27-01-2023 උදෑසන මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
Listen to the Murli audio file
සාරය:
සුමිහිරි දරුවනි, ඔබේ බුද්ධිය දිව්‍යමය කරගැනීම පිණීස පරම පියා විසින් පහදා දෙන විෂයන් ඉතා පැහැදිලිව වටහා ගන්න. මේවා පළමුවෙත් ඔබේ ඇතුලාන්තයට ධාරණය කරගෙන පසුව අන් අයවද එසේ කිරිමට පොළඹවන්න.
ප්රශ්නය:
ඔබ විසින් ඉතා පැහැදිලිව වටහාගත යුතු ගැඹුරු මෙන්ම විනෝදජනක විෂය කුමක්ද?
පිළිතුර:
කෙසේ අශාරීරික පරම පියා, සැමගේ මව සහ පියා වන්නේද සහ ඔහු ලොව නිර්මාණය කිරීමට භාවිතයට ගත් ක්‍රමවේදය ඉතා ගැඹුරු මෙන්ම විනෝදජනක විෂයකි. අශාරීරික පියාට මවක් නොමැතිව ලොව නිර්මාණය කළ නොහැකිය. ශරීරයක් තුළට පිවිසීම මගින් එය භාරගන්නා ආකාරයත්, එම කෙනාගේ මුඛයෙන් ඔබලාව භාරගන්නා ආකාරයත්, බ්රහ්මා කෙසේ මවක් සහ පියා වන්නේද යනාදී විෂයන් ඉතා පැහැදිලිව වටහාගෙන, සිහිපත් කර ඔබේ විඥානයෙහි තබාගත යුතු වේ.
ගීතය: මාතා සහ පිතා ඔබම වේ...
ඕම් ශාන්ති. මව සහ පියා යනුවෙන් ඇමතූ අයගෙන් සැබැවින්ම උපදෙස් දෙන්නේ පියාය. මෙම මවත් පියාත් ඒකාබද්ද වී සිටී. මේ දේ වටහා ගැනීම මනුෂ්‍යයන්ට ඉතා අපහසු වේ. ඒ වුණත්. මෙය වැටහිය යුතු ප්‍රධානම විෂයයි. පිතා යැයි අමතනු ලබන අශාරීරික පරම්පිතා, පරමාත්මය මව යැයිද අමතනු ලැබේ. මෙය ආශ්චර්යජනක විෂයකි. පරම්පිතා, පරමාත්මය විසින් මානව ලෝකය නිර්මාණය කරද්දී මවක් නියත වශයෙන්ම අවැසි වෙනවා. මෙය ඉතා ගැඹුරු මෙන්ම කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුල් නොවතා අංගයකි. ඔහු සියල්ලන්ගේම පියා වූ නිසා අනිවාර්යෙන්ම මවකගේ අවශ්‍යතාවය ඇති විය. පරම පියා අශාරීරිකයි. එමනිසා, මවක් වශයෙන් ඔහු විසින් භාරගත යුත්තේ කවරෙක් ද? ඔහු කිසිවෙකු විවාහ කර නොගනී. මේ සියලු විෂයන් අතිශයින් ගැඹුරු මෙන්ම විනෝද ජනකයි. අළුත් අයට මේවා වටහාගත නොහැකි අතර වැඩිහිටියන් වටහාගත්තා වුවත් ඔවුන්ගේ විඥානය තුළ රඳවා ගැනීම ඔවුන්ට අපහසු වේ. මව සහ පියාගේ අවධානයෙහි සිටින්නේ දරුවන් පමණී. භාරතයෙහි. ඔවුන් ලක්ෂ්මි සහ නාරායනව මාතා පිතා යනුවෙන් අමතති: ඔවුන් රාධේසහ ක්‍රිෂ්ණා ගේ ප්‍රතිමා ඉදිරියේ ගොස් ඔවුන්ට මාතා පිතා කියති. එවිට ඒ දෙදෙනා රජකුමරා සහ රජකුමරිය වේ. ඔවුන්ට මාතා පිතා කියා මෝඩයෙකු පවා නොකියනු ඇත. මිනිස්සු මෙසේ කීම පුරුද්දක් කරගෙන සිටී. කෙසේවෙතත්. මේ අංගය මුළුමනින්ම අද්විතීය වේ. ලක්ෂ්මි නාරායනගේ දරුවත් පමණයි ඔවුන්ට මාතා පිතා කියා අමතත්තේ. මිනිස්සු බොහෝ සේ ධන සම්පත් ඇති වලව් සහ මාලිගාවත් වල වෙසෙන්නන් ගැන සිතන්නේ ඔවුන් දිව්‍ය ලෝකයේ සිටිනවා කියායි. ඔවුන්ගේම දරුවත් ද තම දෙමාපියන් බොහෝ සතුටින් සිටින බව කියති. නියත වශයෙන්ම ඔවුන්ගේ පෙර උපතේ දී ඔවුන් යහපත් ක්‍රියා කරන්නට ඇති. අච්චා, මිනිසුන් ගයනා විට: මාතා සහ පිතා ඔබමයි යනුවෙන් ගයන්නේ පරම්පිතා පරමාත්මය වූ නිර්මාණකරුටයි. අප ජීවයනුත් අශාරීරික වේ. එසේනම්, අශාරීරික කෙතා මේ ලෝකය කෙසේ නිර්මාණය කරන්නට ඇත්ද? මවක් නොමැතිව ලොව නිර්මාණය කළ නොහැක. ලොව නිර්මිත අන්දම පුදුමයකි. එම පුදුමය තමයි නව ලොවේ නිර්මාණකරු පරම පියා වීම; ඔහු මේ පරණ ලොවට පැමිණ නව ලොව නිර්මාණය කරයි. එහෙත් ඔහු එය කෙසේ නිර්මාණය කරයි ද? මෙය ඉතාමත් ගැඹුරු විෂයකි. අප මව සහ පියා යනුවෙන් අමතන්නේ මේ අශාරීරික කෙනාටයි. පරම පියා පැහැදිලි කරයි: මා ඔය දරුවන්වයි භාරගත්තේ. මෙහිදී දරු උපත සිදුවන්නේ ගර්භාෂයකින් යන ප්‍රශ්නයක් නොතිබෙයි. බොහෝ දරුවන් ඒ අයුරින් මතුවන්නේ කෙසේ ද? එබැවින්. ඔහු කියයි: මා මේ ශරීරය බාරගෙන ඔහුගේ මුඛය තුළින් ඔය දරුවන්ව බාරගන්නවා. මේ බ්රහ්මා මානව ලෝකයේ පියා සහ නිර්මාතෘවරයා වේ. එසේම ඔහු මවක් වන්නේත් මා ඔය දරුවත්ව ඔහුගේ මුඛයෙන් භාරගත් නිසායි. මේ අයුරිත් දරුකමට භාරගත්තා කාර්යය කරන්නේ පරම පියාම පමණයි. සන්යාසීන්ට මෙය කළ නොහැකියි. ඔවුන් තවමත් සොයන්නත්ය. අනුගාමිකයන් සහ ශ්රාවකයත් වේ. මෙහි ඇත්තේ නිර්මාණයේ අංගයකි. බාබා මොහු තුළට ඇතුල් වු නිසායි මවත් පියාත් ඔබ වේ යනුවෙන් ගැයූ අය මුවිනුපත් නිර්මාණයත් වූයේ. ඒ හෙයින් මොහු මව වශයෙන් ඔප්පු විය. පරම පියා මොහු තුළට පිවිස ඔබව නිර්මාණය කරනවා. මේ මහලු මිනිසා මානව සංහතියේ පියාය. ඉතින් මව ද වැඩිහිටියෙක් වීම අවශ්‍යයි. එනම්, වැඩිහිටි කෙනෙකුයි අවශ්‍ය කරන්නේ. දැන් ඔය දරුවන් මව සහ පියාව සිහිපත් කළ යුතුයි. මේ කෙනාට දේපළ කිසිවක් නැත. ඔබ උරුමක්කාරයන් බවට පත්වෙයි: එම නිසායි මොහුට බාප්දාදා කියන්නේ. ඔබ දේපළ ලබන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මාගෙන් නොවෙයි. මේ දාදා (බ්රහ්මා)ත් එය ලබන්නේ එම කෙනාගෙන්මය. මොහුට දාදා කියාත් එසේම මව කියාත් කියති. එසේ නැතිනම්, මේ මව සහ පියාය යන්න ඔප්පු කරන්නේ කොහොමද? මව පියා සහ දරුවත් පිළිබඳ වූ විෂයත් ඉතා ගැඹුරු සහ අවබෝධ කරගැනීමට සහ මතක් කිරීමට වටිනා කරුණු වේ. බාබා ඔබ අපගේ පියා වේ: අප උපත ලද්දේ මේ මව තුළිනි. අප අනිවාර්යෙන්ම අපගේ ලැබීම් ද සිහි කරනවා. ඔබ එම පරම්පිතාව සිහිපත් කළ යුතුයි. මෙම දැනුමෙන් ඔබට වටහා ගැනීමට හැකිවෙතවා පරම පියා මේ අපවිත්‍ර ලොවට කෙසේ ඇතුල්වන්නේ ද කියා. ඔහු කියනවා: මා ඇතුල් වන්නේ කා තුළට ද ඔහු මගේ පුත්‍රයාත් වේ. ඔහු ඔබේ පියා සහ මව වූ නිසා ඔබ දරුවත් වූවා. ඔබට පරම පියා සිහිපත් කිරීම මගින් ප්‍රාප්තිය ලැබේ. මව සිහිපත් කිරීම මගින් ප්‍රාප්තිය නොලැබෙනු ඇත. එම පරම පියාව ඔබ අඛණ්ඩව සිහිපත් කළ යුතු අතර මේ ශරීරය අමතක කරන්න. දැනුමේ මෙම විෂයන් වටහා ගත යුතුයි. පරම පියා මේ පැරණී ලොවට පැමිණ අළුත් ලොවක් නිර්මාණය කරයි. ඔහු පැරණී එක විනාශ කරයි. නැතිනම් වෙන කවුරු එය කරන්න ද? පැරණී ලොව විනාශ වන්නේ ශංකර් තුළින් කියා සඳහන් කර ඇත. මෙයද නාටකයේ නිශ්චිත වී ඇත. එමනිසායි එය සිහිපත් කර තිබෙන්නේ. ඔය දරුවන්ට නව රාජධානියක් ඔබ වෙනුවෙන් නිර්මාණය වෙමින් පවතින බව දැන් වැටහෙයි. විනාශය සඳහා සම්පූර්ණ සූදානම් කිරීම් සිදුකර ඇත. ඔබලා බොහෝ දෙනෙක් සිටී. ඔබ සැවොම රාජධානිය හිමිකරගනී. ඔබ මෙය අන්ධ විශ්වාසයකින් නොවෙයි පිළිගෙන සිටින්නේ. යම් කෙනෙක් කීවා රාමාගේ සීතා පැහැරගෙන ගියා කියා. එවිට මිනිස්සු කියයි: ඔව් ඒක ඇත්ත. ඔබට යමක් වැටහුණේ නැතිනම්, ඔබ එය විමසා තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. එසේ නොවන්නට ඔබ නිකම්ම මෝඩයෙකු වී සිටිනු ඇත. ඔබට භක්ති මාර්ගයේ තාවකාලික සතුට ලැබෙයි. එම උපතේදී හෝ ඊළඟ උපතේදී ඔබ කළ දෙයට කෙටි කාලීන ඵලය ලැබෙයි. මිනිසුත් වන්දනාවේ යනවිට කෙටි කාලයකට පිවිතුරුව සිටිති: ඔවුන් පාප කිසිවක් නොකරති. දන්දීම්. පින්කම් ආදිය කරති. එම සතුට කපුටෙකුගේ පැහැරවීමක් මෙන් යැයි කියා ඇත. ඔය දරුවන්ට පමණයි මෙය වැටහෙන්නේ. මන්ද, ඔබලා වානරයන්ගෙන් දේවාලයක සිටිය හැකි තරම් වටිනා අය බවට වෙනස් වී සිටී. ස්වර්ණමය යුගයෙහි ඔබට තිබෙන්නේ දිව්‍යමය බුද්ධියකි. මන්ද, එය දිව්‍යමය දෙවි දේවතාවරුන්ගේ රාජධානිය විය. එහි රත්රන් මාළිගා තිබුණී. දැන් ගල් මිස වෙන දෙයක් නැත. ඔබේ දිව්‍යමය බුද්ධිය ගල් බවට හැරෙව්වේ කවුද? පස්පව් වල ස්වරූපය වූ රාවන්ය. සැමගේම බුද්ධි ගල් බවට පත් වූ විටයි පරම පියා ඇවිත් ඔබේ බුද්ධි දිව්‍යමය කරවත්තේ. බීජයේ සහ ශාකයේ දැනුම පහදා දුන් අතර ඔබ එය පහසුවෙන් වටහාගත්තා. ඉතිරි ඒවාත් ඔහු විස්තරාතමක්ව පැහැදිලි කරදෙන අතර එසේ දිගටම කරනවා ඇත. කෙටියෙන් ඔහු කියන්නේ: ඔබට උරුමය ලබා දෙන්නා වූ පරම පියාව ස්මරණය කරත්ත. මව ස්මරණය කිරිම අත්‍යාවශ්‍ය නොවේ. පරම පියා කියයි: දරුවනි, මා ස්මරණය කරන්න. ඇත්තෙන්ම, ඔබ උපත ලැබුවේ මවක් තුළින්, ඔබ උපත ලැබුවේ පියාගෙන් ඔබේ උරුමය ලබාගැනීම සඳහායි. ඔය දරුවන්ට දැන් එය හොඳින් වැටහෙයි. භෞතික දෙමාපියන්ගේ දරුවන් වනවා මෙන්ම. ඔබ ජීවාත්මයන් ආධ්‍යාත්මික පියාගේ දරුවත් ය. මේ අසීමිත පියා නව ලොව නිර්මාණය කරයි. භාරතය තමයි දිව්‍ය ලෝකය වුණේ. දිව්‍ය ලෝකයේ අධිපතීත් ලක්ෂ්මි සහ තාරායනයි: ඔවුන් දැන් එසේ නොවේ. අසීමිත පියා පැහැදිලි කරනවා. ඔබ සෑම උපතකම ලබමින් සිටියේ සීමිත උරුමයකි. මත්ද, සීමා සහිත උරුමය ඇත්තේ අපායේය. දිව්‍ය ලෝකයෙහි උරුමය සීමිත යැයි නොකියාවි. එම උරුමය අසීමිත ප්රාප්තියයි. මන්ද, ඔබ අසීමිතයේ හිමිකරුවත් වේ. එනම්. එහි සමස්ත ලොවේම වෙනත් ආගම් නොමැත. සීමිත ලැබීම් පටන්ගත්තේ තඹ යුගයේ සිටය. එහෙත් ස්වර්ණමය යුගයෙහි එය අසීමිතයි. එහිදී, ඔබ ඵල සම්පත්තිය ප්‍රීතියෙන් භුක්ති විඳිනවා. එහි ඔබට තිබෙන්නේ අසීමිත රාජධානියයි. රජ සහ රැජිණ කෙසේද රට වැසියනුත් එසේම වේ; රටේ වැසියන් පවා කියත්තේ තමන් සමස්ත ලෝකයේම හිමිකරුවන් කියාය. දැන් බොහෝ සේ සීමාවත් ඇත. ඔවුන් කියයි: ඔබට අපේ ජලයට; අපේ දේශයට ඇතුල්විය නොහැක. එහි ජනතාව පවා කියන්නේ සමස්ත ලොවටම හිමිකරුවත් අපි වෙමු. එසේම ඔවුන්ගේ අධිරාජ්‍යවරයා සහ අධිරාජ්යවරිය වූ ලක්ෂ්මි සහ නාරායන ද සමස්ත ලොවටම හිමිකරුවන් වේ ය කියායි. අපට දැන් වැටහෙනවා එහි තිබෙනවා ඇත්තේ එකම එක රාජධානියක් පමණයි. එම ස්වාධිපත්‍යය අසීමිත වේ. භාරතය මුලදී කෙබඳු එකක්ව තිබුණේද කියා කිසිවෙකුගේ බුද්ධියෙහි තොතිබෙයි. ඔබට දැන් අසීමිත පරම පියාගෙත් ඔබේ උරුමය ලබන්නට උපදෙස් ලැබෙනවා. අප මෙසේ කියනා නිසා නියත වශයෙන්ම අප එය ලබාගන්නවා. දිව්‍ය ලෝකයේ නිර්මාතෘවරයා අසීමිත පරම පියා වේ. "පරම්පරා 21කට භාග්‍යය" කියා සිහිපත් කෙරේ. මෙම පරම්පරා යන යෙදුම ඇයි භාවිත කළේ. මන්ද, ඔබ මහළු වූ විට පමණයි ඔබ මැරෙනේනේ: එහි අකල් මරණ නැත. කිසිදා ස්ත්‍රීන් වැන්දඹුවන් නොවෙති. එහි ඇඬීම සහ වැලපීම නැත. මෙහි බොහෝ සේ ඇඞීම් සහ වැලපීම් ඇත. එහි ළදරුවත් පවා අඬන්නේ නැත. මෙහි උවමනාවෙන්ම ළදරුවන් අඬවන්නේ ඔවුන්ගේ පෙනහළු ප්‍රසාරණය කිරීම සඳහායි. එහි එවැන්නක් නැත. අප පෙර කල්පයේදී කළාක් මෙන්ම පරම පියාගෙන් අපගේ උරුමය ලබාගත්තා බව ඔය දරුවත් සියලු දෙනාටම වැටහෙනවා. උපත් 84 දැන් අවසත් වෙමින් තිබේ. දැන් ආපසු යාමට ඇති කාලයයි. ඔබේ පව් කමා වන්නේ ඔබ පරම පියා සහ උරුමය නිරන්තරයෙන් සිහිපත් කිරීම මගිනි. "මන්මනාභව්" යන්නෙහි අර්ථය ඉතා ලිහිල්ය. එම ගීතාව ව්‍යාජ එකක් වුවද එහි සත්‍ය කරුණු සුළු වශයෙන් ඇත. ඔබේ පියා වූ මා සිහිපත් කරන්න. ශ්‍රී ක්‍රිෂ්ණා මෙසේ නොකියයි: මා සිහිපත් කරන්න: ඔබ මා වෙතට ආ යුතුයි. දැන් ඔබ ජීවාත්මයන් හට පරමාත්මය කියන්නේ: ඔබ සියලු ජීවාත්මයන් මදුරු රැළක් සේ ආපසු යා යුතු වේ. එමනිසා, තිසැකවම ජීවාත්මයත් පරම්පිතා, පරමාත්මය ලුහුබැඳ යනවා ඇත. ක්‍රිෂ්ණා ශරීරධාරියෙකි. මා සිහිපත් කරන්න කියා ඔහු නොකියනු ඇත. ඔහුගේ නාමය ක්‍රිෂ්ණා වේ. කිසිම ජීවාත්මයකට මෙසේ කිව නොහැක්කේ ඔවුත් සහෝදරයත් බැවිනි. පරම පියා කියයි: මා අශාරීරිකයි. මගේ නාමය ශිවා. ක්‍රිෂ්ණාට මෙසේ කිව හැක්කේ කෙසේ ද? ඔහුට ශරීරයක් ඇත. ශිව බාබාට ඔහුටම කියා ශරීරයක් නැත. ශිව බාබා කියයි: ඔය දරුවන්ටත් මුලින් ශරීර නොතිබුණී. ඔය ජීවාත්මයන් අශාරීරිකව සිටියා. පසුවයි ශරීර භාර ගත්තේ. දැන් ඔබට නාටකයේ මුල, මැද සහ අත්තය පිළිබඳ අවබෝධය ඇත. පරම පියා ලොව නිර්මාණය කළේ කවදාද, කෙසේද සහ ඇයි? ලෝකය දැනටත් පවතී. ඒ වුණත්, නව ලොව බ්රහ්මා මාර්ගයෙන් සෑදී තිබෙන බව සඳහන් කර ඇත. එමනිසා, නිසැකවම ඔහු පැරණී ලෝකයෙන් එය සෑදුවා. එමෙන්ම මනුෂ්‍යයන්ව දේවතාවන් කර වූ බවද සඳහන් කර ඇත. පරම පියා කියයි: මා ඔබව මනුෂ්‍යයන්ගෙන් දේවතාවත් බවට වෙනස් කළේ මෙම දැනුම තුළිනි. ඔබ වන්දනීය දේවතාවත් වී සිටි අතර පසුව ඔබ වන්දනා කරුවත් බවට පත්විය. මිනිසුන්ට උපත් 84ක් ගන්නේ කෙසේද යැයි නොවැටහෙයි. සැවොම උපත් 84ක් ගනී ද? ලෝකයේ ජන සංඛ්‍යාව නොකඩවා වැඩිවෙනවා. ඉතින් සෑම කෙනෙක්ම උපත් 84ක් ගත්තේ කෙසේද? තිසැකවම චක්‍රයේ පසුව පැමිණෙන අය අඩු උපත් ගන්නවා. යම් කෙතෙක් වසර 25 සිට 50 තුළ උපත් 84ක් ගන්නේ කොහොමද? මෙයයි ස්ව-දර්ශන චක්‍රය. එහෙත් ඔවුන් ස්වදර්ශන චක්‍රය අවියක් ලෙස සිතුවම් කර ඇත. දැන් ඔබ ජීවාත්මයන් හට කෙසේ ඔබ උපත් 84ක් තුළින් ගමත් කළේද යත්ත අවබෝධ වී තිබේ. දැන් චක්‍රය අවසානයක් කරා පැමිණෙමින් ඇත: නාටකය යළි සිදුවීමට ඇත. අතුරුදන් වූ ආදී සනාතන දේවතා ධර්මය දැන් අවැසි වී ඇත. මනුෂ්‍යයන් කියයි: ඕ දෙවි පියාණෙනී, කරුණාව පාන්න. පරම පියා කියයි: අච්චා. මා ඔබව දුකෙන් නිදහස් කර, ඔබව සතුටු කරවතවා. පරම පියාගේ කාර්යය සියල්ලන්වම සතුටු කරවීමයි. ඒ නිසායි මා සෑම කල්පයේම පැමිණ භාරතය දියමන්තියක් මෙන් කරවන්නේ. මා ඔබ සියලු දෙනාවම බොහෝ සතුටු කරවා සැවොම විවේකයට මුක්ති දේශයට යවනවා. භක්තිවන්තයන්ට ද දෙවියන් හමුවීමට අවැසියි. ඒ හෙයින් ඔවුන්ට සතුටු විය හැකියි. සන්යාසීන් කියා තිබෙන්නේ සතුට කපුටෙකුගේ පැහැරවීමක් සේය කියායි. ඔවුන් කියන අනෙක් කාරණාව තමයි ඔවුන්ට මෙම නාටකයේ නැවත ඇවිත් රඟපෑමට උවමනා නැත යන්න. ඔවුන්ට සදාකල් ගැලවීම අවැසිය. කෙසේවෙතත්, ඔවුන්ට සදාතනික ගැලවීම ලබාගත නොහැකිය; මෙම නාටකය කලින් නිශ්චිත වී ඇත. ඔය දරුවන්ට දැන් සමස්ත ලොවේම ඉතිහාසය සහ භූගෝලය එසේම කල්ප චක්‍රය කැරකෙන්නේ කෙසේද යන්න වැටහී ඇත. මෙයටමයි ස්ව-දර්ශන චක්‍රය කියා කියන්නේ. ඔවුන් සිතුවම් කර තිබෙනවා චක්‍රයක් මගින් සැමගේ හිස ගසා දමන අයුරින්, එමෙන්ම කාන්ස්ගේ හිස ගසා දමන නාට්‍යයක් ද පෙන්වති. කෙසේවෙතත් එවැනි දෙයක් නොමැත. මෙහි සැහැසිකම් නැත. මෙය අධ්‍යයනයකි. ඔබ ඉගෙනගෙන පරම පියාගෙත් ඔබේ උරුමය ලබාගනී. එහි උරුමය ලබාගැනීම සඳහා කිසිවෙකුත් තම පියාව මරන්නේ නැත; එය සීමිත උරුමයන්ය. එහෙත් මෙහි ඔබ පරම පියාගෙන් ලබනා උරුමය අසීමිත වේ. ඔවුත් ගීතාවෙහි යුද්ධය පිළිබඳව බොහෝ දේවල් සඳහන් කර ඇත. කොහෙත්ම එවැත්තක් නොමැත. ඇත්තෙන්ම පාණ්ඩවයන් කවුරු සමඟවත් සටන් කරත්තේ නැත. ඔය දරුවන් අසීමිත පියාගෙත් නව ලොවේ උරුමය ලබන්නේ යෝග බලයෙන්. එහිදී යුද්ධයක් පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දෑත් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙත් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- පරම්පරා
21ක් සඳහා
වූ ප්‍රාප්තිය
ලබා ගැනීමට
නිරන්තරයෙන් පරම
පියාවත් ප්රාප්තියත්
සිහිකිරීමේ උත්සාහයේ
නිරතුරු යෙදෙත්ත.
ශරීරධාරී කිසිම
කෙනෙකුව සිහිපත්
නොකරන්න.
- ඔබේ
බුද්ධිය නොකඩවා
ස්ව-දර්ශන
චක්‍රය
කරකවන්න සලස්වන්න:
අප වන්දනීයත්වයට
සුදුස්සත් වී
සිටියා. එසේම
අප වන්දනාමාන
කරන්නන් බවට
පත්වුණා. අප
උපත් 84 චක්‍රය
සම්පූර්ණ කර
ඇති අතර
දැන් නාටකය
නැවත සිදුවීමට
ඇත. වන්දනා
කරන තත්ත්වයෙන්
අප වන්දනීය
වීමට ඇත.
මෙම අවධානය
තිබීම යනු
ස්ව-දර්ශන
කරකැවීමයි.
වරදානය:
ඔබ සමාන වීමෙන්, සමීප අසුනක් ගෙත, ප්‍රථම කොට්ඨාශයට ඇතුළු වත ජයග්‍රාහී මැණිකක් වේවා.
කාලයේ සමීපත්වය නිසා, දැන් ඔබව, පියා හා සමාන බවට පත් කරගන්න. පියා මෙන් වන්න, එනම්, ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා, සංස්කාර සහ සේවයෙන් ඔහුට සමීප වන්න. ඔබගේ සෑම සිතිවිල්ලකින්ම පියාගේ ඇසුර, සහයෝගය සහ සෙනෙහස අත්විඳින්න. නිරතුරුවම පරම පියාගේ ඇසුර අත්විඳ ඔබගේ අත ඔහුගේ හස්තය තුළ තිබෙන බව ඔබට හැඟෙන විට, ඔබ ප්‍රථම කොට්ඨාශයට ඇතුළු වෙයි. ඒකායන පියා කෙරෙහි පූර්ණ සිහි කිරීම සහ සෙනෙහස ඇති කර ගන්න. එවිට ඔබ ජයග්‍රාහී මල්දමේ මැණිකක් වෙයි. "̋පමා වැඩියි” යන පුවරුව තවමත් දමා නැත, එබැවින් ඔබට දැන් වුවද තවමත් අවස්ථාවක් තිබේ.
පාඨය:
සුඛ් දේව් (සතුට ප්රදානය කරන්නෙක්) වීම යනු, සතුට ප්රදානය කර බොහෝ ජීවාත්මයන්ව දුකින් සහ අසාමයෙන් නිදහස් කිරීමේ සේවය සිදු කිරීමයි.
*** ඕම් ශාන්ති ***
0 Comments