02-02-2023 උදෑසන
මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
Listen to the Murli audio file
සාරය:
සුමිහිරි දරුවනි,
උසස්ම උපදෙස්
වන්නේ පරමාත්ම
දෙවියන්ගේ උපදෙස්
වන අතර
ඒවා අනුගමනය
කිරීමෙන් ඔබ
නියම රත්රන්
බවට පත්වනු
ඇත. අනෙක්
සෑම උපදේශයක්ම
ඔබව වට්ටන
උපදෙස් පමණි.
ප්රශ්නය:
වෙන කිසිම මනුෂ්‍ය ජිවයක් තුළ නොමැති ඒ එකම එක පියා, ඥාන සාගරය තුළ පමණක් පටිගත වී තිබෙන්නා වු චරිත කොටස කුමක්ද?
පිළිතුර:
බාබා කියනවා මා වන ජිවාත්මය තුළ භක්තිවන්තයින් බලා ගැනිමේත් සෑම කෙනෙක්ටම සතුට ලබාදීමේත් චරිත කොටස තිබෙනවා. පියා වන මම, ඥානයේ සාගරය, සෑම කෙනෙක් වෙතම මෙම චිරස්ථායි වු ඥානයේ වර්ෂාව වස්සවනවා. මේ ඥානයේ මිණිමුතු වලට වටිනාකමක් දීමට කිසිම කෙනෙකුට හැකියාවක් නොමැත. විමුක්තිදායකයා
වු මම ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයා
බවට පත්ව ජීවාත්ම වන ඔබව නැවතත් සාමයේ දේශය වෙත ගෙන යන්නෙමි. මේ සෑම දෙයක්ම මගේ චරිත කොටසයි. මා කිසිම කෙනෙක්ට දුකක් දෙන්නේ නැහැ. මේ නිසා තමයි සෑම කෙනෙක්ම ඔවුන්ගේ දෑස් මත මා තබා ගන්නේ. ඔබගේ සතුරා වු රාවණ් දුක් දෙනවා. මේ නිසා තමයි මිනිස්සු ඔහුගේ පඹයකු සාදා එය පුළුස්සන්නේ.
ගීතය:ඥානයේ ජල බිංදු වැටෙන්නේ ඒ ආදරවන්තයා සමඟ සිටිනා අයටමයි ...
ඕම් ශාන්ති. පියා ‘ඕම්’ යන වචනයෙහි අර්ථය ඔය දරුවන්ට විස්තර කර දී තිබෙනවා. ඕම් යනු, මා නම් වූ ජීවාත්මය යන්නයි. එපමණයි. අර්ථය ඉතාම කෙටියි. ඉන් ‘මම දෙවියන්’ කියා දෙයක් අදහස් වන්නේ නැහැ. ඕම් යන්නෙහි අර්ථය කුමක්ද කියා ඔබ පණ්ඩිතයෙකුගෙන් විමසුවහොත්, ඔවුන් දීර්ඝ සංකීර්ණ වූ පිළිතුරක් දෙයි. ඒත් ඔවුන් ඔබට නිවැරදි අර්ථයක් දෙන්නේ නැහැ. නිවැරදි සහ වැරදි, සත්‍ය හා අසත්‍ය. සත්‍යය වන්නේ ඒ එකම එක පියායි. කොහොමනමුත්, මේ කාලයේ තිබෙන්නේ බොරුවේ රාජ්‍යයකි. රාමාගේ රාජ්‍යය හැඳින්වෙන්නේ, සත්‍යයේ රාජධානිය ලෙසයි. රාවණ්ගේ රාජ්‍යය හැඳින්වෙන්නේ ව්යාජත්වයේ රාජ්‍යය ලෙසයි. ඔවුන් ඔබට කියනා සෑම දෙයක්ම වැරදියි. සත්‍යය වන්නේ පියායි. ඔහු ඔබට පවසන සෑම දෙයක්ම සත්‍යවාදීයි. ඒ වගේම එය ඔබව නියම රත්රන් බවට පත් කරවනු ඇත. පසුව මායා ඔබව ව්‍යාජ කරනවා. මායාගේ කරදරය නිසා, මිනිසුන් කියනා සෑම දෙයක්ම බොරු. ඉතින් ඒවා යක්ෂ උපදෙස් ලෙස හැඳින්වෙනවා. පියාගේ උපදෙස් යනු පරමාත්ම දෙවියන්ගේ උපදෙස් වේ. යක්ෂ උපදෙස් අනුගමනය කරනා අය කියන්නේම බොරුය. යක්ෂ උපදෙස් ගණනාවක්ම තිබෙනවා. ඒ වගේම ගුරුන් පවා ගණනාවක් ඉන්නවා. ඔවුන්ගේ උපදෙස් ශ්‍රිමත් ලෙස හැඳින්වෙන්නේ නැහැ. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් තමා ශ්රේෂ්ඨත්ත්වයට පත්වන බව දරුවන්ට දැන් වැටහෙනවා. ශ්‍රේෂ්ඨතමයා වන්නේ, සියලුම ස්ථානයන්ටත් ඉහළින් තිබෙන්නා වු උසස්ම ස්ථානයේ වාසය කරනා උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයයි. සෑම භක්තිකයෙක්ම ඔහු සිහිපත් කරනවා. භක්තිවන්තයින් ශ්‍රීමත් සිහිකරනවා. ඉන් අදහස් වන්නේ ඔවුන් අනිවාර්යෙන්ම පිළිපදින්නේ යක්ෂ උපදෙස් බවයි. ඔබ දැන් ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් උසස් තත්ත්වයක් ලබනවා. ඉතින් එහිදි දෙවියන් සිහි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. දෙවියන් සිහි කිරීමට දේවතාවන්ට එහිදි කිසිම දුකක් ඇත්තේ නැහැ. භක්තිවන්තියින් නම් සෑහෙන දුකකට පත්වෙලා. දැන් දුක් කන්දරාවක් ඉදිරියට තවත් එන්නට තිබෙනවා. මිනිසුන්ට ඒ විශාල යුද්ධය දුක් කන්දරාවක් වන අතර දරුවන් වන ඔබට එය සතුටේ කන්දක්. දුකින් පසු අනිවාර්යෙන්ම සතුට එනවා. මෙම විනාශයෙන් පසු ඔබගේ රාජ්‍යය පැමිණෙනවා. දහස් ගණන් ආගම් විනාශ වී යන අතර දැන් අතුරුදහන්ව තිබෙන්නා වු ධර්මය ස්ථාපනය වනු ඇත. එනම්, මේ විශාල යුද්ධය මඟින් දිව්‍ය ලෝකයේ දොරටු විවෘත වන වගයි. මෙම දොරටු තුළින් සමත් වී යන්නේ කවුද? රාජයෝගා ඉගෙන ගන්නා අයයි. ඔබට උගන්වන්නේ පියායි. මේ ඥානයේ පිණිදිය වැටෙන්නේ ආදරවන්තයා හා සමඟ සිටිනා අය මතටයි. ආදරවන්තයා ලෙස හැඳින්වෙන්නේ පියායි. එම පිණිදිය මතුවන්නේ ජලයෙන් පිරි සාගරයෙන්. මෙය අවිනාශි වු ඥාන මිණිමුතුවල පිණිදියයි. ආදරවන්තයා ඥානයේ සාගරය සමඟ සිටිනා අය මතට මේ අවිනාශි වු ඥාන මිණිමුතුවල පිණිදිය නැහැවෙනු ඇත. ඔබ තම බුද්ධිය නම් වු මල්ල මත මේ අවිනාශි වු ඥාන මිණිමුුතු එක්කර ගන්නවා. අධ්‍යාපනයක් ධාරණය වන්නේ බුද්ධියෙනි. ජිවාත්මයකට මනසක් හා බුද්ධියක් තිබෙනා අතර ඉන් පෙනෙන්නේ ජිවාත්මය විසින් සියල්ල ධාරණය කරගනු ලබනා බවයි. ජිවාත්මයකට ශරීරයක් තිබෙන්නා සේ ජීවාත්මයකට මනස හා බුද්ධියත් තිබෙනවා. එය ධාරණය කර ගනු ලබන්නේ බුද්ධියේ ආධාරයෙනි. ඔහුට එම ධාරණය කළ හැකි වන්නේ යෝගා තිබෙනා විට පමණයි. පියා මෙහි අසුන්ගෙන ඉතාමත් පහසු දේ උගන්වනවා. මිනිස්සු අපහසු වු බොහෝ දේ කියා තිබෙනවා. ආගමික ග්රන්ථ වල නොයෙකුත් අදහස් තිබෙනවා. ගීතා දැනුම සෑම තැනම ව්‍යාප්ත වී තිබෙනවා. බොහෝ මිනිස්සු ගීතාවෙන් අර්ථ ඩැහැ ගන්නවා. ඔවුන් වෙනස් වෙනස් ආකාරයේ ගීතාවන් නිර්මාණය කොට තිබෙනවා. ඔවුන් මෙසේ කියනා දේ වෙන කිසිම ආගමික ග්‍රන්ථයක ඇත්තේ නැහැ. කොහොමනමුත්, මිනිසුන්ට කිසිසේත් කිසිවක් වැටහෙන්නේ නැහැ. මෙම ඥානය අතුරුදහන්ව යනවා. ඉතින් ඔබ එම දේව අධිකාරීත්වය ලබා ගන්නේ කොහෙන්ද? ඇත්තෙන්ම දිව්‍ය ලෝකය ස්ථාපනය කරන්නා තමයිි ඔබට එය දෙනවා විය යුත්තේ. පියා දැන් දරුවන් වන ඔබ හට දිව්‍ය ලෝක රාජ්‍ය ලබාදිම උදෙසා පැමිණ සිටිනවා. එය උපත් 21ක් උදෙසායි. කුමාරි කෙනෙක් යනු පරම්පරා 21 ක් අභිවෘද්ධිට ලක් කරනා කෙනෙක් ලෙස සැලකෙනවා. දැන් ඒ කුමාරි කවුද? ඔබ සෑම කෙනෙක්ම කුමාරීන් හා කුමරුන්. ශ්‍රීමත් හා පියාගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබට ඹ්නෑම කෙනෙකුට උපත් 21ක රාජ්‍යයේ වාසනාව පාදා දීමට හැකි වෙනවා. පාඨශාලාවක ඉගෙන ගන්නා අය තමා ශිෂ්‍යයන් බව දන්නවා. අනෙක් සත් සන්වල මිනිස්සු තමා ශිෂ්‍යයන් ලෙස සලකන්නේ නැහැ. ශිෂ්‍යයන්ගේ බුද්ධිය තුළ තම ඉලක්කය හා අරමුණ තිබෙනවා. ඔබ දේව ශිෂ්‍යයන්. පරමාත්ම දෙවියන් කතා කරයි මා ඔබට රාජයෝගා උගන්වනවා. ඔබව මනුෂ්‍ය තත්ත්වයෙන් දේවත්වයට පත් කරනවා. පෙරදි දේවතාවන්ගේ රාජ්‍යය තිබුණා. රජ හා රැජින වගේ තමයි දේවතාවන්, ඒ වගේ තමයි පුරවැසියනුත් ඔවුන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන බවට පත්වුවා. ඉලක්කය හා අරමුණ පළමුවෙන්ම එනවා. ඔහු රාමා රජ්ජුරුවන් හෝ සීතා රැජිණ නිර්මාණය කරනවා කියා දෙයක් ඇත්තේ නැහැ. මෙය රාජ යෝගාවයි. ඉතින් ඔහු ඔබව රජවරුන්ගේත් රජවරු බවට පත් කරනවා. සෑම චක්‍රයකදිම ඔබට නැති වුණු රාජ්‍යය නැවතත් ලබා දීම උදෙසා මා පැමිණෙනවා. ඔබගේ රාජ්‍යය මානව ජීවයන් උදුරා ගත්තා නොවේ. ඔබගේ රාජ්‍ය උදුරා ගත්තේ මායායි. ඉතින්, ඔබ දැන් මායාව පරාජය කර දැමිය යුතුයි. ඒවා එකිනෙකා පරාජය කර දැමීමට තැත් කරනා රජ දරුවන් අතර ඇතිවන සටන්ය. දැන් මිනිසුන් මත මිනිසුන් පාලනය බවට පත්ව ඇත. සාමාන්‍ය රජවරුන්ගේ යුද්ධ ගණනාවක් මෙහි ඇති වී තිබෙනවා. ඉතින්, එමඟින් ඔවුන් සාමාන්‍ය රාජධානි පමණක් හිමි කර ගත්තා. කොහොමනමුත්, මෙම යෝගා බලයෙන් මුළු ලෝක රාජධානියක් ස්ථාපනය කරනවා. මෙය හඳුන්වන්නේ සැහැසි බවින් තොර වු යුද්ධයක් ලෙසයි. යුද්ධයක් යනු ඔබ මරා දමනා හෝ ඔබව මරා දැමෙනා හෝ දෙයක් පමණක් නොවේ. මෙය යෝගා බලයයි. මෙය ඉතා පහසුයි. බාබා සමඟ යෝගාහි යෙදීමෙන්, අප පාපකාරී ක්‍රියා පරාජය කර දැමුවන් බවට පත්වනවා. එවිට මායාවට අපට පහරදීමට නොහැකියි. යම් කිසි ඇටයක් කටේ දමා ගැනීමෙන් මායා අතුරුදහන්ව යන ආකාරයේ, හතාමතායි නාටකයක් ඔවුන් කරනවා. පසුව එම ඇටය ඉවත් කළ සැණින්, මායා නැවතත් එනවා. අල්ලා ඇවල්ඩින් පිළිබඳ වූ කතන්දරයකුත් තිබෙනවා. එහි යම් දෙයකට තට්ටු කිරීමෙන්, දිව්‍ය ලෝකය මතු වෙනවා. ඒ දිව්‍ය ලෝකයයි. එමනිසා, පියා මෙහි අසුන්ගෙන බ්රහ්මා මාර්ගයෙන් දිව්‍ය ලෝකය ස්ථාපනය කරනවා. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, විසින් අපාය ස්ථාපනය කරනු ලබන්නේ නැහැ. එය එසේ වූවා නම්, ඔවුන් ඔහුගේ පඹයකු තනයි. කොහොමනමුත්, ඔවුන් තනන්නේ රාවණ්ගේ පඹයෙක්. මන්ද, ඔහු සෑම කෙනෙකුගේම හතුරා වන නිසයි. දිව්‍ය ලෝකය ස්ථාපනය කරන්නා වූ පියාව ඔබ දෑස් මත තබා තිබෙනවා. පියා කියනවා භක්තිවන්තයින් මා සිහිපත් කරනවා. ඔවුන්ව දුකින් මුදවා ගන්නැයි කියනවා. මේ නිසා තමයි මා පැමිණ ඔවුන්ව නිදහස් කර ගන්නේ. පියා විමුක්තිදායකයා වන්නා සේම, ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයා ද වනවා. ඔහු ඔබව නැවතත් ඔබගේ සාමයේ දේශය වෙත රැගෙන යනවා. ආදරවන්තයා සමඟ සිටිනා අය මතට ඥානයේ මිණිමුතු නම් වූ පිණි දිය වෑස්සෙනු ඇත. මෙම ඥාන මිණිමුතු හා සැසඳිය හැකි වෙන කිසිවක් නොමැත. ඥානයේ සාගරය බාබායි. ඉතින් එමනිසා, ජීවාත්මය තුළ අනිවාර්යෙන්ම එම චරිත කොටස ගැබ් වී තිබෙනවා. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, තමා විසින්ම මෙසේ කියනවා ඔබ දෙවියන් ලෙස හඳුන්වන්නා වූ මගේ ජීවාත්මයටත් භක්තිකයන් රැකබලා ගැනීමේත් සෑම කෙනෙක්ටම සතුට ලබා දීමේත් චරිත කොටස තිබෙනවා. සෑම කෙනෙක්ම දුකට පත් කරන්නේ මායායි. භක්තිවන්තයින්ට තාවකාලික සතුටක් ලබා දීමත් මගේ චරිත කොටසයි. ඔවුන්ට දර්ශන පෙන්වමින්, ඔවුන්ට දිව්‍යමය බුද්ධියක් ලබා දෙන්නේ මා පමණයි. මෙය හඳුන්වන්නේ ඥානයේ තෙවෙනි ඇස ලෙසයි. ඔබගේ බුද්ධියේ අගුල විවෘත කරලිය හැකි ගොඩ්රිච් අගුල මෙයයි. මටත් චරිත කොටසක් තිබෙනවා. පියා හා සමඟ සිටින අය මතට ඥානයේ වර්ෂාව වහිනවා. දැන් දරුවන් දහස් ගණනක් ඔහු සමඟ සිටින්නේ කෙසේද? ඔබ දිගින් දිගටම පියාව සිහි කළහොත් ඉන් අදහස් වන්නේ ඔබ ඔහුත් සමඟ සිටිනා බවයි. සමහරු ලන්ඩනයේත් තවත් සමහරු තවත් තැනකත් සිටිය හැකිය. එබැවින් භෞතික වශයෙන් ඔහුගේ ඇසුරක් නොමැත. ඔවුන්ටත් මුරලි ලැබෙනවා. ඥානවන්ත සිහි බුද්ධියෙන් යුතු අය සෑම දෙයක්ම එක් සතියකින් ඉතාමත් හොඳින් වටහා ගනියි. මා පසුව ඔවුන්ව ස්වදර්ශන චක්‍රධාරීන් කරවනවා. දරුවන් දැන් උපත් 84 හි රහස වටහා ගෙන සිටිනවා. ස්වදර්ශන චක්‍රය කැරකැවීමෙන් ඔබ මායා, රාවණ්ගේ හිස කපා දමනු ඇත. එනම්, ඔහුව පරාජය කිරීමයි. මෙහිදී කිසිම කෙනෙකුගේ හිසක් කපා දැමීමක් සිදු වන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු ආයුධ ඇතිව සිටිනා තඹ යුගයේ අයව පෙන්නුම් කර තිබෙනවා. ඇත්තෙන්ම හක්ගෙඩිය වන්නේ ඔබගේ මුඛයයි. ඒ වගේම ස්වදර්ශන චක්‍රය කැර කැවීම බුද්ධිය විසින් කළ යුතු දෙයක් වෙනවා. ඉතින්, භක්ති මාර්ගයේ ඔවුන් ඒ ආකාරයෙන් නොයෙකුත් ආභරණ දී තිබෙනවා. භක්ති මාර්ගයේ නොකඩවාම දිවෙනා මේ ආගමික ග්රන්ථ නාටකයට අනුව ඒ අයුරින්ම දිගින් දිගටම දිවයනු ඇත. මේ සත්‍ය ගීතාව කෙනෙකුගේ අතට පත් වූ විට ඔහු ඉන් යමක් උපුටා ගෙන තවත් කෙනෙකුට දීම විය හැකි දෙයක්. කොහොමනමුත්, ඒ සියල්ලම සමාන්‍යයි. ඇතැම් වචන ගීතාවේ සඳහන් වී තිබෙනවා. ‘දෙවියන් කතා කරයි.’ යන්න නිවැරදියි. රාජයෝගා යන්නත් නිවැරදියි. පියා කියනවා ඔබ දැන් නිවස කරා යා යුතුයි. ශරීරය ඇතුළු සියල්ල අමතක කර දමන්න. ඒ වෙනුවට ඔබට ඉතා පිවිතුරු ශරීරයක් හිමිවෙනු ඇත. ජීවාත්මයද පාරිශුද්ධත්වයට පත් වේ. ඒ වගේම ඔබට විශාල ධනයක්ද ලැබේ. ඒ කෙරෙහි ඔබට බොහෝ ආසාවක් තිබෙනවා. එය පිරිසිඳු ආසාවක් ලෙස හඳින්විය හැකියි. මෙමඟින් මුළු භාරතයම පාරිශුද්ධත්වයට පත් වනු ඇත. භාරතයේ මිනිසුන්ට රාමාගේ රාජ්‍යය අවශ්‍යව තිබෙනවා. එක රජයක්, එක ජාතියක්, එකමුතුකම සහ නොබෙදුණු එක මඟක් ඇති එම රාජ්‍යය ඔබට අවශ්‍යයි. ’නොබෙදුණු’ යනු දේවතාවනුයි. අනෙක යක්ෂයින්ගේ දිසාවයි. ශ්‍රීමත් හැර අන් සෑම දෙයක්ම යක්ෂ දිසාවකි. මේ නිසා ඔවුන් දිගින් දිගටම රණ්ඩු සරුවල් ඇති කර ගනී. දෙවියන්ගේ දරුවන් නොවීමේ හේතුවෙන් ඔවුන් අනාථයින් බවට පත් වී සිටියි. ස්වර්ණමය යුගයේ දී දේවතාවරුන් ස්වාමියාට සහ පාලකයාට අයිතිය. එහිදී, සතුන් පවා කිසිවිටෙක රණ්ඩු වන්නේ නැහැ. මෙහෙදී සෑම කෙනෙක් ම නිතර නිතර අඬදබර ඇති කරගන්නවා. ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක් තුළම අසීමිත සතුටක් තිබෙනවා. ඔබ දැන් පියාගෙන් ඔබගේ දේව ජන්ම උරුමය හිමි කර ගන්නා බව ඔබ දරුවන් දන්නවා. පරමාත්ම දෙවියන්ම දැන් ඔබ ඉදිරියේ සිටියි. ඔහු කියනවා සෑම චක්‍රයකදීම දිව්‍ය ලෝකය ස්ථාපනය කිරීම සඳහා මා මෙහි පැමිණෙනවා. මා දරුවන්ට ඉතා ලස්සන තිළිණයක් රැගෙන එනවා. පියා කියනවා බොහෝ කලක් නැතිව සිට දැන් හමු වුණ මා ආදරණීය දරුවන් අවුරුදු 5000කට පසු දැන් හමු වී සිටිනවා. වෙන කිසිම කෙනෙක්ට මෙසේ පැවසිය නොහැකියි. ඔවුන් තමන්ව බ්‍රහ්ම, විශ්ණු, ශංකර් ලෙස හැඳින් වූවත් මෙවැනි දේ කියන්නට දන්නේ නැහැ. කිසිම කෙනෙකුට මෙහිදී බාබාව කොපි කරන්නට බැහැ. පියා කියනවා මගේ ආදරණීය, බොහෝ කාලයක් නැතිවී සිට දැන් හමු වූ දරුවනි, ඔබ පැමිණ අවුරුදු 5000කින් නැවතත් මා හමුවී සිටිනවා. දරුවන් වන ඔබ පමණයි නිතරම මා මුණගැසෙන්නේ. එක් රජ කෙනෙක් හා රැජිණක් නිර්මාණය කිරීමට සෑහෙන උත්සාහයක් දැරීමට සිදු වෙනවා. පසුව මෙහි දරුවන් දහස් ගණනක් ඇති වෙනවා. කුමර කුමරියන් දහස් ගණනක් බිිහි වෙනවා. ඔවුන්ගෙන් අඩුම තරමින් එක් දහසක් හෝ දෙදහසක් ද පුරවැසියන් මිලියන හතරක් හෝ පහක් ද සිටිය යුතු වෙනවා. ඉතින් මෙය ඉතාමත් උසස් ඉලක්කයකි. මෙය පියාගේ පාසලයි. එමනිසා, ඔබ එවන් වූ හොඳ උත්සාහයක් දැරිය යුතු වෙනවා. පියා ඔබට කියන්නේ රජවරුන්ගෙත් රජවරුන් බවට පත් වීමට මිස, පුරවැසියන් බවට පත් වීමට නොවේ. මීට ඉහත කල්පයේදී මෙම තත්ත්වයට පත් වූවන් මෙම චක්රයේදීත් එම තත්ත්වයටම පත් වනු ඇත. අප උරුමය ලබා ගන්නෝ කවුරුන්ද කියා නොබැඳි නිරීක්ෂකයන් සේ බලා හිඳිනවා. සමහරු මෙය ඉතාමත් හොඳින් වටහා ගන්නවා. වඩාත්ම ආදරණිය වන්නේ පියායි. ඉඳිකටු, කාන්දමක් වෙත ඇදී එනවා. සමහර ඒවා අනෙක්වාට වඩා මළකඩ සහිතයි. බොහෝ සමීප අය පැමිණ බාබාව ඉතා සමීප ලෙස මුණගැසෙනවා. පිරිසිඳු ඉඳිකටුවක් ඉතා ඉක්මණින් ඇදී එනවා. පියා ඔබගේ ජීවය තුළ බැඳී ඇති මළකඩ ඉවත් කොට එය දිදුලන තත්ත්වයට පත් කරනවා. එවිට ඔබ ගිහින් එහි ඔහුත් සමඟ වාසය කරනවා. ඔබ රුද්‍රාගේ මල්දාමයට අයත් වීමටයි ඉන්නේ. මෙය සිහිපත් කෙරෙනවා. නමුත් ඒ නිර්මාණය වන්නේ කාගේ මාලය ද යන්න ගැන කිසිවෙක් දන්නේ නැහැ. පියා කියනවා මගේ මාලයෙහි කොටස්කරුවන් වන අය දිව්‍ය ලෝක පාලකයන් බවට පත් වනු ඇත. ඔබ භක්තිවන්තයින්ගේ මාලය ගැනත් වටහාගෙන තිබෙනවා. එය රාවණ්ගේ මාලයයි. රාවන්ගේ මාලයට පළමුවෙන්ම එන්නේ කවුද? වන්දනා ලබනා තත්ත්වයේ සිට වන්දනා කරුවෙක් බවට පත් වන්නේ කවුද? වන්දනීයත්වයට පාත්‍ර වෙමින් සිටි දේවතාවන් පසුව වන්දනා කරුවන් බවට පත් වෙනවා. මේවා ඉතා ගැඹුරු වූ කරුණු වන අතර ඒවා හොඳින් තේරුම් ගත යුතු වෙනවා. ඔබ දාර්ශනිකයන්. ඔබ තම ශරීරයද ඇතුළුව සියලු දේ බාබාට කැප කරනවා. සන්යාසීන්, දාර්ශනිකයන් බවට පත් වන්නේ නැහැ. ඔවුන් තම නිවසත් පවුලත් අත්හැර දමා කැලයට යනවා. ඔබ සැම දෙයක්ම දෙවියන් වෙත කැප කරනවා. සෑම දෙයක්ම පරමාත්ම දෙවියන්, පරම පියාණන් හටයි. එවිට පියා කියනවා මගේ සෑම දෙයක්ම දරුවන් සඳහායි. කෙනෙක් මිය යන විට, ඔහුට අයිති සෑම දෙයක්ම විශේෂ බ්‍රහමිණ් පූජකවරයෙකුට (කානිඝෝර්)දෙනවා. පියා කියනවා මමත් කානිඝෝර්. ඔබ ළඟ තිබෙනා සෑම දෙයක්ම හරියට පිදුරු ගස් වැනියි. ඔබ ඒ සියල්ල දානය කරනවා. ඔබ පියා වෙත තමාව කැප කරනවා. පසුව ඒවා ගැනෙන්නේ ඔබගේ ප්රයෝජනයටමයි. බාබා ගොඩනැගිලි පවා තනන්නේ ඔහු සඳහා නොවේ. දානපතියා වන්නේ ශිව බාබායි. ඔහු ඔබට සම්පූර්ණ දිව්‍ය ලෝක රාජ්‍යය ලබා දෙනවා. මේ නිසා තමයි ඔහු ව්‍යාපාරිකයා ලෙසද හැඳින්වෙන්නේ. මේවා ඉතාමත් මිහිරි වූ දේවල්. විභාග දැන් අවසන් වීමටයි යන්නේ. බාබා, සියලු විභාග අවසන් වන්නේ කවදාද? බාබා කියනවා ඔබ මිය යාමට සිටිනා විට, මෙම ඥානය අවසානයක් වෙත පැමිණුනු කළ විනාශය ආරම්භ වෙනවා. පසුව ස්වර්ණමය යුගයේදී, ඔබ මුඛය තුළ රත්රන් හැන්දක් තිබෙනු ඇත. ඔබ රන් හා සම උපතක් ලබනවා. මෙහිදී මිනිස්සු අවුරුදු 30 හෝ 40 ක් ඉගෙන, මෙහිදීම එහි ඵලය ලබා ගන්නවා. ඔබගේ අධ්‍යාපනය අනාගතය සඳහායි. ඔබ අනාගත උපතක් ලබා කුමරෙක් බවට පත් වනු ඇත. එමනිසා, විනාශය ඇරඹුණු කළ විභාගය අවසන් වනු ඇත. එක් පැත්තකින් මෙම ඉගෙනුම අවසන් වන අතර අනෙක් පැත්තෙන් විනාශය ඇරඹෙනු ඇත. කෙසේවෙතත්, පෙරහුරු දිගින් දිගටම පැවැත්වෙනවා. ඔබ නව ලෝකයේදී මෙම අධ්‍යාපනයෙහි ඵලය ලබනු ඇත. එහි ජීවාත්ම, ශරීර හා රාජ්‍යය ආදී සියල්ලම අලුත්. මේවා ගැඹුරු ධාරණාව සඳහා වූ කරුණු. ඔබ කිසිම විටෙක ඉගෙනීම නතර නොකළ යුතුයි. පියා මෙහි අසුන්ගෙන මේ ලස්සන කරුණු ඔබට කියා දෙනවා. ප්‍රමාද වී පැමිණෙන අයත් ඉක්මණින්ම ග්‍යාන් හා යෝගාහි නිරත වී ඔවුනුත් උසස් තත්ත්වයක් හිමිකර ගනු ඇත. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- ජීවය
සහ ශරීරය
යන දෙකම
පාරිශුද්ධත්වයට පත්
කරලීම උදෙසා,
මේ පරණ
ශරීරයත් සමඟ
සියල්ල අමතක
කර දමන්න.
තම ශරීරයෙන්මත්
තමාව සම්පූර්ණයෙන්
කැපකර සම්පූර්ණ
පරාර්ථකාමියෙක් බවට
පත් වන්න.
- පියාගේ
ශ්‍රීමත්
අනුගමයන කොට
අසීමිත වූ
සතුට හිමිකර
ගන්න. මුළු
ලෝකයම සතුටින්
තැබිය හැකි
වූ පිරිසිඳු
ආශාවන් ඇති
කර ගන්න.
නමුත් අපිරිසිඳු
ආශාවන් ඉවත්
කර දමන්න.
වරදානය:
අම්රිත් වේලාවේ
වැදගත්කම ගැන
දැනුවත් වීමෙන්
ඔබ විශේෂ
සේවාධාරීයෙක් වී
ශ්‍රේෂ්ඨ
වේවා.
සේවාධාරියෙක් යනු, තම දෑස් විවර කළ සැනින් ඔහු පියා සමඟ සිටින බව සහ පියාට සමාන වීමේ ස්ථීතිය අත්දකින කෙනෙකි. විශේෂ ආශිර්වාදයන්ගේ වේලාව ගැන දන්නා සහ එම ආශිර්වාද අත්දකිනා අය, විශේෂ සේවාධාරීන්ය. ඔබ මෙය අත්දකින්නේ නැත්නම්, එවිට ඔබ සාමාන්‍ය සේවාධාරියෙක්ය, විශේෂ කෙනෙක් නොවෙයි. අම්රිත් වේලාවට සහ තමන්ගේ සිතිවිලි, කාලයට සහ සේවයට වැදගත්කමක් ලබා දෙන සහ සෑම දේකම වැදගත්කම ගැන දන්නා අය, ශ්‍රේෂ්ඨත්වයට පත්වන අතර ඔවුන් අන් අයටත් සෑම දේකම වැදගත්කම ගැන පවසා ඔවුන්වත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි.
පාඨය:
ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය වන්නේ, සියලු ජීවාත්ම හිස නමන, සත්‍යයේ බලයයි.
*** ඕම් ශාන්ති ***
0 Comments