Header Ads Widget

Header Ads

SINHALA MURLI 01.02.23

 

01-02-2023 උදෑසන මුරලි  ඕම් ශාන්ති  බාප්දාදා  මධුබන්


Listen to the Murli audio file



 

සාරය:

සුමිහිරි දරුවනි, පියා, අශාරීරික ඥානයේ සාගරය වන ඒකායන ඔහුම ඔබට උගන්වන බැවින්, ඔබගේ ද්රිෂ්ඨිය, ශාරීරික ජීව කෙරෙහි ඇදී නොයා යුතුයි.

ප්රශ්නය:

ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර උසස් තත්ත්වයක් හිමිකර ගැනීම සඳහා ඔය දරුවන්ට කළ හැකි උත්සාහය කුමක්ද?

පිළිතුර:

ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර, සරළව ඥානයේ අසිපත භාවිත කරන්න. ස්ව-දර්ශන චක් ධාරියෙකු වී, නොකඩවා හක්ගෙඩිය පිඹින්න. ඇවිදින සහ එහෙ මෙහෙ යන එන අතර අසීමිත පියා සිහිපත් කර, එම සතුටේ රැඳී සිටින්න, එවිට ඔබ උසස් තත්ත්වයක් හිමි කරගනී. ඔබ කළ යුතු උත්සාහය මෙයයි.

ප්රශ්නය:

යෝගාව මඟින් ඔබට ලැබෙන ද්විත්ව ලාභය කුමක්ද?

පිළිතුර:

එකක්, ඔබ මෙකල පාපකාරී ක්රියා නොකරන අතර අනෙක ඔබගේ අතීත පාපයන් දුරු වී යයි.

ගීතය: මාතා, මාතා, සියලු දෙනාට භාග්යය පිරිණමන්නා ඔබයි

ඕම් ශාන්ති. ආධ්යාත්මික රැස්වීම්වල සහ කොලිජිවල ඔබට උගන්වන්නේ කවුරුන්ද කියා ඔබට දැකගත හැක. ඔබගේ ද්රිෂ්ඨිය එම සිරුර මතට වැටෙයි. කොලිජීයක, අහවල් මහාචාර්යවරයා ඔබට උගන්වන බව ඔබ කියයි. ආධ්යාත්මික රැස්වීමකදී, අහවල් විද්වතා දැනුම පවසන බව ඔබ කියයි. ඔබගේ බැල්ම මනුෂ්යයන් මත වැටෙයි. මෙහිදි ඔබගේ බැල්ම, ශාරීරික ජීවයෙක් මත වැටෙන්නේ නැත. මෙම ශරීරය තුළින්, පරම පියා, පරමාත්ම ජීවය ඔබට කතා කරන බව, ඔබගේ බුද්ධිය තුළ තිබේ. ඔබගේ බුද්ධිය, මව සහ පියා, බාප්දාදා වෙතට යයි. දරුවන් යමක් පවසන විට, ඔවුන් පියාගෙන්, ඥානයේ සාගරයෙන් ඇසූ දේ, පවසන බව කියයි. එහි වෙනසක් තිබේ. ආධ්යාත්මික රැස්වීම් වලදි ඔවුන් අසන දේ, අහවල් කෙනා, වේදයන්ගෙන් පවසන බව, ඔවුන් විශ්වාස කරයි. මිනිසුන්ගේ බැල්ම මනුෂ්යයන්ගේ තත්ත්වය, කුලය සහ වංශය මත වැටෙයි මේ කෙනා හින්දු, මේ කෙනා මුස්ලිම්. ඔවුන්ගේ බැල්ම වැටෙන්නේ එයටයි. මෙහිදි ඔබගේ බැල්ම යන්නේ ශිව බාබා වෙතටයි ශිව බාබා ඔබට උගන්වනවා. පියා අනාගත නව ලෝකයේ උරුමය ඔබට ලබා දීමට දැන් පැමිණ සිටිනවා. වෙනත් කිසිවෙකුට මෙසේ පැවසිය නොහැක දරුවනේ, මා ඔබට දිව් ලෝකය වෙනුවෙන් රාජයෝගාව උගන්වනවා. ඔබට ගීතය ඇසුණා. ගීතය, අතීතය පිළිබඳවයි. ජගදම්බා එසේ වීය. ඇගේ දේවාල තිබෙන බැවින්, ඇය අනිවාර්යෙන් ඇගේ භාග්යය නිර්මාණය කරගත්තා, නමුත් ඇය කවුරුන්ද, පැමිණියේ කෙසේද හෝ ඇය නිර්මාණය කළ භාග්යය කුමක්ද කියා මිනිසුන් නොදනී. එබැවින් මෙම ඉගෙනුම සහ එම ඉගෙනුම අතර දිවා රාත්රිය මෙන් වෙනසක් තිබේ. මෙහි, ඥානයේ මහා සාගරය, පරම පියා, පරමාත්ම ජීවය, බ්රහ්මාගේ මුඛය තුළින් ඔබට උගන්වන බව, ඔබට වැටහෙයි. පරම පියා පැමිණ ඇත. පරමාත්ම දෙවියන් නියත වශයෙන්ම බැතිමතුන් වෙතට පැමිණිය යුතුයි. එසේ නැත්නම් බැතිමතුන් දෙවියන් සිහි කරන්නේ කුමටද? සියලු දෙනාම දෙවියන් බව පැවසීම වැරදියි. සර්ව ව්යාප්තියේ අදහස විශ්වාස කරන අය, ඔවුන්ගේ අදහස ඔප්පු කිරීමට ඇණ 20 බලය භාවිත කරයි. ඔබගේ විස්තර කිරීම වෙනස්ය. අසීමිත පියාගෙන් උරුමය හිමි වන්නේ දරුවන්ට පමණයි. සන්යාසීන්ට නිරාශාවේ, හුදෙකලාවේ මාවත තිබේ. ඔවුන්ගෙන් ඔබට දේපළවලට අයිතියක් කිසිදා ලබා ගත නොහැක. ඔවුන්ට දේපළ අවශ් නැත. ඔබට නිරන්තර සතුටේ දේපළ අවශ්යයි. අපායේ, ධනයේ සහ දේපළවල දුක තිබේ. ඇතැමුන් ධනවත් වුවද, ඔවුන්ගේ ක්රියාකාරකම් ඉතා අපිරිසිඳු වන අතර ඔවුන් නොකඩවා ඔවුන්ගේ ධනය අපතේ හරියි. ඉන්පසු ඔවුන්ගේ දරුවන් සාගින්නේ මිය යයි. ඔවුන් තමන්ව සහ තම දරුවන්ව දුකට පත් කරවයි. එම කෙනා අසීමිත පියා වන අතර ඔහු මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට විස්තර කරයි. එහි ඔබට තාවකාලික උරුමයක් ලබා දෙන බොහෝ විවිධ පියවරු සිටියි. රජවරුන් සිටියත් ඔවුන් සීමිතයි. ඔවුන්ගේ සතුට, සිමීත මෙන්ම තාවකාලිකයි. මෙම අසීමිත පියා, ඔබට අවිනාශී සතුට ලබා දීමට පැමිණෙයි. ද්විත්ව කිරුළු පළන් භාරත ජනතාව, දිව් ලෝකයේ අධිපතියන්ව සිටි බවත් ඔවුන් දැන් අපායේ අධිපතියන් බවට පත් වී ඇති බවත් ඔහු විස්තර කරයි. අපායේ දුක තිබෙන නමුත්, ඔවුන් ගරුඩා පුරාණයේ පෙන්වා ඇති අන්දමට, අන්ත අපා අගාධයේ එවන් ගංගා හෝ විෂ ගංගාවන් නොමැත. එය අත්විඳීමට ඇති දඬුවම්ය. එබැවින් ඔවුන් එම බියකරු කතා ලියා ඇත. පුරාණ කාලයේ, කෙනෙක් අපරාධයක් කිරීමට භාවිත කළ භෞතික අත් හෝ පාද, කපා දමන ලදි. ඔවුන්ට දැඩි දඬුවම් ලැබුණා. දැන් දඬුවම් එතරම් තද නැත. එල්ලීමේ දඬුවම එතරම් දැඩි නැත. එය ඉතා පහසුයි. මිනිසුන් ඉතා පහසුවෙන් සිය දිවි පවා නැති කරගනී. ඔවුන් විගසින් තමන්ව ශිවාට හෝ දේවතාවන්ට බිලි දෙයි. ජීවයක් දුකින් සිටින විට, ඔහුට තම සිරුර හලා දමා තවෙකක් ගැනීමට අවශ් වන බව ඔබ දන්නවා. සිය දිවි නසා ගන්නා මිනිසුන් අකාරයෙන් සිතන්නේ නැත. ඔවුන් මෙහිදි තම සිරුරු හලා දමා, ඉන්පසුව මෙහි වෙනත් අපිරිසිඳු උපත් ගනී. ඔවුන්ට දැනුම නොමැත. ඔවුන් කරන්නේ, දුක නිසා ශරීරය අවසන් කර දැමීම පමණයි. කෙසේවෙතත්, ඔවුන් නැවතත් දුක් උපතක් ලබයි. ඔබ නව ලෝකයට සුදුස්සන් වෙමින් සිටින බව ඔබ දන්නවා. සිය දිවි නසා ගන්න අය අතර විවිධත්වයක් තිබේ. සමහර භාර්යාවන් ඔවුන්ගේ ස්වාමියා මිය ගිය විට තම ශරීර බිලි දෙයි එය වෙනත් කාරණාවකි. සැමියා ගිය ස්ථානයටම ඔවුන්ද යන බව ඔවුන් විශ්වාස කරයි, මන්ද, ඔවුන් එය අසා ඇති නිසා මෙන්ම බොහෝ දෙනෙක් මීට පෙර එය කර ඇති බැවින්ය. ඇය සැමියා ගිය ස්ථානයටම යන බව, ග්රන්ථ ශාස්ත්රවල ලියා තිබේ. කෙසේවෙතත්, එම සැමියා පාපයන්හි ගැලුනු කෙනෙක් වන්නට ඇති බැවින් ඔහු නැවතත් මෙම මරණීය දේශයට පැමිණෙනු ඇත. මෙහි, ඔබ ඥානයේ චිතකයේ අසුන් ගැනීමෙන් දිව් ලෝකයට යයි. ස්ථාපනයට උපකරණ වී ඇති ජගත්පිතා සහ ජගදම්බා, දිව් ලෝකයේ පැවැත්ම සිදුකරන අය වන බව ඔය දරුවන් දන්නවා. විෂ්ණුගේ වංශය කුමක්ද කියා මිනසුන් නොදනී. විෂ්ණු සූක්ෂම දේශයේ නිවැසියෙක් බැවින් ඔහුගේ වංශයක් තිබෙන්නේ කෙසේද? විෂ්ණුගේ දිවිත්ව ස්වරූපය වන ලකෂ්මි සහ නාරායන, එහිදි පාලනය කර, පැවැත්ම සිදුකරන බව ඔබ දැන් දන්නවා. මෙය ඥානයේ චිතකයයි. ඔබ එම සියලුම සැමියන්ගේ ඒකායන සැමියා සමඟ යෝගාවේ සිටියි. ඔහු සියලු සැමියන්ගේ සැමියා මෙන්ම සියලු පියවරුන්ගේ පියා වන ශිව බාබාය. එම කෙනා සියලු දේය. සියලු සම්බන්ධකම් ඔහු සමඟ ඇති කෙරෙයි. පියා පවසන්නේ ඔබට දැන් සිටින සියලුම මාමලා සහ බාප්පලා ආදීන් ඔබට අවවාද දෙන්නේ දුක වෙනුවෙන් පමණයි. මෙකල ඔවුන් ඔබට වැරදි මාර්ගයට රකුසු උපදෙස් පමණක් ලබා දෙයි. අසීමිත පියා පැමිණ ඔය දරුවන්ට නිවැරදි උපදෙස් ලබා දෙයි. නිදසුනක් ලෙස ඔබගේ භෞතික පියා ඔබට කොලිජීයක ඉගෙනගෙන නීතිඥවරයෙක් වන්නට කියා උපදෙස් දෙයි. එම උපදෙස් වැරදි නැහැ. ඒවා ඔබගේ සිරුරේ ජීවිකාව වෙනුවෙන් නිවැරදියි. ඔබ එම උත්සාහය දැරිය යුතුයි. සමඟම ඔබගේ අනාගත උපත් 21 සිරුරුවල ජීවිකාව වෙනුවෙන් ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ ඉගෙන ගන්නේ ඔබගේ සිරුරේ ජීවිකාව වෙනුවෙන්. ආගමික ශාස්ත් පිළිබඳ ඉගෙනගන්නේ, හුදෙකලා මාවතේ සිටින අයගේ ජීවිකාව වෙනුවෙන්ය. ඔවුන් ඒවා හදාරන්නේ ඔවුන්ගේම ජීවිකාව වෙනුවෙනි. සන්යාසීන් තම ජීවිකාව වෙනුවෙන් උපයාගනී. සමහරු රු. 50ක්, සමහරු රු. 100ක් සහ සමහරු රු. 1000ක් පවා උපයාගනී. කාශ්මීරයේ රජතුමා මිය ගිය විට, ආර්ය සමාජයේ අයට බොහෝ මුදල් ලැබුණි. ඔවුන් සියලු දෙනා සෑම දෙයක්ම කරන්නේ තමන්ගේම බඩ වියත වෙනුවෙන්ය. ධනය නොමැතිව සතුටක් නැත. කෙනෙකුට ධනය තිබේ නම් ඔහුට කාර් එකක අවට සංචාරය කළ හැක. මුලදි සන්යාසීන් මුදල් වෙනුවෙන් අත්හැරීම කළේ නැත ඔවුන් නිකම්ම වනගත විය. ඔවුන්ට මෙම ලෝකය එපා වී, තමන්ව නිදහස් කරගනී. කෙසේවෙතත්, ඔවුන්ට ආකාරයෙන් නිදහස් විය නොහැක. ඔව්, ඔවුන් පිවිතුරුව සිටිනවා පාරිශුද්ධත්වයේ බලයෙන් ඔවුන් භාරතයට ආධාරයක් වනවා. ආකාරයෙන් ඔවුන් භාරතයට සතුට ලබා දෙයි. ඔවුන් පිවිතුරු නොවූයේ නම්, භාරතය ඊටත් වඩා ගණිකා මඩමක් වනු ඇත. එකක් හුදෙකලා මාවතේ සිටින අයගේ වන අතර අනෙක පාරිශුද්ධත්වය උගන්වන පියාගේය. ඔවුන්ගේ පාරිශුද්ධත්වය, හුදෙකලා මාවතේ එකකි. මෙම පාරිශුද්ධත්වය, පවුල් මාවතේය. භාරතයේ පිවිතුරු පවුල් මාවත පැවතීය. දේවතාවන් වන අප, පිවිතුරු වූ නමුත් අප දැන් අපවිත් වී ඇත. පාපයන් පහ මඟින් චක් භාගයක් පුරාවටම අප අපවිත් වෙමින් සිටියා. ටිකින් ටික මායා ඔබව සම්පූර්ණයෙන් අපවිත් සහ පාපකාරී කර තිබේ. මෙම ලෝකය අපවිත් බව ඔවුන්ට වැටහෙන නමුත්, අප පිවිතුරු බවින් අපවිත් වන්නේ කෙසේද කියා මේ ලෝකයේ කිසිම මනුෂ්යයෙක් නොදනී. නිදසුනක් ලෙස ගොඩනැගිල්ලක ආයු කාලය වසර 100ක් නම්, එවිට වසර 50ක් එය අළුත් බවත් වසර 50ක් එය පැරණි බවත් කියනු ඇත. එය ක්රමයෙන් නොකඩවා පැරණි වෙයි. මෙම ලෝකයටත් එය එසේමයි. සම්පූර්ණයෙන් නව ලෝකයේ සතුට තිබෙන අතර ඉන්පසුව චක් භාගයකට පසුව එය පැරණි වෙයි. ස්වර්ණමය යුගයේ අසීමිත සතුට තිබෙන බව සිහි කර තිබේ. පසුව ලෝකය පැරණි වන විට දුක ඇරඹෙයි. දුක ඇති කරන්නේ රාවණයි. ඔබව අපවිත් කළේ, මිනිසුන් විසින් ඔහුගේ පඹයෙක් පුළුස්සන, රාවණයි. ඔහු මහා සතුරෙකි. බොහෝ මිනිසුන් දුක් විඳින නිසා, රාවණ පුළුස්සා නොදැමිය යුතු බව කියමින් යමෙක් රජයට ඉල්ලුම් පත්රයක් යැවීය. ඔවුන් පෙන්වන්නේ රාවණ මහා විද්වතෙක් ලෙසයි. කිසිම ඇමතිවරයෙක් ආදීන් හට වැටහෙන්නේ නැත. රාවණගේ රාජධානිය ආරම්භ වන්නේ තඹ යුගයෙදී බව, ඔබ දැන් දන්නවා. රාවණගේ පඹයෙක් පුළුස්සන්නේ භාරතයේ පමණයි. පියා විස්තර කරන්නේ භක්ති මාර්ගය, අවිදු මාවත, ආරම්භ වන්නේ තඹ යුගයෙදීය. ඥානය තුළින් දහවලත්, භක්තිය තුළින් රාත්රියත් තිබේ. බලන්න, මිනිසුන් ජගදම්බාගේ ගුණ ගීත ගායනා කරන නමුත් ඇය භාග්යය පිරිණමන්නා වන්නේ කෙසේද කියා ඔවුන්ට වැටහෙන්නේ නැත. එතරම් විශාල මේලාවක් පවත්වන නමුත් ජගදම්බා යනු කවරෙක්ද කියාවත් ඔවුන් නොදනී. ඛෙංගාලයේ ඔවුන් බොහෝ සේ කාලි විශ්වාස කරන නමුත්, කාලි සහ ජගදම්බා අතර වෙනස කුමක්ද කියාවත් ඔවුන් නොදනී. ඔවුන් ජගදම්බාව සුදු පැහැයෙන්ද, කාලිව අඳුරු පැහැයෙන්ද පෙන්වයි. ජගදම්බා, ලකෂ්මි වන විට ඇය ඉතා ලස්සනය. පසුව උපත් 84ක් ගැනීමෙන් අනතුරුව ඇය අවලස්සන වෙයි. මිනිසුන් බොහෝ අවුලට පත්ව සිටියි. ඇත්ත වශයෙන්ම කාලි සහ අම්බා යන දෙදෙනාම එක්කෙනෙකි. ඔවුන් කිසි දෙයක් නොදන්නා අතර මෙය අන්ධ විශ්වාසය ලෙස හැඳින්වෙයි. අතීතයේ ජගදම්බා වූ කෙනා, භාරතයේ භාග්යය නිර්මාණය කළ බව, ඔය දරුවන් දැන් දන්නවා. ඔබත් භාරතයේ භාග්යය නිර්මාණය කරමින් සිටිනවා. ප්රධාන වන්නේ මව්වරුන්ගේ නාමයයි. මව්වරුන් සන්යාසීන්ව ඉහළ නැංවිය යුතුයි. මෙයද නියම වී තිබේ. පරම පියා, පරමාත්ම ජීවය, මෙම උපදෙස ලබා දී තිබේ ඥානයේ ඊතලය ඔවුන් වෙතට විදින්න. පරම පියා, පරමාත්ම ජීවය, ඥානයේ මහා සාගරය, ඔබට උගන්වන බව, ඔය දරුවන්ට සන්යාසීන් මුණගැසෙන විට, ඔබ ඔවුන්ට පහදා දෙයි. ඔවුන්ට කියන්න ඔබලා සීමිත සන්යාසීන් වන අතර අසීමිත අය, අපයි. ඔබගේ හත යෝගාව අවසන් වීමට ආසන්න වන විට, පරම පියා අපට රාජයෝගාව උගන්වයි. හත යෝගාවට සහ රාජයෝගාවට එකවර පැවතිය නොහැක. එබැවින් දැන් වැඩි කාලයක් ඉතිරිව නැත දැන් ඉතිරිව තිබෙන්නේ ඉතා කෙටි කාලයකි. පියා පවසන්නේ දරුවනේ, ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර, නෙළුම් මලක් මෙන් ජීවත් වන්න. කුමාරීන් කොහොමත් නෙළුම් මලක් මෙන් පිවිතුරුයි. පාපයේ ගැලෙන අයට බාබා පවසන්නේ පිවිතුරු වන්න! ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර නෙළුම් මලක් මෙන් වන්න! ඔබ සෑම කෙනෙක්ම ස්ව-දර්ශන චක්රය කරකවන කෙනෙක් විය යුතුයි. හක්ගෙඩිය පිඹින්න! ඥානයේ අසිපත භාවිත කරන්න, එවිට ඔබගේ ඔරුව එතෙර වෙයි. එයට උත්සාහයක් අවශ්යයි. උත්සාහ නොදරා ඔබට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැකි වෙයි. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතර එම සතුට පවත්වාගන්න. පියා සිහි කරන්න! බොහෝ සතුට ලබා දෙන කෙනෙක්ව ඉබේටම සිහි වෙයි. ඔබ දැන් අසීමිත පියා සිහි කළ යුතුයි. ඔබ ඔහුගේ හැඳින්වීම ලබා දිය යුතුයි. ඔබ විස්තර කළ යුතුයි ඔබ මෙම උපතෙදි ලෞකික අධ්යාපනයක් හදාරන විට, ඔබ දැනට නීතිඥවරයෙක් ආදිය වෙයි. අච්චා. නිදසුනක් ලෙස, ඔබ ඉගෙන ගන්නා අතර හෝ ඔබගේ විභාගය සමත් වූ විගස ඔබගේ ජීවිතය අවසන් වී ඔබ තම ශරීරය අත්හරින්නේ නම්, ඉගෙනුම එතනින් නතර වෙයි. සමහරු විභාග සමත් වී එංගලන්තයට ගොස් එහිදි මිය යයි එවිට ඉගෙනුම එතැනම එසැනින් නතර වෙයි. එම ඉගෙනුම විනාශ වනවා. මෙම ඉගෙනුම අවිනාශීයි එය කිසිදා විනාශ නොවෙයි. ඔබ ගොස් නව ලෝකයේ පාලනය කරන බව ඔබ දන්නවා. එය තාවකාලික සතුට වන අතර එයද ලැබෙන්නේ ඔබගේ භාග්යයේ තිබේ නම් පමණයි. එය කෙතරම් කලක් පවතීද කියා කිව නොහැක. මෙහි, එය සහතිකයි. ඔබගේ විභාග අවසන් වූ වහාම, ඔබ ගොස් උපත් 21කට ඔබගේ රාජධානියේ භාග්යය හිමි කරගනී. ඔබ සීමිත පියෙක්, ගුරුවරයෙක් සහ ගුරූ කෙනෙකුගෙන් ලැබුවේ තාවකාලික උරුමයක් පමණයි. ඔවුන්ගේ ගුරූගෙන් සාමය ලැබෙන බව මිනිසුන් සිතයි. කෙසේවෙතත්, මෙහි සාමය තිබිය නොහැක. ඉන්ද්රියන් තුළින් ක්රියා කිරීමෙන් ජීවයක් වෙහෙසට පත් වූ විට, ඔහු ශරීරයෙන් වෙන් වී සිටියි. පියා පවසන්නේ සාමය, ඔබගේ මුල්ම ධර්මයයි. මේවා ඉන්ද්රියන්. ඔබට කිසිවක් කිරීමට අවශ් නැත්නම්, එවිට නිහඬව අසුන්ගෙන සිටින්න. අප අශාරීරික වන අතර අපගේ පාපයන් දුරු කර ගැනීම සඳහා අප පියා සමඟ යෝගාවේ සිටිනවා. ඔබට සන්යාසී කෙනෙකුගෙන් සාමය ලද හැකි වුවත් එයින් ඔබගේ පාපයන් දුරු වන්නේ නැත. මෙහි, පියා සිහි කිරීමෙන්, ඔබ නොකඩවා පාප ක්රියා ජයගන්නා කෙනෙක් බවට පත් වෙයි. අච්චා, මිනිසුන් සාමයෙන් ඉඳගෙන සිටින අතර සමහර විට ඔවුන්ගේ පාපයන් දුරුවනු ඇති දෙගුණයක යහපතක් සිදුවෙයි. අතීතයේ පාපයන් විනාශ වෙයි. යෝගා බලය නොමැතිව කිසිදු අවස්ථාවක කිසි කෙනෙකුගේ පාපයන් දුරු කළ නොහැක. භාරතයේ පෞරාණික යෝගාව පමණක් සිහි කෙරෙනවා. බොහෝ උපත්වල පාපයන් දුරු වන්නේ මේ මඟින් පමණයි වෙනත් මඟක් නැත. මෙම ව්යාප්තිය දැන් අවසන් විය යුතුයි. රජයට පවා මෙතරම් ව්යාප්තියක් අවශ් නොවෙයි. අප කෙතරම් ව්යාප්තිය අඩු කරන්නේද යත්, ඉතා සුළු පිරිසක් පමණක් ඉතිරී වී, ඉතිරි සියලු දෙනා පිටමං වෙයි. විනාශය සිදුවන බව මිනිසුන්ට වැටහෙන නමුත්, සටන් නතරවන බව දකින විට, එය සිදුවෙයිද නැතිද කියා ඔවුන් සිතයි. එබැවින් ඔවුන් නිහඬ වෙයි. පියා විස්තර කරන්නේ දරුවනේ, ඉතිරිව තිබෙන්නේ ඉතා සුළු කාලයක් පමණයි. එබැවින් වැරදීම් කිසිවක් සිදු නොකරන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්රාර්ථනා කරයි. ආධ්යාත්මික පියාගෙන් ආධ්යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:

  1. ඔබගේ ශරීරයෙන් වෙන්ව සිටින්න, අශාරීරික වී, සත් සාමය අත්විඳින්න. පියාගේ සිහිපත් කිරීමේ සිටීමෙන්, තමන්ව පාප ක්රියා ජයගත් කෙනෙක් බවට පත් කරගන්න.
  2. ඔබගේ අවිනාශී ප්රතිලාභය නිර්මාණය කරගැනීම සඳහා, අවිනාශී ඉගෙනුමට පූර්ණ අවධානය යොමු කරන්න. සියලු වැරදි උපදෙස් අනුගමනය කිරීම අතහැර, ඒකායන පියාගේ නිවැරදි උපදෙස් පමණක් අනුගමනය කරන්න.

වරදානය:

ඔබ ශ්රේෂ්ඨ ස්ථීතියක සහ පදාර්ථයන්ගේ කැලඹීම්වල බලපෑම ඉක්මවා හිඳ, පදාර්ථ ජයගන්නෙක් වේවා.

ඔබ මායා ජයගන්නා අය බවට පත් වෙමින් සිටිනවා, නමුත් ඔබ දැන් පදාර්ථ ජයගන්නා අයද විය යුතුයි, මන්ද, දැන් පදාර්ථ වල බොහෝ කැලඹීම් ඇති වීමට යනවා. විටෙක සාගර ජලය එහි බලපෑම පෙන්වයි, විටෙක මහ පොළව ඇගේ බලය පෙන්වයි. ඔබ පදාර්ථ ජයගත් අයෙක් නම්, පදාර්ථයන්ගේ කිසිම කැලඹීමකට ඔබව සෙලවීමට නොහැකි වෙයි. ඔබ සෑම ක්රීඩාවක්ම නොබැඳි නරඹන්නෙක් ලෙස නරඹයි. සුරදූතයන්ව පෙන්වන්නේ උස කඳු මුදුන් වල සේම, ඔය සුරදූතයන්ද උසස් ස්ථීතියක රැඳී සිටිය යුතුයි, මන්ද, ඔබ උඩ ඉහළ සිටින විට ඔබ ඉබේටම සියලු කැලඹීම් ඉක්මවා සිටියි.

පාඨය:

ඔබගේ ශ්රේෂ්ඨ චිත්ත තරංග වලින් සියලු ජීවාත්මයන්ට සහයෝගයේ අත්දැකීම ලබා දීමත් තපස්යාවයි.

*** ඕම් ශාන්ති ***

Download PDF

Post a Comment

0 Comments