09-01-2023 උදෑසන
මුරලි ඕම් ශාන්ති බාප්දාදා මධුබන්
Listen to the Murli audio file
සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් ජීව මරණයට ලක්ව සිටිනා නිසා සෑම දෙයක්ම අමතක කර දැමිය යුතුයි. බාබාවම පමණක් සිහි කරමින් බාබා කියා දෙන දේටම පමණක් ඇහුම් කන් දෙන්න: ‘මම ඉන්නේ ඔබ සමඟම පමණයි...’
ප්රශ්නය:
දරුවන් වන ඔබගේ ගැලවීම සඳහා ගැලවීම ලබා දෙන්නා වශයෙන් බාබා ඔබට කියා දෙන ඉගැන්වීම් මොනවාද?
පිළිතුර:
බාබා කියනවා: දරුවනි, මුක්තිය ලබා ගැනීම සඳහා අශාරීරික වී පියාවත් චක්රයත් සිහි කරන්න. මෙම යෝගාව මගින් ඔබ සදා නිරෝගී හා රෝග වලින් බේරුණු කෙනෙක් බවට පත්වනු ඇත. එමෙන්ම තමා විසින් කරනා ලද ක්‍රියා පිළිබඳ කිසිම පසුතැවිල්ලක්
ද ඔබට ඇති නොවනු ඇත.
ප්රශ්නය:
සත් යුගයේ සතුට නම් වූ වාසනාව නොලබනා අයගේ ලක්ෂණ මොනවාද?
පිළිතුර:
දැනුමට ඇහුම් කන් දෙන මොහොත පැමිණි විට තමන්ට වෙලාව නැහැයි කියා ඔවුන් කියනවා. එවන් අය කවදාවත් බ්‍රහමිණ් කුලයේ සාමාජිකයින්
බවට පත්වන්නේ නැහැ. දෙවියන් කුමන හෝ ස්වරූපයකින් පැමිණේවි යන්නත් ඔවුන් කිසිම විටෙක දැන ගන්නේ නැහැ.
ගීතය: හදවතේ ආසාව ඔබට අමතන්නයි…
ඕම් ශාන්ති. පියා දැන් මෙහි ඉඳගෙන තම භක්තිවන්තයින්ට සියල්ල පැහැදිලි කර කියා දේ. භක්තිවන්තයින් යනු සත්‍ය පියාගේ දරුවන්ය. සියලු දෙනාම භක්තිවන්තයින්ය, එහෙත් එක පරම පියා වේ. එමනිසා, දරුවන් මෙම එක උපතේදී ඔහුගේ ආශ්‍රයේ සිටින්න කැමතියි. දේවතාවන් සමඟ උපත් ගණනාවක් ගත කළා. උපත් ගණනාවක් යක්ෂයින් සමඟත් ගත කළා. දෙවියන්ට අයිති වී එක උපතක්වත් ඔහු සමඟ ගත කරන්නත්, ඔහුගේ අත්දැකීම ලබා ගන්නත් භක්තිවන්තයින් තුළ ආශාවක් තිබෙනවා. දැන් ඔබ අයිති දෙවියන්ටයි. ඔබ ජීව මරණයක් ලබා ඇත. මෙම අවසන් හා ඉතාමත් අගනා ජීවිතයේදී ඔබ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය සමඟ වාසය කරනවා. ගීතයක් තිබෙනවා: මම කෑම කන්නේ ඔබ සමඟ පමණයි, මම ඉඳගන්නේ ඔබ සමඟ පමණයි, මම අහන්නේ ඔබ කියන දේ පමණයි. ජිවත්ව සිටිනා ගමන්ම මිය ගිය අයට තමන්ගේ ජීවිත ඔහුගේ ආශ්‍රයේ තබා ගත හැකියි. සෑම උපතකටම වඩා උසස්ම වූ එකම එක උපත මෙයයි. බාබා එන්නේ එක් වතාවක් පමණයි; ඔහුට නැවත වතාවක් ඒමට හැකිවන එකක් නැහැ. දරුවන්ගේ සෑම ආශාවක්ම ඉටු කරවීම සඳහා ඔහු පැමිණෙන්නේ එකම එක වතාවයි. භක්ති මාර්ගයේදී මිනිස්සු නොයෙකුත් දේවල් ඉල්ලනවා. කල්ප බාගයක් පුරාවටම ඔවුන් සන්යාසීන්ගෙන්, පූජකවරුන්ගෙන්, දේවතාවරුන්ගෙන් නොයෙකුත් දේවල් ඉල්ලමින් හිඟා කෑවා. උපතක් උපතක් පාසාම මන්ත්‍ර කීම්, පූජා කිරීම් හා නොයෙකුත් පින් ක්‍රියා කරමින් පැමිණියා. ආගමික ග්රන්ථ රාශියක් ඔවුන් කියවමින් සිටියා. ග්රන්ථ හා සඟරා රාශියක් නිර්මාණය කරනවා. එවන් දේ කිරීමෙන් දෙවියන් සොයාගත හැකියි කියා ඔවුන් විශ්වාස කළා. කොහොමනමුත්, දැන් පරම පියාම පැමිණ සියල්ල පැහැදිලි කර කියා දෙනවා: උපතක් උපතක් පාසා ඔබ විසින් ඉගෙන ගනිමින් තිබුණ දේ හා ඔබ කියවන ලද ග්රන්ථ වලින් ඔබට මා ළඟට පැමිණිය නොහැකියි. ග්රන්ථ රාශියක් තිබෙනවා. ක්රිස්තියානුවනුත් මෙවන් දේ බොහෝ සෙයින් හදාරනවා. ඔවුන් නිතර නිතරම කුමන හෝ දෙයක් නොයෙකුත් භාෂා වලින් ලියනා අතර, මිනිස්සුත් ඒවා දිගටම හදාරනවා. දැන් බාබා කියන්නේ: ඔබ ඉගෙන ගත් සෑම දෙයක්ම අමතක කර දමන්න. ඒ සෑම දෙයක්ම අමතක කර දමන්න. එනම්, ඒවා බුද්ධියෙන් මරා දමන්න. පොත් රාශියක් කියවා තිබෙනවා. ඒ පොත්වල අහවල් අහවල් කෙනා දෙවියන්, අහවල් අහවල් කෙනා අවතාරයක් කියා සඳහන් කර තිබෙනවා. බාබා දැන් කියන්නේ: මා පැමිණි විට මාගේ අය බවට පත්වන්නන්ට මම පෞද්ගලිකවම කියන්නේ ඒ සෑම දෙයක්ම අමතක කර දමන්න කියලයි. මම දැන් කියන්නේ ඔබගේවත්, මුළු ලෝකයේම වෙන කාගේවත් බුද්ධියක නොතිබුණු දේවලූයි. බාබා දැන් කියා දෙන දේවල් කිසිම ග්‍රන්ථයක නොමැති බව දරුවන් වන ඔබට දැන් තේරෙනවා. බාබා ඉතාමත් ගැඹුරු හා විනෝදජනක දේවල් පැහැදිලි කර කියා දෙනවා. ඔහු නිර්මාණකරු හා නිර්මාණය ගැනත්, නාටකයේ මුල, මැද හා අග ගැනත් වූ කරුණු පැහැදිලි කර කියා දෙනවා. ඉතින් බාබා කියනවා: මහා ලොකු දේවල් ඔබට මතක් කරන්න බැරි නම්, ඉතාමත් සරළව මේ කරුණු දෙක පමණක් සිහි කරන්න: ‘මන්මනාභව්' හා ‘මධ්යාජීභව්'. මෙම වචන එන්නේ භක්ති මාර්ගයේ ගීතාවෙනුයි. නමුත් බාබා ඒවායේ අර්ථය ඉතාමත් පැහැදිලිව තේරුම් කර කියා දෙනවා. පියා ඉතාමත් පහසු රාජයෝගාවක් කියා දෙනවා. ඔහු කියනවා: ඔබගේ පියා වන මා සිහි කරන්න. භක්ති මාර්ගයේදී, ඔබ මාව සිහි කළා. සෑම කෙනෙක්ම දුකක් දැනෙන මොහොතකදී දෙවියන්ව සිහි කරනවා කියා මිනිස්සු කියනවා. නමුත් ඔවුන් තවමත් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. සැබවින්ම සතුටින් පිරි ලෝකය ඇත්තේ සත් යුගයේදී හා රිදී යුගයේදීයි, ඉතින්, ඇයි ඔවුන් එහිදී ඔහුව සිහි කළ යුත්තේ? මෙම මායාගේ දේශය තුළ දැන් ඇත්තේ දුකම පමණක් නිසා ඔබ පියාව සිහි කරනවා. සත් යුගයේ සතුටත් සිහි කෙරෙනවා. සතුටින් පිරි ලෝකයේ සිටියවුන්ම තමයි මෙම සංගම යුගයේදී පියාගෙන් රාජයෝගාව හා දැනුම ඉගෙන ගන්නේ. බලන්න දරුවන් අතුරින් බොහෝ දෙනෙක් නූගත් අය. ඒක එක අතකින් හොඳ දෙයක්. මන්ද, ඔවුන්ගේ බුද්ධිය වෙන කිසිම දෙසකට ගමන් කර නැහැ. මෙහිදී ඔබ නිහඩව සිටිය යුතුයි. කිසිම දෙයක් කියන්නවත් අවශ්‍ය නැහැ. ඉතාමත් සරළව පියාවම සිහි කරමින් සිටින්න. ඔබගේ පාප දුරු වී යනු ඇත. පසුව මම ඔබව මා සමඟ ආපසු ගෙන යමි. මෙම දේවලින් ඇතැම් ඒවා ගීතාවේ සඳහන් වී තිබෙනවා. පෞරාණික භාරතයට ඇත්තේ එකම එක ග්රන්ථයක් පමණයි. අළුත් භාරතයක් වශයෙන් තිබුණු මෙම භාරතයම දැන් පැරණි භාරතයක් බවට පත්වෙලා. ඇත්තේ එකම එක ග්රන්ථයකි. ක්‍රිස්තියානු ධර්මය ඇරඹුණු දා පටන් එකම එක බයිබලයක් තිබුණා සේ අවසානය දක්වාමත් ඔවුන් තමා ළඟ තබාගෙන සිටින්නේ එම එකම එක ග්රන්ථයම පමණයි. ක්‍රිස්තූන් වහන්සේවත් බොහෝ සෙයින් ප්‍රශංසාවට ලක් වෙනවා. ඔහු සාමය ස්ථාපනය කළා කියා මිනිස්සු කියනවා. ඔහු පැමිණ කළේ ක්‍රිස්තියානු ධර්මය ස්ථාපනය කිරීමයි. කොහොමනමුත්, සාමය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිස්සුන්ට තමන්ගේම ගුණ වර්ණනාව අමතක වී තිබෙනා නිසා, තමා ඉදිරියට පැමිණෙන ඕනෑම කෙනෙකුගේ ගුණ ගායනා කරන්න ඔවුන් පටන් ගන්නවා. බෞද්ධයින් හා ක්‍රිස්තියානුවන් තමන්ගේ ආගම අතහැර දමා තවත් ආගමක් අගය කරන්නේ නැහැ. භාරතයේ මිනිසුන්ට තමන්ගේම කියන ධර්මයක් නැහැ. මෙයත් නාටකයේම තීරණය වුණු දෙයකි. මිනිස්සු සම්පූර්ණයෙන්ම අදේවවාදීන් බවට පත්වුණු විට පමණයි බාබා පැමිණෙන්නේ. බාබා පැහැදිලි කර කියා දෙනවා: ඔහෝ දරුවනි, පසල් වල භාවිත කරනා පොත්පත් වල අවම වශයෙන් අරමුණක් ඉලක්කයක් තිබෙනවා. ඒවා නිසා රැකියාවක් සොයාගෙන කිසියම් තත්ත්වයක් ලබා ගත හැකි නිසා ඒවායේ කිසියම් ප්‍රයෝජනයක් තිබෙනවා. කොහොමනමුත්, ග්රන්ථ ආදිය හැදෑරීම හඳුන්වන්නේ අන්ධ විශ්වාසය යනුවෙනි. ඉගෙනීමක් කවදාවත් අන්ධ විශ්වාසයක් කියා කියන්න බැහැ. ඔවුන් අන්ධ විශ්වාසයකින් ඉගෙන ගැනීමක් එතනදී කෙරෙන්නේ නැහැ. එලෙස ඉගෙන ගැනීමෙන් ඔබට නීතීඥයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් එසේනම් එය අන්ධ විශ්වාසයක් වන්නේ කෙසේද? මෙය, ඉගෙන ගැනීම සඳහා තිබෙනා ස්ථානයක් (පාඨශාලාවක්). සත්සන් එකක් නොවෙයි: සත්‍ය ලෝක විශ්ව විද්‍යාලය කියා සඳහන් වී තිබෙනවා. එමනිසා, මෙය පරමාත්ම දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ වූ විශ්ව විද්‍යාලය බව ඔබ අවබෝධ කර ගත යුතුයි: එය ඇත්තේ මුළු විශ්වයටමයි. මෙම පණිවිඩය සෑම කෙනෙක්ටම දෙන්න: ශරීරය හා ශාරීරික සෑම ආගමක්ම අමතක කර දමන්න. ස්ව ධර්මයේ ස්ථාවර වී පියාව සිහි කරන්න. එවිට අවසන් සිතිවිලි ඔබව ඔබගේ අරමුණ කරා ගෙන යනු ඇත. ඔබ කෙතරම් දුරට යෝගාවේ සිටියාද කියා දැක්වෙන වාර්තාවක් ලියන්න. සෑම කෙනෙක්ම තමන්ගේ වාර්තාවක් නිතිපතා ලියන්නේ නැහැ. ඔවුන් වෙහෙසට පත්වෙනවා. ඇත්තෙන්ම ඔබ විසින් කළ යුතු දේ නම්, සෑම දිනකම ඔබගේ මුහුණ දෙස කැඩපතින් බලන්න. එවිට තමන් ලක්ෂ්මි හෝ සීතාව විවාහ කර ගැනීමට සුදුසුද, නැතිනම් පුරවැසියෙක් වේවිද යන්න දැනගත හැකි වේවි. ඔබට වාර්තාවක් තබාගන්න කියන්නේ වේගය වැඩිකර ගන්නයි. බලන්න තමන් කොපමණ දුරට ශිව බාබාව සිහි කළාද කියලා. මුළු දවසේම ක්‍රියාකාරකම් ඔබ ඉදිරියට පැමිණිය යුතුයි. කුඩා කල සිටන්ම තම ජීවිතය තමාට සිහි කළ හැකි වනවා නම්, එක දවසක කළ දේවල් මතක් කරගන්න බැරිද? බලන්න, කොයිතරම් කාලයක් බාබාවත්, චක්රයත් ඔබ සිහි කළාද? මෙය පුහුණු කිරීමෙන් ඔබට ඉතාමත් ඉක්මනින් තරඟ වැදී රුද්‍රාගේ මාලයේ කොටසක් බවට පත්විය හැකි වනවා. මෙය යෝගා වන්දනාවයි. කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැතිනම්, තවත් කෙනෙක් මෙය ඔබට කියා දෙන්නේ කෙසේද? තමන් දැන් බාබා ළඟට යා යුතුයි කියා ඔබට තේරෙනවා. බාබාගේ උරුමය වන්නේ රාජ්‍යයයි. මෙන්න මේ නිසා තමයි රාජයෝගා යන නම දී තිබෙන්නේ. ඔබ සෑම කෙනෙක්ම රාජ රිෂීන්ය. අනිත් අය හතා යෝගීන්ය. ඔවුනුත් පාරිශුද්ධව සිටිනවා. රජ කෙනෙක්, රැජිණක් හා පුරවැසියන් යන සෑම කෙනෙක්ම රජ්‍යයකට අවශ්‍යයි. සන්යාසීන් අතර රජවරුන් හෝ රැජිණියන් නැහැ. ඔවුන්ට ඇත්තේ සීමිත වූ නිරාශාවක් වන අතර ඔබට ඇත්තේ අසීමිත නිරාශාවකි. ඔවුන් තමන්ගේ ගෙවල් දොරවල් අතහැර පැමිණියත්, ඔවුන් ජීවත් විය යුත්තේ මෙම පාපකාරී ලෝකයේමයි. ඔබට නම් මෙම ලෝකයට පසුව සත් යුගය තිබෙනවා. දිව්‍යමය ගෙවත්ත ගැන සිහි කරන්න. මෙම කරුණු ඔබගේ සිහියේ තබාගෙන සිටිය හැකි වන්නේ දරුවන් වන ඔබට පමණයි. වාර්තාවක් ලියාගන්නවත් බැරි අය ගණනාවක් සිටිනවා. ටික දුරක් යන විට ඔවුන් වෙහෙසට පත් වෙනවා. බාබා කියනවා: දරුවනි, හුදෙක් සිහි කිරීමකින් පමණක් තම සම්පූර්ණ උරුමය ලබාගත හැකි ඉතාමත් ආදරණීය වූ බාබාව, තමන් කොපමණ දුරට සිහි කළාද කියා සටහන් ලියා තබා ගන්න. රාජ්‍යයක උරුමය ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ පුරවැසියන් නිර්මාණය කරගෙන සිටිය යුතුයි. බාබා සත් යුගයේ නිර්මාණකරු වෙද්දී, ඇයි ඔබ ඔහුගෙන් ඔබගේ උරුමය දිනා නොගන්නේ? සත් යුගයේ උරුමය ලබා ගන්නා පිරිස විශාලයි, අන් අය ලබන්නේ සාමය පමණයි. බාබා සෑම කෙනෙක්ටම කියන්නේ: දරුවනි, ශරීරයත් ශරීරය හා සම්බන්ධ වුණු අනිකුත් ඥාති සම්බන්ධතාත් අමතක කර දමන්න. ඔබ අශරීරිකව පැමිණ උපත් 84ක් ගමන් කර ආවා. දැන් නැවතත් වතාවක් අශරීරික වන්න. ක්‍රිස්තියානි ආගමේ අයටත් තමන් පහළට ආවේ ක්‍රිස්තුන් වහන්සේ පැමිණි පසුවයි කියා කිව හැකියි. ඔබත් පැමිණියේ අශරීරිකවයි. පසුව ශරීරයක් ගෙන තම තමන්ගේ චරිත කොටස් රඟපාන්න පටන් ගන්නවා. දැන් කලි යුගයේ අවසානය පැමිණ ඇත. ඔබගේ චරිතයත් දැන් අවසන් වෙමින් පවතියි. දැන් පියාව සිහි කරන්න. මුක්ති දේශයට අයත් අය ඉතාමත් සතුටට පත් වේවි. ඔවුන් ආසා කරන්නේ මුක්තියට පමණයි. ජීවන මුක්තිය ලබා ගැනීමෙන් අනතුරුව, ඔවුන්ට තවත් දුක විඳින්න සිදු වෙනවා. එමනිසා, මුක්තිය පමණක් එයට වඩා හොඳයි කියා ඔවුන් සිතනවා. එහි විශාල සතුටක් ඇති බව ඔවුන්ට අවබෝධ වන්නේ නැහැ. ජීවාත්ම වන අප උත්තරීතර ජීවාත්මයත් සමඟ ජීවාත්ම ලෝකයේ වාසය කරනවා. කොහොමනමුත්, ඔවුන් දැන් ජිවාත්ම ලෝකය අමතක කර දමලා. ඔවුන් කියන්නේ: පියා පැමිණි විට ඔහු තමාගේ සෑම දූතයෙක්ම එවයි. ඇත්තෙන්ම කියනවා නම් කිසිම කෙනෙක්ව යවා නැහැ. මේ සෑම දෙයක්ම නාටකයට අයිතියි. අපි මුළු නාටකයම දැනගැනීමට පැමිණ සිටිමු. දරුවන් වන ඔබ බාබාවත් චක්රයත් සිහියේ තබාගෙන සිටියහොත් ඔබ අනිවාර්යෙන්ම ගෝලයේ පාලකවරුන් බවට පත්වනු ඇත. මෙහි අති විශාල දුකක් ඇති බව මිනිස්සු සිතනවා. ‘මුක්තිය’ හා ‘ජීවන මුක්ති' යන වචන දෙක භාවිත කර තිබෙනවා. නමුත් කිසිම කෙනෙක් එහි අර්ථය දන්නේ නැහැ. සෑම කෙනෙකුටම ගැලවීම ලබා දෙන්නා වන්නේ ඒකායන පියා පමණක් බව දරුවන් වන ඔබ අවබෝධ කරගෙන සිටිනවා. අන් සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. මුළු ලෝකයම අපිරිසිඳුයි. ඇතැම් අය මේවා ඇසෙනා විට ප්‍රතිචාර පවා දක්වනවා. බාබා කියනවා: මෙම ශරීරය අමතක කර දමන්න. මම ඔබව යැවූයේ අශරීරිකවයි. දැන් ඔබ අශරීරික වී මා සමඟ නැවත නිවස වෙත යයි. දැනුම හෝ ඉගෙනීම යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. ගැලවීමක් ලැබෙන්නේ මෙමගින් පමණයි. යෝගා බලයෙන් ඔබ සදා නිරෝගී වෙනවා. සත් යුගයේදී ඔබ ඉතාමත් සතුටින් සිටිනා අතර එහි කිසිම දෙයක අඩුවක් දැනෙන්නේ නැහැ. දුකක් ඇති කරවීමේ කිසිම පාපයක් එහි නැහැ. බැඳීම ජයගත් රජ කෙනෙක් ගැන වූ කතාන්දරයක් මිනිස්සු කියනවා. බාබා කියනවා: ඔබ කරන කිසිම දෙයක් සම්බන්ධයෙන් පසුතැවීම් ඇති නොවන එවන් ක්‍රියා මම ඔබට උගන්වනවා. එහි සීතල කාලගුණයක් නොපවතිනු ඇත. දැන් පංච මහා භූතයන් පවා තමෝප්‍රධාන්. එක වෙලාවකට ඉතාමත් උෂ්ණ වන අතර තවත් වෙලාවකට අධික සීතලයි. එහිනම් එවන් කිසිම වියසනයක් සිදුවන්නේ නැහැ; සෑම විටම ඇත්තේ වසන්තයයි. ස්වභාවධර්මය සතෝප්‍රධාන්. දැන් ස්වභාවධර්මය තමෝප්‍රධාන්ය. ඉතින් හොඳ මිනිස්සු සිටිය හැක්කේ කෙසේද? භාරතයේ සිටිනා මහා උසස් පණ්ඩිතයන් සන්යාසීන් පස්සේ ගමන් කරනවා! කොහොමනමුත්, දරුවන් වන ඔබ ඔවුන් ළඟට ගිය විට ඔවුන් කියන්නේ ඔවුන්ට වෙලාව නැහැයි කියලයි. මින් ඔබ අවබෝධ කර ගන්නේ සත් යුගයේ සතුට විඳීමට තරම් ඔවුන්ට වාසනාවක් නොමැති බවයි. එවන් අය බ්‍රහමිණ් කුලයේ සාමාජිකයන් බවට පත් වන්නේ නැහැ. දෙවියන් මෙහි පැමිණෙන්නේ කෙසේද, කවදාද කියාවත් ඔවුන් දන්නේ නැහැ. ශිව ජයන්තිය සැමරුවා වුවත්, ඔවුන් ඔහු දෙවියන් කියා සළකන්නේ නැහැ. ඔහු උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය කියා සැළකුවා නම්, ශිව ජයන්තිය පොදු නිවාඩුවක් වශයෙන් ඔවුන් සළකාවි. බාබා කියනවා: මාගේ උපත සිදුවන්නේ භාරතයේ පමණයි. දේවාලත් ඇත්තේ මෙහියි. අනිවාර්යෙන්ම ඔහු කාගේ හෝ ශරීරයකට ඇතුළු වී ඇත. දක්ෂා ප්‍රජාපතී යාගයක් පවත්වන ආකාරය පෙන්වා තිබෙනවා. දෙවියන් ඔහුට ඇතුළු වෙලාද? ඔවුන් මෙය කියන්නේ නැහැ. ක්‍රිෂ්ණා ඉන්නේ සත් යුගයේයි. බාබා ම කියන්නේ: බ්‍රහ්මාගේ මාර්ගයෙන් මම බ්‍රහ්මාගේ කටින් උපදින දරු පරම්පරාව නිර්මාණය කරගත යුතුයි. මෙය අන් අයටත් පැහැදිලි කර කියා දිය හැකියි. බාබා ඉතාමත් සරළව ඔබට පැහැදිලි කර දෙනවා: මා පමණක් සිහි කරන්න. කොහොමනමුත්, මායා ඉතාමත් බලවත්. ඇය ඔබට එක සිහියක ඉන්න ඉඩ දෙන්නේම නැහැ. කල්ප බාගයක් පුරාම ඇය ඔබගේ සතුරෙක් වශයෙන් සිටියා. ඔබ මෙම සතුරාව ජය ගත යුතුයි. භක්ති මාර්ගයේ දී මිනිස්සු සීතල වතුරේ නානවා. එහේ මෙහේ හැම තැනම රස්තියාදු ගසනවා. මහත් වේදනා විඳිනවා. මෙය ඔබ ඉගෙන ගන්නා පාඨශාලාවයි. මෙහි කිසිම රස්තියාදුවක් නැහැ. මනුෂ්‍ය ජීවීන් එවන් අන්ධ විශ්වාසයක පැටලිලා! ඔවුන් නොයෙකුත් ගුරූන් වැනි අය ළඟටත් යනවා. නමුත්, කිසිම මනුෂ්‍යයෙක්ට බැහැ තවත් කෙනෙක්ට මුක්තිය ලබා දෙන්න. තවත් මනුෂ්‍යයෙක්ව තමාගේ ගුරූ බවට පත්කර ගන්නවා යනු අන්ධ විශ්වාසයයි. මේ දිනවල, කුඩා දරුවන් පවා ගුරූන් අනුගමනය කරනවා. නැතිනම්, සාමාන්‍ය සිරිතට අනුව ගුරූ කෙනෙක් ළඟට යන්නේ විශ්‍රාමික අවදියේදීයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
- ඔබගේ
උත්සාහය වේගවත්
කර ගැනීමට
නම්, බාබාව
සිහි කිරීමේ
වාර්තාවක් තබා
ගැනීම අනිවාර්ය
වේ. කැඩපතින්
සෑම දිනකම
බලමින් මම
මාගේ ඉතාමත්
ආදරණීය බාබාව
කොයි තරම්
දුරට සිහි
කරනවාද කියා
පරීක්ෂා කර
බලන්න.
- ඔබ
ඉගෙන ගෙන
ඇති සෑම
දෙයක්ම අමතක
කර දමා
නිශ්ශබ්ද වන්න.
කිසිම දෙයක්
කියන්න අවශ්‍ය
නැහැ. බාබාව
සිහි කරමින්
ඔබගේ පාප
දුරු කර
ගන්න.
වරදානය:
ඔබගේ දෙතොලින් මෙන්ම මනසින්ද 'බාබා, බාබා' පැවසීමෙන් 'මම' පිළිබඳ අවධානය අවසන් කර, සෑම අවස්ථාවකදීම
සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.
වෙනත් ජීවාත්මයන්ගේ
උනන්දුව සහ උද්යෝගය වැඩි කරන ඔය උපකරණ දරුවන් තුළ කිසිම විටෙක 'මම' යන අවධානය නොතිබිය යුතුයි. එය මෙසේ නොවිය යුතුයි: 'මෙය කළේ මමයි', නමුත්: බාබා මාව උපකරණයක් බවට පත් කළා. 'මම' වෙනුවට 'මගේ බාබා' කියන්න. 'මා මේ දේ සිදු කළා, මා මෙය පැවසුවා', නොව, නමුත් 'බාබා මා ලවා එය සිදු කළා, බාබා එය සිදු කළා.' එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වෙයි. ඔබගේ මුවගින් වැඩියෙන් 'බාබා, බාබා' මතුවන තරමට ඔබට වැඩියෙන් තව බොහෝ දෙනෙක්ව බාබාට අයත් කිරීමට හැකි වෙයි. සියලු දෙනාගේම දෙතොලගින් මෙය මතු විය යුතුයි: සෑම අවස්ථාවකදීම මේ කෙනාගේ එකම සැලකිල්ල බාබා පමණයි.
පාඨය:
සංගම යුගයේ ඔබගේ සිරුර, මනස සහ ධනය වටිනා ලෙස භාවිතා කර, ඔබගේ සම්පත් වැඩි කරගැනීම, සැබෑ නුවණක්කාරකමයි.
*** ඕම් ශාන්ති ***
0 Comments