිසිවක් විස්තර කිරීමට නොහැකි වෙයි. ගුණදම් නොමැති අය, ගුණදම් ඇති අය වෙනුවෙන් දේවාල ගොඩනඟන බව, මින් ඔප්පු වෙයි. එබැවින් ඔය දරුවන්ට සේවය කිරීමට බොහෝ උනන්දුවක් තිබිය යුතුයි. බාබා තුළ සේවය කිරීමට විශාල උනන්දුවක් තිබේ, ඔහු එවන් පින්තූර නිර්මාණය කරන්නේ නිසයි. මෙම පින්තූර සාදවන්නේ ශිව බාබා වන නමුත්, බුද්ධීන් දෙකම ක්රියාත්මක වනවා. අච්චා.

රාත්රි පංතිය: 1968/06/28

ඔබ ජීවාත්ම බවත්, පියා මෙහි අසුන්ගෙන සිටින බවත්, මෙහි අසුන් ගෙන සිටින ඔය සියලු දෙනාටම වැටහෙනවා. මෙය හැඳින්වෙන්නේ ජීව අවධානයෙන් අසුන් ගැනීම ලෙසයි. අප ජීවාත්ම බවත්, අප බාබා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා, යන අවධානයෙන්, සෑම කෙනෙක්ම අසුන්ගෙන නැහැ. බාබා දැන් ඔබට මතක් කර දී ඇත, එබැවින් ඔබට එම සිහිය ඇති වී ඔබ අවධානය යොමු කරයි. තම බුද්ධිය පිටත සැරි සරන බොහෝ දෙනෙක් සිටියි. මෙහි අසුන්ගෙන සිටින අතර ඔවුන්ගේ දෙසවන් වැසී ඇති සේය. ඔවුන්ගේ බුද්ධි පිටත කොහේ හෝ සැරිසරයි. පියාගේ සිහිපත් කිරීමේ අසුන්ගෙන සිටින දරුවන් ආදායමක් උපයා ගන්නවා. බොහෝ දෙනෙකුගේ බුද්ධියේ යෝගාව පිටත රැඳී තිබේ. ඔවුන් වන්දනා ගමනේ නැතුවා සේය. කාලය අපතේ යවයි. ඔබ පියා දකින විට ඔබට බාබා සිහිවෙයි. නිසැකයෙන්ම එය ඔබගේ උත්සාහයන්ට අනූකූලව අංකානුරූපයි. සමහරු මෙම ස්ථිර පුරුද්ද වර්ධනය කරගනී: මා ජීවාත්මයක්, සිරුරක් නොවෙයි. පියා දැනුමින් පිරිපුන්ය, එබැවින් ඔය දරුවන්ද එම දැනුම වර්ධනය කරගනී. අප දැන් පෙරළා නිවසට යා යුතුයි. චක්රය අවසන් වන අතර අප දැන් උත්සාහ දැරිය යුතුයි. බොහෝ කාලයක් ගත වී ගොස් ඇති අතර ඉතිරිව ඇත්තේ ටිකකි... බොහෝ දෙනෙක් ඔවුන්ගේ විභාග දිනයන්හි බොහෝ සේ පාඩම් කරයි. එසේ නැතහොත් ඔවුන් අසමත් වී අඩු තත්ත්වයක් ලැබෙයි කියා ඔවුන්ට හැඟෙයි. දරුවන් නොකඩවා උත්සාහ දරයි. ශරීර අවධානය නිසා පාපකාරී ක්රියා සිදුවෙයි. ඔබ මට අපහාස කරන බැවින් මෙය සිය ගුණයක දඩුවම් ගෙන දෙයි. පියාගේ නමට අපහාස වන කිසිදු ක්රියාවක් ඔබ නොකළ යුතුයි, මෙසේ ගායනා කරන්නේ නිසයි: සත්ගුරුට අපහාස කරන අයට විමුක්තිය ලබාගත නොහැක. විමුක්තිය යනු ආධිපත්යයයි. ඔබට උගන්වන්නේ පියාය. වෙනත් කිසිදු ආධ්යාත්මික රැස්වීමක කිසිම අරමුණක් හෝ ඉලක්කයක් නැත. මෙය අපගේ රාජයෝගාවයි. ඔවුන් රාජයෝගාව උගන්වන බව වෙනත් කිසිවෙකුට කිව නොහැක. සාමය තුළ සතුට තිබෙන බව ඔවුන්ට හැඟෙ යි. එහිදි දුක හෝ සතුට පිළිබඳ ප්රශ්නයක් නැත: එහි තිබෙන්නේ සාමයයි, සාමයම පමණයි. එම කෙනාගේ භාග්යයේ තිබෙන්නේ ඉතා අල්ප ප්රමාණයක් බව එවිට වැටහෙයි. වැඩිම භාග්යය තිබෙන්නේ ආරම්භයේ සිටම තම චරිත කොටස් රඟපාන අයටයි. එහිදි ඔවුන්ට මෙම දැනුම නැත. එහි, සිතිවිලි නොතිබෙයි. ඔබ සෑම කෙනෙක්ම අවතරණය වන බව, ඔය දරුවන් දන්නවා: ඔබ විවිධ නම් සහ රූප හදා ගන්නවා. නාටකය මෙයයි. ජීවාත්ම වන අප, ශරීර ගෙන, ඒවා තුළින් අපගේ චරිත කොටස් රඟපානවා. පියා අසුන්ගෙන මේ සියලුම රහස් පහදා දෙයි. ඔය දරුවන් තමන්ගේ අභ්යන්තරයේ අතීන්ද්රීය සුඛය අත්විඳියි: ඔබගේ අභ්යන්තරයේ සතුට තිබේ. මෙසේ කියයි: මෙම කෙනා සිටින්නේ ජීව අවධානයෙන්. ඔබ ශිෂ්යයන් බව, පියා විස්තර කර දෙයි. ඔබ දේවතාවන්, දිව් ලෝකයේ අධිපතියන් වීමට යන බව, ඔබ දන්නවා: දේවතාවන් පමණක්ම නොව, ඔබ ලෝකයේ පාලකයන් වීමට යනවා. ඔබ ඔබගේ කර්මතීට් තත්ත්වයට ළඟා වූ විට, මෙම ස්ථිතිය ස්ථිරව පවතියි. නාටක සැලසුමට අනුව, එය අනිවාර්යෙන් සිදුවෙයි. ඔබ සිටින්නේ දෙවියන්ගේ පවුලේ බව, ඔබට වැටහෙයි. ඔබ අනිවාර්යෙන් දිව් ලෝකයේ උරුමය ලබා ගන්නවා. බොහෝ සේවය කර, බොහෝ දෙනෙකුට යහපත ගෙන එන අයට අනිවාර්යෙන් උසස් තත්ත්වයක් හිමි වෙයි. ඔබට මෙහි යෝගාවේ අසුන් ගෙන සිටිය හැකි බව, බාබා විස්තර කර තිබේ. පිටත මධ්යස්ථානවල එය ආකායෙන් කළ නොහැක. උදෑසන 4.00 පැමිණ, ඉන්පසුව භාවනාවේ සිටීම: එහිදි එය කළ හැක්කේ කෙසේද? නැහැ. මධ්යස්ථාන වල ජීවත් වන අයට සිටිය හැක. ඔබ මෙය වැරදීමකින්වත් පිටත සිටින මිනිසුන්ට නොකිව යුතුයි. මෙය කාලය නොවෙයි. මෙහිදි ඔබ හොඳින් සිටිනවා. ඔබ නිවසේ අසුන්ගෙන සිටිනවා. එහිදි, ඔබ පිටත සිට පැමිණිය යුතුයි. මෙය, මෙහි සිටින අයට පමණයි. ඔබගේ බුද්ධිය, මෙම දැනුම ධාරණය කරගත යුතුයි. අප ජීවාත්මයි. මෙය, කෙනාගේ අමරණීය සිංහාසනයයි. ඔබ මෙම පුරුද්ද වර්ධනය කරගත යුතුයි. අප සහෝදරයන්ය: අප කතා කරන්නේ අපගේ සහෝදරයන්ටයි. ඔබ ජීවාත්මයක් බව සලකා, පියාව සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යයි. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට, ආධ්යාත්මික පියා, සෙනෙහස, සිහිපත් කිරීම, සුබ රාත්රියක් සහ නමස්තේ කියයි.

ධාරණය සඳහා සාරාංශය:

  1. ජීවිත-දානය දෙන ඖෂධය වන ඥානය සහ යෝගාව තුළින්, මායාගේ අසිහියෙන් තමන්ව බේරා ගන්න. තමන්ගේම මනසේ මත අනුගමනය නොකරන්න.
  2. රූප්-බසාන්ට් වී සේවය කරන්න. මව සහ පියා අනුගමනය කර, සිහසුනේ අසුන් ගැනීමට සුදුස්සෙක් වන්න.

වරදානය:

ඔබ, ඔබගේ බලවත් මනෝ ස්ථිතිය තුළින් දන් දී, පුණ් කටයුතු සිදු කිරීමෙන් වන්දනීයත්වයට සහ ප්රශංසා ලැබීමට සුදුස්සෙක් වේවා.


අවසන් මොහොතේ, දුර්වල ජීවාත්මයන්ට, ඔය අංග සම්පූර්ණ ජීවාත්ම මගින්, සුළු ලැබීමක අත්දැකීමක් ලැබුණත්, ඔවුන් එම අවසන් අත්දැකීමේ සංස්කාර ඔවුන් සමග රැගෙන ගොස් කල්ප භාගයක් ඔවුන්ගේ නිවහනේ විවේකීව සිටියි. ඉන්පසුව තඹ යුගයේ ඔවුන් ඔබගේ බැතිමතුන් වී ඔබව වන්දනා කර ප්රශංසා කරයි. එබැවින් එවන් දුර්වල ජීවාත්ම වෙනුවෙන් මහා දානපතියෙක් සහ වරදාන පිරිනමන්නෙක් වී, ඔවුන්ට අත්දැකීම්වල දානය සහ පුණ්යකර්මය සිදු කරන්න. මෙම බලවත් ස්ථිතියේ සිදු කරන මෙම තත්පරයක දානය සහ පුණ්යකර්මය ඔබව කල්ප භාගයක් වන්දනීය සහ ප්රශංසා ලැබීමට සුදුසු කරවයි.

පාඨය:

අහිතකර අවස්ථාවන්හි බියට පත්වීම වෙනුවට, නොබැඳි නිරීක්ෂකයෙක් වන්න, එවිට ඔබ ජය ගනියි.

*** ඕම් ශාන්ති ***

Download PDF

Post a Comment

0 Comments