23-01-2023 උදෑසන
මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
Listen to the Murli audio file
සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ පාරිශුද්ධත්වය නොමැතිව, භාරතයට දෙව්ලොව විය නොහැක. ඔබගේ පවුලේ අය සමඟ නිවසේ ජීවත් වන අතර, පිවිතුරු වන්නට ඔබට ශ්‍රීමත් ලැබී තිබේ. දෙපසටම ඔබගේ වගකීම් ඉටු කරන්න.
ප්රශ්නය:
වෙනත් ආධ්‍යාත්මික හමුවීම් සහ ආශ්‍රම වලින් මුළුමනින්ම වෙනස් වන්නේ, මෙහි ඇති කුමන ක්‍රම-වේදයද?
පිළිතුර:
මිනිසුන් ගොස් එම ආශ්රමවල ජීවත් වී විශ්වාස කරන්නේ, ඔවුන්ට එහි යහපත් ආශ්‍රයක් තිබෙන බවත්, නිවසේ සහ පවුලේ කැලඹීම් නොතිබෙනු ඇතැයි කියාය. කෙසේවෙතත්, එහි කිසිම අරමුණක් සහ ඉලක්කයක් නොමැති අතර මෙහිදී ඔබ ජීවමානව මියැදිය යුතුයි. ඔබට තම නිවස සහ පවුල අත්හැරීමට යැයි නොකියයි. ඔබ නිවසේ ජීවත් වී, ඥානයේ අමෘතය පානය කර, ආධ්‍යාත්මික සේවයේ යෙදෙයි. වෙනත් ආධ්‍යාත්මික හමුවීම්වල ඔවුන්ට මෙම ක්‍රමවේදය නැත.
ඕම් ශාන්ති. පියා මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට විස්තර කරන්නේ, මෙහිදී ඔබට විස්තර කරන්නේ පියා පමණක් බව, ඔය දරුවන් දන්නා නිසාය. මේ නිසා ‘ශිව දෙවියන් කතා කරයි’ කියා නැවත නැවතත් පැවසීම නිවැරදි නොවන බව හැඟෙයි. ගීතාව හඬ නගා කියවන අය මෙසේ කියනු ඇත ‘ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි.’ කෙසේවෙතත්, ඔහු හිඳ, පිටව ගොස් ඇත. ඔවුන් පවසන්නේ ක්‍රිෂ්ණා, ගීතාව පැවසූ බවත්, ඔහු රාජයෝගාව ඉගැන්වූ බවත්ය. ඔබට මෙහිදී රාජයෝගාව උගන්වන්නේ ශිව බාබා බව, ඔය දරුවන්ට වැටහෙයි. ඔවුන් රාජයෝගාව උගන්වන වෙනත් ආධ්‍යාත්මික හමුවක් නැත. පියා පවසන්නේ මා ඔබව රජුන්ගෙත් රජවරුන් බවට පත් කරවනවා. ඔවුන් නිකම්ම මෙසේ කියයි ක්‍රිෂ්ණා දෙවියන් පවසයි මන්මනාභව! ඔහු එය පැවසුවේ කවදාද? ඔහු එය වසර 5000කට පෙර පැවසූ බව හෝ ඔහු ක්‍රිස්තු තුමාට වසර 3000කට පෙර එය පැවසු බව, ඇතැම් අය පවසයි. ඔවුන් වසර 2000ක් ගැන නොකියයි, මන්ද, අතර මැද වසර 1000දි ඉස්ලාමිකයන් සහ බෞද්ධයින් පැමිණි බැවින්. එබැවින් ක්රිස්තුතුමාට වසර 3000කට පෙර, එය ස්වර්ණමය යුගය වූ බව මින් ඔප්පු වෙයි. අප පවසන්නේ වසර 5000කට පෙර පරමාත්ම දෙවියන් පැමිණ, ගීතාව පවසා, දේවතා ධර්මය ස්ථාපිත කළ බවයි. දැන් වසර 5000කට පසුව, ඔහු නැවත පැමිණිය යුතුයි. මෙම චක්‍රය වසර 5000කි. මෙම පියා, මෙම කෙනාගේ මාර්ගයෙන් විස්තර කරන බව, ඔය දරුවන් දන්නවා. මිනිසුන් යන, විවිධ ආකාරයේ ආධ්‍යාත්මික රැස්වීම් තිබේ. සමහරු ගොස් ආශ්රමයක ජීවත් වෙයි. කෙසේවෙතත්, ඔවුන් ගොස් මවට සහ පියාට උපත ලැබූ බව හෝ ඔවුන්ට උරුමයක් ඔවුන්ගෙන් හිමි වූ බව නොකියයි. නැහැ, ඔවුන් සලකන්නේ එම ආශ්‍රය යහපත් බවත් නිවසේ සහ පවුලේ කැලඹීම් එහි නොමැති බවත් පමණයි. කෙසේවෙතත්, එහි කිසිම අරමුණක් හෝ ඉලක්කයක්ද නැත. මෙහි ඔබ පවසන්නේ ඔබ මවත් පියාත් වෙතට පැමිණ ඇති බවයි. මෙය, ඔබ ජීවමානව මියැදුනු ඔබගේ උපතයි. ඒ මිනිසුන්, පැමිණ තම නිවසේ නවතින දරුවන්ව, දරුකමට හදාගනී. මෙහි, ඔබගේ දෙමාපියන්ගේ නිවස හෝ නැන්දා-මාමලාගේ නිවස අතහැර දමා, මෙහි පැමිණ නවාතැන් ගැනීමේ ක්‍රමවේදයක් නොමැත. එය කළ නොහැකි දෙයකි. මෙහි, ඔබ තම පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතර, නෙළුම් මලක් මෙන් විය යුතුයි. ඔබ කුමාරි කෙනෙක් හෝ වෙනත් කවුරු වුවත් ඔබට පවසනු ලබන්නේ, නිවසේ ජීවත් වෙමින් දිනපතාම පැමිණ, ඥානයේ අමෘතය පානය කරන ලෙසයි. මෙම ඥානය වටහාගෙන ඉන්පසුව වෙනත් අයට විස්තර කර දෙන්න. එම දෙපසටම ඔබගේ වගකීම් ඉටු කළ යුතුයි. ඔබ තම පවුලේ අය සමඟ නිවසේ වාසයද කළ යුතුයි. අවසානය දක්වාම ඔබ දෙපසටම ඔබගේ වගකීම් ඉටු කළ යුතුයි. අවසානයේ ඔබ මෙහි වාසය කළත්, එහි වාසය කළත්, සෑම කෙනෙකුටම මරණය පැමිණෙයි. මෙසේ කියයි රාමා ගිය අතර රාවණ ද ගියා. එබැවින් සෑම කෙනෙක්ම පැමිණ මෙහි සිටිය යුතු නැහැ. මේ මිනිසුන් ඔවුන්ගේ නිවෙස් හැර ආවේ විෂ වෙනුවෙන් ඔවුන්ට හිරිහැර කළ නිසයි. කුමාරීන්ද නිවෙස්වල ජීවත් විය යුතුයි. ඔබ ඔබගේ නෑ මිතුරන්ට සේවය කළ යුතුයි. සමාජ සේවකයන් බොහෝ සිටියි. රජයට මෙතරම් ජනතාවක් බලාගත නොහැක. ඔවුන් සියලු දෙනාම තම පවුලේ අය සමඟ නිවසේ වාසය කරමින් එක් හෝ තව අන්දමක සේවයක් කරයි. මෙහි ඔබ ආධ්‍යාත්මික සේවය කළ යුතුයි. තවද ඔබ ඔබගේ පවුලේ අය සමඟ නිවසේ ජීවත් විය යුතුයි. ඔව්, ඒ මිනිසුන් පාපය නිසා බොහෝ හිරිහැර කරන විට, ඔබට පැමිණ දෙවියන්ගේ රැකවරණය ලබාගත හැක. දියණියන් පාපය වෙනුවෙන් බොහෝ පහරදීම් වලට ලක්වෙයි. වෙනත් තැන්වල එය මෙසේ නොවේ. මෙහි ඔබ පිවිතුරුව රැඳී සිටිය යුතුයි. රජයටද පාරිශුද්ධත්වය අවශ්‍ය වී ඇත. කෙසේවෙතත්, ඔබට නිවසේ සිටිමින්ම පිවිතුරුව රැඳී සිටීමට මඟපෑදීමට, බලය තිබෙන්නේ පරමාත්ම දෙවියන්ට පමණයි. කාලය කෙබඳුද යත්, බොහෝ දුප්පත්කම තිබෙන නිසා, වැඩි දරුවන් සංඛ්‍යාවක් උපත ලබනවාට රජය පවා අකමැතිය. එබැවින් අඩු දරුවන් සංඛ්‍යාවක් ඇති වීමට, භාරතයේ පාරිශුද්ධත්වය පවත්වාගැනීම, ඔවුන්ට අවශ්‍ය වී තිබේ. පියා පවසන්නේ දරුවනේ පිවිතුරු වන්න, එවිට ඔබ පිවිතුරු ලෝකයේ අධිපතියන් වෙයි. ඔවුන්ගේ බුද්ධියේ මෙය නොමැත. භාරතය පිවිතුරුව තිබුණු අතර එය දැන් අපවිත්‍රයි. සියලුම ජීවාත්මයන්ට පිවිතුරු වීමට අවශ්‍යයි. මෙහි බොහෝ දුක තිබේ. ඔබගේ පාරිශුද්ධත්වය නොමැතිව, භාරතයට පිවිතුරු විය නොහැකි බව, ඔබ දන්නවා. අපායේ තිබෙන්නේ දුක පමණයි. මනුෂ්‍යයන් විෂ ගංඟාවේ සිරවී සිටින අයුරු ඔවුන් ගරුඩා පුරාණයේ පෙන්වන ආකාරයෙන් අපාය යනු, වෙනත් දෙයක් නොවෙයි. ඔවුන් දඬුවම් විඳින එවන් ගංඟාවක් නැත. දඬුවම් විඳින්නේ ගර්භාශ සිර මැදිරියේය. සත් යුගයේ දඬුවම් විඳින ගර්භාශ සිර මැදිරියක් නැත. එහි තිබෙන්නේ ගර්භාශ මාලිගාවකි. මෙකල, මිනිසුන් දුකෙන් සහ රෝගීව සිටින, මුළු ලෝකයම ජීවමාන අපායකි, ඔවුන් නොකඩවා එකිනෙකාට දුක් දෙයි. දෙව්ලොව මේ කිසිවක් සිදුවන්නේ නැත. පියා ඔබට දැන් පහදා දෙන්නේ මා ඔබගේ අසීමිත පියාය. මා නිර්මාණකරු බැවින් නිසැකයෙන්ම දෙව්ලොව නව ලෝකය නිර්මාණය කරනු ඇත. දිව්‍ය ලෝකය සඳහා, මා ආදීසනාතන දෙවි දේවතා ධර්මය නිර්මාණය කරනු ඇත. මෙවන් කියමනකි මවත් ඔබයි පියාත් ඔබය. ඔහු සෑම චක්‍රයකදීම මෙම රාජ යෝගාව උගන්වයි. ඔහු අසුන්ගෙන, බ්‍රහ්මාගේ මාර්ගයෙන් මුල, මැද සහ අවසානයේ සිට සියලුම වේද ශාස්ත්‍රයන්ගේ රහස් විස්තර කරයි. ඔහු අසුන්ගෙන විස්තර කරන්නේ, සම්පූර්ණයෙන් නූගත් අයටයි. ඔබ මෙසේ පවසමින් සිටියා අහෝ දෙවියනේ, වඩින්න! අපවිත්‍ර අයට එහි යා නොහැක. එබැවින් ඔබව පිවිතුරු කිරීමට ඔහු අනිවාර්යෙන් මෙහි පැමිණිය යුතුයි. ඔහු පෙර චක්‍රයේද ඔබට රාජයෝගාව ඉගැන්වූ බව, ඔහු ඔය දරුවන්ට මතක් කර දෙයි. ඔබගෙන් මෙසේ විමසයි ඔබ මීට පෙර මෙම ඥානය ලබාගෙන තිබෙනවාද? ඔබ පවසන්නේ ඔව්, වසර 5000කට පෙර මා මෙම ඥානය ලබා ගත්තා. මේවා අළුත් දේවල්ය. නව යුගය සහ නව ධර්මය නැවත වරක් ස්ථාපිත කෙරෙනවා. පරමාත්ම දෙවියන් හැර වෙනත් කිසිවෙකුට මෙම දේවතා ධර්මය ස්ථාපිත කළ නොහැක. ඔවුන්ද නිර්මාණයක් බැවින්, බ්රහ්මා, විෂ්ණු සහ ශංකර්ටවත් එය ස්ථාපිත කළ නොහැක. දෙව්ලොව නිර්මාණකරු, මව සහ පියාම අවශ්‍යයි. ඔබට මෙහිදී බොහෝ සතුට අවශ්‍යයි. පරම පියා පවසන්නේ නිර්මාණකරු මමයි. බ්‍රහ්මාගේ මුඛයෙන් මා ඔබද නිර්මාණය කළා. මනුෂ්‍ය ලෝකයේ බීජය මමයි. තාපසයෙක් හෝ පූජකයෙක් කෙතරම් ශ්‍රේෂ්ඨ වුවත්, මෙම වදන් වෙනත් කිසිවෙකුගේ මුවින් මතු නොවෙයි. මේවා ගීතාවේ වදන්ය. කෙසේවෙතත්, ඒවා පැවසිය හැක්කේ, ඒවා පැවසු කෙනාට පමණයි. වෙනත් කිසිවෙකුට මෙය පැවසිය නොහැක. එකම වෙනස වන්නේ, අශාරීරික ඒකායන කෙනා වෙනුවට ඔවුන් ක්‍රිෂ්ණා, දෙවියන් බව කියයි. පරම පියා පවසන්නේ මා මනුෂ්‍ය ලෝකයේ බීජයයි, පරම දනව්වේ නිවැසියාය, අශාරීරික පරමාත්ම ජීවයයි. කිසිම ශාරීරික මනුෂ්‍යයෙකුට, තමන්ව බීජය ලෙස හැඳින්විය නොහැකි බව, ඔබටද වටහාගත හැක. බ්රහ්මා, විෂ්ණු සහ ශංකර්ට වුවත් මෙසේ කිව නොහැක. සියලු දෙනාව නිර්මාණය කරන්නේ ශිව බාබා බව ඔබ දන්නවා. මා දේවතා ධර්මය ස්ථාපිත කරනවා. ඔවුන් තමන්ව ක්‍රිෂ්ණා, බ්රහ්මා හෝ ශංකර් ලෙසින් හැඳින්වුවද, කිසිවෙකුට මෙසේ පැවසීමටද බලයක් නැත. බොහෝ දෙනෙක් තමන්ව අවතරණයක් ලෙසින්ද හඳුන්වති. කෙසේවෙතත්, ඒ සියලු දේ මුසාවන්ය. ඔවුන් මෙහි පැමිණ, මෙහිදි මෙයට සවන් දුන් විට, සිටින්නේ සැබවින්ම එක් පියා සහ එක් අවතරණයක් බව ඔවුන්ට වැටහෙයි. පරම පියා පවසන්නේ මම ඔබව මා සමඟ පෙරලා රැගෙන යමි. මෙසේ කීමට වුවත් කිසිවෙකුට බලයක් නැත. වසර 5000කට පෙරාතුව ගීතාවේ දෙවියන්, ශිව බාබා, මෙසේ පැවසීය. ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කළ ඒකායන කෙනා, දැන් නැවත වරක් එය සිදුකරනවා. ජීවාත්ම, මදුරු රැලක් මෙන් ආපසු ගිය බව සිහිපත් කෙරනවා. එබැවින් පියා පැමිණ මාර්ගෝපදේශකයා වී, සියලු දෙනාව මුදවාගනී. එය දැන් කලි යුගයේ අවසානයයි. මෙයට පසුව සත් යුගය පැමිණිය යුතුයි. එබැවින් ඔහු අනිවාර්යෙන් පැමිණ, ඔබව පිවිතුරු කර, ඔබව පිවිතුරු ලෝකයට ගෙන යයි. මෙම ව්‍යවහාර සමහරක් ගීතාවේ තිබේ. එම ආගමට (හින්දු) ග්රන්ථයක් අවශ්‍ය බව ඔවුන් විශ්වාස කළා. එබැවින් ඔවුන් අසුන්ගෙන ගීතා ග්‍රන්ථය නිර්මාණය කළා. එය සියලුම ග්‍රන්ථයන්ගේ මාණික්‍යයයි, වඩාත්ම ශ්‍රේෂ්ඨ, අංක එකේ මවයි, නමුත් ඔවුන් නම වෙනස් කර තිබේ. පියා මෙකල කළ ක්‍රියාකාරකම් ගැන, ඔවුන් තඹ යුගයේ ලියන්නේ නැත. එම ගීතාවම නැවතත් මතුවෙයි, එම ගීතාව, නාටකයේ නියම වී ඇත. පියා නැවත වරක් මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්ථනය කරන ආකාරයෙන්ම, පසුව වෙනත් අය අසුන්ගෙන, ග්රන්ථ ශාස්ත්‍ර ලියයි. සත් යුගයේ කිසිම ග්රන්ථයක් නොතිබෙයි. පියා මෙහි අසුන්ගෙන ඔබට මුළු චක්‍රයේම රහස් පැහැදිලි කරයි. ඔබ මෙම උපත් 84හි චක්‍රය සම්පූර්ණ කර ඇති බව, ඔබට වැටහෙයි. උපත් 84, උපරිම උපත් සංඛ්‍යාව ගන්නේ, ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ අය පමණයි. මනුෂ්‍ය ජනගහණය වැඩි වන්නේ පසුකාලීනවයි, ඔවුන් මෙතරම් උපත් සංඛ්‍යාවක් නොගනී. පරම පියා මෙහි අසුන්ගෙන, මෙම බ්‍රහ්මාගේ මුඛය තුළින් විස්තර කරයි. මා ණයට ගෙන ඇති මෙම සිරුර අයත් මෙම දාදා, ඔහුගේ උපත් ගැන දැන සිටියේ නැහැ. මෙම කෙනා ශාරීරීක (ව්‍යක්ත) ප්‍රජාපිතා බ්‍රහ්මායි. අර කෙනා සූක්ෂමයි (අව්‍යක්ත බ්රහ්මා). දෙදෙනාම එක්කෙනාමයි. මෙම දැනුම තුළින් ඔබත් සූක්ෂම දේශයේ නිවැසියන් වන සුරංගනාවන් බවට පත්වනවා. ඔවුන්ට ඇට මස් නොමැති නිසා, සූක්ෂම දේශයේ නිවැසියන් සුරංගනාවන් ලෙස හැඳින්වෙයි. බ්රහ්මා, විෂ්ණු සහ ශංකර්ටද ඇට මස් නොමැත, එබැවින් ඔවුන්ගේ පින්තූර නිර්මාණය කරන්නේ කෙසේද? ඔහු තරුවක් වන නමුත්, ශිවාගේ පින්තූරයක්ද නිර්මාණය කෙරෙනවා. ඔවුන් එහි ස්වරූපයක්ද නිර්මාණය කරයි. බ්රහ්මා, විෂ්ණු සහ ශංකර් සූක්ෂමයි. ඔහුට ඇට මස් වලින් සැදි සිරුරක් නොමැති බැවින්, ඔවුන් මනුෂ්‍යයන්ට කරන ආකාරයෙන් එවන් ස්වරූපයක්, ශංකර් වෙනුවෙන් ඔවුන්ට නිර්මාණය කළ නොහැක. අපි එම භෞතික ස්වරූපය නිර්මාණය කරන්නේ විස්තර කිරීම සඳහාය. කෙසේවෙතත්, ඔහුද සූක්ෂම බව ඔබට දැකිය හැක. අච්චා.
1968/07/13 - රාත්‍රී පංතිය
මනුෂ්‍යයන්ට අනිවාර්යෙන් කරුණු දෙකක් අවශ්‍යයි එකක් සාමය වන අතර අනෙක සතුටයි - ලෝකයේ සාමය සහ තමන්ට සාමය. මනුෂ්‍යයන් ලෝකය වෙනුවෙන් සතුටත්, තමන්ට සතුටත් ආශා කරයි. එබැවින් කෙනෙක් මෙසේ විමසිය යුතුයි දැන් සාමය නොමැති බැවින්, නියත වශයෙන්ම යම් කලකට පෙර සාමය තිබෙන්නට ඇති. කෙසේවෙතත්, එය තිබුණේ කවදාද සහ කෙසේද හෝ අසාමය තිබුණේ මන්ද කියා කිසි කෙනෙක් නොදනී, මන්ද, මිනිසුන් සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේය. ඔය දරුවන් සතුට සහ සාමය වෙතට ඉතා හොඳ මාර්ගයක් පෙන්වන බව ඔබ දන්නවා. ඔවුන්ට සතුට තිබෙන නමුත් ඔවුන් පිවිතුරු ද විය යුතු බව ඇසූ විට, ඔවුන් ටිකක් ඈත් වෙයි. මෙම පාපය සියලු දෙනාගේ සතුරා වන අතර, එයට සියලු දෙනාගේ සෙනෙහසද තිබේ. එය අත්හැරීමට සිදුවන විට මිනිසුන්ගේ හදවත් හැකිලෙයි. එය විෂ ලෙස හඳුන්වන නමුත් මිනිසුන් එය අත්නොහරියි. ඔබ බොහෝ වෙහෙස වන නමුත් ඔබ පරාජය වෙයි. සෑම දෙයක්ම පාරිශුද්ධත්වය පිළිබඳ කාරණයකි. බොහෝ දෙනෙක් අසමත් වන්නේ මෙයින්ය. කුමාරි කෙනෙක් දුටු විට ඔවුන් ආකර්ෂණය වෙයි. කෝපය, තන්හාව සහ බැඳීමට එම ආකර්ෂණය නැත. විශාලතම සතුරා රාගයයි. එය ජයගැනීම, මහාවීරයෙකුගේ කාර්යයයි. ශරීර අවධානයට පසුව ප්‍රථමයෙන් පැමිණෙන්නේ රාගයයි. ඔබ ජයගත යුත්තේ මෙයයි. අපවිත්‍ර රාගයෙන් පිරි මිනිසුන්, පිවිතුරු අය ඉදිරියේ හිස නමයි. ඔවුන් පවසන්නේ මා දූෂිත වන අතර ඔබ පාපයෙන් තොරයි. ඔවුන් කෝපයෙන් හෝ තන්හාවෙන් පිරී සිටින බව නොපවසයි. සෑම දෙයක්ම පාපයන් පිළිබඳ කරුණකි. මිනිසුන් විවාහ වන්නේ පාපය වෙනුවෙනි. දෙමව්පියන්ට මෙම සැලකිලිමත් බව තිබේ. ඔවුන් මහළු වූ විට, මුදල් දී පාපයේ ගැලෙයි. ඔවුන් පාපයේ නොගැලෙන්නේ නම්, ආරවුල් ඇති වෙයි. දේවතාවන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර වූ බව, ඔය දරුවන් විස්තර කළ යුතුයි. ඔබ ඉදිරියේ ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබට තිබේ. ඔබ සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන බවට පරිවර්ථනය වී, රජවරුන්ගෙත් රජවරුන් විය යුතුයි. පින්තූරය ඔබ ඉදිරියේ තිබේ. මෙයට සත්සංගයක් (ආධ්‍යාත්මික හමුවක්) යැයි නොකියයි. ඔවුන්ට ඉගෙනගැනීමට ස්ථානයක් හෝ සත්සංගයක් නැත. සත්‍යය වන ඒකායන කෙනා සමඟ ඇති සත්‍ය සත්සංගය (සත්‍යයේ ආශ්‍රය) තිබෙන්නේ, ඔහු ඔබට පෞද්ගලිකවම රාජයෝගාව උගන්වන විටයි. ඔබට සත්‍යයේ ආශ්‍රය තිබිය යුතුයි. රාජයෝගාව වන ගීතාව උගන්වන කෙනා, ඔහුයි. පියා, ගීතාව හඬ නගා කියවන්නේ නැත, ඔවුන්ට එම ආකර්ෂණය තිබේ. මෙය ඔබට තත්පරයකදී විමුක්තිය, නිරෝගීකම, ධනය සහ සතුට ලැබෙන, සත්‍ය ගීතා පාඨශාලාවයි. එබැවින් ඔවුන්ගෙන් විමසන්න අප ‘සත්‍ය ගීතා පාඨශාලාව’ යැයි ලියා තිබෙන්නේ ඇයි? ‘ගීතා පාඨශාලාව’ කියා ලිවීම, සාමාන්‍ය දෙයක්. ඔවුන් ‘සත්‍ය’ යැයි කියවන විට, ඇතැම් විට ව්‍යාජ එකක්ද තිබිය හැකි බව සිතීමට ඔවුන් යොමු වෙයි. එබැවින් ඔබ අනිවාර්යෙන් ‘සත්‍ය’ යන වචනය ලිවිය යුතුයි. පිවිතුරු ලෝකයට සත් යුගය, ස්වර්ණමය යුගය කියන අතර අපවිත්‍ර ලෝකය කලියුගය, යකඩ යුගය ලෙස හැඳින්වෙයි. ඔවුන් ස්වර්ණමය යුගයෙදී පිවිතුරු විය. ඔවුන් එසේ වූයේ කෙසේද කියා ඔබට උගන්වනු ලබනවා. පියා අපට බ්‍රහ්මාගේ මාර්ගයෙන් උගන්වනවා. ඔහු අපට උගන්වන්නේ වෙන කෙසේද? මෙම ශාස්ත්‍ර වටහාගන්නේ පෙර චක්‍රයේ මේවා වටහාගත් අය පමණයි. ඔවුන් භක්ති මාර්ගය යන වගුරෙහි සිර වී සිටියි. භක්තියේ බොහෝ ශෝභනය තිබේ. එය හිස්ය. මෙම අවධානය පමණක් ඇති කරගන්න අප දැන් ආපසු නිවසට යා යුතුයි. අප පිවිතුරු වී ආපසු යා යුතුයි. මේ සඳහා ඔබ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවන පියාව, ඔබට සිහි කළ නොහැකිද? ප්‍රධාන දෙය මෙයයි. මෙහි උත්සාහයක් ඇති බව සෑම කෙනෙක්ම පවසයි. දරුවන් දේශන ලබා දෙන නමුත්, ඔවුන් යෝගාවේ සිටින අතර විස්තර කරන්නේ නම්, ඉන් හොඳ ප්‍රතිඵල ඇතිවෙයි. ඔබ සිහිපත් කිරීමේ සිටින විට, ඔබට ශක්තිය ලැබෙයි. සතෝප්‍රධාන් වීමෙන් ඔබ සතෝප්‍රධාන් ලෝකයේ අධිපතියන් වෙයි. සිහිපත් කිරීම යනු, හසුරුවන ලද භාවනාව කියා ඔබ කියයිද? ඔබ පැය භාගයක් හසුරුවන ලද භාවනාවේ අසුන්ගෙන සිටි බව කීම වැරදිය. පියා සරළව පවසන්නේ මෙයයි සිහි කිරීමේ සිටින්න! ඔබ ඉදිරියේ අසුන්ගෙන, ඉගැන්වීමට අවශ්‍ය නැත. ඔහු ඔබට බොහෝ නිධන් ලබා දෙන බැවින් ඔබ බොහෝ සෙනෙහසින් අසීමිත පියා සිහි කළ යුතුයි. සිහිපත් කිරීම සමඟින් ඔබගේ සතුටෙහි රසදිය කඳ ඉහළ නැඟිය යුතුයි. එවිට ඔබට අතීන්ද්රීය සතුට දැනෙයි. පියා පවසන්නේ ඔබගේ එම දිවිය ඉතා වටින්නේය. ඔබ එය නිරෝගීව තබාගත යුතුයි. ඔබ වැඩි කාලයක් ජීවත් වන පමණට, ඔබ වැඩියෙන් නිධන් ලබා ගනී. ඔබ සතෝප්‍රධාන් වූ විට, ඔබට සම්පූර්ණ නිධන් ලැබෙයි. මුරලිය මඟින් ඔබට බලය ලැබෙයි. අසිපතේද බලය තිබේ. ඔබට සිහිපත් කිරීමේ බලය තිබෙන විට, අසිපත තියුණු වෙයි. ඥානය තුළ එතරම් බලයක් නැත, එතරම් ප්‍රතිඵලයක් නොමැත්තේ මේ නිසයි. එවිට එම කෙනාට (ඔබ ඉදිරියේ සිටින කෙනා) යහපතක් සැලසීමට බාබා පැමිණිය යුතුයි. ඔබගේ සිහිපත් කිරීම, බලයෙන් පිරී ඇති විට, එවිට ඊතලය විද්වතුන් සහ ගුරුවරු ආදීන්ට වැදෙයි. බාබා මෙසේ පවසන්නේ ඒ නිසයි ඔබගේ වාර්තාව පවත්වාගන්න. සමහරු පවසන්නේ, ඔවුන් බොහෝ සෙයින් බාබාව සිහි කරන නමුත් ඔවුන්ගේ කටවල් ඇරෙන්නේ නැති බවයි (ඔවුන්ට කතා කිරීමට නොහැක). සිහිපත් කිරීමේ සිටින්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. අච්චා. සුබ රාත්‍රියක් දරුවනේ!
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- නිවසේ
වාසය කරන
අතර, ආධ්‍යාත්මික
සේවයේ යෙදෙන්න.
පිවිතුරු වී,
අන් අයව
පිවිතුරු කරවන්න.
- මෙම
ජීවමාන අපායේ
වාසය කරන
අතර, ඔබ
අසීමිත පියාගෙන්
ඔබගේ දෙව්ලොව
උරුමය හිමිකරගත
යුතුයි. කිසිවෙකුට
දුකක් නොදෙන්න.
වරදානය:
ඔබ, ඔබගේ
සියලු විශේෂතා
භාවිතා කර,
ඒවා වර්ධනය
කර, සාර්ථකත්වයේ
ප්‍රතිරුවක්
වේවා.
ඔබගේ මනසින්, වදන් වලින් සහ ක්‍රියා තුළින් සේවය කිරීමට ඔබගේ විශේෂතා වැඩියෙන් භාවිතා කරන තරමට, මෙම විශේෂතා වැඩියෙන් වර්ධනය වෙයි. ඒවා සේවය වෙනුවෙන් භාවිතා කිරීම යනු, එක බීජයකින් බොහෝ ඵල නෙලා ගැනීමයි. ජන්ම උරුමයක් ලෙසින් ඔබට මෙම ශ්‍රේෂ්ඨ දිවියේ ලැබී ඇති විශේෂතා නිකම් තබා ගෙන නොසිටින්න, නමුත් ඒවා සේවා භූමියේ වපුරන්න, එවිට ඔබ ඒවායේ ඵලය අත්විඳියි, එනම්, ඔබ ඒවායේ සාර්ථකත්වය අත්විඳියි.
පාඨය:
විස්තාරණය දෙස නොබලන්න, නමුත් සාරය දෙස බලා තමන් තුළ එයට ඉඩ දෙන්න. මෙය තීව්ර උත්සාහයයි.
*** ඕම් ශාන්ති ***
0 Comments